අම්මගෙන් අහල කියන්නද? I am sorry, this is only my life!


මා එන්න,  එන්න සිංහල  බ්ලොග් කියවන එක අඩුවෙන්නේ ඉන් මට තෘප්තියක් නොලැබෙන නිසා. බොහෝ කාරනා වලදී මා ඉන්නේ සුළුතර මතයේ. ඒ කොහොම උනත් මාරයාගේ හෝරාවේ තිබුන මේ කියන දේ මගේ සිත  තදින් ඇඳ බැඳ ගත්තා. ඒ කෑල්ල මේකයි ” අනිත් කාරණා දෙක මගේ අම්මයි මල්ලියි ගැනනේ… මං කැමතියි ඒ කිව්ව කෙනා ඒ කාරණා ගිහින් ඒ අය එක්කම විසඳගන්නවනං.. මොකද මං බැඳීලා ඉන්නේ මං ගැන කියන්න මිස අනිත් අය ගැන කියන්න නෙවෙයි… අම්මා උනත්..තාත්තා උනත්..මල්ලි උනත් ඒ අයට ඒ අයගේම ජීවිත තියෙනවා.. ඒවා පාලනය කරන්න හෝ හසුරුවන්න මට හැකියාවක් ඇත්තෙත් නැහැ… එයාලා කරන කියන දේවල් මං සීයට සීයක් දන්නෙත් නැහැ… ඒවා එයාලට අයිති ජීවිත..මේ මගේ ජීවිතේ..”. මේක නම් හරිම සත්‍යයක්. මාරයාගේ හා මගේ සිතුම් පැතුම් ගත්තොත් සමහර දේවල් අහසට පොලොව වගේ කියන්න පුළුවන්. ඒත් සිතිජයවල් තියනවානේ. එහෙම සිතිජයවල් හමුවන තැනක් තමා මාරයාගේ හෝරාව

මා ඊයේ පෙරේද කොහේ හරි කියවූවා එක්තරා ඇමති කෙනෙකුගේ අම්මා මිය ගිය පුවතට මෙහෙම ප්‍රතිචාරයක් දාල තියනවා. වචන හරියට මතක නැති උනත් කියල තිබුනේ මේ වගේ දෙයක්. “මේ වගේ එකෙක් ජාතක කලාට, මේ (අම්මගේ ) සොහොනටත් හෙන ගහපිය”. පුදුම නරුම කතාවක්. මාරයාගේ කතාවට මේක හරිම අදාලයි.
මගේ පෞද්ගලික ජීවිතය ගත්තොත් මට බලපෑමක් හා මට බලපෑමක් යන්තමින් හෝ ඇති කරන්න පුළුවන් මගේ බිරිඳට හා පුතාල දෙන්නට විතරයි. ඒත් ඒ බලපෑමත් 100% ක් කියල කියන්න අමාරුයි.මගේ දෙමාපියන්ගේ ලොකු බලපෑමක් මගේ ජිවිතයට තියනවා. හැබැයි, මා වැඩිහිටියෙක් උනාට පසු මා ගත් බොහෝ තීරණ වලට ඔවුනට ඇතිකළ හැකි බලපෑම සීමිත එකක් උනා.ඒ විතරක් නොවේ මා ඕනෙම කරුණකට අදහස් ලබා ගන්න බිරිඳගේ මතයට වෙනස්ව තීරණ ගත්ත අවස්ථා ඉතා සීමිත උනත් නැතුවා නොවේ. අපේ පුතාලා තාම පොඩි උනත් ඔවුන් 100% ක් අපේ අදහස් ක්‍රියාත්මක කරනවා කියල හිතන්න අමාරුයි. මගේ බිරිඳ නම් කියන්නේ මගේ ජාන ඔවුන්ට ගිහින් නැති තරමට හොඳයි කියලා. මා නරක මිනිහෙක් කියල මට හිතෙන්නේ නැහැ. නමුත් මාරයා කියන්නා වගේ අප හැමෝම “හොඳ” හා “නරක” වල මිශ්‍රණයක්. හොඳ හා නරක කියන ඒවාත් සාපේක්ෂ නිසා කෙනෙකුට හොඳ දෙයක් තව කෙනෙකුට නරක්  වෙනවා. ඒ හින්දා නිරපේක්ෂ නරක හෝ හොඳ යයි කියන කවුරුවත් හොයා ගන්න බැහැ.
උදාහරණයකට ගත්තොත්, පින් පව් පවා විස්වාස නොකලත්, පාරෙ යනකොට කුඹින් ගේ ගමන් මගක් දැක්කොත් එයට අඩිය නොතියා මග හරින්නේ මට දෙව්ලොව යන්න ඕනේ නිසා නොවේ. මට ඒ වගේ වෙලාවට හිතෙන්නේ, මා සතුටින් ඉන්න වෙලාවක කවුරු හරි ඇවිත් ඒක කඩාකප්පල් කලොත් ඇතිවන හැඟීම. හැබැයි මා මස් මාළු කනවා. ඒක එක අතකින් ජරා වැඩක් කියල මා නොදන්නවා නොවේ. නමුත් මස් හෝ මාළු වලට හිලව් කරන්න පුළුවන් දෙයක් මට තාම හමු උනේ නැහැ.
අර ඇමති අම්මගේ සොහොනට සාප කරපු කෙනාගේ සිතිවිල්ල මට අප්‍රිය ජනකයි. ඔය සොහොනට සාප කරපු නිසා හෙන ගහන්නෙත් නැහැ. එහෙම හෙන ගැහුවත් ඒකෙන් ඇතිවන දෙයකුත් නැහැ. ඇයගේ ජීවිතය දැන් අවසාන වෙලා. නමුත් ඇය අර ඇමතිගේ වැඩපිළිවෙලට වග කියන්න ඕනෙද? මේ ඇමති ඇයගේ බලපෑම තිබුන කාලේ (අපට අනුමාන කරන්න පුළුවන් හැටියට) නරක ළමයෙකු කියලා මා කොහෙවත් අහලා නැහැ. එම දෙමාපියන් මොහුව ලොකු මහත් කරලා ඒ දවස් වල සමාජයට වැඩදායක මිනිසෙකු ලෙස එලියට දාල තිබුන එක තමා වඩාත් පිළිගන්න පුළුවන් කාරණය. ඇමති වරයෙකු ලෙස මොහු නරක් උනේ මේ අම්මලාගේ නොවේ, දෙවියන් වහන්සේගේත් බලපෑමෙන් තොරව. දැන් අර සාප කරපු කෙනාගේ දෙමාපියන් හෝ සහෝදර සහෝදරයන් හෝ යාළුවන් හෝ වෙනත් නෑදෑයන් ගෙන් අඩුම ගානේ එක කෙනෙකු හෝ මේ ඇමතිට චන්දය දුන්න හැකියාව නම් අපට බැහැර කරන්න බැහැ. එතකොට මේ ඇමතිලා, නැවත නැවත පත් කරපු ජනතාවට නම් අර අම්මට වැඩිය වගකීමක් ගන්න වෙනවා. ඔහු මොහොතක් කල්පනා කලාද, අර විදිහටම තමන්ගේ දෙමව්පියනට හෝ යාළුවකුට සාප කරන්න?
Advertisements

6 Comments

Filed under Social

6 responses to “අම්මගෙන් අහල කියන්නද? I am sorry, this is only my life!

  1. /* මා ඊයේ පෙරේද කොහේ හරි කියවූවා එක්තරා ඇමති කෙනෙකුගේ අම්මා මිය ගිය පුවතට මෙහෙම ප්‍රතිචාරයක් දාල තියනවා. වචන හරියට මතක නැති උනත් කියල තිබුනේ මේ වගේ දෙයක්. “මේ වගේ එකෙක් ජාතක කලාට, මේ (අම්මගේ ) සොහොනටත් හෙන ගහපිය”. පුදුම නරුම කතාවක්. මාරයාගේ කතාවට මේක හරිම අදාලයි. */

    අම්මටයි, අහසටයි නිවනක් නෑ කිව්වලු නේද?

    • හරියට හරි කකා. අහසට නම් ඕනේ තරම් සාප කරන්න පුළුවන්. ඒත් අම්මට? ඇයි මේ ?මේ අයගෙන් අපට යහපත් සමාජයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද? (මා නම් ඒ සමාජයට අයිති නැහැ කකා, සොරි ).

  2. Kenji @ Japan

    දරුවන් කරන අලුගුත්තේරු වැඩවලට දෙමාපියනට දෙස් තැබීම කොහෙත්ම අනුමත කරන්න බැහැ.[ මර්වින්ටයි පුතාටයි දෙස් තියන එක වෙන කතාවක්] රයිගම;එම මෑණියන් අර ඇමතිව “හොද මිනිසකු” ලෙසටයි ලෝකෙට එඋව්වේ, එයා “ලොකු මිනිසකු”ගේ වැඩ කරන්න ගිහිල්ල අනාගන්න ඒවාට දෙමාපියන් පලි නැහැ.දෙමාපියන් ලෙස අපද කල යුත්තේ හොද දරුවකු සමාජගත කිරීමයි.ඔබ අර අවසානයේ කිඋව්ව ටික හරියට හරි,කතිර ගහල මඩගොහොරුවට එඋව්ව කස්ටිය තමා ඔය හෙන වලට 100% වග කියන්න ඕනේ.

  3. හොඳ ලිපියක්…

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s