දුම් පානයේ ඉතිරි කතාව! The rest of the smoking story!


මා ඊයේ ලියපු කතාවට මුලික උනේ ඕස්ට්‍රේලියානු ආණ්ඩුව දුම්කොළ සමාගම් වලට එරෙහිව ගත් එයිතිහාසික පියවරක් ගැනයි. මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කලින් විවිධ කතා කියුවත්, කොන්සර්වේටිව් විපක්ෂය එය සම්මත කර ගැනීමට සහය දුන්නා. මෙම නීතිය මගින් ඕස්ට්‍රේලියාවේ දුම්පානයේ මහා විපර්යාසයක් වෙන්න තියන ඉඩකඩ අඩු උනත්, දැනටමත් මේ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෙනසක් ආණ්ඩුව විසින් මීට කලින් අරන් තියන පියවර වලින් වෙලා තියනවා.

මා මේ සටහන ලියන්න ගත්තේ ඊයේ සටහනට ඌන පුරණයක් වශයෙනුයි. මේ තියෙන්නේ අද ලංකාවේ Daily Mirror පත්තරේ තිබුන ප්‍රවුර්තියක්. ලංකාව තාම සිගරට් පැකට් වල පින්තූර සහිත අවවාද දාන්න හිතනවා. වඩාම වැදගත් දේ තමා, මේ ප්‍රවුර්තියේ ඕස්ට්‍රේලියානු අලුත්ම නීතිය ගැනත් කිසිම සඳහනක් නැහැ. ඕස්ට්‍රේලියාව පින්තූර සහිත අනතුරු හැඟවීම් සිගරට් පැකට් වලට අඳුන්වා දුන්නේ 2006 වසරේදී. ලෝකයේ ප්‍රථම වරට මෙවැනි පින්තූර සහිත අනතුරු ඇඟවීම් අඳුන්වා දුන්නේ කැනඩාවයි. ඒ 2000 වසරේදී. මීට පෙර පැවති අවවාද වලට වඩා, මේ අලුත් අනතුරු ඇඟවීම් ප්‍රතිඵල දායක බව ඉන්පසු කෙරුණු අධ්‍යයන වලින් මනාව පෙන්නුම් කරනවා. මේ ගැන ලියවිලා තියන මේ දීර්ඝ විස්තරය වෙලාව තියනවා නම් කියවන්න.

ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගිවිසුමට අත්සන් කර වසර නමයක්  ගත උනත්, මේ අනතුරු හැඟවීම් සිගරට් පැකට් වලට ඇතුලත් කිරීමේ නීති සම්මත කිරීම කල් දැමීම  පිටුපස, නිසැකවම මේ දුම්කොළ සමාගම් ඇති. ලෝකයේ ඔවුනට විරුද්ධව ඇති කෙරෙන නීති රීති වලට එරෙහි වෙන්න ඔවුන් ඩොලර මිලියන ගණනින් වියදම් කරනවා. දැන් ඕස්ට්‍රේලියාව වැනි රටවල අහිමි වන වෙළඳපොල වෙනුවට ඔවුන් ආක්‍රමණය කරන්නේ, ඉන්දියාව, චීනය හා දකුණු ඇමෙරිකානු රටවල්. දකුණු ඇමෙරිකානු රටවල්ද සිගරට් වලින් ජනතාවට වන හානිය අවම කර  ගන්න නොයෙක් පියවර අරන් තියනවා. ඕස්ට්‍රේලියාවේ නව නීතිය ගැන උනන්දු වන රටවලින් ඉදිරියෙන්ම ඉන්න රටක් තමා ඉන්දියාව. දැනට ඉන්දියාවේ දිනකට ළමුන් පන්දහසක් දුම්පානයට යොමු වන බව මා ඊයේ ප්‍රවුර්තියක ඇහුවා. මේ දුම්කොළ සමාගම් ඕස්ට්‍රේලියාවේ නීතියට එරෙහිව ඔවුනගේ මුළු වැර යොදා සටන් කලේ, ඔවුනට ඕස්ට්‍රේලියානු වෙළඳපොලේ ඇතිවන ප්‍රශ්නයට වඩා, එමගින් අන් රටවලට දෙන වැරදි පුර්වාදර්ශය නතර කර ගැනීමටයි.

ලංකාවේ ආණ්ඩුව මිනිසුනට රූපවාහිනී නාට්‍යයක්, චිත්‍රපටයක් හරියට බලන්න දෙන්නේ නැතිව කොටු කොටු දැම්මට, ඔවුනගේ ඇත්ත තත්වය අද  පත්තරේ ප්‍රවුර්තිය මගින් පෙන්නුම් කරනවා. අපට සමහරවිට අවශ්‍ය වන්නේත් මේ වගේ සෝබන ක්‍රියා තමයි. දුම් පානයට ඇත්තටම බලපෑමක් කරන්න පුළුවන් සිගරට් පෙට්ටි වලට අනතුරු හැඟවීම් දාන්න නීති ගෙනාවට, මේ කොටු කොටු වැඩේ තරම් ප්‍රචාරයක් ගන්න බැහැනේ. කිසිම ජනතාවාදී බවක් නැති ව්‍යස්තාවකට ජේ ආර් ගොයියා “ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජන රජය” කියල දැම්මේ මේක හොඳින් තේරුම් අරගෙන වෙන්න ඇති.

Advertisements

14 Comments

Filed under Social

14 responses to “දුම් පානයේ ඉතිරි කතාව! The rest of the smoking story!

  1. ඔබ ඔස්ට්‍රෙලියාවෙ ඇතිවෙච්චි ඒ තත්වය නිවැරදිව පැහැදිලි කරලා නෑ කියලයි මට හිතෙන්නෙ….
    ඒකෙ නීතිමය පැත්ත බැලුවාම අඩුපාඩු කීපයක් තිබුනා මටනම්..
    මට පෙනුන විදියට සිගරට් පැකට් එකේ මොකුත්ම මුද්‍රනය නොකරන්න කියලා දීපු නීතිය වැරදියි..එතකොට හොර සිගරට් රට තුලට එන්න තියෙන ප්‍රවනතාවය වැඩියි…

  2. ඉන්දික, ඔබ කියන නීතිමය අඩුපාඩු ඕස්ට්‍රේලියානු මහාධිකරණය ඊයේ ප්‍රතික්ෂේප කළා. ඔබ ඔය කියන හොර සිගරට් රටට එනවයි කියන එක දුම්කොළ සමාගම් වල තර්කයක්. දැනට නොඑන හොර සිගරට්, මේ නීතිය ඇති කලහම එක පාරටම එන්නේ කොහොමද කියන එක මේ අය පැහැදිලි කරන්නේ නැහැ. එකපාරටම ඕස්ට්‍රේලියානු රේගුව නිදා ගන්නවද මේ නීතිය නිසා? හොඳ සිගරට් හා හොඳ නැති සිගරට් කියල දෙවර්ගයක් නැහැ. මේ සමාගම් උත්කර්ෂයට නංවන්න හදන්නේ ඔවුනගේ සිගරට් අනෙක් එකාගේ සිගරට් වලට වඩා හොඳයි කියන එකනේ. එහෙම දෙයක් ඇත්තටම නැහැ. හැදෙන්නේ එකම පිලිකාවමයි. සිගරට් සමාගම් වල මේ ප්‍රතිරෝධය, මෙතෙක් මේ පැකට් වල ඇතුලත් කලයුතු අවවාද, අනතුරු හැඟවීම් හා රෝග වල චායාරූප ඇතුලත් කරන්න හදපු හැම අවස්තාවකම මතු උනා.බදු වැඩි කරන හැම පාරකමත් ඔවුන් මේ නීති විරෝධී සිගරට් රටට එන කතාව කියනවා. නමුත් එහෙම වෙලා නැහැ.

    මේ නීතියෙන් සමාගමේ හා සිගරට් ජාතිය නම පෙට්ටියේ සඳහන් නොකරන්න කියන්නේ නැහැ. කලින් වගේ නොවේ සමාගම් හෝ සිගරට් ජාතියේ ලාංචන, ඔවුන් යොදන පාටවල් ආදිය තමයි ඉවත් කෙරෙන්නේ. නමත් කුඩා අකුරෙන් ලිවිය යුතු වෙනවා. දැනට “බ්‍රෑන්ඩ් නේම්” වලට පුරුදු වෙලා ඉන්න කට්ටිය දිගටම ඒ නමින් ඉල්ලාවි. මේකට පක්ෂ කට්ටිය කියන්නේ, අර බ්‍රෑන්ඩ් නේම් එකක තියන ග්ලැමර් ගතිය මේ නිසා ඉවත් කෙරෙනවා කියල. ඒකෙ අත්තක් තියනවා ඉන්දික.

    අද උදේ මෙහෙ රේඩියෝවේ ජොකියෙක් මේ නීතියට හිනා උනා. පොර වසර 15 ක් තිස්සේ සිගරට් බොනවා කියුවා. මේ පෙට්ටි, ජාති මොක උනත් ගානක් නැහැ, කවුද පෙට්ටි බලන්නේ මිනිහ කියනවා. ඉන් ටික වෙලාවකට පස්සේ ඕපදුප සඟරාවක සංස්කාරක කෙනෙක් එක්ක කතා කරන කොට, එක කඩේක නමක් කියල පාච්චලෙන් කතා කළා. ඔබට පේනවා නේද මිනිහ කලින් කියපු දේ මිනිහම නිෂ්ප්‍රභා කළා කියල. අනික ඉන්දික මේකෙන් මහා දෙයක් වෙන්නේ නැහැයි කියමු. නමුත්, මේ සමාගම් මේකට එරෙහි උන විදිහට ඔවුනුත් නිකම් එහෙම කරන්නේ නැහැයි කියල තේරෙනවා. මොකද, ඔවුනුත් මේ අධ්‍යයන හොඳින් බලාගෙන ඉන්නේ. ඔවුනුත් අධ්‍යයන කරනවා. මගේ පෞද්ගලික මතයට අනුව නම් මේ නීතියෙන් පමණක් ඕස්ට්‍රේලියාවේ සිගරට් අලෙවියට මහා බලපෑමක් නැහැ. නමුත් මේ නීතියත් මෙතෙක් අරන් තියන නීති හා පියවරයන් වල තව කොටසක් තමයි. 1945 දී ඕස්ට්‍රේලියාවේ පිරිමින්ගෙන් (අවුරුදු 14 ට වැඩි) දුම්පානය කරපු 72% ක පිරිස 2010 වන විට 16.4% දක්වා බස්සා ගන්න පුළුවන් වී තියෙන්නේ එහි ප්‍රති ඵලයක් විදිහට.

  3. රයිගම්හන්දිය, මමත් දැන් දුම් නොබොන්නෙක්නෙ අවුරුදු පහ හයක කාලෙක ඉඳන්. 🙂

    ටෙලි නාට්‍ය, චිත්‍රපට වලට කො‍ටු දාලා රස වින්දනය විනාස කරන එක නම් මම කොහොමටවත් අනුමත කරන්නෙ නැති වුනත් ප්‍රසිද්ධියේ දුම් බීම අධෛර්‍යය කිරීමේ වෑයම නම් මම අගය කරනවා.

    මේක සමහර වෙලාවට පෞද්ගලික නිදහස ඕනෙවට වඩා උල්ලංඝනය කරනවා වගේ මම දැක්කත්, දැන් මිනිස්සු ප්‍රසිද්ධ ස්ථානවලදුම් බොනවා පේනවා අඩුයි එදාට සාපේක්ෂව.

    ඒ වගෙම මට හිතෙනවා මම තවමත් දුම් බොන්නෙක්ව හිටියා නම් දැන් ලංකාවෙදි දුම් බොන එකත් ලේසි වැඩක් නොවන බව.

    • මා දුම් බොන එක නවත්වා තියෙන්නේ ඔබටත් කලින් එහෙනම්. මා නම් හිතන්නේ කොටු කොටු දාන එකෙන් අනවශ්‍ය ප්‍රචාරයක් පමණයි දෙන්නේ. අනික කිසිම දෙයක් හරියකට බලන්න බැහැ. මේකට දුම්කොළ සමාගම් විරුද්ධ වෙන්න හේතුවක් නැහැ. මොකද මේකෙන් කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. දුම් බොන එක කෙසේ වෙතත්, අනුන්ට පොවන එක නම් තහනම් කරන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රසිද්ධ තැන් වල බොන එක. මා එයට එකඟයි. අප දුම් බොන්න පටන් ගන්න කොට අද වගේ, මේකෙන් වෙන අනතුර ගැන දැනුම තිබුනානම් දෙපාරක් හිතනවා නේද ?

      • ඒ කියන්නේ ප්‍රසිද්ධ තැන් වල බොන එක
        දැන්නං ලංකාවේ ඔය වැඩේ නොකරන තරම්.
        කලාතුරකින් කලාතූරකින් වයසක අංකල් කෙනෙක් ඇරෙන්න පාරේ සිකරට් බොන්නේ නැ

  4. මමනං පෙට්ටි පිටින් කවදාවත් ගන්න එකක් නැති නිසා බලපෑමක් වෙන එකක් නෑ 😉

    • මේක බලපාන්නේ, ඔබ වගේ වැඩි හිටියන්ට නොවේ හරේ. මෙයාල “ටාගට්” කරන්නේ පාසල් යන වයසේ කට්ටියව වැඩිපුරම. දන්නේ නැති කාලේ ඇබ්බැහි කර ගත්තම ජිවිත කාලෙටම හරි.

  5. sameera

    ලංකාවට මේ නීතිය ප්‍රායෝගික නෑ හේතුව අපේ කඩවල පෙට්ටිය පිටින් සිගරට් විකුනන්නේ නෑ සිගරට් එකක් හෝ දෙකක් අතට දෙනව මිසක් ……. එහෙනම් සිගර්ට් එකටත් කවරයක් යෙදිය යුතුයි

    • සමීර, ඔබගේ කතාවට මා එකඟ නැහැ. වැඩි දුර යන්න ඕනේ නැහැ. මගේ කලින් සටහන බලන්න. ඒ කාලේ ලංකාවේ හිටපු හා තවමත් ඉන්න (දුම් බීපු හා නොබිපු) හැම දෙනාටම, ත්‍රී රෝසස් හා ෆෝර් ඒසස් තාමත් මතක තියනවා. මේ කියන හැමෝම සිගරට් පැකට් පිටින් ගත්ත කට්ටිය නොවේ. වෙළඳ නාමයක තියන බලය ඔබ හිතනවාට වඩා බලවත්. සමාගම් වෙළඳ නාම ජනප්‍රිය කරන්න මිලියන ගණනින් වියදම් කරන්නේ ඒ නිසා. අර ලූනු බිකත් බඩට වගේ, සරල සිගරට් පැකට් නීතියත්, දුම් බීම අධෙර්යය කරන්න හේතු වන එක දෙයක්. බලන්න බ්‍රිස්ටල් හා ගෝල්ඩ් ලිෆ් පෙට්ටි මුද්‍රණය කරන හා ඉදිරිපත් කරන ආකාරය.

      මේක ඔබගේ ප්‍රතිචාරයට අදාළ නැහැ. නමුත් මා හැමවිටම, මගේ උත්තර වලින් සටහනේ ඉදිරිපත් කරපු දේ තව ටිකක් ඉදිරියට ගෙන යන්න උත්සහ කරනවා. ඔබ කියුවට මේ නිතිය ලංකාව වගේ රටවලට ප්‍රායෝගික නැහැ කියලා, එය වඩාත් ප්‍රායෝගික ලංකාව ඇතුළු “දියුණු වෙමින්” පවතින රටවලට. දැනට ගණන් බලා තියන අන්දමට ලෝකයේ දුම්කොළ පාවිච්චිය නිසා සිදුවන මරණ සංඛ්‍යාව මිලියන 6 ක් පමණ වෙනවා. මින් ලක්ෂ 6 ක් අනුන් දුම් පොවපු නිසා සිදුවෙන මරණ. ලංකාව ගත්තොත් 15000 -20000 ක් මරණ දුම්කොළ නිසා වසරකට සිදුවෙනවා. ඒ කියන්නේ දවසකට මරණ 50-60 ක්. ඕස්ට්‍රේලියාව ගත්තොත් 2003 වසරේ දුම්කොළ නිසා සිදු උන මරණ ගණන 16000 ක් පමණ වෙනවා. ඒ අතින් ලංකාවට ගොඩක් සමානයි. 2004-5 වසර වල ගණන් බලා ඇති අන්දමට දුම්කොළ නිසා ඕස්ට්‍ර්ලියාවේ සිදුවන සමාජ පිරිවැය ඩොලර බිලියන 31.5 ක් පමණ වෙනවා. මේ ගණන දුම්කොළ සමාගම් විසින් ගෙවන වාර්ෂික බද්දට වැඩියි.

      හැබැයි සමීර වැඩේ තියෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය ගණන් බලා තියෙන අන්දමට 2020 වසර වන විට දුම්කොළ නිසා සිදුවන ලෝකයේ මරණ සංඛ්‍යාව මිලියන 9 ක් පමණ වෙනවා. ඉන් මිලියන 7 ක් සිදුවන්නේ “දියුණු වන” ලෝකයේ රටවල් වල. දැනට වසර විසි පහකට පෙර පෙනහළු පිළිකා වලින් මියගිය 70% දෙනා හිටියේ “දියුණු” රටවල. අද 50% ක් ඉන්නේ “දියුණු වෙමින්” පවතින රටවල. මේ ගණන 70 % දක්වා ඉහල යන්න පුළුවන් 2030 වසරේදී.

      අද ලෝකයේ ඉන්න දුම්කොළ පාවිච්චි කරන බිලියන 1.3 ක ජනතාවගෙන් 84% ක් ඉන්නේ “දියුණු වෙමින්” පවතින රටවල. ඉන්දියාවේම දුම්පානය කරන කට්ටිය මිලියන 120 ක් ඉන්නවා. මේ අයගෙන් 0.5 % දුම් පානයෙන් මුදවා ගන්න පුළුවන් උනත් ඒකෙ තියන බලපෑම ඔබට හිතාගන්න පුළුවනි නේද?

    • ඔබගේ මේ ප්‍රතිචාරයේ තේරුම මා දන්නේ නැහැ. නමුත් අටම්පහුර මගේ මතය නම් ඔබ අන් තැන්වලත්, මෙතනත් කරන්නේ තේරුමක් නැති දෙයක්. මිනිසා අනික් සත්වයන්ගෙන් වෙනස් වන්නේ ඔවුන් නිපදවාගත් සුවිශේෂ මෙවලමක් නැත් නම් අනුනට තමන්ගේ අදහස් නිරවුල්ව දන්වන්න පුළුවන් “භාෂාව” නිසා.

  6. Kenji @ Japan

    කොහේ නීති සම්මත කරනවද රයිගම;තියෙන නීතිත් බල්ලට දාල එයාලට දිගටම ජනතාවගේ රීරි මාංශය උරා බිබී ඉන්න නීති නම් හදාගෙන,එයාල කොටු පනිනවා ජනතාවට කොටු පෙන්න පෙන්න.

    • මා හැම දේම වැරදි දකින කෙනෙක් නොවේ කෙන්ජි. ලංකාවේ සම්මත කරපු ප්‍රසිද්ධ තැන වල දුම් බීම තහනම් නිතිය ලෝකේ කොහේ සංසන්දනය කලත් හොඳ නීතියක්. ඒ වගේම දුම් බීමේ ආදීනව ගැන ජනතාව දැනුවත් කිරීම අතිනුත් ලංකාව ඉන්නේ “දියුණු වන ලෝකයේ” සුවිශේෂ තැනක. ඉන්දියාවේ පවා පොලිටික්කෝ, දුම්පානයට එරෙහිව ගෙන එන නීති වලට විරුද්ධයි. මොකද, දුම්කොළ කර්මාන්තයේ රැකියා කරන පිරිසගේ, රැකියා නැති වෙයි කියල. මෑතක සිට කණපිට ගහන්න කතා කරන මෙවැනි දැනුවත් කිරීම් හා අනෙකුත් ක්‍රියා නිසා, ප්‍රතිඵල අයත් කර ගත ක්ෂේත්‍රයක් තමා උපත් පාලනය. දැන් ඉන්න හරක් හොරුන් නම් කියන්නේ “සිංහල” ජාතිය බේරා ගන්න පැටවූ ගහන්න කියලා. පාරේ හිඟා කන්න පැටවූ ගහලා ජාතියක් ගොඩ ගන්නේ කොහොමද කියලා “හරක් හොරු” කරන පැහැදිලි කිරීම් මදි වගේ!කොටු කොටු නීතියත් දේශපාලකයෙකුගේ අදහසක් අනුව ක්‍රියාත්මක උන එකක් කියල මා අහල තියනවා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s