පව්ලේ නම්බුව රැක ගන්න දුවණිය මැරූ යුවලට හතර පෝයට සිල් ගන්න නියෝග! A Pakistani-born couple were jailed for life by a British court!


ගිය සිකුරාදා (03 .08.2012) බ්‍රිතාන්‍යයේ ආන්දෝලනයක් ඇති කළ නඩුවක තීන්දුව ලැබුනා. මේ ප්‍රවුර්තිය ඔබ අහන්න ඇති. එම තීන්දුව තමයි, 2003 වසරේ තම දුවණිය විසින් පව්ලේ “නම්බුව” නැති කිරීම නිසා, ඇයව හුස්ම හිර කර මරා දැමීම ගැන වරදකරුවන් උන පකිස්තානයේ උපන් බ්‍රිතාන්‍යයේ වොරින්ටන් වල වෙසෙන යුවලකට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වීම. දාහත් හැවිරිදි  ශෆිලියා  ව මරාදමා තිබුනේ ඇයගේ මුඛය ප්ලාස්ටික් බෑගයක් මගින් හිර කිරීමෙනුයි. මේ දෙමාපියන් විසින් මේ කුරිරු මරා දැමීම සිදු කර තිබුනේ ඔවුනගේ අනික් දරුවන් හතර දෙනා ඉදිරිපිට.  ශෆිලියා  එක සහෝදරියක් ජූරිය ඉදිරියේ කියුවේ තම මව පැවසූ මේ වදන් “ඕකිව මෙතනම ඉවර කරලා දාන්න”. තම දරුවෙක් මෙහෙම මරා දාන්න කරපු “වරද” තමා “බටහිරකරණය” වීම. මෙම බටහිරකරණයට ඇතුලත් උනේ රූපලාවන්ය හා විලාසිතා වලට හුරු වීම, පිරිමි ළමුන් සමග කතා කිරීම ආදියයි.

මේ තීන්දුව දෙමින් විනිසුරු වරයා මෙහෙම කියා තිබෙනවා. “ඔබලාට තමන්ගේ සමාජයේ ලැජ්ජාවට පත්වෙයි කියන සිතිවිල්ල, තමන්ගේ දරුවාට ඇති ආදරයට වඩා ලොකු උනා. ශෆිලියා කියන්නේ අදිෂ්ටාන සහගත, හැකියාවෙන් පිරිපුන් හා මහත් බලාපොරොත්තු වලින් හද පුරවාගත් යුවතියක්. ඔබ විසින් ජිවත් වෙන්නට තෝරාගත් රටේ, ඇය ජිවත් උන නගරයේ සාමාන්‍ය ජිවිතයක් ගත කිරීමට තමා ඇය උත්සාහ කළේ. හැබැයි, ඔබලා උත්සහ කළේ පකිස්තානු ජිවිතයක් වොරින්ටන් වල ගත කරන්නයි. ඔබලා විසින් ඇයව සංස්කෘති දෙකක හිර කර මිරිකනු ලැබුවා, එකක් තමයි ඔබලාට ඇය මත බලෙන් පැටවීමට අවශ්‍ය උන පකිස්තානු සංස්කෘතිය, අනෙක තමා ශෆිලියා විසින් දුටුව, ඇය වටා තිබුන, ඇයට වැළඳ ගැනීමට අවශ්‍ය උන සංස්කෘතිය”

 

ශාෆිලියාගේ මරණයෙන් වසර නමයකට පසුව තමා මෙම නඩුව අවසාන උනේ. මේ නඩුවත් දීර්ග කතාවක්. ඒ ගැන ලියවුන ඕනේ තරම් ප්‍රවුර්ති තියනවා. කොහොම හරි මේ ප්‍රවුර්තියෙන් පසුව මට නිරායාසයෙන්ම මතක් උනේ මගේ දෙමාපියන්. මරා දමන්නේ නැති උනත්, ගොඩක් දෙමාපියන් තමන්ගේ දරුවන්, තමන් ජිවත් වන ලෝකයේ, තමන් ජිවත් වෙන්නට බලාපොරොත්තු වන ලෝකයේ හිර කරන්නටත්, ඒ වගේම තමන්ට ලබා ගන්නට බැරි උන දේවල් දරුවන් ලවා හෝ ලබා ගන්නටත් උත්සහ කරනවා. විභාග වලට ලිවිය යුත්තේත්, විෂය මාලා තෝරා ගත යුත්තේත් දරුවන්ට අවශ්‍ය කරන ආකාරයට නොවේ, දෙමාපියනට අවශ්‍ය ආකාරයටයි. ඒ වගේම ආගමක් අදහන්න ඕනෙත් දෙමාපියන් කියන විදිහටයි. සහකාරයෙක් හෝ සහකරුවෙක් තෝරා ගන්න ඕනේ දරුවන්ට අවශ්‍ය ලෙස නොවේ, දෙමාපියන්ට ඕනේ ආකාරයටයි.

මේ වගේ ලෝකයක මගේ දෙමාපියන් කොතරම් “ලිබරල්ද” කියා මට හරියටම තේරුම් යන්නේ එදාටත් වඩා අදයි. අපට ආගමක් අදහන්න බලකරනවා තියා, කවදාවත් ඔවුනට වන්දවා ගත්තෙත් නැහැ. ජිවිතයේ මා ගත් බොහෝ තීරණ වලටත් එහෙමයි. මගේ ලෝක දැක්ම සකස් වී තියෙන්නේ පාසලෙන්, සරසවියෙන් හෝ සමාජයෙන් ඉගෙන ගත්ත දේටත් වඩා දෙමාපියන් විසින් අපට ලබා දුන්න නිදහස ඇසුරෙන්. අඩුම ගානේ එවැනිම නිදහසක් මගේ දරුවන්ටත් දෙන්න තමා මා හැමවිටම උත්සහ කරන්නේ.

Advertisements

13 Comments

Filed under Social

13 responses to “පව්ලේ නම්බුව රැක ගන්න දුවණිය මැරූ යුවලට හතර පෝයට සිල් ගන්න නියෝග! A Pakistani-born couple were jailed for life by a British court!

  1. ජීවත් වෙන පරිසරයට අනුගත නොවෙන එකත් හරිම අවුලක් තමයි.

    • ඒක ඇත්ත හෙන්රි. ප්‍රශ්නය තව අවුල් වෙනවා පරම්පරා දෙකක සිතීමේ වෙනස්කමුත් එකට එකතු උනහම. රටකින් රටකටම යන්න ඕනේ නැහැ. තමන් උපදුන රටේම මේ වගේ දේවල් වෙනවා.

  2. මල විකාරයක් ජීවිතේ පරමාදර්ශයක් කරගත්තම වෙන දේවල් තමයි ඔය. මටත් මගේ දෙමව්පියන් කොයිතරම් අපට නිදහස දීල තියෙනවද කියල තේරුම් ගියේ සෑහෙන්න පස්සෙ කාලෙක. හරියම කිව්වොත් මාළුවෙක් වතුරෙ ඉන්නව වගේ නිදහසක්ම තමයි. නමුත් ඒ නිදහස ඇතුලෙම ඔවුන් ඈත ඉඳන් අපේ සීමාවල් ලකුණු කලා. ඒ නීති රීති වලින් නෙවෙයි. ඔවුන් පරමාදර්ශී වීමෙන්. පුංචි කාලෙ අම්මගෙන් හොඳට කාපුවගෙ ප්‍රතිඵල ලැබුණෙ පස්සෙ. ඒ නිසාම අපි අතින් වැරදි දෙයක් වුණේ නෑ. (වැරදි නොකල කියල නෙවෙයි කියන්නෙ. වැරැද්ද තේරුම්ගන්න පුළුවන් වුණා. ඒ නිසාම ඒක හදාගන්න පුළුවන් වුණා.) කල්පනා කරල බැලුවම ම‍ම සහ මගේ සහෝදරයත් සහෝදරියත් කරල තියෙන බොහෝ තේරීම් අතිශය ස්වාධීනයි.

    • ඔබ කියන කතාව හරියට හරි. දරුවනට නිදහස දීම කියන්නේ ඕනේ හැම එකම කිරීමට ඉඩ දෙන එක නොවේ. මට හා බිරිඳට පරමාදර්ශී වෙන්න බැරි උනත්, අප විශ්වාස කරන හොඳ හා නරක හැම විටම පෙන්නලා දෙනවා. කාටුන් එකක් බැලුවත්, චිත්‍රපටයක් බැලුවත්, සින්දුවක් ඇහුවත් ඔවුන් බලන්නේ අහන්නේ කරන්නේ මොනවාද කියලත්, අප විශ්වාස කරන රසාඥ්යතාවය මොකක්ද කියලත් ඔවුනට කියා දෙන්න මා අමතක කරන්නේ නැහැ.ඔබට ඉන්න වගේ දෙමාපියන් හැමෝටම නැහැ. ඉහත කතාව ඒ යුවල සංක්‍රමණය වීමෙන් පමණක් හෝ යම්කිසි ආගමක් ඇදහීමෙන් උන දෙයක් කියල මට නොහිතෙන්නේ, ජීවිතයේදී දැකපු දේවල් ඇසුරෙන්.

  3. මලිත්

    තවමත් ගල් යුගයේ ගෝත්‍රික චාරිත්‍ර අනුගමනය කරමින් ජීවත් වෙන මේ මුස්ලිම් මිනිස්සු නම් මොන සමාජයකටත් පිළිලයක්. මෙතනදි පැහැදිලි වෙනව මුස්ලිම් මිනිස්සු බටහිර රටවලට සංක්‍රමණය වෙන්නේ සම්ප්‍රධායික නොදියුණු ඉස්ලාම් සංස්කෘතියෙන් මිදෙන්න වෙනුවට ලිබරල්වාදී බටහිර සංස්කෘතියත් නොදියුණු ඉස්ලාම් සංස්කෘතියට අනුගත කරගෙන විනාශ කරල දාන්න කියන එක.

    ලංකාවෙත් මේ වගේ සිඳුවීම් අහන්නට දකින්නට වෙන දවස වැඩි ඈතක නෙවෙයි වෙන්න පුළුවන් වර්තමාන ආක්‍රමණකාරී මුස්ලිම් ව්‍යාප්තිය ගැන අවධානය යොමු කෙරුවම.

    • Anonymous

      like

    • හෙලෝ මලිත්, ඔබ කියන පරිදි මේ ප්‍රශ්නය ආගමකට ලඝු කරන්න මා සුදානම් නැත්තේ මා දැකපු වෙනත් සිදුවීම් ආශ්‍රයෙන්. මෙතන තියෙන්නේ විශ්වාස, ඇදහිලි, ජිවිතේ බලාපොරොත්තු වන දේවල්, දරුවනට ආදරයක් නොමැති කම, සංක්‍රමණය, පරම්පරා වෙනස හා නරුම හා කුරිරු කමේ සංකලනයක්. මේ තරම් දරුණු නොවුනත් අපේ ලංකාවෙත්, ලංකාවෙන් පිටත ජිවත් වන අපේ සමාජයේත්, තමන්ගේ දරුවනට තියන ආදරයට වඩා “සංස්කෘතිය, ආගම, ජාතිය, කුලය, සමාජය කොහොම හිතයිද යන්නට ඇති භය” යනාදිය ලොකු කර ගත් දෙමාපියන් මා දැක තියනවා. ඒ අය විවිධ අආගම් වලට අයත්.

  4. JULAAMPITYE AMARAYA

    There is a Sri lankan mother ,who is crying for her only child.

    and there is a Pakistani mother who killed her Innocent daughter.

    Can you remember a suspect in sri lanka prison tortured and killed.
    he was arrested on suspicion and no inquiry for 3 , years, 4 years and later he was killed inside prison.
    any way She Is also a mother and he was her only child.

    We are Talking About Human rights,and So many Spokesmen Barking of innocence of Police and security forces.saying he died of a heart attack.

    so there are many mothers asking impartiality judgement from civilized society.

    Apologize as i did cut and paste job here web site vikalpa to show to readers .

    exerts;
    එකම දරුවාට දස වදදීලා මරා දැමීම අම්මාවරු කෙසේ ඉවසන්න ද?

    ‘‘ඔයාව ගහලා මරන්න නීතියේ කොහෙද ලියවිලා තියෙන්නේ. කීවෙනි වගන්තියේද එහෙම කරන්න කියලා තියෙන්නේ. මම කාටවත් බය නෑ. ඔයගොල්ලන් කවුරු උනත් කමක් නෑ. ඇවිල්ලා මට වෙඩි තියන්න. මම බය නෑ. සාධාරණය, ඇත්ත තමයි මිනිසුන්ට ඕන. පුතාට ගහලා මරපු අය සත්තු. මගේ පපුව දනවා. මගේ පුතා මරපු උන්ට කවදා හරි ඒකම වෙනවා. මම මංකොල්ල කන්න, මීනී මරන්න මගේ පුතාට ඉගැන්නුවේ නෑ. මගේ පුතාගේ තාත්තා මහන්සිවෙලා හම්බ කරලා තමයි මගේ පුතාව හැදුවේ. උන්ට හොදක් නම් වෙන්නේ නෑ.මට වෙඩිතියපල්ලා මම බය නෑ. මගේ පපුවට බුලට් ඇතුල් වෙන්න පුලූවන්. මට රිදෙන්නත් පුලූවන්. ඒත් මම බය නෑ. මට මගේ දරුවා ලැබුනේ අවුරුදු දොලහක් බලං ඉදලා. මම ගොඩක් ආසාවෙන් මම මගේ දරුවා ලොකු මහත් කරේ. මගේ දරුවා වැරද්දක් කරලා තියනවා නම් නඩු අහලා දඩුවම් දෙන්න ඕන. ඒත් මොන නීතයේද තිබ්බේ මගේ දරුවට වද දීලා මරා දාන්න. මගේ පුතා කොහේදෝ තැනක හංගලා තමා මරලා තියෙන්නේ. මගේ ඉස්සරහ මගේ පුතා මැරුවනන් එතකොට උඹලට තේරෙයි මම කවුද කියලා. දැන් දහස් ගනන් තුවක්කුත් එක්ක මගේ ගේ වටේටම ඉන්නවා. මම මකුත් නැතුව ඉන්නේ. පුලූවන් නම් වරෙල්ලා. ඉදි ආප්ප කවපු මේ අතින් මම අද උඹට ‘වායික්කරිසි’ දානවා. මගේ පුතේ මාව එක්කං පලයං. මගේ දෙයියෝ මාවත් එක්කං පලයං.’’ රූබන්ගේ දේහය අසල වැළපෙමින් රූබන්ගේ අම්මාගේ මුවින් ගලා ගිය ඒ වේදනාව .

    නිමලරුබන් අත් අඩංඟුවට ගනු ලැබුනේ යුද බිමේහි දී නොවේ. පසුගිය 2009 නොවැම්බර් මස 05වෙනිදා මිත්‍රයෙක් සමග යතුරු පැදියක ගමන් කරමින් සිටි ඔහු වව්නියාව, වේප්පංකුලම් ප්‍රදේශයේදී සැකපිට පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. පසුගිය තෙවසර ම ඔහු වව්නියාව බන්ධනාගාරයේ රඳවා තැබුණේ කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකර ය. අත්අඩංගුවේ සිටි කාලය පුරාම නිමලරුබන් ගේ අම්මා සිය පුතා දැකීමට බන්ධනාගාරයට ගියේ ය. පසුගිය 28 වන බ්‍රහස්පතින්දාත් එනම් මරණයට සතියකට පෙර නිමලරූබන් බැහැදුටු අම්මා ඔහුට ආහාර-පානාදියෙන් සංග්‍රහ කළේ ය. ඒ අවස්ථාවේ දී නිමලරූබන් යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසු වූ බවද ඇය කියා සිටියි.
    ‘පුතාගේ පපුව ප්‍රදේශයේ බොහෝ තුවාල තිඛෙනවා මම දැක්කා. ඔළුවෙ සහ පපුවෙ ලේ ගලලා තිබුණා. අත් සහ කකුල් කඩලා තිබුණා. කකුල් දෙකම ගැට ගහලා තිබුණා. මළ සිරුරෙන් දුර්ගන්ධයක් පිටවුණා. පුතාගෙ ඇ‍ගේ ඇදුම් තිබුණෙ නැහැ. සරමකින් මළ සිරුර වහලා තිබුණා.’යැයි නිමලරූබන්ගේ පියා විරකේසරී පුවත්පතට කියා තිබුණි.

    • Hey, Amare malli! You are the man that I wanted. I thought you were too busy to read these types of blogs while answering “alleged” phone calls from a “mandiraya”, killing of innocent people, raping of women and children, kidnapping, shooting at JVP meetings and (most importantly) observing sill. You are a prime example of not being “Loven ekek ek deyakata veyi samatha“.
      No seriously “Amare”, you grasped the point I am making in my title. There are so many mothers around the world whose children have been kidnapped, tortured and ultimately killed. They all mourn the day and the night. I know a mother whose son disappeared and possibly faced a brutal and violent death. I know a person who happened to be the wife of the same person. I know people who happened to be daughters of that same person. Actually, there are many. Not elsewhere but they all are in Sri Lanka. What can they do in a society where other people are crying for not being able to go to Sigiriya or not having enough money to send their kids to private schools? Those all mothers, wives and daughters are “asking impartiality judgement from civilized society”. The problem is Amare that they are “a minority” in our society. See, “you” were also asked “to observe sill” for your alleged crimes.

  5. Kenji @ Japan

    මුළු ලෝකයේම දරුවන්ට වන අතවර දිහා බැලුවම මටනම් හිතාගන්නවත් බැහැ මේවා කොහොම කරනවද කියල. බලන්නකෝ රයිගම; දැන් දවස ගානෙම ලංකාවේ වෙන ළමා අපචාර රැල්ල. මේ යක්කු මේවා මෝස්තරයකට කරනවද?

    • ඒ ගැන නම් කතා කරලා වැඩකුත් නැහැ. එකක් මා ලංකාවේ නොවෙයි ඉන්නේ. ලංකාවේ මේක බලන දෙතුන් දෙනා මගේ ඇඟට ගොඩ වේවි. මා පෙරේදා කතා කළා අකුරැස්සේ කෙනෙක් සමග. ඔහු කිවේ සාරුවා ගොයියා ඇත්තටම “ජනප්‍රිය” මිනිහෙක් කියලා. මේක මා කොහොම තේරුම් ගන්නද? එකම කනගාටුවට කරුණ දරුවන් මේ දේවල් වල ගොදුරු පමණයි, ඒ අය මේ සමාජය වෙනස් කරන්න හෝ බිහි කරන්න දායක උන පිරිසක් නොවේ.

      • Kenji @ Japan

        ලංකාවේ බලන දෙතුන්දෙනා කිව්වේ ඩලස් සහ පක්කලියෝ ටිකද?ඔබ සහ අරුණි ඉතා අපුරුවට ලිපි ලියනවා,තව අපේ උගත් දරුවෝ ඒ අයගේ හිතේ ගැස්ම දැනෙන ලිපි ලියනවා.එම නිසා රයිගම දෙතුන් දෙනාට වඩා[ඔබට වටිනා අයට නොව] පක්කලියන්න්ට රිදෙන විදියට දිගටම ලියන්න.එතකොට තමයි තමා උපන් රටේ නොසිටියත්, තමා උපන් දේශයේ නාමයෙන් නිදාගෙන ඉන්න එඋන් ගේ ඇස් ඇරවන්න පුළුවන් වෙන්නේ අපට!!!

        • ඔබේ කාරුණික වදන් වලට ඉතාම ඉස්තුතියි කෙන්ජි. හැබැයි පුතෝ මගේ ලිවීමේ බලාපොරොත්තුව වෙන දෙයක්. ඒක මා මිට කලින් ලියා තියනවා. ඔබ සඳහන් කළ අනික් බ්ලොගය දැන් මා නොබලන එකක්.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s