Full name: පට්ට පතිර ආරච්චිලාගේ එළකිරි රෝහණ ශ්‍රී වික්‍රම නරේන්ද්‍ර උභය වික්‍රම සහෝදර මුදියන්සේලාගේ ශ්‍රීනාත් සුවඳ සමන් ජයසිංහ


මේ සතියේ මගේ අදහස් ඉල්ලලා එවපු කෙනෙකුගේ ජිව දත්ත කියවපු මට මෙවැනි සටහනක් ලියන්න හිතුනා. මුලින්ම කියන්න ඕනේ, මා ජීව දත්ත ලියන එක ගැන විශේෂඥයෙක් හෝ රැකියා උපදේශකයෙක් නොවන බව. මේ සටහන ලියන්නේ සාමාන්‍ය අයෙක් අර ජීව දත්ත දැකීමෙන් ඇතිවුණ අදහස කියන්න පමණයි. හැබැයි මේ ජීව දත්ත මට එවපු කෙනා  බලාපොරොත්තු උනේ මෙයා ගැන මගේ තක්සේරුව.

මේ බයෝ ඩේටා එක අයිති ශ්‍රී ලාංකිකයෙකුට. මෙවැනි තවත් සටහනක් මා මීට පෙර ලියා තියනවා. නමුත්, අප සමහරවිට හොඳට අත්දැකීම් තියන හා ඉගෙනගෙන තියනවා යයි හිතන අයවලුන් පවා මූලික දේවල් අමතක කරන බව පේනවා. ඔබ ඕස්ට්‍රේලියාවේ හෝ වෙන බටහිර රටක රස්සාවකට අයදුම් කරනවා නම්, ඔබගේ නම මගේ මාතෘකාව වගේ දිග නම්, ඔබගේ සම්පුර්ණ නම ජිව දත්ත වල සඳහන් කිරීම ඔබට අවාසියක් විතරයි. පිටුවෙන් බාගයක් නමනේ. මේක ගුවන් ගමන් බලපත්‍රය ගන්න ඉදිරිපත් කරන ඉල්ලුම් පතක් නොවේ. ඔය පරම්පරා නාම කාටවත් වැදගත් නැහැ. නමවත් කියවන්න අමාරු නම්, ඔබව සේවයට බඳවා ගනියි කියලා හිතන්න එපා. සමන් ජයසිංහ කියල නම ලියුවහම හොඳටම ඇති.

මේ ජීව දත්ත සටහන පිටු හයක් දිගයි. මා ලියුවා නම් පිටු තුනෙන් ඉවර කරන්න පුළුවන්. වැඩිපුර වැල් වටාරම් වලින් වෙන්නේ, ඔබ කියන්න හදන දේත් සැඟවිලා යන එකයි. අනික තමා, කවදාවත් එකම “බයෝ ඩේටා” එක හැම රස්සාවකටම එකම විදිහට යැවීමෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මේක එක එක රස්සාවට “කස්ටමයිස්” කරන්න ඕනේ. ඔබ ලියන්නේ එකම දේවල් තමා. නමුත් උලුප්පලා දක්වන්න ඕනේ දේවල් වෙනස් වෙනවා. තමන්ගේ වගකීම් හා රාජකාරි මොනවාදැයි විස්තර කිරීමට වඩා, ඒවා තමන්ගේ “අචිව්මන්ට්ස්” උනේ කොහොමද කියලා විස්තර කලොත් වඩා සාර්ථකයි.

විච්චුර්ණ අකුරු හා විච්චුර්ණ සැකිල්ලක් භාවිතා කරන්න එපා. සරල අකුරු වර්ගයක් තෝරා ගන්න. “කැපිටල්” අකුරු සිර්ෂ පාඨ වලටවත් යොදා ගන්න එපා. අත්දැකීම් වලින් අයදුම් කරන දෙයට අදාළ දේවල් විතරක් දක්වන්න. ඒ වගේම අදාළ නොවන ඒවාත් අදාළ වන විදිහට වචන පෙළ ගස්වා ගන්න පුළුවන්. දීර්ඝ හෑලි ලියන්න එපා. “ෆොර්මටින්” ගැන සැලකිලිමත් වන්න. එක එක රටවල වැඩියෙන් භාවිතා වන සැකිල්ලවල් හා යොදා ගන්නා වචන ඔබට අන්තර් ජාලයෙන් දැන ගන්න ඕනේ හැටියේ පුළුවන් නේ.

(සටහනේ ඉංගිරිසි වචන සිංහලෙන් ලිවිම ගැන කනගාටුව).
Advertisements

12 Comments

Filed under Careers/Employments

12 responses to “Full name: පට්ට පතිර ආරච්චිලාගේ එළකිරි රෝහණ ශ්‍රී වික්‍රම නරේන්ද්‍ර උභය වික්‍රම සහෝදර මුදියන්සේලාගේ ශ්‍රීනාත් සුවඳ සමන් ජයසිංහ

  1. hasithag

    කොහොමද මෙයාගේ නම 🙂

    සුර්යවංශික ලක් පොලවතලා හිමි විජයරාජ කුල සුමිත්‍ර රාජ පුත්‍ර ගෝත්‍ර පවිත්‍ර මෙහෙසුරුන් ටික්කම දාපුළුසෙන් මේනවරවංශ පරපුරේ ටික්කම මහින්ද

    Read more: http://www.gossip9.com/2012/03/blog-post_9166.html#ixzz257XfNFDP

    • හසිත, මා හිතුවේ ඔබ අපේ දැන් ඉන්න රජතුමාට නමක් හදලා කියලා. ලක් පොලව තලා රාජ පුත්‍ර ගෝත්‍ර කියුවහම මට එක පාරටම මතක් උනේ එයාව. එයා නම් මුළු පවුලත් එක්ක ලක් පොලව තලා තමයි!

      • Hasitha

        @ raigamahandiya

        එයා නම් ලක් පොළව තලා විතරක් නෙමේ ලක් පොළව තලා පෙළා 🙂

        • ඇයි හසිත පුත්‍ර ගෝත්‍ර මුළු සංහත්ර ඒ හැමෝම එක්කම එකතු වෙලානේ මේ තලන්නේ! 🙂

  2. Kenji @ Japan

    ඉතා කදිමට ගලපලා ලියන විදිය කාටත් තේරුම් ගත හැකි සිංහලින් ලියල තියෙනවා.එයට ස්තුතියි! මට මතක් උනා රයිගම; කලකට ඉහත මම ලංකාවට ගිය වෙලාවක දන්නා අන්කල් කෙනෙක් මට කෝල් කරලා කිඋව්ව පුතා මම මේ කියන ටික ලියල මම දෙන නොම්මරේට ෆැක්ස් එකක් යවන්න කියල. අන්කල්කාරය නම කියවනනවා,මම ලියන්නේ නැතිව විහිළුවක් කරනවද කියල බලාගන ඉන්නවා,නම මොකක්ද දන්නවද?[සුන්දර නිහතමානී ද මෙල්] කියල.මම එතකන් අහල තිබුනේ නැහැ.එතකොටයි දැනගත්තේ මේ වගේ නම් පවා තියෙනවා කියල.දැන්නම් එයාගේ “මානි” තීරුව කියවනවා.

    • බොරුවට හරි ඔහොම කියන එක ගොඩක් හොඳයි කෙන්ජි! සුන්දර නිහතමාන ලස්සන නමනේ. මා ඔහුගේ තාත්තගේ නමටත් කැමතියි. මේවා නොවේ දිග නම් කියන්නේ. අනුන්ට කියුවට මොකද මගේ නමත් බ්ලොග් වල ඉන්න කාගේද නයාට වැඩිය දිගයි. ඒත් මා පාවිච්චි කරන්නේ පොඩි කෑල්ලක් විතරයි.

  3. අපූරු සටහනක්…රයිගම්…ඒ වගේම වටිනා උපදෙස් රාශියක්…ස්තූතියි.

    • ඔබටත් ඉස්තුතියි රවී. ලැබෙන්න තියන අවස්තාවක්, මෙවැනි පොඩි දේවල් නිසා නැති කර ගන්නවා කියන්නේ තේරුමක් නැති දෙයක්.

  4. ඇත්තෙන්ම මටත් අර නමට මුලින් තියෙන වංසෙ පෙන්නන ආරච්චිගේ කෑල්ල හලලා දාන්න හිතිලා හුඟක් කල්. නමුත් ලමයින්ට බලපායිද කියලා නිකම් හිටියේ.
    ස්තුතියි උපදෙස් ටිකට රයිගම්! කියවලා තියෙනවද මගෙ My Ram And Cache කියන පෝස්ට් එක Hey Dude අඩවියෙ? ඒකෙ තිබ්බ ඔයිට හුරු නමක්.

    • ආරච්චි විතරක් නොවේ තවත් කෑලි මගේ නමෙත් තියනවා. මා මීට කලින් සටහනක ලියුවා වගේ, පුතාලගේ නම් වලින් අනවශ්‍ය කොටස් අයින් කළේ එයාලගේ ගැටළු අඩු කරන්න. මගේ නමෙන් අයින් නොකළේ තවත් වයසට ගියහම කබල් ගාන්නත් දෙයක් ඕනැනේ. මා ඔබට කියුවනේ ඔබගේ ඉංගිරිසි සටහන් බලන වෙලාව. මා කීපයක්ම කියවලා කොමෙන්ටු දාල තියනවා, ඔබට හොයා ගන්න බැහැ. මා මගේ ගුගල් ගිණුම විවුර්ත කරන්න කරදර වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. මේකත් බලන්නම් (තාම මේ බල බල ඉන්නේ මලලසේකර ශබ්දකොශේ එනකම්!).

  5. මටත් ඔවැනිම දිග නමක් තිබේ. මුලකුරු හතක් ! එහෙත් දරුවාගේ නමෙන් ඒ කෑලි ඉවත් කළේ අද ලෝකයේ මතුවන ගොඩක් ගැටලුවලින් මිදෙන්නයි. ඒත් ඒ වගේ දිග නමක් තියෙන එකේ විශේෂයකුත් තියෙනවා.

    • Raigama

      මට නම් නිලුක මේ දිග නම හරිම කරදරයක්. මගේ අදහස නම් නම් ජිවිතේ සරල කරන දෙයක් මිසක් සංකීර්ණ කරන දෙයක් නොවිය යුතුයි. අනික පාවිච්චි කරන්න බැරි දෙයකින් වැඩකුත් නැහැනේ. මේකත් හරියට බෝතල් ගෙනල්ලා කබඩ් එකේ තියාගෙන ඉන්නවා වගේ වැඩක්!

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s