පතල් රස්සාව! How far you should go for a job?


ඕස්ට්‍රේලියාවේ පතල් වල වැඩට සේවකයන් පිරිසක් වෙන රටවලින් ගෙන්වන්න අවසර දෙන්න යන එකට විරුද්ධව පහුගිය දින වල විවිධ කට්ටිය ගෝෂා කළා. මොකද, දේශීය ඉල්ලුම් කරුවන්ට මුල් තැන දිය යුතුයි කියල. නමුත් ඕස්ට්‍රේලියාවේ ශ්‍රමිකයන් රැකියාවක් සඳහා තැනකින් තැනකට මාරු වෙන්න අකමැතිය කියලා තමා පැවසෙන්නේ. වැඩියත්ම යුරෝපීය සම්භවයක් ඇති පිරිස. අප වගේ සංක්‍රමණිකයන්ගේ තත්ත්වයද මීට වෙනස් නැහැ.

පසුගිය සඳුදා, රූපවාහිණියේ තිබුන සංවාදයකදී, මෙහෙ අගමැතිනියට එක සංක්‍රමණිකයෙකු විසින් පැනයක් ඉදිරිපත් කළා. ඒකත් අර පතල් වල වැඩට, තාවකාලිකව පිට රටින් මිනිසුන් ගෙන ඒම සම්බන්දව. ඇයගේ පැනය උනේ,  මේ වැඩ සඳහා දැනටත් මෙහෙ නගර වල, කර්මාන්ත ශාලා වල වැඩ කරන, ටැක්සි රියදුරන් ලෙස සේවය කරන, නැත්නම් ආපන ශාලා වල වැඩ කරන සංක්‍රමණිකයන් තෝරා නොගන්නේ ඇයි? කියලා. එම කාන්තාව එහෙම ඇහුවට, ඉහත දක්වපු කට්ටියගෙන් කී දෙනෙක්, ඔවුන් දැනට කරන රැකියාවෙන් ඉවත්වී, පතල් රස්සාවකට තියා, වෙන රස්සාවකටවත් වෙනත් නගරකට මාරු වීමට කැමති වේවිද යන සැකය මට තියනවා. අනික ඔවුන්ගෙන් කීයෙන් කී දෙනෙක් පතල් වලට අවශ්‍ය ශිල්පිය පුහුණුව හෝ අවශ්‍ය ශරීර ශක්තිය ඇති අයද යන්න තවත් ප්‍රශ්නයක්.

ඔබ රස්සාවක් සඳහා කොපමණ දුර යන්න කැමතිද? මේ ප්‍රශ්නය ගොඩක් සංකීර්ණ එකක්. කෙනෙක් ලංකාවෙන් හෝ චීනයෙන් හෝ වෙනත් රටකින් හෝ සැතපුම් දහස් ගානක් තරණය කරලා ඕස්ට්‍රේලියාවේ හෝ වෙනත් රටක හෝ නගරයකට සැපත් උනාට පසු, රැකියාවක් සඳහා වෙන නගරකට සංක්‍රමණය වන්නේ කලාතුරකින් කියන එක, එක අතෙකින් පුදුමයට කරුණක්. නමුත් එසේ සංක්‍රමණය වෙන්න හිතන තරම් ලෙහෙසිත් නැහැ.

මා ලංකාවේ ඉන්න කාලේ, අනුරාධපුර පැත්තේ පොඩි රස්සාවකට අයදුම් කළා. දෙවෙනි සම්මුඛ පරීක්ෂණයේදී පවා කියුවේ පඩිය ගැන පස්සේ කතා කරමු කියලා. දින දෙකක “ක්ෂේත්‍ර  පුහුණුවකින්” පස්සේ මට දෙන්න පුළුවන් කියපු පඩියට, පවුලක් නඩත්තු කිරීම කෙසේ වෙතත්, මගේ වියදම් පියවා ගන්න පුළුවන් මට්ටමක තිබුනේ නැහැ. රස්සාවක් කරන්න කියන නාමෙට වත් මට එක බාර ගන්න හැකියාවක් තිබුනේ නැහැ.

ඔන්න වෙන රටකට ආවයි කියමුකෝ. පළමුව රටට, ප්‍රදේශයට, මිනිසුන්ට, කඩවල් වලට හුරු වෙන්න ඕනේ. එක පාරටම තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් හෝ පෙර රැකියා අත්දැකීම් වලට ගැලපෙන රස්සාවක් ලබා ගැනීමේ අවස්ථා අඩුයි. ඉතින් ලැබෙන ඕනෙම රස්සාවකට යනවා. කල් යන කොට, තමන්ගේ වට පිටාවට, සමාජයට විතරක් නොවේ අර පටන් ගත්තු රස්සාවටත් හුරු වෙනවා. දරුවන් ඉන්නවා නම් ඒ අය පාසල් යන්න පටන් ගන්නවා. ණයක් අරගෙන ගෙයකුත් ගන්නවා. ඔන්න කාලෙකට පස්සේ දැන් ජීවිතය ආයිත් ටිකක් ස්ථාවර වෙන්න පටන් අරන්. මේ සේරටම පයින් ගහලා, ආයිත් වෙන තැනකට ගිහින් ජීවිතය අරඹන්න? ඒක ඒක අතකින් ලෙහෙසි කටයුත්තක් නොවේ, අනික් අතින් වියදම් කාරී දෙයක්. ඕස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්, බොහෝ වෙලාවට පැලපදියම් වන්නේ සිඩ්නි හෝ මෙල්බර්න් වැනි මහ නගර වල. ටිකක් “settle” උනහම වෙන තැනකට යන්න නොහිතෙන එක ඉහත හේතු නිසා පුදුම වෙන්න දෙයක් නොවේ.

මේ ජූලි පළමු වෙනිදා ඉඳන් මෙහෙ ආගමන හා පුරවැසි කටයුතු දෙපාර්තමේන්තුව අලුත් වෙබ් අඩවියක්/සේවයක් පටන් ගන්නවා කියල ඊයේ වැඩ ඇරිලා එන විට ගුවන් විදුලියෙන් අහන්න ලැබුනා. විස්තරේට අනුව, කෙනෙකුට ඉන්න රටේ ඉඳලා තමන්ගේ ජිව දත්ත මේකට ඇතුල් කරලා, සේවායෝජකයන් සොයා ගන්න පුළුවන්. මේ අනුව රස්සාවට තෝරා ගන්න කම් විසා වලට ඉල්ලුම් කරන ක්‍රියාවලිය ඇරඹෙන්නේ නැහැ. කොච්චර දුරට කෙරේවිද දන්නේ නැහැ. ඕනේ කමක් තියනවා නම් සෙවිල්ලෙන් ඉන්න.

Advertisements

Leave a comment

Filed under Careers/Employments

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s