Blog ලොවේ වසරක්!


මේ පින්තුරේ මා ගත්ත එකක් නොවේ  (ලබන ආත්මේ වත් චායාරූප ශිල්පියෙකු වෙන්න ඕනේ!). මා ඊයේ පෙරේදා කියවපු යාහු සෙවන් නිව්ස් (ඕස්ට්‍රේලියා) වෙබ් අඩවියේ ප්‍රවුර්ති පිටුවේ තිබුනේ. ඉන්නේ කිම් කඩාෂියන්  කියන ඇමෙරිකානු නිරුපිකාව, නැත්නම් රියලිටි වැඩසටහන් තරුව, නැත්නම් විව්‍යසායිකාව කියල කියන්න පුළුවන් (ඔන්න පොඩි පුතාල දැන් ආපු හින්ද මේක බලල ගියාට කමක් නැහැ. මේක වර්ණයෙන් මුද්‍රණය කරලා, ලැමිනේටින් කරලා පාඩම් පොත් අස්සේ දා ගන්න එහෙම එපා).

කඩාෂියන්ලා ගැන ඒ දවස් වල රූපවාහිනියේ රියලටි (ඇමෙරිකානු) වැඩසටහනක් ගියත්, මා එය බලන්න කිසිදා පෙළඹුනේ නැහැ (මා බලන කුණු ඇමෙරිකානු වැඩසටහන් වලටත් වඩා කුණු එකක් වීම නිසා). නමුත් මෙයාව බර ගානක් ගෙවලා පසු ගිය වසරේ මෙල්බර්න් කුසලාන (තුරඟ තරඟ) වාර්ෂික උළෙලට සෙනග අද්දවා ගන්න ගෙනාපු වෙලාවේ, මෙහෙ හැම ජන මාධ්‍යයකම මෙයා ගැන තමයි කියවුනේ. දේශපාලන සාකච්ඡා වල පවා. පෘථිවි උෂ්ණත්වය ඉහල යාම ගැන කතා කරන අස්සෙත් කිම් ගැන වචනයක් හෝ කියන්න අමතක කළේ නැහැ (සමහරු කියන පරිදි ඇයත් “hot” නිසා ඇගේ දායකත්වයකුත් තියෙන්න ඇති). ඒ හින්දා තමයි මාත් විස්තර ටිකක් හොයා ගත්තේ. ඇත්තටම ඇයට ජනමාධ්‍ය අතර එවැනි තැනක් ලැබුනේ, ඇයගේ පුවත්, ඕපාදූප, ඇයගේ රූපයට ජනතාව අතර තිබුන ඉල්ලුම නිසා කියන්න පුළුවන්.

මගේ සටහන් ලියන්නේ අර ජනමාධ්‍ය අනුගමනය කරමින් නොවේ. මේකත් හරියට දින පොතක් නඩත්තු කරනවා වගේ වැඩක්. මා, මට කියවන්න බැරි හෝ අපහසු දෙයක් ලියන්නේ නැහැ. මා පළමු කොටම ලියන්නේ මටයි. ඒ නිසා ලියන දේවල් ඔබට නීරස වෙන්න පුළුවන් තමා. නමුත් අනුන්ට ලියනවා කියල, තමන් කැමති නැති දෙයක් ලියනවා කියන්නේ, ලිවීමේ අර්ථය නැති කරගන්නවා කියන එකනේ. අමාරු දේ තමා තමන් කැමති දෙයක්, අනුන්ට බලන්න හිතෙන අන්දමට ලිවිම.

අප නොයෙකුත් හේතුන් නිසා දිනයන් හා සංවත්සර සමරනවානේ. මා නම් සමරනවා. අපේ විවාහ සංවත්සරය, අපේ උපන් දින, මව්-පිය දිනයන් ආදී වශයෙන්. කෙනෙකුගේ  හත් දවසේ දානය, එක් අවුරුදු දානය වැනි දේ පවා මෙවැනි සංවත්සර නැත්නම් සිහි කිරීම්. එක අතකින් දින 365 හම එක වගේ උනොත් මොකද වෙන්නේ. අද සටහන මගේ බ්ලොග් සටහන් ලියන්න පටන් අරන් වසරක් පිරිම නිමිත්තෙන්.

මේ නම් තියෙන්නේ මා අරගත් චායාරූපයක්.  මගේ බිරිඳ කියන්නේ “අනේ ඔයාට කැමරාවක් අහුවුනොත් ඒකෙ කොහෙද මිනිස්සු” කියලා (කොහෙද කිම් ලා හැම තැනම නැහැනේ. අනික හිටියත් ස්වභාවික සෞන්දර්යය වහගෙනනේ ඉන්නේ!). මේ තණකොළ මල තිබුනේ කැන්බරා නගර මධ්‍යයේ උද්‍යානයක තණකොළ ගොල්ලේ. ගිම්හානයේ අන්තිම දිනවල දැකපු, ඒ මල හොඳටම පරිනත වෙලා විසිරී යන්න ඔන්න මෙන්න. හුළඟක් බලාපොරොත්තුවෙන් ඉන්නවා වගෙයි. මේක අරන් ටික වෙලාවකට පසු, මගේ චූටි පුතා අර මල කඩලා අතට අරන්, පිඹලා මල් ටික විසිරෙව්වා.

පුතා  විසිරෙව්ව, මල් වල ඇට වලින් තණකොළ ගහක් හැදෙන්න තියන හැකියාව 5% කටත් වඩා අඩු වෙන්න  පුළුවනි. නමුත් තෘණ කියන්නේ පරිසරයට හොඳින්ම ඔරොත්තු දෙන්න පුළුවන් ආකාරයට පරිණාමය තියන ශාක කොට්ටාශයක් නිසා අර ප්‍රතිශතය හොඳටම ඇති ඊළඟ වසන්තයේ, අලුත් තණකොළ පරම්පරාව බිහි කිරීමට.

ඔබට ස්තුතියි. මගේ සටහන් කියවුවාට, ඉඳහිට ප්‍රතිචාරයක් දැමුවාට.
Advertisements

18 Comments

Filed under Anniversary

18 responses to “Blog ලොවේ වසරක්!

  1. Anonymous

    hodai

  2. vimukthi

    දෙකමබැලුවා,නෑඑකක්බලල අනිකරසවින්දා.
    ඇත්ත,තමන්ටත් තේරුම්ගන්න බැරිවඅනුන්කොහොම තේරුම්ගන්නද?කතාවටඑකඟයි.

    • ගොඩක් වෙලාවට කෙරෙන්නේ මෙවැනි තණකොළ මල් වල පින්තූර “සම්භාව්‍ය, අද්විතීය, අති දැවැන්ත කළා කෝණයකින්” බලල ගත්ත එකක් කියා වර්ණනා කිරීමයි. ඔබගේ අවංක අදහස එයට වඩා හොඳයි. කිම් ගේ පින්තූරය සරාගී එකක් තමා. නමුත් නරක එකක් නොවේ. මා 30+ දැමුවේ සමච්චලයට. දැන් “පොඩි ළමයි” බලන්නේ මේවා නොවේ කියා මා නොදන්නවා නොවේ (අප ඒ කාලේ වගේම තමා). ඔබටත් තුති විමුක්ති!

  3. කිම් සහ අර මලේ සමානකම මොකක්ද කියලා මම තාමත් කල්පනා කරනවා. 🙂

    එන ආත්මේ ජායාරූප ශිල්පියෙක් වෙන්ට? අදහස නරකම නෑ. ඒත් කොයි වගේ ගෑනු ලමයි ඉඳීද දන්නේ නෑ. අර මොකක්ද බ්‍රහ්ම ලෝකේ වගේ ලිංග භේදයක් නැති කොටසක් මේ ලෝකේ හිටියොත් අපරාදේ නේද රයිගම? 😀

    • අපරාදේ නිකම් කල්පනා කරන්න එපා ප්‍රවීනා, කිසිම සමාන කමක් නැහැ. වෙනස් කම ගැන තමා මා ලියුවේ. 🙂

      අර ලබන ආත්ම කතාව විහිළුවට දැම්මේ. මා විශ්වාස නොකරන දේවල් වලින් එකක් තමා ලබන ආත්මය.

      බ්‍රහ්ම ලෝකේ වගේ ලිංග බේධයක් නැති කොට්ටාශයක් හිටියොත්, අපේ දැන් තියන ලිංගික ආසාවන් එහෙමම පිහිටන්නේ නැහැනේ. එතකොට අපේ ලිංගික ආකර්ෂණය සම්පුර්ණයෙන් වෙනස් එකක් වෙන්න පුළුවන්නේ! 😉 ඔබ අහල තියනවද අර බයිලාව (ඔන්න ඉතින් ආයිත් බයිලා), “ගැහැනියෙක්ද, පිරිමියෙක්ද නැහෑ තේරුනේ! පද්දයි උකුල් කලාපේ” කියන (ජරා බයිලාවක්, හැබැයි බ්‍රහ්ම ලෝකෙට හරි යන එකක් 😀 ).

      ඔබ වගේ මගේ සටහන් නිතර කියවන අය වෙනුවෙන් තමා මගේ ඉහත සටහන. කියවන එකට නැවත ඔබට තුති!

  4. ලේසි නෑ හොද කැමරාවක් ගන්න.. ගත්තොත් මම නම් කැලේට ගිහින් කුරුල්ලෙක්ගෙ පින්තූර ගන්නව, හෙළුවැලි ගෑනුන්ට වඩා,,

    • එකනම් ඇත්ත. ලෙහෙසි නැහැ හොඳ එකක් (කැමරාවක්) ගන්න. ඒ වගේම තමා හොඳ චායාරූපයක් ගන්න එකත් ලෙහෙසි නෑ නේද දූපත් වැසියෝ? ඔබගේ ඇස කලාත්මක මදි වගේ නේද? 🙂 හැබැයි කැලේට ගිහින් කුරුල්ලන්ගේ පින්තූර ගන්න ගමන් පොඩි “side business” එකකුත් කරන්න පුළුවන් නම් තමා වැඩිය හොඳ (නිධන් හෑරීම වැනි).

  5. /* අමාරු දේ තමා තමන් කැමති දෙයක්, අනුන්ට බලන්න හිතෙන අන්දමට ලිවිම. */
    Tell me about it!!!

    සැමදා මගේ ප්‍රශ්නයක්.
    ඔබේ බ්ලොගය මං රස විඳිනවා. සමහර දවස්වලට දිරවා ගන්න ටිකක් අමාරුයි.
    මගේ සුභ පැතුම් රයිගමයා ගේ සංවත්සරයට.

    • ඔබ තමා මගේ සටහන් වලට වැඩිපුරම ප්‍රතිචාර දක්වල තියෙන්න. ඒ ගැනත් ඔබගේ සුබ පැතුමටත් එක සේ තුති.

  6. ලියන්නෙ තමන්ටයි කියන එක ගැන විවාදයක් නැතිව එකඟයි. ඒක අනිත් අයට කියවන්න අවස්ථාවක් තියෙනවා. නැත්තං ඩයරියක් ලියන්න පුළුවන්නේ. හැබැයි එහෙම කියලා කියවන්නා මත ලිවීම තියනඑක ඔබට වගේම මටත් හරියන එකක් නෙවෙයි. සමහර වෙලාවට මම ම ලියපු පරණ ඒවයින් මට ආයෙත් ඒ මොහොතට යන්න පුළුවන් වෙන්නෙ ඒ ලිවීම් තනිකරම ඒ මොහොතට සහ මට විතරක් අදාල නිසා 🙂

    • ” සමහර වෙලාවට මම ම ලියපු පරණ ඒවයින් මට ආයෙත් ඒ මොහොතට යන්න පුළුවන් වෙන්නෙ ඒ ලිවීම් තනිකරම ඒ මොහොතට සහ මට විතරක් අදාල නිසා”. අන්න ඒ නිසා වෙන්න ඕනේ මගේ සමහර සටහන් වලටත් කතන්දර කියන දිරවා ගැනීමේ අපහසු ගතිය ඇති වෙන්නේ. ඒක ඒක අතකින් ලියන කෙනාගේ දුර්වල කම වෙන්නත් පුළුවන් නේද හරේ? අත් දැකීම හරියට බෙදා ගන්න බැරිවීම -මා අදහස් කළේ. අප ලියන හැම දෙයක්ම අවසානයේ අර ගොනා හැරෙන්නේ පොල් පැලේ පැත්තට වගේ, අපේ ජීවිත අභිලාෂයන්, ඇදහිලි හා විශ්වාස, දේශපාලන මතයන් ආදිය දෙසට නැඹුරු වන නිසාත්, අර කියන නොදිරවන ගතිය කෙනෙකුට ඇති වෙන්නත් පුළුවන්.

      • ඕක ගැන කතාකරල දවසක් යාළුවෙක් කිව්වෙ ‘උඹ හරි උද්දච්චයි’ කියල. මම ඊට කලින් ඌට කිව්ව ‘මම කියවන අය ගාවට යන්නෙ නෑ. උන් එනවනම් මගෙ ගාවට ආපුවාවෙ’ කියල.

        • ඔය කියන උද්දච්ච කම කීප ආකාරයකින් මතු වෙන්න පුළුවන් නේද හරේ? ඔබගේ පාඨකයෙක් ඉල්ලනවා ඔබගෙන් ගැහැණු යට ඇඳුම් ගැන හෝ කිම් කඩාෂියන් ගේ නිරුවත් පින්තුර අන්තර් ජාලය දැම්මේ එයාගේ අම්මාද නැත් නම් වෙන කෙනෙක්ද කියා ලිපියක් ලියන්න කියලා. නමුත් ඔබ කියනවා, නැහැ බන් මට නම් ලියන්න බැහැ කියා. ඔබට එම පාඨකයා අහිමි වෙනවා. මොකද ඔහු ආයිත් ඔබගේ සටහන් බලන්න එන්නේ නැහැ (උදාහරණයක් පමණයි). මා අදහස් කලේ එවැනි ඉල්ලුම් ඔබ සපුරාලන්නේ නැත් නම් ඔබට එම ඉල්ලුම ඉදිරිපත් කරන පාඨකයා හෝ පාඨකයන් අහිමි වෙනවා. ඒ වෙනුවට ඔබ ලියනවා බුද්ධ චරිතය ගැන ඔබගේ මතය. එතැනදී පාඨකයෙක් කියනවා, මචන් ඔහොම බුදු හාමුරුවන්ට අමතන එක හරි නැහෙනේ, දාපන් අඩු ගානේ හාමුදුරුවන් කියලා. ඔබ කියනවා, නැහැ මා කියන්නේ මගේ මතය, මා එහෙම ඇමතුවාට, එතුමාට අගොව්රවයක් වෙන්නේ නැහැ කියලා. අර පාඨකයා ඔබට ඉන්පසු අහිමි වෙනවා, මොකද ඔහු අමනාපයෙන්. මෙතැනදී, ඔබට කරන්න තුබුන අනික් දේ තමා, අඩේ සොරි මචන් මා ඒ ගැන හිතුවේ නැහැ. මා එය වෙනස් කරන්නම්. එහෙම කළා කියල, ඔබ පවසන දේ වෙනස් නොකරම, අර පොඩි වෙනස් කම කරනවා. පාඨකයාත් සතුටුයි, ඔබත් තමන්ට අවශ්‍ය දේ ලියනවා.
          අපට එහෙම නම්‍යශීලි වෙන්න පුළුවන් නේද සමහර වෙලාවට? මා මේ ටික ලියුවේ සමහර වෙලාවට මාත් හිතන්නේ, ඔබ කලින් කියපු විදිහට තමා (උද්දච්චව). මා ලියන්නේ මා කැමති ඒවා. නමුත්, මා හැම විටම අර වගේ විවේචනයක් ලැබුනොත් එයට ඉඩ දෙන්නත් සුදානම්.

          සමහර වෙලාවට ඔබ කියන “උද්දච්ච” කම තව ආකාරයකින් මතු වෙනවා. ඔබ ප්‍රතිචාරයක් දානවා “එල මචන්, පට්ටයි කියලා” හෝ “නැහැ බන් උඹ කියන දේ වැරදියි, ඒක මෙහෙමයි වෙන්න ඕනේ” කියලා. ලිපිය ලියපු කෙනා නිශ්සබ්දව ඉන්නවා. ඔබව, එම ලිපිය ලියපු කෙනාට අහිමි වෙන්න පුළුවන් නේද? මොකද ඔබට ආයිත් එහි යන්න එපා වෙනවා.

  7. පිලිතුරු කමෙන්ටුව දාන්න බැහැ අදාල තැන. ඔව්… මම නම් ඒ තරම් නම්‍යශීලී නැහැද කොහෙද. මම ලියල අතාරිනව. අදහස් විවිධ වෙන තරමට හොඳයිනේ… අන්තිමේ ඉතිරි වෙන දෙයක් නෑ මතවාද ඇරුණම. 🙂

    • මට නම් ඔබේ ලිවීම හොඳයි හරේ. මා ඇත්තටම ඔබ ගැන නොවේ උදාහරණයෙන් අදහස් කලේ, පොදුවේ බ්ලොග් විතරක් නොවේ වෙනත් ජන මාධ්‍ය හා පාඨකයා/ප්‍රේක්ෂකයා/අසන්නා අතර ඇතිවිය හැකි සම්බන්ධතාවය .

  8. Happy Blogoversary, Dude (Ooops, mate)
    Your blog is only two weeks older than mine.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s