US Olympic uniforms were made in China


ලෝකේ හැම තැනම දේශපාලකයන් ටිකක් එක වගේ. මා එහෙම කියන්නේ ගිය සතියේ ඇමෙරිකානු නීති සම්පාදකයන් (සෙනෙට් සභිකයන්) ඔවුනගේ ඔලිම්පික් ක්‍රීඩකයන්ගේ නිල ඇඳුම් චීනයේ නිෂ්පාදිත ඒවා බව “හදිසියේ” දැන ගැනීමෙන් කියල තිබුන දේවල් නිසා. පක්ෂ දෙකේම කට්ටිය කියා සිටින්නේ මෙම චීන නිෂ්පාදිත “ඇමෙරිකානු ඔලිම්පික් නිල ඇඳුම්” එක ගොඩකට ගහලා ගිනි තියන්න කියලා.

බටහිර රටවල්වල තිබුන ඇඟලුම් කර්මාන්තය වහල  ඒවා සේරම චීනයට අරන් යන්න පටන් ගත්තේ මිට දශකයකටත් එහා ඉඳලා. ඇඟලුම් විතරක් නොවේ කොම්පුටර, රුපවාහිනී, රේඩියෝ හා අනිකුත් විදුලි උපකරණත් මෙකි නොකී හැමදෙයක්ම නිෂ්පාදනය කරන්න චීනයට අරන් ගියා. වික්‍රමබාහු කියනවා වගේ ලාබ රේට්ටුව වැඩි කර ගන්න තමා සමාගම් එහෙම කළේ. මිට දශකයකට කලින් අර ඇමෙරිකානු ඔත්තු බලන යානයක්, චීනයට කඩා වැටුණු (බා ගත්ත) වෙලාවේ, ඇමෙරිකානු රජය තර්ජනය කරමින් කියුවේ “ඇතුලට එහෙම යන්න එපා, මොකවත් නොකර අපට දීපල්ලා” කියලා. මේවා ගණන් ගන්නේ නැතුව මේක ඇතුලට ගිය චීන හමුදාවේ කට්ටිය මහ හඬින් සිනා උනා කියල කියන්නේ විහිළුවක් වශයෙන්මත් නොවේ. මොකද යානය ඇතුලේ සේරම කෑලි (කොම්පුටරද ඇතුළුව) චීන නිෂ්පාදන. “යකෝ උන් අපිට බලන්න එපා කියුවේ මේ හින්දද” කියලා චීනුන්ට හිතෙන්න ඇති.
අද බටහිර තියන ආර්ථික අර්බුධයටත් නිෂ්පාදන චීනයට යාම නියම හා අනියම් ලෙස හේතුවක්. මේ සමාගම් විසින් ඉවත් කල සේවකයන් සේරටම  විකල්ප රැකියා ලැබුනේ නැහැ. මේ නිසා බටහිර මිනිසුන්ගේ මිලදී ගැනීමේ හැකියාවත් පහල යනවා. එතකොට අර සමාගම් කරන්නේ, බඩුවේ මිල අඩුකරලා ලාබ රේට්ටුව අඩු කර ගන්න එක නොවේ. බඩු වල ප්‍රමිතිය තව ටිකක් අඩු කරලා නිෂ්පාදන වියදම තවත් අඩු කර ගැනීම. මේ වැඩේ සෙල්ලම් බඩු වල ඉඳලා කාර් දක්වාම සිදු වෙනවා. සෙනෙට් කාරයෝ නිකම් බොරුවට අර ඇඳුම් ගිනි තියන්න කියුවට මේ ක්‍රමය එහෙම වෙනස් වෙයි කියල හිතන්න බැහැ. ඇඟලුම් කර්මාන්ත වැනි ඒවා නැවත බටහිර රටවල් වල ඉස්තාපනය වේ යයි හිතන්න බැහැ.
හැබැයි “The Economist” සඟරාවේ පසුගිය අප්‍රේල් මාසයේ කලාපයක මෙහෙම ලිපියක් තිබුනා. ඒක ලියවුනේ තුන්වන කාර්මික විප්ලවය පිළිබඳවයි. ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය ඩිජිටල් ගත වීම පිළිබඳව. ඒකට අනුව රටෙන් පිටත නිෂ්පාදන නැවත සංවර්ධිත රටවලටම පැමිණෙමින් පවතිනවා. මේකට හේතුව චීනයේ ශ්‍රමික වැටුප් ඉහල යාම නොවේ. සමහර සමාගම් වලට පාරිභෝගිකයා ලඟම ඉන්න ඕනේ කමයි. ඔවුන් මේ තුලින් බලාපොරොත්තු වෙන්නේ පාරිභෝගිකයාගේ අවශ්‍යතාවල වෙනස්වීම් වලට, ඉතා ඉක්මනින් ප්‍රතිචාර දක්වන්න තියන හැකියාව. බොස්ටන් උපදේශක ජාලය කියන පරිදි දැනට චීනයේ නිෂ්පාදනය කරන සමහර භාණ්ඩ වලින් 10-30% අතර ප්‍රමාණයක් නැවත ඇමෙරිකාවේ නිෂ්පාදනය කෙරෙන්න පුළුවන් 2020 වසර වන විටදී. මේවගේ පාරිභෝගිකයාගේ ප්‍රතිචාර අනුව වෙනස් වන ඒක භාණ්ඩයක් තමා “iPad”. සඟරාව කියන පරිදි ශ්‍රමික වියදම එන්න එන්නම නොවැදගත් වන්නේ, $499 කට මිල නියම කෙරුනේ මේකේ (පළමු පරම්පරාවේ)  මුළු නිෂ්පාදන ශ්‍රම පිරිවැය $33 යි. මේ ගානෙනුත් චීනයේ කෙරුන අන්තිම එකලස් කිරීම් වලට වැය වී තියෙන්නේ $8 ක් පමණයි.
අලුත් ඩිජිටල් නිෂ්පාදන ක්‍රියාවලියේදී මහා කර්මාන්තශාලා අවශ්‍ය වන්නේ නැහැ. එකම කුඩා ඉඩක, නිර්මාණ ශිල්පියන්, ඉංජිනේරුවන්, පරිඝනක ශිල්පින්, බෙදාහරින හා වෙළඳ අංශ වල ප්‍රවීනයන් වශයෙන් සියලු දෙනාම වැඩ කිරීම නිසා නිෂ්පාදනයේදී කලයුතු වෙනස් කම් අනෙක් ප්‍රතිවාදියන්ට වඩා වේගයෙන් කල හැකි බව හා පාරිභෝගික කැමැත්ත අනුව වෙනස් කිරීමේ හැකියාව (mass customisation)  තමා මෙහිදී වැදගත් වන බව පැවසෙන්නේ. අර කලින් කියුව iPad වගේ නිෂ්පාදනයකදී දැන් තියන තරඟය අනුව මෙය සැබෑවක් යයි හිතන්න පුළුවන්. නමුත් පාරිභෝගිකයාගේ පැත්තෙන් නම් ලොකු යහපතක් වේ යයි හිතන්න අමාරුයි. මොකද අර ලාබ රේට්ටුව නම් අඩු කර ගන්න සමාගම් කැමති නැති නිසා.
Advertisements

8 Comments

Filed under Politics

8 responses to “US Olympic uniforms were made in China

  1. vimukthi

    එකඟ වෙන තැන් ඇතත්,,නැති තැනුත් තියේ

    • වෙන්න පුළුවන් විමුක්ති. මෙතන ලියලා තියෙන්නේත් මා හිතන දේවල් වලට වඩා මේ බටහිර සිදුඋන දෙයක් නිසා ඔබත් මාත් එකඟ උනත් නැතත් වැඩක් නැහැ.

  2. ඔය 2020 උපකල්පනය කරන දේ වෙන්න පුළුවන්ද? ඇපල් වගේ සමාගමක් සම්බන්ධයෙන් ඕක හරි වෙන්න පුළුවන් වුණාට අනිත් අය එහෙම කරයිද? පාරිභෝගිකයා ළඟින්ම ඉන්න අවශ්‍යයි කියන එකත් ලාභයට යටයිනෙ අන්තිමට!

    • මා මේ සටහන ලියුවේ හරේ ඇත්තටම මේ පොලිටික්කෝ කොහේ ගියත් ටිකක් එක වගේ කියන්න. දැන් බලන්න අර සෙනෙට් එකේ දෙපැත්තේම ලොක්කෝ දෙන්නා ඔවුන්ගේ චීන ඔලිම්පික් ඇඳුම් පුච්චන්න කියපු දේවල් හා විරවංශ මහතාගේ ගූගල් තහනමයි අතර වෙනසක් තියනවාද? ඔවුන් මේ විවාද කරන්න ඇඳගෙන ඉන්න කෑලි තුනේ සූට් එක පවා චීනයේ වෙන්න ඕනේ නිෂ්පාදනය කරලා තියෙන්නේ. මොකද මේක නොදන්නා කව්රුවත් ඉන්නවද?අනෙක ඇමෙරිකානු ක්‍රීඩකයන් මේවා ඇඳගෙන ගියා කියල ඔවුනගේ “ඇමෙරිකානු ආඩම්බරයට” හානි වෙනවද? මේවා අර ගැලරිය පිනවන්න කියන කතානේ.

      යටින් තිබුන අනෙක් කතා මා විවිධ තැන වලින් අහගත් හා කියවපු දේ මිශ්‍ර කරලා ලියුවේ. මා ආර්ථික විද්‍යාව දන්නේ නැහැ. මා ලියුවේ පාරිභෝගිකයෙකු හැටියට. අනික තමා ඔය “ආර්ථික විශේසඥයන්” මෙතෙක් කියපු අනාවැකි හරි ගියෙත් නැහැ. මට සාමානය පාරිභෝගිකයෙක් හැටියට නම් පෙන්නේ ඔය කියන පරිදි ඒ නිෂ්පාදන නැවත මේ රටවල් වලට එන එකක් නැහැ. මොකද ඔය කොතරම් දේ කියුවත් අන්තිම සිල්ලර මිල වැදගත්. ඒ අතරේ අර ලාභ රේට්ටුවත් සමාගම් වලට වැදගත්. දැනට තියන ලාභාංශය තවත් වැඩි කර ගන්නවා හැරෙන්න මේක අඩු කරගන්න නම් මොන සමාගමක් හෝ ආයෝජකයෙක් හෝ කැමති වෙයි කියලා හිතන්න බැහැ.
      අද ඔස්ට්‍රේලිආවේ ප්‍රධාන පුවතක් තමා වික්ටෝරියාවේ ෆෝර්ඩ් සමාගමේ නිෂ්පාදන අංශයේ තවත් සේවකයන් 440 ක් අයින් කරන්න යනවා කියන කතාව. ඕස්ට්‍රේලියානු මෝටර් රථ නිෂ්පාදනයේ මේ යන්නේ අවසාන අවධිය යයි මා හිතනවා. කලින් මෙහෙ ඉතා සාර්ථකව පැවති ඇඟලුම් කර්මාන්තය චීනයට අරන් ගියා. මේවා අරන් ගියා කියලා පාරිභෝගිකයාට මහා වාසියක් උනේ නැහැ. මේවයින් ගන්න පුළුවන් ලාභාංශය වැඩි කර ගත්තා විතරයි. මේක මේ වගේ නිෂ්පාදන වලට විතරක් නොවේ කෘෂිකර්මාන්තයේත් තියනවා. මෙහෙ තියන විශාලතම සමාගම් දෙකක් තමා සිල්ලර වෙළඳාම පාලනය කරන්නේ. මේ සමාගම් දෙක වෙළඳ පොළ පාලනය කරනවා. ගොවියාට ගෙවන ගාණ අවුරුදු ගානක සිට එකම උනත්, කඩේ ගාණ නම් මාස් පතා වගේ ඉහල යනවා. අනික තමා දේශීය නිෂ්පාදන වෙනුවට චීනයෙන් හා දකුණු අමෙරිකාවෙන් සමහර නිෂ්පාදන අඩුවට ආනයනය කලත්, අර සිල්ලර ගාණ නම් එහෙමමයි. මාර්තු වල වික්ටෝරියාවේ දොඩම් පසට යට කළා කියල අහන්න ලැබුනා. ඊට කලින් බිට් ගොවියන්ට විකුණා ගන්න බැරුව බිට් පස්වලට යට කළා. එහෙම උනේ චීනයෙන් හා දකුණු අමෙරිකාවෙන් අඩුවට බාල ප්‍රමිතියේ සාන්ද්රික දොඩම් යුෂ හා ටින් කරපු බිට් ගෙන්වත්දී.
      මා කේන්ද්‍රගත නිෂ්පාදනයක් සාර්ථක වෙයි කියා විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම ධනය රැස් වෙන්න ඉඩ දුන්නහම ඒක පහලට ගලාගෙන ගිහි අනික් අයත් සුඛිත මුධිත වෙනවා කියන රිපබ්ලිකන් වාදයත් දැන් අසාර්ථකයි කියලා ඔප්පු වෙලානේ තියෙන්නේ. මේ දෙක අතර ක්‍රමයක් හොයා ගන්නේ කොහොමද? එක්තරා විදිහකට එවැනි දෙයක් තමා මේ වන තෙක් ඕස්ට්‍රේලියාවේ තිබුනේ. මේකත් වෙනස් වීගෙන යනවා. එයට අප වගේ පාරිභෝගිකයන්ගේ චින්තනයද බලපානවා. නමුත් මිනිසුන්ට මොකක් හරි දෙයක් නැති වෙන කම් ඒ දේ තිබුනා කියල දැනෙන්නේ නැහැනේ.

      • හසී

        “ගොවියාට ගෙවන ගාණ අවුරුදු ගානක සිට එකම උනත්, කඩේ ගාණ නම් මාස් පතා වගේ ඉහල යනවා”
        There is a food deflation in autralia. What you say is correct in other commodities. After all controlled inflation is a good thing in a economy.

        • If you say so Hasi!
          No, seriously Hasi, I did not have time to reply yesterday.
          Are we talking about the same thing here? Australia has the fastest rising food prices of “developed” nations in the world according to an OECD report. The food prices has risen more than 40% over the past decade. I do not want to go with boring statistics in my “Wal-Pal” bolg. However, the following data would be helpful (to understand) what I was talking about. These were published back in 2009 and there are similar studies recently. “According to OECD price data, food prices in Australia have increased 41.3 per cent since the start of 2000. Spain has the next fastest rate of increase over that time at 41.2 per cent. The UK is next at 32.9 per cent. Canada 32.7 per cent, Italy (29.7 per cent) and US (28.4 per cent).”
          This and many other studies have shown that so-called “supermarket duopoly” is to blame. Ironically, the next in line with Australia (which is Spain) has the same problem; the retail market concentration.
          A monopoly or duopoly is not good for all stakeholders. It is good for shareholders who get the highest return for their investments. The Australian wheat farmers could get/negotiate the highest possible price for their produce when the Australian Wheat Board had the monopoly in Australian wheat export (market).
          Foods are not like other commodities, people would remove them from their shopping list as a last resort. Therefore, there is a possibility of manipulating the prices (when the market arrangements allow to do so).

  3. පහුගිය කාලෙ දඹුල්ලෙ ගොවියන්ටත් ඔය ආනිසංසෙම වුනා කියලා ජාල පත්තරේ දැක්කා. ලංකාවෙ බඩුමිල ගිහින් තියෙන ප්‍රතිශතය ඔය වගෙ කීගුනයක්ද කියන්න අමාරුයි.

    ආපහු මුල කතාවට ආවොත්, ඔය අමෙරිකන් කොඩියත් අමෙරිකානු නිශ්පාදනයක්විය යුතුමයි කියලා සඳහන් වෙනවලු. නමුත් එක පාරක් ඒකත් චීනෙ හැදුවා කියලා පොඩි කේස් එකක් ආව කියලා මතකයක් තියෙනවා.

    රයිගම්ගෙ ඉංගිරිස් කමෙන්‍ටුව දැකලා මේක මතක්වුනේ . මම ඉංගිරිස් බ්ලොග් එකකුත් ලියන බව රයිගම්හන්දිය දන්නවද? මෙන්න ලින්ක් එක.

    HeyDude

    • ලංකාවේ සංඛ්‍යා ලේඛන නම් කොහොම හදන්න බැරිද හෙන්රි. හැබැයි ලංකාවේ ගොවියන්ට ඔය ආනිසන්සේ වෙන්නේ අද ඊයේ ඉඳලා නොවේ. ඇමෙරිකන් කොඩි කතාවත් ඇත්ත වෙන්න ඇති.
      කොලා නේද, ඔන්න මට දැන් ගුණසේන සමාගමට ඇමතුමක් දෙන්න වෙනවා (මලලසේකර ශබ්දකොෂේ ගෙන්න ගන්න). නැහැ හෙන්රි මා ඔබගේ එම බ්ලොගයත් බලනවා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s