හරිත පරිසරය ආතතිය අඩු කරයි! Everybody needs to believe in something!


මිනිසා ගහකොළ වලට දක්වන ආසාව විවිධ ආකාරයෙන් මතු වෙනවා. සමහරුන් ආසාව නිසා වවනවා, තවත් සමහරුන් කපනවා. ගහක් කොලක් නොමැති පරිසරයක ජිවත් වීම මට නම් අමාරු කාරණයක්.

බ්‍රිතාන්‍යය, චීනය, ඇමෙරිකාව හා තවත් යුරෝපීය  රටවල් වල කරලා තියන අධ්‍යයනයකට අනුව නගරයේ ජිවත් වන පිරිසෙන් හරිත බිම් කඩක් නැත්නම් ගහකොළ තියන හරියක ජිවත් වන අයට ඇතිවන ආතති ගතිය අඩුයි කියල හොයාගෙන තියනවා කියල මා පත්තරේ කියෙව්වා. මේ හින්දම වෙන්න පුළුවන් චන්දානන්ද සිල්වා මහතාට ආතති ගතිය වැඩි උනෙත්.

කාර්ය බහුල දවස් වල කොන්ක්‍රීට් ගොඩ නැගිල්ලක දවස ගත කරන කොට නිකම්ම ආතති ගතියක් එනවා. ඕස්ට්‍රේලියාවේ ගෙවල් මිලදී ගන්න සොයන පිරිසෙන් 65% ක් ම නිවස අසල හරිත බිම් කඩක් ඇත්නම්, නිවසට වැඩි මිලක් දෙන්න කැමති වග සමීක්ෂණයකින් හෙළිකරගෙන තියනවා. මේවගේ කුඩා හරිත උද්‍යාන තිබීම හෝටල්, සාප්පු ආදිය ගෙදර ළඟ තිබීමට වඩා මිලදී ගන්න එන අයට ආකර්ශනීය වෙන දෙයක්.

මට නම් ඉහත සමික්ෂණයේ ප්‍රතිඵල පුදුමයට කාරණයක් නොවේ. නිවස අසල හරිත බිම් කඩකට වඩා, මට නම් කුඩා බිම් තීරුවක් හෝ නිවසට අයත්ව තිබීමත් අවශ්‍ය දෙයක්. ඕස්ට්‍රේලියාවේ තියන වියලි දේශගුණ තත්වය අනුව විශාල ඉඩමක් තිබුනත් නඩත්තුවට ජලය පාවිච්චි කිරීම ප්‍රශ්නයක් වෙනවා. හැබැයි කැන්බරා කියන්නේ ඇත්තටම උද්‍යාන නගරක්. නගරය නිර්මාණය කරලා තියෙන ආකාරය අනුව ස්වභාවික හා කෘතිමව ඇතිකළ ලඳු කැලෑ, උද්‍යාන වලට හානියක් නොවන පරිදියි, අලුතින් සිදු වන නගර ව්‍යාප්තියත් සිදු වන්නේ. මුලින්ම මෙහෙට මන්ගච්චපු වෙලාවේ, මේ කැලෑ මැදින්  දිවෙන පාරවල් නිසා මා තුල ඇතිවුනේ මහා පාලු හැඟීමක්. දැන් ජනාකීර්ණ නගරයකට ගියහම මෙහෙම නගරයක  වටිනාකම තේරෙනවා.

මගේ ගස් කොලන් වලට තියන කැමැත්ත උපතින් ආපු එකක්. කුඩා කාලයේත් මා ගස් වැල් හිටවන්න ආසා කළා. නගරයේ තට්ටු නිවසක ජිවත් වීම මට නම් නීරස දෙයක්.

ඊයේ තමයි මාස ගණනකට පසුව දවල් කාලය ටිකක් රත් උනේ. මා මිදුල ටිකක් සුද්ද කරමින් ඉන්නකොට, බල්ලෙක් සමග ඇවිදින්න යන වයසක සුද්දෙක් ” වැඩ වගේ නේද” කියාගෙන ගියා. “ඔව් අද නරක දවසක් නොවේනේ”. ඔහුගේ පිළිතුර උනේ “ඔව් ඔබ එය  කල යුතුයි” කියලා.

ජාති ගතියද, පරම්පරා ගතියද කියන්න නොදන්නා මුත්, අලුත් තණකොළ කැපෙන කොට එන නැවුම් සුවඳට මා කැමතියි. කොහොම හරි ඊයේ වෙනකම් මා දෙවියන් ගැන හෝ දේව මැදිහත් වීම ගැන විශ්වාස කලේ නැහැ. නමුත් එය වැරදි අදහසක් කියලා පේනවා. මා තණකොළ කපන කොට හමු උන කුඩා පුවරුවක පහත කියමන තිබුනා.

මේ පුවරුව හුළඟට ආවා කියල හිතන්න පුළුවන් උවත්, ඒක අපේ නිවස ඉදිරිපිටම නතර උනේ කොහොමද කියලා ඒකෙන් පැහැදිලි කරන්න අමාරුයි. 😀

( චායාරූපය මගෙනි, එක කලෙක අපේ මිදුලේ කොටසක දර්ශනයක්.).

“Everybody needs to believe in something, I believe I’ll have another beer”

Advertisements

6 Comments

Filed under General

6 responses to “හරිත පරිසරය ආතතිය අඩු කරයි! Everybody needs to believe in something!

  1. අපේ නගරෙ මැද කාලයක් පුරාම තිබුණ දැවැන්ත මාර ගස් පේලිය පාර ලොකු කිරීමේ ව්‍යපෘතිය යටතේ කපල දැම්ම අවුරුදු කීපෙකට කලින්. අපේ ලොකු මිනිස්සුන්ට සංවර්ධනය කියන වචනෙ එක්ක කටට කෙල උනනව ඇති කපන්න පුළුවන් ගස් ගැන මතක් වුණාම. අන්තිමේ දූවිලි පිරුණු වේලුණ නගරෙක අපි දැන්.

    • ඔව් හරේ “පර සුද්දෝ” හිටවපු මාර ගසුයි, “රට කාපු” සිරිමා හිටවපු විලෝ ගසුයි හින්ද තමයි මෙච්චර කලක් කිසිම සුගතියක් නොවුනේ. ඕවා කපලා මදි. මුල් පිටින් උදුරලා දාන්න ඕනේ. ඔබ දන්නවද හරේ, මා කියවපු විශේෂාංග ලිපිය කියවන කොට මට මතක් උනේ ඔය මාර ගස් කැපිල්ල. ඔබට මගේ සටහන කියවන කොට ඒකම සිතීම දයිවයේ සරදමක් නොවේද? එම විශේෂාංග ලිපියේ මාර්තෘකාව උනේ “Barking up the right tree”. මේක අවසන් කරලා තිබුනේ පැරීසිය ඉදිරි වසර අට තුල වර්ග මීටර හැත්තෑ දාහක ප්‍රමාණයක වහලවල් හරිත උයන් බවට පත්කරන්න සැලසුම් කරලා තියනවා. මට හිතුනේ කොළොඹ අලංකරණය කරනවා කියන්නේ “Barking up the wrong one” කියලා. අර කියන්නේ ඔලොමොට්ටල නැත නම් තකතීරු වැඩ කියලා. අන්න ඒවා. කොළොඹ මා කැමතිම පැත්ත තමා තුන්මුල්ලෙන් පටන්ගන්න ගුවන්විදුලි සංස්ථාවට හා රාජකීය විද්යාලයට යන පාරවල්. ඊට අමතරව අර විලෝ ගස් තිබුන නිදහස් චතුරශ්‍රය. මොරටුව-රාවතාවත්ත හරිය. වෙන මොකුත් නිසා නොවේ “පර සුද්දෝ” හිටවපු ගස් හා සිරිමාගේ කාලේ හිටවපු ගස් නිසා. නගර අලංකරණයට හා පාරවල් පළල කිරීම වෙනුවෙන් මේවා කැපුවයි කියුවහම මට හිතා ගන්න බැරි උනා. ඔබ කියන්න වගේ කටේ කෙල බේරෙනවා ගහක් කපා ගන්න අවස්තාව තියනවා නම්.
      මෙහෙ අලුත් ජනාවශයක් සැලසුම් කරන කොට විශාල ගස් ඉතුරු කරන්න පුළුවන් නම් ඉතුරු කරනවා. පාරවල් හදලා මුලින්ම කරන්නේ දෙපස ගස් සිටුවන එක. සුද්දගේ ඒ ගතිය මා හරිම කැමති දෙයක්. ලංකාවෙත් ඔය රූස්ස ගස් වෙලා තියෙන්නේ මුන් හිටවපු ගස්. දැනට වසර කීපයකට කලින් මා මෙල්බර්න් නුවර ඉන්න කොට දැකපු දෙයක් මේක. අලුතින් හදපු අධිවේගී මාර්ගයක එක පැත්තක තාප්පයක් බැන්දා. කැන්ගරුවන් පාර හරහා පනිනවට. තාප්පය බඳින හරියේ ගස් කීපයක් තිබුනා. තාප්පය කෙලින් බඳින්නේ නැතුව එම ගස් වටේට බැන්දා. මේ නගර මාධ්‍යය නොවේ. කැලෑවට වෙන්න. කොළොඹ කියන්නේ, ආසියාවේ හරිත අගනුවරක් කියල යන්තම් හෝ නමක් තිබුන නගරයක්. මී හරක් වැඩ හරේ!

  2. “//Everybody needs to believe in something, I believe I’ll have another beer”//
    මේක නම් එවලා තියෙන්නේ දෙවියන් වහන්සෙම තමයි. රයිගම පිපාසයෙන් මියයන්ට ආසන්න බව දකින්ට ඇති. 😀

    • කෝ ප්‍රවීනා, බෙලි මල් හරි රණවරා හරි තම්බපු වතුර තියනවද? 😀

  3. රයිගම්හන්දියත් හිතන්නෙ මම වගෙමයි මේ ගැන නම්. කැපුණු තනකොල වලින්, එතකොට (දැන්නම් පරිසරයට හිතකර නොවේ යයි සැලකෙන ඒ වගේම අසල්වැසියොත් එච්චර කැමති නොවෙන) වියලි කොල වලට ගිණි තැබූවිට එක සුවඳ, වැස්සක් වැ‍ටුනු විට පොලොවෙන් නගින දූවිලි සුවඳ… තව කීදෙනෙක් ඇත්ද මේ දේවල් වලට කැමති.
    සමහර විට එච්චරම නැතුවත් ඇති.

    • එච්චර නොවේ හෙන්රි කොහොමටත් නැතුව ඇති. ඒ අතින් හෙන්රි කැන්බරා ඉන්නවා කියන්නේ ගමක ඉන්නවා වගේ තමයි. උදේට එලියට බහින කොට මතක් වෙන්නේ, වෙල් එලියක උදේට තියන සනීප දායක ගතිය.