නරුම වාර්තාකරණය The other side of Hell!


ලංකාවේ කෙරෙන ළමා හා කාන්තා අපචාර ගැන විවිධ තැන් වල කිය වෙනවා. කාන්තාවන්ට හා කුඩා ළමුනට කෙරෙන හිංසා ලෝකේ කොහෙත් අහන්න ලැබෙනවා. මේ බටහිර රටවල් වල උනත් පල්ලි වල පාදිලි වරුන් කරපු ළමා අපචාර වලට තාමත් යුක්තිය ඉටු කර ගන්න වෙහෙසෙන මිනිසුන් ගැන අපට අහන්නට ලැබෙනවා. සියලුම ආකාරයේ හිංසනයන්ට එරෙහිව පෙනී ඉන්න එක  මාධ්‍යයේ වගකීමක්. හැබැයි ලංකාවේ ජන මාධ්‍ය වල පිටතින් ළමා අපචාර හා කාන්තා හිංසන වලට එරෙහිව පෙනී ඉන්නවා කියල අඬබෙර ගැහුවත්, ඇත්ත කෙරුවාව එහෙම නොවේ. විශේෂයෙන් කාන්තාවන් සම්බන්ධයෙන් ප්‍රවුර්ති පළ කරන විට.

ලංකා ඊ නිව්ස් හිරුනිකා මෙනෙවිය ආණ්ඩු පක්ෂයට යාම ගැන ලියවුන ප්‍රවුර්තිය මේ වගේ පහත් එකක්. ඒකෙන් කියන්නේ ඇය යට ඇඳුම ගලවා නිරුවත් උන (දේශපාලන වශෙයෙන්!) බවයි. එම ප්‍රවුර්තිය සමග ඇගේ සරාගී චායාරූපයක්ද දමා තිබුනා.  ඇය කළ දෙයම තරුණයෙක් කළා නම් මෙහෙම වාර්තා කරනවාද? මේ ලියන ගොඩක් දෙනා ඉන්නේ බටහිර රටවල් වල උනත්, මේ රටවල් වලින් ඉගෙන ගන්න පුළුවන් දෙයක් වත් මේ අය තේරුම් ගන්න බවක් දකින්නට නැහැ. මීට කලින්ද අනෝමා ෆොන්සේකා පිළිබඳව මෙවැනි කතාවක් දමා තිබුනා. මේ සියල්ල කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික හිංසනයේ කොටසක්. තරුණියක් සල්ලාලයෙකු විසින් දූෂණය කලත් මේ මාධ්‍ය වාර්තා කරන්නේ ලිංගික රසයක් දෙන ආකාරයට. එහෙම කරන ගමන් අනෙක් පැත්තෙන් වඩාත් සාධාරණ සමාජයක් වෙනුවෙන් පෙනී හිටිනවා.

එංගලන්තයේ සෑහෙන කාලයක් ජිවත් උන මංගල සමරවීර සුසන්තිකා ජයසිංහ එක්තරා බලධාරියෙකු කරපු ලිංගික අතවර චෝදනා ගැන කියුවේ “අඩු ගානේ ඇය ගැන මන් වත් කැමැත්තක් දැක්වුවා නම් විශ්වාස කරන්න තිබුනා, මොකද ඇයත් කළු ඇෆ්රිකානු කොල්ලෙකු වගේ නිසා”. බටහිර රටක ජිවත් උනා නම් දන්නවා, ලංකාවේ “සුදුම” හමක් තිබුන කෙනෙකු උනත් සුද්දෙකු වෙන්නේ නැහැයි කියලා. මෙයාලම නේද අලුතෙන් ප්‍රජාතත්‍රවාදය හා මානව නිදහස දෙන්න කතා කරන්නේ. කාන්තාවක් හෝ පිරිමියෙකු ලිංගික හිංසනයක් ගැන චෝදනා කලහම, එය සමච්චලයට ලක් කිරීමම ම්ලේච්චත්වයේ ලක්ෂණයක්.

Advertisements

14 Comments

Filed under Social

14 responses to “නරුම වාර්තාකරණය The other side of Hell!

  1. Hasitha

    ලංකාවේ වෙන්නේ පළමුව සැබවින්ම ලිංගිකව හිංසනයට පත්වුණු ස්ත්‍රියව දෙවනුව ජනමාධ්‍ය මඟින් පළමු අවස්ථාවටත් වඩා දරුණු අයුරින් හිංසනයකට ලක් කරන එක

    • Raigama

      මේකේ වැඩේ තියෙන්නේ හසිත මේ අයියලාම තමා, ප්‍රජාතන්ත්‍රවාදය, කාන්තා, ළමා හා මානව නිදහස ගැනත් කියන්නේ. ගොඩක් දෙනා බටහිරත් ඉඳලා තියනවා. සමහරුනට පුරවැසිකම් ද තියනවා.

  2. ආ ඒක එයාලගේ ශුද්ධ වූ අයිතියක් නෙව…:D

  3. Kenji @ Japan

    මෙහම දෙයක් තියෙනවා රයිගම,වෙන අය වගේ නොවේ භාරතට උන කතාව ඇවිල්ල ජඩයකු විසින් ජඩයකු ඝාතනය කිරීමයි.එහෙම කෙරෙවුව [ඇස් පනාපිට] එඋන්ගේ වේදිකාවේ රගන එක මාධ්‍ය පෙන්වා දීම වරදක්ද?පිරිමයකු වගේ නොවේ,මේ කෙල්ල කදුළු හලාගෙන පක්ෂ බේදයකින් තොරව අපගේ හදවත් පවා සසෙලෙව්වා ,එයා වටේ හිටපු කට්ටිය අතේ සතේ නැති ජනතාව පොල් ගැහැව්වා.ඒ දුප්පත් ජනතාව අද දුක් වෙනවා ඒ ගහපු පොල් වලින් සම්බෝලයක් හදාගෙන තමන්ගේ පව්ලේ අය එක්ක පාන් කෑවනම් හොදයි කියල.ජිවිත ආරක්ෂාව නැහැ කියල ජපානයට ඇවිල්ල තාත්තගේ 3 මාසේ දානේ ජපානේ දීල,පොළොන්නරුවේ වේදිකාවේ සින්දු කියනවා.ඒ මොනවටද?[කොර] දෑත ශක්තිමත් කිරීමට.මාධ්‍ය විසින් කරන අඩුපාඩු ගොඩක් තියෙනවා “හිරුනිකා දුව”ව උදාහරණයට ගත්ත එක වැරදියි කියලයි මට හිතෙන්නේ.

    • හපොයි, හපොයි, කෙන්ජි ඔබ කියන කතාව මොකක්ද? එතකොට ඔබ කියන්නේ ඔබලාගේ බලාපොරොත්තු කඩ කරපු නිසා හිරුනිකාට ලිංගික හිංසන කතා කියල අඩම්තේට්ටම් කළාට කමක් නැහැ. ෆොන්සේකා බලාපොරොත්තු කඩ කළ නිසා එයාගේ දුවල දෙන්නා හා බිරිඳ ගැන ජරා කතා කියුවට කමක් නැහැ. සුසන්තිකා ගැන ජරා කතා කියුවට කමක් නැහැ. මේ කොහාටද යන්න හදන්නේ? මේ එකම කාසියේ අනික් පැත්ත නේද? මට දීර්ඝ පිළිතුරක් ලියන්න පුළුවන්. නමුත් කෙටි කරනවා. මෙයාල ප්‍රමෝට් කරන අය හා සංකල්ප අනුව, මා හිතන්නේ එජාපයේ කට්ටියත් මේ මැතිවරණ වලදී ආණ්ඩුවට චන්දෙ දෙනවා. මොකද මේ තියන එක වෙනස් කරලා ඊට ජරා කට්ටියක් ගෙන්න මොනවටද කියා හිතනවා ඇති.

      • Kenji @ Japan

        කතිකාවක් ගොඩනැගීම කාලීන අවශ්‍යතාවයක් රයිගම සහෝදරය;මගේ හදවතට දැනෙනදේ ඔබට පැවසුවා,මම ලියපු දෙයට සරිලන පිළිතුරු ලැබෙන ලිපියක් ඉදිරියේදී ලියයි කියල හිතනවා.ඔබ නම් වශයෙන් දක්වල තියෙන කස්ටිය අද ඉන්නේ ඩීල් වල.අර ප්‍රගීත් E වගේ අසරණ උන අයටත් ඔබ කියන්නේ, වේදිකාවේ සින්දු කියල,කතාකරල [කොර] දෑත ශක්තිමත් කරන්න කියාද??????ඔබ කියන ඔය සිටුවරුන් මිලියන ගණන් ගහපු අය.ඇයි ෆොන්සේකාට මේ චන්දෙදි පවතින රජය පරාජය කිරීමට කතිරය ගැසිය යුතුයි කියල ප්‍රකාශයක්වත් නොකළේ?ඉතින් මේ අයගේ රෙදි නෙමේ හම ගලවන්න ඕන කියල මම හිතන්නේ.ඔබත් අර ඩලස් ගොය්ය කියන කතාවම [හුඇන්පියේ අයත් අපිටම දුන්න]කියනව.

        • Raigama

          කෙන්ජි මෙතැනදී මා කියන්න හදන්නේ වෙන දෙයක්. ටිකක් විස්තර කරලා පසුව ලියන්නම්.
          පසුව!මෙහෙමයි කෙන්ජි ඔබ ඔය කියන කාරනා සේරම ඇත්ත වෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. ඒක ගැන මා කියන්න දන්නේ නැති නිසා මගේ අදහස් දක්වන්නේ නැහැ (ඒ ගැන කියන්නෙත් මේ වෙබ් අඩවිමයිනේ). හැබැයි රජෝ, මා ලියුවේ මීට සහමුලින්ම වෙනස් කාරනාවක් ගැන. ඒ තමයි, කාන්තාවන් ගැන ලියන කොට අනවශ්‍ය ලිංගික කරුණු උලුප්පා, නැත්නම් නිරුවත් කතා කියල කුණු රසයක් අරන් දෙන ගමන් ස්ත්‍රිත්වයට අවමන් කිරීම. මේ බටහිරත් වෙනවා. හැබැයි ඒවාට මහජන විරෝධය ඒ වෙලාවෙම දකින්න ලැබෙනවා. වෙළඳ සමාගම් තමන්ගේ දැන්වීම් පවා, එවැනි පුවත්පත් වලින්, රූපවාහිනී හා ගුවන් විදුලියන්ගෙන් ඉවත් කර ගන්න අවස්ථා තියනවා. මොකද ඔවුනුත් මහජන විරෝධයට සංවේදී වෙන්න අවශ්‍ය නිසා (අඩුම ගානේ බඩු විකුණා ගැනීම ගැන වත් හිතලා).

          දැන් බලමු, ඔබ කියන පරිදි රෙදි ගලවන්න ඕනේ යයි කියන කතාව. මේ පුවතේ මේ “රෙදි ගැලවීම” විස්තර කිරීම ගැන ජුගුප්සාවක් ඔබට එන්නේ නැත්ද. මෙයාම පිරිමි කෙනෙකුගේ “රෙදි ගැලවීමත්” මේ විදිහට විස්තර කරනවාද? ඔබ දැක්කද මේකට අනුමත කරලා තිබුන ප්‍රතිචාර? අන්න ඒවා දාන අයගේ ලිංගික හැඟීම් උත්දීපනය කරලා කුණු රසයක් ලබා දීම තමයි මේවායේ මූලික අරමුණ.

          භාරතගේ මරාදැමීම ගැන සමාජය බැලිය යුත්තේ එක ජඩයෙක් විසින් තවත් ජඩයෙක් මරා දැමීමක් ලෙස නොවේ. ඔවුනගේ ජඩකම් මේ මිනීමැරුමට පටලවා ගන්න අවශ්‍ය නැහැ. ඒකට හරිනම් වෙනම නඩු දාන්න ඕනේ. මෙය මහා දවල් සිදුඋන මිනි මැරුමක්. මේ මිනි මැරුම් නඩුවේදී, මැරුණු කෙනාගේ පැටිකිරිය අවශ්‍ය වෙන්නේ නැහැ නඩු කාරයට. ඒ වගේම තමයි කෙන්ජි, හිරුනිකාගේ ස්ත්‍රිත්වය පහත් කිරීම හෝ අනවශ්‍ය කුණු කතා කීමත් අවශ්‍ය වෙන්නේ නැහැ, ඇය ඔබ කියන පරිදි මිනිසුන් පාවාදීමක් කළා නම්. අනික තමා භාරත වෙනුවෙන් පෙනී හිටපු මිනිස්සුන්ට දුක් වෙන්නට ඕනේ කමකුත් නැහැ, හිරුනිකා ඒ පැත්තට ගියාය කියලා. ඔවුන් පෙනී හිටියේ සමාජ සාධාරණත්වය නැත්නම් නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන්. අදත් හෙටත් ඔවුනට ඒ වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන්. හිරුනිකාගේ තාත්ත උන නිසා නොවේනේ ඔවුන් පොල් ගැහුවේ.

          අද තියනවාට වඩා සාධාරණ සමාජයක් ගොඩ නගන්න යයි හඬනගමින් මාධ්‍යකරණයේ යෙදෙන අයම මේ වගේ වැඩ කිරීම, එක අතකින් ඒ අයගේ ඇත්ත කතාව හෙළිදරව් කරනවා. මැරකම් කරන්නේ මර්වින් සිල්වාද නැත්නම් හෙට දවසේ එන වෙන එකෙක්ද කියල ජනතාවට වැදගත් වෙන්න විදිහක් නැහැ. කෝකත් එකයි. ඒ වගේම සතොස හොරකම් කරන්නේ ටයි කෝට් දාන රවිද, නැත් නම් රෙදි බැනියම් අඳින තවකෙනෙක්ද කියලත් වැදගත් නැහැ. දෙන්නම කරන්නේ හොරා කෑම. අද ගුවන් විදුලියේ ජරා කතා කියන හඩ්සන්, වෙනුවට අනාගතයේදී තව ඒ වගේම එකෙක් දා ගත්තට වැඩක් වෙන්නේ නැහැ. පත්තරේ ඉන්න මහින්ද වෙනුවට මේ ලියන අයියා කෙනෙක් ගෙනාවට වැඩක් නැහැ. හැබැයි මොවුන් කවදා හරි ඔය තැන්වලට ආවොත් වෙන්නේ ඒ ටික තමයි.

          ඔබ සන්ධ්‍යාව මතක් කල එක හොඳයි. ඇයටත් මා කලින් කියුව හා නොකියුව කට්ටිය (අර ගොල්ලෝ හිරුනිකා ගැන ලියන අන්දමටම) ජරා කතා ලියන, කියන අවස්ථා මා දැකල තියනවා. ඔවුන්ටත් පුළුවන් එහෙම නොකර ඇයව විවේචනය කරන්න. නැහැ එහෙම කරන්නේ නැහැ, මොකද කුණු රසය උත්දීපනය කර ඇයව වයිරයටත් පාත්‍ර කිරීමට. ඒ අයියලා කරන දෙයයි, මේ අයියලා කරන දෙයයි අතරේ වෙනසක් නැහැ.
          අන්තිමට වෙන්නේ මොකක්ද දන්නවද? ඔය ප්‍රවුර්තියට කුණු කතා ලියමින් ප්‍රතිචාර දමපු අයම තමා හිරුනිකාලව වැඩිම මනාප වලින් පාර්ලිමේන්තු යවන්නේ. සමාජයේ ඉන්න වෙනසක් අපේක්ෂා කරන අයගේ චන්දය නිකම් ගෙදර නාස්ති වෙලා යනවා. මොකද ඔවුනට විකල්පයක් මේ අය ඉදිරිපත් කරන්නෙත් නැහැ, එවැනි විකල්පයකට පාර කපන්න ක්‍රියා කරන්නෙත් නැහැ. මාධ්‍යයේ වගකීම විය යුත්තේ පවතින කුණු රසයට “විකල්ප කුණු රසය” එකතු කිරීම නොවේ.

          කෙන්ජි මා දුටුවා සන්ධ්‍යා එක්නැලිගොඩ ගැන සුනන්ද දේශප්‍රිය ලියපු දෙයක්. මේකත් තිබුනේ ලංකා ඊ නිව්ස් අඩවියේම තමයි. සුනන්ද ලියපු හින්දා මේක කියවන්න පුළුවන් එකක්. හිරුනිකාට ගල ගහලා මරන්න ඕනේ කියන කට්ටියට දෙතුන් පාරක් කියවන්න හොඳ ලිපියක්. මේ ඒකෙන් ටිකක්.”පසුගිය කාලේ මම ප්‍රගීත් සොයා ගැනීම වෙනුවෙන් නීති ගරුක පුරවැසියෙක් වශයෙන් පොලිසියට, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවට, උසාවියට පැමිණිලි කළා. ශ්‍රී ලංකා ජනාධිපත්, ජනාධිපති ආර්යාව, නීතිපති, ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් ට ලිපි ලිවිම මගින් ප්‍රදීප් සොයා ගැනීමට උදව් කරන ලෙස ඉල්ලා සිටියා. මේ කිසිම කෙනෙක් පිළිතුරක් හෝ සහනයක් දුන්නේ නැහැ”. මේක තමයි ඇත්ත කතාව කෙන්ජි. ඔය ජරා කතා ලියන හෝ කියන කාටවත් මේ වැනි දෙයක් වෙලා තියනවා කියල මා විශ්වාස කරන්නේ නැහැ.

  4. මේවා ගැන ගෑනු උදවියට කතා කරන්ට පුලුවන්ද?

    රයිගමට ස්තූතියි හැම දේකම අනික් පැත්තකුත් තියන බව මතක් කරලා දුන්නාට.

    • ඇයි කතා කරන්න බැරි ප්‍රවීනා? මේ බ්ලොග් වලත් ඔය වගේ දේවල් කරන්නේ. “කණගාටුවකට” වගේ ඒවා ගැන ලියන්න මට බැහැ. මොකද මා පිට කවරයෙන් පොත තක්සේරු කරන කෙනෙක්. ඇතුලට ගිහින් බලල නැහැ. හැබැයි, මා කොමෙන්ටු වල දැකල තියනවා ඔබට පවා පිරිමියෙකුට නොකියන ජරා කතා ලියල තියෙනවා.

      • පිට කවරෙන් පොත තක්සේරු කරන කෙනෙක්? මේ ටික නම් තේරුනේ නෑ රයිගම…ඒකෙන් තේරෙන්නේ කවුරුන් හෝ නරකයැයි හංවඩු ගැසූ අයෙකු නරක යැයි ඔබත් පිලිගන්නා බවද? 🙂

        //හැබැයි, මා කොමෙන්ටු වල දැකල තියනවා ඔබට පවා පිරිමියෙකුට නොකියන ජරා කතා ලියල තියෙනවා.//

        මේ ගැනත්පැහැදිලි මදි වගේ රයිගම. පැහැදිලි කරලා දුන්නොත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. අවස්තාව කුමක්ද කියා දන්නවා. ඔබ ඉන් අදහස් කරන්නේ කුමක්ද කියලා මට තේරෙන්නේ නෑ.

        • Raigama

          ඔන්න ඔබ වැරදි අර්ථකතන දෙනවා. මා සරලව කියන්න හැදුවේ සමහර බ්ලොග් වල මාර්තුකාව කියවලා බ්ලොග් සටහනේ තියන දෙය මේ විදිය වෙන්න පුළුවන් කියලා නොකියවා ඉන්න එක. සමහර පොත් වලත් පිටකවරය හා ලියපුකෙනා බලල නොකියවන අවස්ථාද නැතුවා නොවේ. වැඩිදුර හිතන්න දෙයක් මෙතන නැහැ.
          අනික් කරුණ නම් ඔබටම තීරණය කරන්න පුළුවන් එකක්. ඒ ගැන නොලියා පොදුවේ මෙහෙම ලියන්නම්. පිරිමියෙක් මොනවා හරි වල්පල් ලියපුවහම ඒකට සමහර කැමති නැති කෙනෙක් මෙහෙම ලියන්න පුළුවන් “අනේ බන් යකෝ මොනවදේ මේ ලියන්නේ” (මිට වඩා දරුණුයි). හැබැයි මේ කෙනාම ගැහැණු ළමයෙකුගේ සටහනකට කැමති නැත්නම් ලියන්නේ මිට වඩා වෙනස්ව. ඒ ලියන ආකාරය මා මෙහි ලියන්න බලාපොරොත්තුවක් නැහැ.
          ලංකාව ගත්තොත්, කාන්තාවන්ට ගරහන හා පහත් කර සැලකීම මාධ්‍ය වලින් කරන ඒකට උල්පන්දම් දෙන්නෙත් කාන්තාවෝමයි. මේකේ ඉහලින්ම ඉන්නේ, පබා,අනර්කලී, හිරුනිකා වැනි “දේශපාලනයේ” නියැලෙන කාන්තාවන්මයි. දේශපාලනයේ නියැලෙන කාන්තාවන් ලෝකයේම අඩුයි. ලංකාවේ කොහොමත් අඩුයි. හැබැයි මේ වගේ කට්ටිය නම් ගෙදර ඉන්න එක කාන්තාවන්ටම හිතකරයි.

          • //මේකේ ඉහලින්ම ඉන්නේ, පබා,අනර්කලී, හිරුනිකා වැනි “දේශපාලනයේ” නියැලෙන කාන්තාවන්මයි.//

            ලංකාවේ කාන්තාවන් සියලුදෙනාම මොවුන්ගෙන් නියෝජයන වෙනවා කියා මා නම් හිතන්නේ නෑ.

            //හැබැයි මේ වගේ කට්ටිය නම් ගෙදර ඉන්න එක කාන්තාවන්ටම හිතකරයි.//

            ඒ කියන්නේ ඕනෑම ජරා වැඩක් කරන පිරිමින්ට දේශපාලනය බාර දීලා ගෑනු උදවිය ගෙවල්වලට වෙලා ඉන්ට කියන එකද? ඒකත් ඉතින් ඇත්ත කතාවක් තමයි.

            විශේෂයෙන් ලංකාවේ පිරිමින්ට කල හැකි සෑම දෙයක්ම ගෑනුන්හටකරන්ට බෑලුනේ. 🙂

            • ඔවුන් කරන දේශපාලනයක් නැහැ. උදෘත පාඨ බලන්න. ලංකාවේ හිටිය විවියන් ගුණවර්ධන නැත්නම් සිරිමා බණ්ඩාරනායක වගේ කාන්තාවන් දේශපාලනය කළා කියන්න පුළුවන්. මේ කියපු කාන්තාවන් දේශපාලනය කරනවා කියල හිතින් මවාගෙන හිටපු කට්ටිය, එය එසේ නොවන බව වැටහුනාම, ඒ අයගේ (අර මවාගත් පිරිසගේ) තියන ජරා ගතිය පෙන්වීම ගැන තමයි මා කියන්න හැදුවේ.
              අනික ඔවුන් සියලු දෙනාම නියෝජනය නොකරන බව මාත් දන්නවා, නමුත් ඔවුන් කරන දේවල් නම් සියලුම කාන්තාවන්ට බලපානවා. කරපු දේවල් උදාහරණයට කියන්නේ නැත්තේ එයිනුත් අනවශ්‍ය ප්‍රචාරණයක් දෙන නිසා.ඕනෙම ජරා වැඩක් කරන්න පිරිමින්ට පමණක් බාර නොදී, එම ජරා වැඩ ගැහැණුනුත් කිරීම නිසා හොඳක් වෙනවාද කියල ඔබම හිතන්න. එහෙම නොකරන ගැහැනුන් වගේම, පිරිමින්ද ඕනේ තරම් ඉන්නවා. ලංකාවෙත් එහෙමයි. එකමදේ ඔවුනට බහුතරයකගේ කැමැත්ත ලැබෙනවාද නොලැබෙනවාද කියන එක පමණයි. පිරිමින්ට කරන්න පුළුවන් සියලු දේ ගැහැණුන්ටත්, ගැහැණුන් කරන සියලු දේ පිරිමින්ටත් කරන්න ලංකාවේ විතරක් නොවේ ලෝකේ කොතනකවත් බැහැ. ඒක ප්‍රවීනා අප හැමෝම දන්නා දෙයක්නේ. ඒකෙ වරදක් තියනවාද? මැවුම් කරුවා ගාවට යන්න වෙයිද? 🙂

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s