කන්න දෙනව නම්, අප බොන්න දෙනව නම්, මොන කෙං ගෙඩියද තව ඕනේ කරන්නේ? Books and kids!


මේ බ්‍රහස්පතින්දා අපේ පොඩි එකා මා ගාවට අරන් ආව පාසලෙන් එවපු දෙයක්. මොනවත් නොවේ “Scholastic” කියන ආයතනය මාසයකට වරක් පාසලට එවන මිල දර්ශකය. මේ සමාගම පොත් අලෙවි කරන එකක්. මේකේ තියෙන්නේ ළමුනට සුදුසු පොත්, හැබැයි වට්ටම් මිලට. මොකද දන්නවද පුතා මගේ ගාවටම එන්නේ. මා ගොඩක් වෙලාවට ඉල්ලන පොත් වලට බැහැයි කියල කියන්නේ නැහැ. මගේ බිරිඳ ගොඩක් වෙලාවට කියනවා ළමයි නරක් කරනවා කියල.

අප දරුවන්ව සතියකට සැරයක් මේ පළාතේ පුස්තකාලයට එක්ක යනවා. මේකේ අප ඕස්ට්‍රේලියාවේ  කොහේ හිටියත් කළ දෙයක්. එක්ක ගියහම නිකන් ඉන්නේ නැහැ, එයාලට පොත් දෙක තුනක් තෝරාගන්න දෙනකොට මා හෝ බිරිඳ හෝ තව පොත් දෙක තුනක් තෝරා දෙනවා. ලොකු පුතාට මෙහෙම කළේ ප්‍රාථමික වසරවල් ඉවර කරන තුරු විතරයි. දැන් ඔහුට පුළුවන් අපට උනත් පොත් තෝරා දෙන්න. හැබැයි මා හිතන්නේ පුස්තකාලයෙන් විතරක් පොත් අරන් දීල මදි!

අප කුඩා කාලයේ තිබුනා ගුණසේන ළමා පොත් සමාජය කියල එකක්. ගුණසේන සමාගම පළ කරන පොත් මේ සමාජයේ සාමාජිකයනට වට්ටමකට ගන්න පුළුවන් කම තිබුනා. මාත් මේකේ සාමාජිකයෙක් උනාට, මා හැම විටම කැමති පොත් අරන් දෙන්න වත් කමක් අපේ දෙමාපියනට තිබුනේ නැහැ. හැබැයි, මා කුඩා කාලයේ පොත් කියවන්න විතරක් නොවේ, පොතක් “අයිති” කර ගන්නත් අසීමිත ආශාවක් දැක්වූවා.

මා හිතන්නේ, කුඩා දරුවන්ට පොත් අරන් දීම වැදගත් දෙයක් කියලා. මා කුඩා කාලයේ ඕනේ තරම් පොත් පත් අපේ ගෙදර තිබුනා කියවන්න. එහෙම උනා කියලා මට ඕනේ පොත් ගන්න ඇති උන ආසාවේ වෙනසක් උනේ නැහැ. අවට පරිසරයේ පොත් තිබීමත්, කියවන පිරිස දැක ගන්නට ලැබීමත්, දරුවන් පොත් කියවන්න උනන්දු කරවන්න හේතු වෙනවා. ඊට අමතරව එයාලගේ රුචිකත්වයට ගැලපෙන පොත් මිලදී ගෙන දීම හා පුස්තකාලයෙන් අරන් දීමත් එකසේ වැදගත්.

කලින් කියපු ගුණසේන හා අනෙක් පොත් සමාගම් වල කළ දසාව ජේආර් ගොයියාගේ පාලන කාලයෙන් පසු වෙනස් උනා. පොත් කියවන ජනතා අඩු වුණා, නොවෙයි අඩු කළා. කඩදාසි වලට බදු වැඩි කරලා, පොත් පත්තර මිල ඉහල යැවුවා. සරත්චන්ද්‍රලාට ගැහුවා. සාහිත්‍යය වැනි විෂයයන් වලින් කන්න හොයා ගන්න බැරිය කියලා ප්‍රසිද්දියේ කියුවා. මෙහි අස්වැන්න අද කපා ගන්නේ අද ඉන්න පාලකයන් කියලත් හිතන්න පුළුවන්.

ඔබට ලංකාවේ වගේ නොවේ, මේ රටවල ජිවත් වෙන කොට පොත් වලට ගෙවන්න වන්නේ ඉතා අඩු මිලක්. සමහර සල් පිල් වල පොත් තුට්ටු දෙකට ගන්න තියනවා. හැබැයි බොහෝ දෙනෙක් පොත් අරන් දෙන්න එච්චර උනන්දුවක් නැහැ, විවිධ හේතු නිසා.

අනෙකුත් ආයෝජන වගේම  දරුවන්ට කියවන්න පුරුදු කරන එකත්, පොත් අරන් දෙන එකත්, ලොකු ආයෝජනයක් වෙන්න පුළුවන්. පසු කාලයේ ඉන්දියන් “ටියුෂන් මාස්ටර්ලාට” වීසි කරන සල්ලි සමහර විට ඉතුරු කර ගන්නත් පුළුවන් වේවි. හසී කියන්නා වගේ ණයට ජිවත් වෙන ගමන් පොත් වලට වගේ දේවල් වලට නිකරුනේ වියදම් නොකර ලබන හැටියට ජිවත් වෙන්නත් පුළුවන්.

Advertisements

6 Comments

Filed under Books, Education

6 responses to “කන්න දෙනව නම්, අප බොන්න දෙනව නම්, මොන කෙං ගෙඩියද තව ඕනේ කරන්නේ? Books and kids!

  1. හරිම සන්තෝශයි අහන්න රයිගම් පොඩ්ඩා පොත් රසිකයෙක් කියන එක. මමත් පැවතෙන්නෙ පොත් පිස්සන්ගේ පවුලකින්.

    මමත් පොත් කියවීමට අමතරව පොත් එකතු කිරීමත් කරනවා. පොත් එකතුවක ලොකුම හතුරා යාලුවො සහ නෑදැයො.අ දන්නෙ එකතු කරන්නා විතරයි. ඉල්ලගෙන යන එකාට ඒක නිකම්ම තවත් පොතක් විතරයි. ඒ නිසා මම පොත් කාටවත් දෙන්න කැමතිත් නෑ. අනික තමන් කියවලා ඉවර වෙලත් අතින් අත යවන එක තමයි කාල එන්න බැරි.
    ඇත්තටම පොත කියවලා කුණු බක්කියකට දාන කෙනෙකුට ඕක තේරුම් ගන්න අමාරුයි.

    //අවට පරිසරයේ පොත් තිබීමත්, කියවන පිරිස දැක ගන්නට ලැබීමත්, දරුවන් පොත් කියවන්න උනන්දු කරවන්න හේතු වෙනවා. //
    මගේ හිතේ තිබ්බ වචනයට නගන්න බැරිවුන මේ අදහසට ස්තුතියි රයිගම්. ඕක මම අපේ විදුහල්පතිලට වටහලා දෙන්න කොච්චර අමාරු වුනාද!

    කාලයක් ලංකාවෙ පොත් වලට ඩියූටි ගහන්නෙ නැතුවත් හිටියා. දැන් කොහොමද දන්නෙ නෑ.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    • Raigama

      ඔබ පොත් කියවන අයෙක් කියලා ලියන දේවල් වලින් තේරුම් යනවා. ඒ වගේම ඔබ වගේ කෙනෙක් ගුරු වෘත්තියේ නියැලීම ළමයින්ගේ වාසනාවක්. මා හිතන්නේ හෙන්රි පොත් කියන දේ වෙන කිසිම මාධ්‍යයකින් විස්තාපනය කරන්න බැහැ. චිත්‍රපටි, රූපවාහිනිය නැත්නම් නාට්‍ය ආදී කිසිවකින්. ඒ වගේම පොත් එකතුවක් තිබීමත් හරිම වැදගත්. අපේ පොත් නම් එන්න එන්න තුනී වෙලා යනවා ගෙවල් මාරු කරන විට. ඔබ ලියල තිබුනා වගේ මාත් ඩීමන් ආනන්දගේ පොත් හා චිත්‍රකතා බලපු කෙනෙක්. නමුත් දැන් නම් බලන්න හිතෙන්නේ නැහැ තිබුනත්. පොත් ඉල්ලගෙන යන අයගේ කතාව නම් හැම තැනම එක වගේ.

  2. Hasitha

    මේ කතාවෙන් මටත් කුඩා කාලය මතක් වුනා. හැම උපන් දිනයකට තෑග්ග විදිහට පොතක් අරන් දීලා මාව පොත් ගුල්ලෙක් කළේ මගේ අම්මා. කියවිල්ලෙන් අන්තිමේදී ලිවිල්ලකටත් ආවා 🙂

    • Raigama

      අද වැඩිපුර කියවන්න තියෙන්නේ කුණුහරුප කතා තමයි. මා හිතන්නේ හසිත එක හේතුවක් තමා කියවන පිරිස අඩුකම. කියවීමේ හැටියට තමා ලිවීමත්. ඔබගේ කතා මා කියවාගෙන යනවා හිමිහිට.

  3. Kenji @ Japan

    SCHOLASTIC BOOK CLUBS. ඔය කතන්දර පොත් ලැයිස්තුව හැම වාරයක් පටන් ගද්දිම මගේ පුතත් ගේනවා,මේකා එයාගේ අක්කට වෙනස් පොත් කියවනවා නෙමෙයි කනවා.සති අන්තයේ ගෙදර පිරිසිදු කරගැනීමට සහයට “ඩැනී” පුත්‍රයා තමයි,මොකද සතියට උවමනා කලමනා ගේන්න ගියාම පොතක් හෝ දෙකක් ගන්න පුළුවන් නිසා.ඉස්සර අපිට මෙයාලට වගේ දකින දකින දේ ගන්න පහසුකම් තිබුනේ නැහැනේ රයිගම.මට මතකයි ඉස්සර පත්තරවල ගිය ච්ත්‍ර කතා සහ එක එක කතා, ස්වීප් ට්කට් පවා පිලිවලට අලවල ,ගෙදරින් ඉවත දාපු මට තෑග්ගක් උන ලොකු “ට්‍රන්ක” පෙට්ටියක පුරෝලා තිබුන.මේකේ වටිනාකම හැම සිංහල අවුරුද්දකටම වැඩි වෙනවා,මොකද සිංහල අවුරුද්දෙන් පස්සේ එක දවසකට නෑදෑ,පටිපස්පරපුරම එක ගෙදරක කෑමට සෙට් වෙනවනේ, සමහර දුර ඉන්න නෑයෝ[නමට] පෙරදා එනවා, ඒ කට්ටිය එක්ක එන ලපයි,සිපයි මගේ “ට්‍රන්ක” පෙට්ටිය වටේ පිරිලා එයාලගේ චොයිස් එක තෝරගන අබ,කජු,වෙරළු,ජම්බු,පේර ගස් යටට ගිහිල්ල පැදුරු එලාගෙන කියවපු හැටි මට මතක් වෙනවා රයිගම.

    • ඔබගේ ළමා කාලය අපූරු එකක් වගේ. දැනගන්න ලැබුනාට සතුටුයි. පුතාලගේ කියවීම දිගටම තියා ගන්න උනන්දු කරන්න. පොඩි කාලේ කියවන්නේ මොනවාද (කුණුහරුප නොවේ නම්) කියල නොවේ වඩාත් වැදගත්, කියවන එකයි.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s