ආය නැතිව ගෙදර “no curry”, මමීට ඒ හින්ද හරි “worry”!


සංක්‍රමණික ජිවිතයේ අමාරුම දේ තමා බොහෝ වෙලාවට තමන්ගේම කියන්න බල්ලෙක් වත් ළඟ පාතක නැති වීම. ඒ උනත් සමහරවිට අපේ ජීවිතයට වඩා ලංකාවේ ඉන්න අයගේ ජීවිතය කරදරකාරියි, හතර වටේම නෑදයන් ඉඳලත්. මේ සතියේ පොඩි එකා ටිකක් අසනීපෙන් හිටියේ. නමුත් පාසල් යැවුවා, මොකද ගෙදර ඉන්නම තරම් අසනීපයක් නොවන බව හැඟුණ නිසා. සෙල්ලම් නොකර ඉන්න කියලා පාඩම් කරවලා යැවුවත්, මට ඉස්කෝලෙන් කෑම වෙලාව වන විට කතා කළා. පුතා සෙල්ලම් කරලා, ආයිත් ලෙඩ වැඩිකරගෙන. දවස් භාගයක් නිවාඩු දාල ගෙදර ආව. හෙටත් නිවාඩු දැම්මා.

ළමයි පොඩි කාලේ අම්මා හා තාත්තා දෙන්නම වැඩ කරනවා නම් ප්‍රධාන ප්‍රශ්නය වන්නේ, ළමුන් දවල් දවසේ කොහෙද තියන්නේ කියන එක. මේක ලංකාවේද ඉන්නේ නැත්නම් ඕස්ට්‍රේලියාවේද, අමෙරිකාවේද  ඉන්නේ කියල වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මා මේ සටහන පටන් ගන්න කොට ලියු පරිදි, බල්ලෙක් වත් නැති කොට වැඩේ අමාරු වෙනවා. එහෙම හිටියත් සමහර විට සුගතියක් නැහැ. මොකද හැමෝම ගෙවන්නේ කලබලකාරී ජිවිත. දරුවන් ලැබුන පසු, අම්මලාගේ රස්සාවට කණකොකා අඬන්නේ මේ හින්දා. ගොඩක් වෙලාවට දිවා කාලයේ දරුවන් බලා ගන්න තැන වලට ගෙවන්න වෙන ගාණ හා රස්සාවෙන් හම්බ කරන ගාණ අතරේ වැඩි පරතරයක් නැති වෙන්න පුළුවන්.

කොහොම හරි ලංකාවේ ඉන්න මගේ සහෝදරයෙකුට, මේ ප්‍රශ්නය තදින් තියනවා. ඔහුගේ නෝනාත් වැඩ කරන නිසා පොඩි එකා දවල් දවසේ බලා ගන්න කෙනෙක් නැති ඒක ප්‍රශ්නයක්. මේ දවස්වල තියන රස්සාවක් අත් හරින එකත් ගොන් කමක් වගේම, ඒක පඩියෙන් ජිවත් වෙන එකත් අමාරු කාරියක් නේ.  මේ වගේ දරුවන් නවත්වන්න, විශ්වාසදායක දිවා සුරැකුම් ආයතන ලංකාවේ හොයා ගන්න අමාරුයි.

අපේ පොඩි පුතා, ඉතා කුඩා කාලේ බලාගත්තේ සහෝදර ලාංකිකයන්. දවසට පැය දෙක තුනක්. නමුත් අපට හිතේ බයක් නැතිව තියල යන්න පුළුවන් කම තිබුනා. ඉන්පසු මෙහෙ තියන “පවුලේ-දිවාසුරකුම්” කියන රජයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන නිවෙස් වල තියන සුරැකුම් තැන්  වල. එවිටත් අප තෝරා ගත්තේ ලාංකිකයන්.

අප පොඩි කාලෙත්, අම්ම තාත්ත දෙන්නම වැඩ කළා. අපව කුඩා කාලේ බලා ගත්තේ “වැඩ කාරයන්/කාරියෝ” කියල හඳුන්වපු “අසරණ මිනිසුන්”. නමුත් අම්මලාටත් වෙන විකල්පයක් තිබුනේ නැහැ. අපේ දෙමාපියන් සල්ලි කාරයන් නොවුනත්, අපටත් වඩා අසරණ මිනිසුන් ඉන්නා ලංකාවේ, මෙහෙම ළමයි බලාගෙන, උයා පිහා දෙන කට්ටිය හොයා ගන්න පුළුවන් කම තිබුනා.  අනික තමා අර වැඩ කරපු කට්ටියටත් මෙහෙම “රස්සාවක්” හරි වටිනවා. අද තමා හරියටම ඔවුනගේ අසරණ කම තේරෙන්නේ. දවසට පැය අටක් වත් හරියට වැඩ කරන්නේ නැති මා සිහින මවන්නේ දින තුනක සති අන්තයක් එන කම්. දවසට පැය 24 ම රස්සාව කරන අර වගේ කට්ටිය කොහොම හිතනවා ඇත්ද?

ලංකාවේ  සමහරු ඉන්නවානේ, පොඩි ළමයි නැතත්, ගෙදර දොරේ වැඩට, ඉවුම් පිහුම් වලට “වැඩ කාරයන්” තියාගෙන ඉන්න. ගොඩක් වෙලාවට ලොකු කමට හා කම්මැලි කමට. තවත් සමහරුන් එහෙම කරන්නේ තැනගේ වැඩ තමන්ම කර ගන්න එක මදි කමක් යයි, අනික් අය හිතාවි යයි සිතන නිසා. පසුගිය දවස් වල අපේ නැන්දම්මා ඇවිත් ඉන්න කොට, මා අපේ වත්තේ පඳුරු ටිකක් කපලා සුද්ද කරලා, අරන් ගියා අර ආණ්ඩුවේ කසල දමන තැනට. ඕක දැකලා, නැන්දම්මා කියනවා, අපේ පොඩි කෙලීට නම් ඉතින් ඔහොම නොවේ, ඕනේ තරම් වැඩට කට්ටිය ඉන්නවා කියලා. නරකකට නොවේ, මා ගැන “කනගාටු” හිතිලා. 

ප. ලි.

මා සටහනට මාර්තෘකාව ලෙස ගත්තේ ඩෙස්මන් ද සිල්වාගේ බයිලාවක කෑල්ලක්. අද ඩෙස්මන් ඉන්නෙත් එංගලන්තයේ. සමහරු හිතනවනේ “බයිලා” හොඳට කියන්න පුළුවන් කෙනෙකුට ලංකාවේ ඉන්න එතරම් අමාරු නැතිය කියල!

Advertisements

11 Comments

Filed under Social

11 responses to “ආය නැතිව ගෙදර “no curry”, මමීට ඒ හින්ද හරි “worry”!

  1. Kenji. Japan.

    රයිගම.ඉස්සර බයිලා කිව්වේ ගායකයෝ.77 වට පස්සේ දියවන්නාවට වැඩිය බයිලා චක්ක්‍රවර්තිල නිසා ගායකයන්ට කියන්න දෙයක් නැතුව ගිහින්. එකනේ සමහර අය නිව්ජර්සි [ස්ටේටන් අයිලන්ඩ්] වල ලංකාවේ අක්කගේ කඩේ වැඩ කරන්නේ.වැඩ කරන අයව පහත් කරනවා නෙමේ,බයිලා කියන නායකයන් නිසා ලංකාවේ ජනතාව විදින දුක.රියෝ+20 වලට ඇවිල්ල තව බයිලා කියනවා.නුවර වැව වටේ ඉන්න කුරුල්ලෝ ටික අහස් වෙඩි දාල මරනවා මේකද ලංකාවේ ආශ්චර්ය? [ප.ලි.රයිගම සහෝදරය ඔබව අපහසුතාවයකට පත්කිරීමට හෝ ඔබගේ මාත්තෘකාවෙන් පිට පැන ලියුවක් නොවන බව කරුණාවෙන් සලකන්න.]

    • කෙන්ජි, කිසිම ප්‍රතිචාරයකින් මා අපහසුවට පත් වෙන්නේ නැහැ. මට හොඳ හෝ නරක ප්‍රතිචාර කියල දෙයක් නැහැ. කොයි ප්‍රතිචාරයත් මා අගය කරනවා. නමුත් ඔබගේ ප්‍රතිචාරය ගැන මටත් කියන්න දෙයක් තියනවා. මා ඩෙස්මන් ගැන සඳහන් කළේ, වැරදි අදහසකින් නොවේ. මා බයිලා පහත් කර සලකන කෙනෙක් නොවේ. කුණුහරුප, දෙපිට කැපෙන හා කාන්තාවන්ට ගරහන බයිලා හැර අනික්වා මා ඉඳල හිටලා හරි අහනවා. ඩෙස්මන් ද සිල්වා වගේම, තවත් බයිලා ගායකයෙකු වන ඩෙස්මන් රොද්‍රිගු ද ඉන්නේ ලංකාවෙන් පිට. විශේෂයෙන් ඩෙස්මන් රොද්‍රිගු ලඟදි ලංකාවට ගිය වෙලාවේ කියල තිබුන දේවල් ලංකාවේ ඉඳන් ලංකාවට බැන බැන ඉන්න කට්ටියටත්, පිට රට ජීවත් වෙමින් ඒ රටවලට බැන බැන ඉන්න කට්ටියටත්, “උපාධිධාරින්ටත්”, වෙනත් අයටත් එක සේ වැදගත්. එකක් තමයි, අප මිනිසුන් ලෙස මුහුණ දෙන ප්‍රශ්න හැමෝටම පොදුයි. ඔබ ගායකයෙක්ද, නළුවෙක්ද කියල වෙනස් වෙන්නේ නැහැ. මා අදහස් කළේ, රැකියාව, දරුවන්ගේ ප්‍රශ්න ආදිය. අනික තමා ඩෙස්මන් (රුද්‍රිගු) ඇමෙරිකාවට ගිහින් බලන්න, අලුත් හැකියාවන් ලබාගෙන සාර්ථක ජිවිතයක් ගත කරන හැටි! මා නම් හිතන්නේ ඔහුගෙන් අප හැමටම ඉගෙන ගන්න හොඳ පාඩමක් තියනවා කියල.
      http://www.silumina.lk/2009/08/02/_art.asp?fn=av0908027
      http://www.lankadeepa.lk/index.php/articles/8000

  2. kathandarakaraya

    පොල්කටු හැන්දෙ මිට වගේ රුබර ඇගේ ආදරේ
    ඈ එන්නෙ නෑ අනේ
    ඇගෙ බූමිතෙල් මොලේ!

    Oh, she never comes she again
    she got kerosene in her brain
    she never comes she never comes she
    never comes she again.

    • ආන්න එහෙම එන්නකෝ කතන්දර!

      දෝසි දාන රෝසි O’-you’re my sweetie!
      Cookery class සුවඳ හමනවා!
      When I play my Banjo, Do not shut the window!!
      බයිලා කෑලි ඉබේ වදිනවා!!!

  3. අදමයි ආවේ… ආයිත් එන්නම්.
    මේ රයිගම හන්දිය කියලා තියෙන්නෙ ඔබ ඇත්තටම රයිගම හන්දියේ කෙනෙක්ද?

  4. මේ ඇත්තද? අපේ ගෙදර ඉන්න අය නම් පොඩ්ඩිට පේන්නේ නෑදෑයෝ වගේ. එයාලා බැන්නත් පොඩ්ඩි නම් කරබාගෙන ඉන්නවා. (වෙන කවුරුත් එහෙම මොනා හරි කීවොත් බලන්ට තිබුනා.)

    පොඩ්ඩිට ඉතින් කුස්සියේ වැඩ බැරි හන්දා (තාමත්) කාගේ හෝ පිහිට අවශ්‍ය වෙනවා. පිළියම උයන්ට, දක්ෂ කෙනෙකු සොයා ගැනීමයි. (එයාට කැමති නම් බයිලා කියමින් උයන්ට උනත් පුලුවනි.) 🙂

    • මා දන්නා කෙනෙක් නම් ඉන්නවා ප්‍රවීනා, හොඳට උයන්න හා බයිලාත් කියන්න පුළුවන්! 😀
      මේක මම අහපු බයිලාවක්.ඩෙස්මන් තමා ගයන්නේ. ඔබට නොවේ ලියන්නේ.
      “When you go පිටරට be careful නංගියේ,
      පාට දෙකේ බිල්ලෝ ඉන්නවා* !
      Kiss no, සුදු කොල්ලන් අත වැනුවට හන්දියේ,
      අපෙ රටෙ නම්බුව යනවා!!”
      *බ්‍රසීලය වැනි දකුණු ඇමෙරිකානු රටවල තමයි මොවුන් වැඩිපුර ගැවසෙනවා යයි පැවසෙන්නේ! (පැහැදිලි කිරීම මගෙනි; බයිලාවේ ඇතුලත් නොවේ).

  5. //ලංකාවේ සමහරු ඉන්නවානේ, පොඩි ළමයි නැතත්, ගෙදර දොරේ වැඩට, ඉවුම් පිහුම් වලට “වැඩ කාරයන්” තියාගෙන ඉන්න. ගොඩක් වෙලාවට ලොකු කමට හා කම්මැලි කම//

    මගේ කමෙන්ට් එකේ මේ කෑල්ල මිස්වෙලා… 😦

  6. අපේ දරුවන් දෙන්නා අතර අවුරුදු දහයක පරතරයක් ඇත්තේ ඔවැනි ප්‍රශ්ණ වලට විසඳුම අප සතුව නොවූ නිසාය.

    • ඕක අපටත් තියනවා. හැබැයි හෙන්රි “ඉස්කෝල කෝස්” එක දීර්ඝ කාලයක් කොරන්න වෙන එක තමයි නරක පැත්ත නේද?

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s