ගින්නක් නොමැතිව දුම් පැතිරවීම තහනම් කෙරෙන ලකුණු! A move to ban cigarette sales!


තස්මේනියාව ඕස්ට්‍රේලියාවේ වැඩියෙන්ම දුම් බොන ප්‍රාන්තය. මේ සතියේ තස්මේනියානු උත්තර මන්ත්‍රී මණ්ඩලය ඒකමතිකව යෝජනාවක් සම්මත කළා. ස්වාධීන මන්ත්‍රීවරයෙකු ඉදිරිපත් කල මේ යෝජනාව උනේ වසර 2000 න් පසුව ඉපදුන කට්ටිය, වයස අවුරුදු 18 ට ලැබුවහම සිගරට් මිලදී ගැනීමේ අයිතිය තහනම් කල යුතුයි කියන එක. ඒ අනුව ඊට කලින් ඉපදුන අයට තව දුරටත් සිගරට් මිලදී ගැනීමේ අයිතිය තිබුනත්, ඒ අයගේ පරම්පරාව මියගිය පසු සිගරට් වෙළඳාම සම්පුර්ණයෙන්ම අතුගා දැමෙනවා. තස්මේනියානු සෞව්ඛ්‍ය ඇමතිනියත් කියන්නේ මෙවැනි තහනමක් පනවන්න කාලය හොඳයි කියලා. මේ යෝජනාව  තස්මේනියානු ආණ්ඩුව ඉදිරි ක්‍රියා මාර්ගයක් ගැනීමට බලකෙරෙන්නක් වෙලා. දැනට මෙම යෝජනාව ගැන අධ්‍යයනය කිරීමට ළමා කටයුතු කොමසාරිස්ට පවරලා තියනවා. මෙය නීතියක් වීම හෝ නොවීම බලා ගන්න වෙන්නේ ඉදිරි කාලේදී.

පසුගිය දිනවල අසන්නට ලැබුනා නවසීලන්තය වසර 2020 වන විට සිගරට් අලෙවිය නීති විරෝධී කරන්න තියන ඉඩ ගැන සොයා බලන බවක්. ඊට අමතරව සිංගප්පුරුව හා පින්ලන්තයද දුම් බිම සම්පුර්ණයෙන් තහනම් කෙරෙන නීති ගැන සලකා බලමින් ඉන්නවා කියල සැලයි. මේක ජනතාවගේ අයිතියක් උදුරා ගැනීමක් කියල තර්ක කරන්න පුළුවන්. හැබැයි, මත්ද්‍රව්‍ය ගැනීමට ඇති අයිතිය දැනටම නීති මගින් තහනම්. ඒ වගේම දුම්බීම නිසා ඇතිවන සමාජ හා සෞඛ්‍ය පිරිවැය එන්න එන්නම වැඩිවීම ආණ්ඩු වලට විශාල ප්‍රශ්නයක්. වෛද්‍ය විද්‍යාවේ දියුණුව සමග ලෙඩ රෝග හඳුනා ගැනීම වැඩි වීමත් සමග, මෙවැනි දුම්බොන ලෙඩ හැදුන අයට වෙදකම් කිරීමට සෑහෙන මුදලක් යට කරන්න වෙනවා. දුම්බීම පෞද්ගලික තීරණයක් නිසා, වෙදකම් ගැනීමත් පෞද්ගලික ප්‍රශ්නයක් කියා අතහැරීමට, නිදහස් සෞඛ්‍ය සේවයක් තියන රටකට කල නොහැකියි.

වසර 2006-2007 වලදී පමණක් නිව් සවුත් වෙල්ස ප්‍රාන්තයේදී පමණක් දුම්බීම නිසා සිදුවුන රෝහල් ගත කිරීම් ගණන 42,536 ක් වෙනවා.වික්ටෝරියානු ප්‍රාන්තය ගත්තොත්, එහි දුම්පානය නිසා සිදුවන මරණ ගණන, රිය අනතුරු, මත් පැන් හා අනෙකුත් මත් ද්‍රව්‍ය නිසා සිදුවන මරණ සියල්ලටත් වඩා ඉහලයි. දුම්පාන මරණ ගණන සියලු මත්ද්‍රව්‍ය නිසා සිදුවන මරණ මුළු ගණනින් 89% ක් වෙනවා.  සිදුවන සියලු මරණ ගත්තොත් එයින් 11% ක් ම දුම්පානය නිසා සිදුවන මරණ. මේ නිසා දුම්පානය තව දුරටත් පෞද්ගලික අයිතියක් කියා අතහරින යුගය නිමා වෙමින් පවතින්නේ. ඊට කලින් බොන තරමක් බොන්නයි තියෙන්නේ!

Advertisements

7 Comments

Filed under Social

7 responses to “ගින්නක් නොමැතිව දුම් පැතිරවීම තහනම් කෙරෙන ලකුණු! A move to ban cigarette sales!

  1. මම තව දුරටත් සිගරට් නොබොන බව රයිගම්හන්දිය දන්නවනෙ. නමුත් දුම්බීමට ඇති අයිතිය මේ විදියට කප්පාදු කලාම මේක එච්චර හොඳ පූර්වාදර්ශයක් වෙයි කියලා මම පෞද්ගලිකව විශ්වාස කරන්නෙ නෑ. ලබ්බට තිබ්බ අත තමයි පුහුලටත්. ඕක කොහෙන් නතර වෙයිද දන්නෙ නෑ!

    • මාත් හිතන්නේ කෙනෙකුට තමන් කරන දේ ගැන වගකීම ගන්න වෙනවා. හැබැයි හෙන්රි මේවගේ දේවල් දැනටම තියනවානේ. හෙරොයින්, එක්ටසි, ගංජා දැනුත් ගහන්න බැහැනේ. මේවා දැනුත් කරනවනේ. කවදාහරි දුම් බීම තහනම් උන දවසට, ඒත් කට්ටියක් බොයි. නමුත් දැනට වඩා අඩු පිරිසක්. නැත්නම් කරන්න තියෙන්නේ, දුම්බොන අයට ඒ මගින් ලෙඩ හැදෙන විට, මහජන මුදලින් වෛද්‍ය සේවා සපයන එක නතර කරන එක. ඒකත් හරි නැහැනේ, මොකද මේ පිරිසත් බදු ගෙවන අයනේ. කොහොම උනත්, හෙන්රි දුම්බීම ලෙඩ ගොඩක් ඇතිකරන්නක් කියලා නිච්චියටම හොයාගෙන තියන මේ වෙලාවේ, මෙහෙම නීති ගෙන ඒම ගැන දැන්ම ඉඳන් සලකා බැලීම මා නම් හොඳ පියවරක් හැටියට දකින්නේ.

  2. Kenji @ Japan

    සම හරක් පාලනය කරන [අයිශ්චර්යෙන්පිරුන] රටවලනම් තව කල්පයක් යයි තහනම් කරන්න.මතට තිතද, තිතට මතද මන්ද 3 මාසෙකට, 6 මාසෙකට වරක් මාධ්‍යය වලනම් ලියනවා/ කියනවා බොහොම උජාරුවට රජය අහවල් දෙකෙන් මෙතරම් අදායමක් ලැබුවා කියල. රයිගම; අසියනුවන්ද දුම්පානය සහ මත්-පැන්[වතුර] වැඩි වශයෙන් පාවිච්චි කරන්නේ?

    • කෙන්ජි, ඔබ ආයෙත්! ඔව් කෙන්ජි මා සංඛ්‍යා ලේඛන වැඩිය දන්නේ නැහැ. දුම් බීම ඉන්දියාවට නම් ලොකු ප්‍රශ්නයක්. මිලියන 120 ක් දුම අදිනවා. ඒ කියන්නේ වයස අවුරුදු 30-69 ත් අතර පිරිමින්ගෙන් 37% ක් දුම් අදිනවා ගැහැණුන්ගෙන් 5% ක් දුම් අදිනවා. දැනට ගණන් බලා තියන හැටියට අර වයස් වල පිරිමින්ගේ මුළු මරණ වලින් 20% ක් හා ගැහැණු මුළු මරණ වලින් 5% ක් දුම් ඇදීම නිසා සිදුවන ඒවා (කොලා නේද). මේ මරණ වලින් 50% ක් සිදු වන්නේ අකුරු හැකියාව නොමැති ජන කොට්ටශවල. ඒවායින් 80% ක්ම ග්‍රාමීය ප්‍රදේශ වල (තවත් කොලා නේද). ආසියාවේ බීම ගැන මා වැඩිපුර දන්නේ නැහැ. නමුත්, ඕස්ට්‍රේලියානුවන්! ඔන්න අදහන්න ඕනේ කට්ටිය. බොන්න වියදම් කරනවා සතියකට විදුලි බිල්, ගෑස් බිල් හා වතුර වලට වැය කරන මුදලට වඩා. ඕස්ට්‍රේලියානුවන් ලෝකේ වැඩියෙන්ම “බොන” ජාතියක්.
      දැන් හැරෙමු මගේ සටහන දිහාට. මේ වගේ නීතියක් එන්න තව වසර දහයක් හෝ විස්සක් ගත වේවි. දැනටමත් මේ ගැන කතා බහ ඇතිවී තිබීම ඉතාම හොඳ දෙයක් ලෙසයි මා දකින්නේ. ඕස්ට්‍රේලියාව ගත්තොත් එහි තස්මේනියානු හා කැපිටල් ටෙරිටෝරි ප්‍රාන්ත අනෙක් ඒවාට වඩා “ප්‍රගතිශීලි” ඒවා. මේවායේ සලකාබැලෙන නීති අනෙක් ප්‍රාන්ත වල ඉදිරියේදී ඇති වන ප්‍රවණතා ගැන ඉඟි සපයනවා.
      මා මෙවැනි තහනම් කිරීමකට පක්ෂයි. මොකද දැනටම දුම් බොන කට්ටියට කිසි ප්‍රශ්නයක් නැහැ. තවත් වැඩිපුර ඇද්දොත්, මෙවැනි නීති ක්‍රියාත්මක වන කාලයේ මෙලොව නොයින්න වැඩ සලස්වා ගන්න පුළුවන්. මේ වගේ නීතියක් මා වැනි දෙමාපියන්ගේ දරුවන්ට හොඳක් වෙන්න තියන ඉඩකඩ ඉතාම වැඩියි. අපේ පොඩි එකා ඉතාම කුඩා වයසේ ඕස්ට්‍රේලියානු රූපවාහිනියේ ගිය දුම් විරෝධී දැන්වීමකට අම්මට මෙහෙම කියනවා “එකක් දෙකක් බිව්වට නම් ඔය කියන තරම් ලෙඩ හැදෙන්න විදියක් නැහැ”. අර දැන්වීමේ පෙන්නුවේ, දුම් ඇදීම නිසා පිළිකා හා තව ලෙඩ හැදෙන හැටි. මූ හරිම පොඩියි මේ කතාව කියන කොට. දැන් උනත් දුමක් නාසයට දැනෙන කොට කියන්නේ “ආප්පා මාර ගඳක්” කියල නොවේ. “ම්!ම්!! මාර සුවඳක් නේ” කියලා. මෙයා මගේම පුතෙක් කියලා හොයන්න DNA පරික්ෂා කරන්න අවශ්‍ය නැහැ (සමාවෙන්න සොඳුරිය). මෙයාලට ලොකු වෙනකොට සිගරට් සාමාන්‍ය වෙළඳපොලෙන් ගන්න තහනම් නම් මා කැමතියි.

      • Kenji @ Japan

        දීර්ග පැහැදිලි කිරීම ගැන ස්තුතියි!

  3. මම ආශාවෙන් කියවන බ්ලොග් එකක්.

    ඉදිරියට දුම් වැටි තහනම් වීම හොඳ ආයොජනයක් කියලයි මටත් හිතෙන්නේ.
    (මාත් ඉඳලා හිටල ස්මෝක් කරන කෙනෙක්. ඒත් පුරුද්දක් නෑ. )
    අපි කොයි තරම් කීවත් මිනිස්සු පුරුද්දකට ඇබ්බැහි වුනාම ඒක කන්ට්‍රෝල් කර ගන්න බෑ. නීතියක් ආවොත් මෙයිට වඩා කොන්ට්‍රෝල් වෙයි. ( ඒක හොඳටම පේන්නේ මේ වගේ දවස් වලට. මේ පට්ට රශ්නේ කිලෝ මීටර් ගණන් සිගරට් ගොයාගෙන යන මිනිස්සු දකිද්දි පුදුමත් හිතෙනවා. බොන එකාට නැතිව ඉන්න බෑ. )
    අනික සිගරට් බොන බොහෝ අය ඒක පටන් ගන්නේ බොහොම ලාබාල වයසින්. තම්න්ගේ ම කියලා ආදයමක් උපයාගන්න කලින් ඉඳන්. ඒ දේවල් සීමා වෙයි කියලාත් හිතෙනවා. මොනවා වුනත් දුම්බීම ගැන සාමාන්‍ය නීති බොහොමයක් මේ වෙද්දි තියෙන හින්දා මුලින් තරම් දුම් බොන අය අඩුයි වගේ. මේ වගේ නීතියක් ආවොත් හොඳටම අඩු වෙයි.

    • Raigama

      ඔබට ඉස්තුතියි රංගි! ඔබ කියන කතාව හරි ඇත්ත. ලෝකේ ඉන්න ගොඩක් දෙනාට ඇබ්බැහිවීම හරිම භයානක දෙයක්. ඔබ වගේ කෙනෙක්ට හිතෙනවා ඇයි මිනිස්සුන්ට මේවා අතහැර ගන්න බැරි කියල. හැබැයි රංගි අප කාටත් මෙවැනි ඇබ්බැහිවීම් තියනවා. සමහර දේවල් අපට ඒ තරම් ලොකුවට පේන්නේ නැහැ. කාටවත් හෝ තමන්ට කරදරයක් නැති ඒවා. ඔබ වගේම තමයි මාත්. එක කාලයක මා තදින් දුම්පානය කළ අයෙක්. නමුත් නවතන්න්න හිතුවදාට පසුවදා නැවැත්තුවා (එදාම නවතන්න බැරි උනේ පැකට් එකේ තව සිගරට් තුබුන නිසා). දැන් දශකයකටත් වැඩියි. ඒ කියන්නේ මාත් මේකට “ඇබ්බැහිඋනේ” ගොඩක් තරුණ කාලේ. අද දක්වාම කරගෙන ආවනම් මගේ ජිවිතයෙන් සෑහෙන තරමක් කොට කරගෙන. නමුත් මේ කාලය ඇතුලත, මාත් “සහයට ඩනි” ට සිගරට් බිලා නැතුවම නොවේ. ඉතාම සුළු ප්‍රමාණයක්. එහෙම එකක් බිව්ව දවසට පහුවෙනිදාට මට අර තව බොන්න ඕනේ කියන ආශාව (urge) එන්නේ නැහැ. එහෙම එකක් නැති හින්දා තමයි මා හිතුව ගමන් මේක නවතන්න පුළුවන් උනේ. නමුත් කලින් කියුවා වගේ හැමෝටම එහෙම බැරි වගත් අප පිලි ගන්න ඕනේ. කෙනෙකුට මේ වගේ පුරුද්දකින් මිදෙන්න කරන්න තියන දේ තමයි, මේකෙන් තමන්ට ලබාගන්නා හා නැතිවෙන දේ ගැන ටිකක් දුරට කල්පනා කිරීම. නැත්නම් ජිවිතයේ තමන්ගේ ප්‍රමුඛතා ලැයිස්තුගත කර ගැනීම. ඊට අමතරව රජයෙන් කෙරෙන දැනුවත් කිරීම් හා නීති මගින් කෙරෙන බලපෑම හරිම විශාලයි. මේ බලපෑමට ඕස්ට්‍රේලියාව හොඳම උදාහරණයක්.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s