කේතුමතී නුවර අතුරුදහන් කළ බල්ලන්ගේ අන්දරය! A tale of abducted dogs in a paradise!


මේ අව්රුද්දෙ මාස කීපයකට උඩදී මෙහෙ ඒ බී සී රුපවාහිනියේ පෙන්නපු වැඩ සටහනකින් ඕස්ට්‍රේලියාවේ ආන්දෝලනයක් ඇති උනා. වැඩ සටහනට පාදක උනේ, ඕස්ට්‍රේලියාවේ හරකුන් ඉන්දුනීසියාවේදී කුරිරු ලෙස මරණ දර්ශන. මේක වෙන්නේ මෙහෙමයි. පණ පිටින් සතුන් අපනයනය ඕස්ට්‍රේලියාවේ එක වෙළඳ කටයුත්තක්. හරකුන් හා බැටළුවන් ඉන්දුනීසියාව හා මැදපෙරදිග රටවල් වලට පණ පිටින් නැව් වලින් අපනයනය කරනවා. මෙහෙම කරන්නේ කාරනා කීපයක් නිසා. මේ සමහර රටවල ශීතකරණ පහසුකම් නොතිබීම, ශාන්ස්කෘතික හා ආගමික අවශ්‍යතා නිසා හා ශීතකරණ හා ගබඩා වලට යන වියදම අඩුකර ගැනීම ආදිය මේ කරුණුයි. හැබැයි, මේ ගනුදෙනුවේදී මේ සතුන් මැරීමට ඕස්ට්‍රේලියාව භාවිතා කරන “මානුෂික ක්‍රමයන්” අනුගමනය කළ යුතු වෙනවා. ඒ සඳහා අවශ්‍ය පුහුණුව හා තාක්ෂනය අර රටවල් වලට ලබා දී තිබෙනවා. එවැනි සත්ව ඝාතකාගාර කීපයක මේ හරකුන් අමානුෂික අයුරින් (වධදී) මරණ අයුරු තමා අර වැඩ සටහන මගින් පෙන්නුවේ. මේක පෙන්නපු දාට පහුව දා මේ ගැන ලොකු කළ කෝලාහලයක් මේ මාධ්‍ය තුල ඇති උනා. ගොඩක් සාමාන්‍ය ජනතාව පවා මේ ගැන අප්‍රසාදය පල කළා. මේ පණපිටින් අපනයන වෙළඳාම නැවතිය යුතුය කියල කියන පිරිස් බහුලයි.

හැබැයි මේ වැඩ සටහනට මාස කීපයකට කලින් ඉරාකයේ ඇමෙරිකානු හමුදා මගින් කෙරුණු සිවිල් ජනතාව ඝාතනය කරපු දර්ශන වලින් යුතු වැඩ සටහන ගැන ඇති උන කතාබහ මේකෙන් දහයෙන් පංගුවක් වත් නැහැ. ඒ වගේම ඊට ආසන්න කාලයකදී ඔස්ට්‍රේලියාවට ආපු සරණාගතයන්ගෙන් පිරුණු බෝට්ටුවක් ගල්පරවල වැදී සුනු විසුනු වීමෙන් විශාල පිරිසක් මිය ගියා. ඒක ගැනත් කතා කළා තමයි. නමුත් හරක් තරම්ම නැහැ.  හරක් ගැන මෙතරම් කතා කරන්න හේතුව, උන් ඕස්ට්‍රේලියා හරකුන් වීමත්, අර මැරුණු මිනිසුන් ඉරාක හෝ අනික් රටවල වැසියන් මිසක් ඕස්ට්‍රේලියානුවන් නොවීමත් ද මේ වෙනසට හේතුව කියා සමහරු ප්‍රශ්න කර තිබුනා.

මා මේ සටහන දාන්න තීරණය කලේ අද මගේ මිතුරෙකු සමග කළ කතා බහක් හා ඊයේ බලපු සටහන් දෙකක් නිසා. එකක් අර W3 Lanka බ්ලොගයේ තිබුන එක. අනික කුසල් පෙරේරාගේ මේ ලිපිය. ඇත්තටම අපේ කතාවට හේතු උනෙත් මේ ලිපි දෙකටම පාදක උන බලු කතාවයි. මගේ මිතුරාගේ (කාල වකවානු දක්වන්නේ නැත්තේ ඔහුට/ඇයට කරන ගරු කිරීමක් වශයෙන්) තාත්තා ලංකාවේදී පැහැරගෙන ගිහිල්ල අද වෙනතුරු මොකක්ද උනේ කියල දන්නේ නැහැ. මේ පැහැර ගැනීමෙන් පස්සේ එයාලගේ නෑදෑයන් පවා එක පාරටම ඈත් වෙලා තියෙන්නේ අරුම පුදුම අයුරින්. ඉන්පසු ඔවුනගේ එතෙක් පැවතුන ජීවිතය උඩු යටිකුරු වෙලා තියෙන්නේ හිතාගන්න බැරි විදිහට. ඔවුන් වෙනුවෙන් උද්ගෝෂණ කරන්න තියා, වචනයකින් වත් උදව්වක් කරන්න ඉඳල තියෙන්නේ, දෙතුන් දෙනෙක් විතරයි. මා කලිනුත් ලියා ඇති පරිදි, මේ වගේ සිදුවීමක් වෙනතුරු ඒ මොකක්ද කියා තේරුම් ගන්න බැරි බව ඔහුගේ/ඇයගේ කතාවෙන් මට නැවත පසක් උනා.

මගේ සටහන කියවපු සහුර්දයෙක් මගේ අවධානය පිණිස පුවත් පතක පලවූ ග්‍රන්ථ විචාරයක් ඒවා තිබුනා. මේක පලවී තියෙන්නේ මෙල්බර්න් නුවර මුද්‍රණය කරන සන්නස පත්තරේ. අර කලින් සටහනේ ලියුවා වගේ සමහර වෙලාවට මුද්‍රිත පත්තරේ අතට එන්නේ නැත්නම් ජාලයේ තියන එක කියවෙන්නේ නැහැ. කොහොම උනත් එක වගේ හිතන එක අයෙක්, දෙන්නෙක් හෝ ඉන්නවා කියන එක දැන ගත්තහම අර මා තනි නැහැයි කියන හැඟීම එනවා.ඔබගේ කියවීම පිණිස අර පත්තර සටහනත් මේ සමග දානවා. එය ලියා තියෙන්නෙත් සහෝදර ශ්‍රී ලාංකික-ඔස්ට්‍රේලියානුවෙකු වන රසික සුරියාරච්චියි.

 

Advertisements

6 Comments

Filed under Media, Social

6 responses to “කේතුමතී නුවර අතුරුදහන් කළ බල්ලන්ගේ අන්දරය! A tale of abducted dogs in a paradise!

  1. Kenji. Japan.

    මටනම් හිතෙන්නේ බල්ලන්වයි ,හරකුන්වයි ,මනුෂයන්වයි එකිනෙකාට වෙන්කරලා හදුනාගන්නේ නැතිව “බලු” වැඩ කරන [ සමහර නායකයෝ බල්ලන්ටත් අගෞරවය වන විදියට] නායකයෝ ටිකක් ලෝකයේ [මුතු ඇටය ඇතුළුව] බිහිවෙලා කියලයි.[වරදවා හිතන්න එපා ලංකාව කියල දැම්මේ නැත්තේ අතුරුදහන් කරයි කියල බයට]

    • හරකුන්, බල්ලන්වත් රැක බලා ගන්න පුළුවන් නම් හොඳයි කෙන්ජි! ලංකාවේ දඩාවතේ යන බල්ලෝ රකින්න පාරට බහින්න කලින් කරන්න දේවල් නැතිද?

  2. තමන්ගේ උනාම හැම දේම වෙනස් වෙනවනේ. අනුන්ගේ දේවලට මොනවා උනාම මොකෝ? මිනිස්සු කියන ජාතිය හැම තිස්සෙම ආත්මාර්ථකාමීයි. මේ කතාවෙනුත් ඔප්පු වෙන්නේ ඒ දේම තමානේද?

    • මොකුත්ම කරන්න ඕනෙත් නැහැ ප්‍රවීනා, අඩු ගානේ ඒ වගේ දේවල් වලට පක්ෂව කතා නොකර ඉන්න වත් මෙයාලට පුළුවන් නම්. මේ වගේ වෙලාවට ළඟම නෑයන් පවා නොනෑයන් වෙනවා.

  3. X-Porter

    “පැහැර ගත් කොල්ලන් කෝ..?????”
    පික්ශු පීකුදු… කොල්ලො වගේද බං බල්ලො…. ඇරත් දඩාවතේ ගුහිං ලෙඩ බෝකොරොන ජාතිසමාන වල් බල්ලො….

    කේතුමතී නුවර බහු ජන හිත කාමී සත්කිරියා වලට කවුද අකුල් හෙලන්නෙ හෑ…..නිවං යවනව සුදු වෑං එකෙං හරිය…

    • ඔව් මචන්, කොල්ලොන් වගේද බල්ලෝ! (හැරත් දඩාවතේ යන උන් නොවැ). උඹව අහන්න ලැබුන එකත් සතුටක් මචන්! මා ඔබගේ කොමෙන්ටුවට පිළිතුරු ලීවේ ඊයේ මහා රෑ (පසුව මා සංශෝදනය කළා). මා දුකින් බරිත වෙලා හිටියේ මේ වගේම සිද්දියකට. මචන් සමහර විට මිනිසුන් කොච්චර අසරණද කියල හිතෙනවා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s