භාග්‍යමත් ජිවිතයක්-1! A fortunate life-1!


මා කියවන සිංහල බ්ලොග් අතලොස්සෙන් නිතරම බලන එකකට පොඩි ප්‍රතිචාරයක් දැම්මා ඊයේ. අද එය නැවත කියවන විට එයට පහලින් පිළිතුරු ලෙස දාපු තව ප්‍රතිචාරයක් දැකලා මගේ කට කොනට සිනාවක් නැංගා. එක දැකපු අසල හිටිය බිරිඳ ඇහුවේ ඇයි, කාගෙන් හරි ලියුමක්ද කියලා  (ඇය අදහස් කලේ කාන්තාවකගෙන් 🙂 ). මා අර ප්‍රතිචාරය ඇයට කියුවහම ඇය සිනා වෙලා කියුවේ, හරි මිනිහට තමා එහෙම කියල තියෙන්නේ කියලා.

මගේ ප්‍රතිචාරයට පදනම් උනේ ලංකාවේ එක වකවානුවක්. ඒ වකවානුව නිසා මගේ ජිවිතයේ වසර දෙකක් පමණ නිකරුනේ ගත උනා. හැබැයි, මගේ ජිවිතයෙන් ඉන්පසු ලබා ගත්ත දේවල් හා “දෛවය” මාව ගෙන ගිය ගමන් මාර්ගය අනුව අර අවුරුදු දෙක නැති උනා කියල මොහොතක් තැවෙන්නේ නැහැ. මා නිතරම සංසන්දනය කරන්නේ ඒ පාපතර යුගයේ නැති උන අනික් ජිවිත. අනෙක් අතට මා දන්නවා මේ කාලයේ සිදු උන දෙයකින් තමන්ගේ ජීවිතය උඩු  යටිකුරු උන කෙනෙකුත්. එයාත්  දැන් ඒ දෙය නිසා ලංකා සමාජය හෝ ඒ කාලයට සම්බන්ද උන පාර්ශවයන් දෙස වයිරයකින් බලනවා කියල මා හිතන්නේ නැහැ.

ප්‍රේමදාසගේ පාලන යුගය ගත්තොත් ලංකාවේ පමණක් නොවේ, ලෝකේ තියන මොනම මිනුම් දණ්ඩකින් මැන්නත් අධම යුගයක් කියල කියන්න පුළුවන්. ඒ යුගයේ සිදු උන හා සිදු කල දේවල් හා පුද්ගලයන් හට විධිමත් ක්‍රමයකට නීතිය ක්‍රියාත්මක නොවීම නිසා තමයි ලංකා සමාජය අදත් විඳවන්නේ. ඒ ගැන බලාපොරොත්තුවෙන් තමා 94 දී ජනතාව චන්ද්‍රිකා රජය පත් කළේ. ඇය විසින් පොරොන්දු උන නමුත් ක්‍රියාත්මක නොකළ ඒ දෙය නිසා තමයි අද නීතියේ ආධිපත්වය පිරිහීම ගැන තාමත් කතා කරන්නේ.

ඒ පැත්තෙන් නොවේ, අනික් පැති වලින් ගත්තත් ප්‍රේමදාසගේ පාලනය වර්ණනා කරන අය හිතන ආකාරය මට හිතා ගන්න අමාරුයි. තමන්ගේ ඇදහිලි හා විශ්වාස පාලන ක්‍රමයට එක් කිරීමේ නව මානයකට මේ කාලය තුල ගියා. තමන්ගේ නිල මැදුරේ තිබුන පින්තුර පවා කළු කඩේ විකුණුවා. රාජ්‍ය දේපොළ මංකොල්ල කෑවා. අනවශ්‍ය උත්සව හා ජෝගි නැටුම් වලට මහජන මුදල් විනාශ කළා. මේවායේ ඉදිරි පියවරයන් අද ලංකාවේ දකින්න පුළුවන්. නමුත් මගේ කතාව එය ගැන නොවේ. අර ප්‍රතිචාරය දාපු කෙනාගේ මානසිකත්වය.

මගේ කලින් සටහන් දෙකටම නිමිත්ත උනේ ඇත්තටම හොඳ සමාජයක් වෙනුවෙන් පෙනී සිටිනවා කියන “මනුෂ්‍යයන්ගේ” ඇත්ත තත්වය. මෙයාත් අයිති වෙන්නේ ඒ ගොඩට. ලංකාව විතරක් නොවේ ලෝකයේ බොහෝ රටවල විකල්පය ලෙස පෙනී ඉන්නේ මෙවැනි මිනිසුන් නිසා, ඇත්තටම ඔවුනගේ “විකල්පය” ආවත් ඒ රටවල වෙනසක් නොවුන හැටි අප ඕනේ තරම් දැක තියනවා.

Advertisements

14 Comments

Filed under Social

14 responses to “භාග්‍යමත් ජිවිතයක්-1! A fortunate life-1!

  1. Anonymous

    ප්‍රේමදාස පාලන සමයේදී ඔහුගේ හෝ ඔහුට ප්‍රති විරුද්ධ වූ ජවිපෙ හෝ ක්‍රියාවලි නිසා ජීවිතය වෙනස් වූ බොහෝ දෙනකු සිටිනවා. සියල්ල සිදුවී අවසාන නිසා තවත් ඒ ගැන කම්පා වී ඵලක් නැහැ. අතීතය අමතක කොට අනාගතය ගොඩ නැඟීමයි කළ යුතු.

    එසේ වුවත් ප්‍රේමදාස වුවත් සම්පූර්ණ කළු චරිතයක් නෙවෙයි. ඔහු තරම් මෙරට දුප්පත් පන්තිය ඉහළ නැංවූ වෙනත් නායකයකු නැහැ. මහින්ද කියනවා විතරයි. ලොකුවට කළ දෙයක් තාමත් නැහැ, (හම්බන්තොට වැනි තෝරාගත් ප්‍රදේශ අත ඇරියාම). ප්‍රේමදාස එහෙම නෙවෙයි. ගම්බද ප්‍රදේශ වල තරුණියන් දහස් ගණනකට රැකියා ලැබුණේ ඔහුගේ ගාමන්ට් ෆැක්ටරි නිසයි. කුලය හා දුප්පත්කම නිසා සමාජයෙන් කොන් වී සිටි තවත් විශාල පිරිසක් ඔහුගේ ගම් උදාව, ජන සවිය වැනි වැඩ සටහන් නිසා නැඟී හිටියා. තවමත් ක්‍රියාත්මක ඔහුගේ කැපකරු මාපිය ක්‍රමය වැනි දේවල් විශාල පිරිසකට සහනයක් ගෙනාවා.

    අතීතය විශ්ලේෂණයේදී අරයා කළුයි, මෙයා සුදුයි කියා බෙදීම නෙවෙයි කළ යුතු. සාධාරණව හා අපක්ෂපාතීව පුද්ගලයින් අගය කිරීම. (හොඳ නරක දෙකම) නමුත් අද වෙන්නේ මොකද්ද? ප්‍රේමදාස වැනි චරිත ද්‍රෝහීන් කොට ඔහුට වඩා දහගුණයක් සමාජ හානිකර චරිතයක් වූ විජේවීර පිම්බීම. මෙය නතර විය යුතුයි.

    • Raigama

      අතීතය අමතක කරලා, අනාගතය ගොඩ නගපු රටක් නැහැ ඇනෝ. මා කියන්න හැදුවේ එයයි. ඒක අද ජවිපෙ වැටී ඉන්න තත්වයට පමණක් නොවේ, රට වැටී ඉන්න තත්වයටත් එක සේ පොදුයි. මෙතන කළු හෝ සුදු කියලා දෙයකුත් නැහැ. නීතිය හා විවස්තාව තමා ඕනෙම රටක ක්‍රියාත්මක වෙන්න ඕනේ දෙය. ලෝකයේ සම්මත මිනිස් අයිතිවාසිකම් ඇතුලත් කාටත් පිළිගන්න පුළුවන් විවස්තාවක් බහුතර කැමැත්තකින් සම්මත කර, එය ක්‍රියාත්මක කිරීම තමයි, ජනතාව ආණ්ඩුවකින් අපේක්ෂා කරන්නේ. එය අමතක කර කරන අනෙක් කතා වලින් කිසිම වැඩක් නැහැ. මට පුම්බන්න හිතෙන කිසිම දේශපාලන චරිතයක් ලංකාවේ නැහැ.

      • Anonymous

        එය ඔබේ අවබෝධයේ තරම අනුව ඔබේ හැඟීම පමණයි. සත්‍යය එයින් බොහෝ ඈතයි. අතීතය අමතක කරනවා කියන්නේ අතීතයෙන් පාඩම් ඉගෙන ගන්නේ නැතිය කියන එක නෙවෙයි. අතීතයෙන් පාඩම් ඉගෙන ගන්නා ගමන්ම අතීතයේ වැරදි වලට වග කිව යුත්තේ කවුද කියා සොය සොයා දඬුවම් දීම තුළින් වෛරක්කාරකම් තවත් ගෙන යන එක වැළකීමයි. දකුණු අප්‍රිකාවේ Truth and Reconciliation Commission (TRC) ඇති කිරීමේදී මේ ගැන නෙල්සන් මැන්ඩෙලා අවධාරණය කළා.

        එසේම මළ විජේවීරට සුළං පිඹින්න යන්නේ ඔබය මා කීවේ නැහැ. නමුත් එවැනි කපටි දේශපාලන උත්සාහයක් රටේ මට පෙනෙනවා. ඒකයි සඳහන් කළේ.

        • ඇනෝ ඔබත් කතා කරන්නේ ඔබේ අවබෝධයේ තරම හා හැඟීම අනුව පමණයි. මා කොහොමත් අනුන්ගේ හැඟීම් වලට හෝ අනුන්ගේ අවබෝධයේ තරමට කවදාවත් මොකුත් ලියන්නේ නැහැ. සත්‍යය ගොඩක්ම ඈත නැහැ. කළ වැරදි පිලි ගැනීම තුලින් තමයි ඉදිරිය යා හැක්කේ.වරදක් කළා කියල නොපිලි ගනිත්දී එතන නිවැරදි කරන්න දෙයක් තියනවා කියල කියන්නේ කොහොමද? මැන්ඩෙලා අතීතයේ “වරදවල්” කරපු අය උත්කර්ෂයට නං වන්න උත්සහ කලෙත් නැහැ. ලංකාවේ නොවෙන්නෙත් මේ ටිකයි.
          මා අවසාන සටහන් තුනේම කතා කරන්නේ මේ කපටි ආරක්ෂකයන්ගේ තියන සැබෑ වයිරක්කාර කම. සාමාන්‍ය මිනිසුන් හිතන්නේ මෙහෙම නම් ඔය කියන ලොකු දේශපාලකයන්ගේ ක්‍රියාකාරකම් ගැන එතරම් තැවෙන්න අවශ්‍ය නැහැනේ ඇනෝ!

          • Anonymous

            හැම දෙනකුම කතා කරන්නේ තමන්ගේ අවබෝධයේ තරමට තමයි. නමුත් ඔබේ සටහන් වලින් විශේෂයෙන් පෙනෙනවා ඔබට පුද්ගලිකව විඳින්නට වුණු දුක් ගැහැට නිසා ඇති වූ වෛරයක් මත ඔබ බැස ගත් නිගමන සර්ව සත්‍යය ලෙස නිරූපනය කිරීමේ වෑයමක්. ඔබට අනුව ප්‍රේමදාස කළුම කළුයි. කිසිම හොඳක් නැහැ. ඔබට ප්‍රේමදාස ගැන තියෙන්නෙ බද්ධ වෛරයක්. එය වැරදියි. ප්‍රේමදාසගේ විතරක් නෙවෙයි මේ රටේ සියළුම පාලකයන්ගේ හොඳ පැත්තක් සේම නරක පැත්තකුත් තිබුණා. ඔබ දන්නේ ලෝකයේ සීමිත පරාසයක් පමණයි. ඔබේ පෞද්ගලික වෛරයක් නිසා ගන්නා තීරණ වැරදි විය හැකියි.

            • ඔබ තමයි ලෝකයේ විශාල පරාසයක් දන්නා එකම මිනිහා ඇනෝ! එය තීරණය කිරීම අපි කියවන්නාට බාර කරමු. මා නම් ලෝකයේ දන්නේ සීමිත පරාසයක් පමණයි තමා. ඔබ ඔය කියන දේවල් අලුත් සොයා ගැනීම් නොවේ, කාටත් හිතා ගන්න පුළුවන් සරල කරුණුනේ. මා ඔබ වගේ නොවේ ලෝකය දෙස වෛරයෙන් බලන්නේ නැහැ. මා ජිවිතයේ කම් කටොලු වලට මුහුණ දුන්න මනුස්සයෙක් නොවේ ඇනෝ. නමුත් වචන වලින් විස්තර කරන්න බැරි දුක් කම්කටොලු වලට මුහුණ දුන්න මිනිසුන් මට හමු වී තියනවා. මගේ ජීවිතය භාග්‍යමත් එකක් කියල මා කියන්නේ ඒ නිසා. කෙසේ උනත් ඔබ කලින් කියපු දේවල් ඔබම නිශේදනය කර තිබීම අපූරුයි.ඔබ වගේ “විශාල පරාසයක් දන්නා” මිනිසුන් “තමන්ට ආවේනික සුත්‍ර” වලට අනෙක් මිනිසුන් මනින හැටි ඔබෙගේ මේ කොමෙන්ටු වලින්ම අනාවරණය වෙනවා, මට විතරක් නොවේ මෙය කියවන අනෙක් අයටත්.
              ලෝකය දෙස ඉතා කරුණාවෙන්, නිවී සැනසී බලන ඔබ කවුද කියල අපට කියුවා නම් මා තවත් අගය කරනවා.

  2. පිළිම වන්දනා කරන්නෝ මෝඩයෝය!

    එවුන් ඉන්නකං දියුණුවක් ඇති නොවේ. අනික මුං වඳින තරමක් වදින්නේ බොල් පිළිමවලටයි!

    • Raigama

      කකා ඔබ ඔය කියන්නෙත් ඔබේ “අවබෝධයේ තරම අනුව ඔබේ හැඟීම පමණයි” ද? එහෙම නැතුව වෙන කෙනෙකුගේ අවබෝධයේ තරම අනුව එයාගේ හැඟීම නොවෙයිද? ඔබ දුටුවනේ භාෂා විලාශය (මේ ඇනොගේ නොවේ අනික් කෙනාගේ). ඔබ හරි, පිළිම වන්දනාවේදී තමන් තෝරා ගත් බොල් පිළිම වලට විතරයි මගේ අවබෝධයේ තරම අනුව ඇතිවන හැඟීම් අනුව වන්දනා කල යුත්තේ.

  3. Kenji @ Japan

    ප්‍රේමදාස යුගය ගැන කව්රු හරි උද්දාමයෙන් කතා කරනවානම් ඒක හරිම විහිළුවක්.ලංකාවට වැඩදායක කර්මාන්තශාලා බිහිඋනේ මම දන්නා විදියටනම් සිරිමා RDBගෙ කාලයේ කියලයි මම හිතන්නේ. 77 න් පස්සේ ඒවා ගෙඩි පිටින් උගුල්ලගෙන කන්න ගත්ත එකේ 1 වැනි කොටස ප්‍රේමදාස R පටන් අරගෙන දුප්පත් පැල්පත්වාසී “අපේ කොල්ලට” බිම් මට්ටමේ තණකොළ වවන්න දුන්න කොල්ලගේ එක අතක් පන නැති නිසා[නමුත් එකාත පන නැති උනාට වැඩ කෝටියකට දක්ෂය] ගම් උදාවල් කලා තමා,80වද 81 කියල මතක නැහැ දවස් 5 ක ගම්උදා උත්සව වගයක් තිබුන යාපනය අර්ධද්දීපයේ ගම් 5 ක. උත්සවවලදී පිලිගද්දී කරන මල්වෙඩි වලින් හේමා RP ශරීර කුඩුවට වැටෙන කොළ කෑලි අස්පස් කරන්න සහ අර සුරුබුහුටි හතරැස් [4 දෙනාගේම මුනවල් එක වගේ] මුණ පින්තාරු කිරීම සහ සිහින් ඉග වටා ඔසරියේ රැලි 132 ක් දැමීම සදහා පිරිවර ගෙන යන වාහන පමණක් 3 ක්.[RENGEROVER JEEP පාට කැපුවත් කොළ] KKS වල වලතිබුන උත්සවයක් රාත්‍රී 7.30 වෙලත් හිටියේ කෙහෙල්වත්තෙන් ආපු අක්කල වගේ අම්මල ටිකකුයි, අයියල වගේ තාත්තල ටිකකුයි ,C.T.B බස් 20ක් විතර. සේරම 60 ක් 70 ක් ඉන්න ඇති වේදිකාවෙන් පල්ලෙහා පුටුවල ඉදගෙන.[මේ ඇත්තන් සමග කතාකරද්දී ආග්‍රහණය වූ කාප්ප සුවද හා කසිප්පු සුවද තවම රැදී ඇත මගේ ඉහ මොලේ.]වේදිකාවේ එම මොහොතේ රතට රතේ බැබලි බැබලි හිටියේ ප්‍රේමේ ගීතය ගයන්න බලාගන ඉන්න චන්ද්‍රිකා S[ගායිකා] සහ එවකට BMC චෙයාර් man ද මන්ද ඇයගේ ආදරණිය වල්ලභය පමණයි.කොහොමත් ටික වෙලාවකින් මුළු පලාතම් අදුරු උනා.ගෙනත් තිබුන පත විදුලි උද්පාදන යන්ත්‍රයකින් වෙද්දිකාවට විදුලිය ලබා දුන්න.පසුව සොයා බැලීමේදී ඒ අවට විදුලි රැහැන් වලට බයිසිකල් චේන් දම තිබුන බව සොයා ගත්තලු.5 වැනි දවසේ දහවල් කෑම සුභාෂ් හෝටලයෙන් එතුමා ගානේ බුක්ති විද නැවත ගම්බිම් බලා යන්න ගියා.රයිගම; මට සමාවන්න මෙහෙම දිගට ලියුවේ ප්‍රේමදාස යුගයක් නැවත බලාපොරොත්තුවෙන් ඉන්න කස්ටියට.තව තියෙනවා,ඔබගේ 2 වැනි කොටසින්.[මේවා ඇසින්දුටු සාක්කි]

    • මා දෙවැනි කොටසින් යන්න හදන්නේ වෙන දෙයකටයි කෙන්ජි. හැබැයි ඔබගේ අදහස ලියන්න එය බාධාවක් කර ගන්න එපා. ඔබේ අවබෝධය ට අනුව හැඟීම ලියන්න. එච්චරයි අවශ්‍ය වෙන්නේ. කෙනෙකුට එකඟ වෙන්න පුළුවනි, බැරි වෙන්න පුළුවනි. ඔබ වගේ මෙවැනි තොරතුරු දන්නා ය ලියන එක හොඳයි.

  4. Hasitha

    ජනපති ප්‍රේමදාසට වඩා අගමැති ප්‍රේමදාස හොඳයි කියනවා මම අහලා තියෙනවා. ඒ සමය ගැන අත්දැකීම් තියෙන ඔබෙන් ඒ ගැන ඔබ දරන අදහස දැනගන්න කැමතියි

    • හසිත ප්‍රේමදාස මහතා අගමැති කාලයේ මා පාසල් ශිෂ්‍යයෙක්. ඔබ දන්නවනේ පාසල් සිසුවෙකුගේ අවබෝධය තරම අනුව දැනෙන හැඟීම්. ඉන් පසු මා ටිකක් ඉගෙන ගත්තා. ඒ ලංකාවෙන් පිටත. තවත් කාලයකට පසු වෙන රටක පදිංචියට ඇවිත් තව ටිකක් ඉගෙන ගත්තා. මේ කාලය තුල මගේ අවබෝධයට අනුව ඇතිවන හැඟීම් වෙනස් උනා. හැබැයි, මා ලෝකය දිහා බලන හැටි වෙනස් උනේ එක සීමාවක් තුල. දැන් මගේ අවබෝධයේ තරම අනුව ඇතිවන හැඟීම් කියනවා නම්, එය මේ වගේ. ඔබ අහල තියනවනේ “හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ” නැත්නම් “පුංචි පැලේ ගස වෙනා”. අන්න ඒ වගේ දෙයක් තමා ප්‍රේමදාස අගමැති ගැන මට හිතෙන්නේ අද.

      මා ඔබට වෙන කතාවකුත් කියන්නම්. ප්‍රේමදාස අගමැතිව ඉන්න කාලේ තමයි ඇමෙරිකාවේ ජිමී කාටර් ජනාධිපති උනේ. කාටර් ඒ කාලේ ආඩම්බරයෙන් කියුව කතාවක් තමා, ඔහු ළමා අවදියේදී ජිවත් වෙන්න රටකජු විකුනපු කතාව. එම කතාව නිසා ඔහුට ඒ සමාජයෙන් සමච්චල් කරනවා වෙනුවට, ලැබුන ප්‍රතිචාරය අද බටහිර රටක ඉන්න මගේ අවබෝධයට අනුව හිතා ගන්න පුළුවන්. ඒ දවස්වල මා ගුවන් විදුලියේ ගිය ප්‍රේමදාස මහතාගේ කතාවකට සවන් දුන්නා. එයින් කියවුනේ ඔහුගේ කුඩාකාලයේ, ජිමී කාටර් වගේම ජිවත් උන හැටි. නමුත් අපේ ලාංකික සමාජය, එය භාර ගත් අයුරු හිතාගන්න එදා මගේ අවබෝධයට අනුව හැඟීමක් නොතිබුනත්, ඉන්පසු ඉතිහාසය කරකැවුණු ආකාරය අනුව අද හිතන්න පුළුවන්. ඔබත් හසිත දැන් පාසල් සිසුවෙකු නොවන නිසා ඔබටත් මේ අවබෝධය හා හැඟීම ඇති කියල මා සිතනවා. ප්‍රේමදාස මහතාගේ පුතාට පවා පාසලේදී කරදර උනා කියල මා අසා තියනවා. අන්න ඒ ලාංකික සමාජයේ තමයි මා එදා ජිවත් උනෙත්, ඔබ අද ඉන්නෙත්. ඒ කාලයට විසි වසරකට පසුවත් මහා දිග ගමනක් ඇවිත් නැති වග, මේ ඇනොගේ කතාවෙන් පමණක් නොවේ, අර ඇමති වරයාගේ අම්මගේ සොහොනට හෙන ගහන්න ප්‍රර්ථනා කරන කෙනාගෙත්, හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවියට ගල් ගහලා මරන්න යෝජනා කරන කෙනාගේ කතාවෙනුත් පසක් වෙන දෙයක් කියල තමයි මගේ අවබෝධයට අනුව හිතෙන්නේ. මා වැරදි වෙන්න පුළුවන්. ඔබට ඔබේ අවබෝධයේ තරම අනුව දැනෙන හැඟීම් වලට ඉඩ දෙන්න හසිත!

  5. Lucky Wickramasinghe

    මටත් ප්‍රේමදාස යුගය ගැන තියෙන්නෙ අසාගත් දෙයක් මිසක් ප්‍රත්‍යක්ෂ දැනීමක් නෙවේ. ඔහු මිය යනකොට මම තුනේ පන්තියෙ. ඔහුගේ ආදාහනය වෙලාවෙ මම ඔන්චිල්ලාව පැද පැද හිටිය බව නම් හොඳට මතකයි.
    කොහොම උනත් හසිත මල්ලි වගේම මාත් අහලා තියෙන දේ තමයි අගමැති ප්‍රේමදාස හොඳයි කියන එක. හැබැයි මගේ මතය නම් මේ එකම පාලකයෙක්ට වත් බනින එක තේරුමක් නෑ. මේ අයගේ හැසිරීම වනාහී කෙලින්ම රටේ ජනතාවගේ(එහෙම කිව්වම මාත් අයිති බව මම දන්නවා) බුද්ධියේ හා රුචිකත්වයේ කැඩපතක්. ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද මේ කවුරුත් ඔය පුටුවෙ ඉබේ පහළ වුණේ නෑ නෙ.

    • ඕක හරියට බොන්න ඕනේ ප්‍රශ්නයක් ලකී! මා ඊයේ ලංකාවේ ඥාතියෙකු හා කතා කරන විට කියුවේ ” ….. මොනවා කියනවද? අරයා ඇවිත් ළමයි දෙන්නෙක් වඩා ගෙන පිටට තට්ටු කරලා යන කොට, අනික් එක්කෙනා ඇවිත් බුම්මගෙන ඉඳන් යනවා. ඉතින් කාටද ගමේ මිනිසුන් වැඩියෙන් කැමති? ” ඔහු මගෙන් ඇහුව්වා. මා හිතන්නේ ලකී විකල්පයක් ඉදිරිපත් කරන්නේ නැතුව මිනිසුන්ගේ චන්ද විතරක් බලාපොරොත්තුවෙන එක එක අතකින් ගොන් කමක්, අනික් අතින් එහෙම ගොයියන්ට මොකටද චන්දෙ දීලා?

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s