තජිකිස්ථානය. Let’s follow it?


ලෝකේ මා කැමති හා ආදරණියත්වයක් දැනෙන රටවල් තුනකින් එකක් තමා රුසියාව නැත්නම් පරණ සෝවියට් සංගමය. සෝවියට් ක්‍රමයට ආයුෂ නැතිවීම මා පිළිගන්නා කරුණක් උනත්, මා කතා කරන්නේ එහි ජනතාව ගැන. ගොර්බචව් අයියා බටහිර ඒජන්තයෙක් කියලා හිතුවට, වඩාත් පැහැදිලි කරන්න පුළුවන් කරුණ තමා, ඔහු ක්‍රියා කලේ බටහිර රටවල තානාපති සේවයේදී දැකපු හා ගත්ත අත්දැකීම් ආශ්‍රයෙන් කියලයි මට නම් අද හිතෙන්නේ. එකම දේ තමයි යමක් පටන් ගත්තම එහෙ අවසානය කාටවත් තීරණය කරන්න අමාරුයි. කොහොම උනත්, දයිවයේ සරදම තමා සෝවියට් සංගමය කඩා වැටුනට පස්සේ ඒ ඒ රටවල පාලනය “අල්ලා ගත්තේ” “තිබුන ක්‍රමයට විරුද්ධ පක්ෂය” නොවේ. කොමුයුනිස්ට් පක්ෂයේම ඉහල තනතුරු දරපු පිරිස්. අවුරුදු 20 කට පසු උනත් පුටින් අයියා ත් එහෙමයි. ලෝකයේ ගොඩක් තැන වල සිදුවන ඛේදාන්තයක් තමා මේක. මේ බලය අල්ලා ගත පිරිස් සම කරන්න පුළුවන් විරවංශ මහතා වගේ කටිටියට. මොවුන් හැව ඇරියහම මතු වන්නේ වෙන සර්පයෙක්.

සෝවියට් සංගමය කැඩිලා හැදුන එක රටක් තමා තජිකිස්ථානය. මා මේ සෝවියට් සමුහාණ්ඩු ගැන මුලින්ම කියවුවේ සෝවියට් දේශය කියන සිංහලෙන් පල කරපු සඟරාවෙන්. තජිකිස්තානයට ඉතාම ළඟ රටක මා අවුරුදු දෙකකට ආසන්න කාලයක් ගත කළා. මිනිසුන් කෙසේ වෙතත්, කෑම නම් හරි රසවත්. තජිකිස්තානයේ අගනුවර මා හිතන්නේ ලාංකික සිසුන් හිටියා. මා මේ සටහන ලියන්නේ අද තජිකිස්ථානය ගැන. ඇත්තටම මා කනගාටු වෙන්න ඕනෙද කියල තීරණය කරන්නත් අමාරුයි.

තජිකිස්ථානය, අදත් සෝවියට් සංගමයෙන් කැඩුන රටවල් (සංගම්) අතරින් ඉතාම දුප්පත් රටවල් අතරින් එකක්. ඒ කොහොම උනත් අගනුවර දුශාන්බේ නම් එහෙම පෙන්නේ නැහැ. ගොඩක් මුදල්, නවීන වාහන හා නව ඉදි කිරීම් මෙහිදී දකින්න පුළුවන්. කොහෙන්ද මෙතරම් ධනය? මොනවත් නොවේ, තජිකිස්ථානය හා ඇෆ්ගනිස්තානය අතර තියන කිලෝමීටර 800 ක් වන දේශසිමාවද මෙයට උත්තර සපයනවා. එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ දෙපාර්තමේන්තුවට අනුව ඇෆ්ගනිස්තානය වාර්ෂිකව නිපදවන ටොන් 90 ක හෙරොයින් වලින් ටොන් 30 ක් පමණ රුසියාවට යැවෙන්නේ මේ දුශාන්බේ හරහා. මේ වෙළඳාම තජිකිස්තානයේ දල ජාතික නිෂ්පාදනයෙන් 30 -50% අතර ප්‍රමාණයක් වන බව තමයි විශ්ලේෂකයන් පවසන්නේ. මේ කොහොම උනත්, මෙවැනි මත් ද්‍රව්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානයක් වන මෙක්සිකෝවේ  දකින විදිහේ දරුණු අපරාධ, තජිකිස්ථානය තුල දකින්න නැහැ.

මේ අතර තජික් රජයෙන්ද මේ වෙළඳාමට අවහිර කරන බවක් පේන්නට නැහැ. වසර 2001 ඉඳලා මේ වනවිට “කුඩු” කාරයන් අල්ලා ගැනීම 80% කින් පහල ගිහින්. මේ කාලය ඇතුලත ඇෆ්ගනිස්තානයේ “කුඩු” නිෂ්පාදනය දෙගුණයකින් ඉහල ගිහින්. අර අල්ල ගන්න එවුනුත්, ලොකු මුදලාලිලා නොවේ, පොඩි එවුන්. උන්ව අල්ල ගන්නෙත්, ලොකු එවුන්ට නිදහසේ “වැඩේ” කර ගන්න පාර කපන්න කියල කියනවා. තජිකිස්ථානය ඇමෙරිකාවේ “ත්‍රස්තවාදයට එරෙහි සන්ධානයේ” “වැදගත්” කොටස් කරුවෙකු නිසා, එය කඩාකප්පල් කර ගැනීමට නේටෝව ක්‍රියා කරන්නේ නැහැ (කොහොමටත් “කුඩු” යන්නේ රුසියාවටනේ!-අවධාරණය මගෙන් ).

කුඩු වෙළඳාම නැගල ගියත් සාමාන්‍ය තජික් ජනයාගේ ජිවිතයේ නම් වෙනසක් වෙලා නැහැ. රටේ ජනගහනයෙන් අඩක් ජිවත් වෙන්නේ දිනකට ඩොලර දෙකකට වඩා අඩු මුදලකින්. රටේ ආදායමෙන් 45% පමණ එන්නේ රටෙන් පිට ගොස් වැඩ කරන තජික් ජනයා එවන මුදලින් (අමතක කරන්න එපා “කුඩු” වලින් 30 -50% ක පමණ ප්‍රමාණයක් උපයනවා කියනවානේ. යකෝ වෙන මොනවත් නිපදවන්නේ නැත්ද?)  . තජිකිස්ථානය මධ්‍යම ආසියාවේ ආස්චර්යයද?

(අන්තර් ජාලය හා “The Economist”ඇසුරු කරන ලදී).

Advertisements

6 Comments

Filed under Politics, Social

6 responses to “තජිකිස්ථානය. Let’s follow it?

  1. කොහොමද එහෙ පාර්ලිමේන්තුව හෙම? ලොක්කට රැවුලක් තියෙනවද 😉

  2. එහෙයි මෙහෙයි වැඩි වෙනසක් නෑ වගේ

    • ඔව් අටම්පහුර, යන්නේ එකම විදිහට. මෙච්චර රටවල් ගැන ලියන්න තියෙත්දී මා තජිකිස්ථානය ගැන ලියුවේ ඒ නිසා. කව්රු කාගෙන් ඉගෙන ගන්නවද කියන්න අමාරු උනත්, බොහෝ සමාන කම් තියනවා වගේ. කොහොමත් තියෙන්නෙත් ආසියාවෙනේ.

  3. Kenji @ Japan

    රයිගම; ඔබ දන්නවද ලංකාවේ මහා අය සමග එකතු වෙලා කොමිස් ගහන නිහඩ චරිත ගොඩක් අය එම “කළු සල්ලි” ඔය සෝවියට් සංගමයෙන් කැඩිලා තිබෙන සමහර රටවල නිවාස සංකීර්න වගේ දේවල් වලට එම මුදල් ආයෝජනය කරලා තියෙනවා.ලංකාවේ අලිබබාගේ අනිත් කස්ටිය සමග ඔය කැඩිච්ච රටවල් එක්ක හරි හරියට, එක එක “බිච්නච්” තියෙනවා.

    • ඒකට නම් විරුද්ද වෙන්න නරකයි කෙන්ජි. මොකද ඔහොම ආයෝජන කරනවා නම් ඒවා ගඟට කපන ඉනි වගේ වෙන්න තියනවා. තව උනන්දු කරන්න ඕනේ දෙයක්!