පඩිය කීයද? How much is my salary?


මා මේ සටහන ලියන්නේ Indi ගේ අඩවියේ  තිබුන එක සටහනක් හා එයට ලැබී තිබුන ප්‍රතිචාර කියවීමෙන්. එතනට ප්‍රතිචාරයක් දැම්මේ නැත්තේ මේ වගේ සටහන් වලට කලින් දාන ලද ප්‍රතිචාර වලට ඉංගිරිසි විතරක් දන්නා නමුත් ලෝකය නොදන්නා ටින් ටින් මල්ලිලාගේ ප්‍රතිචාර නිසා. අපට දේශපාලකයන් හදන්න බැහැ. මොකද එය චන්දය දෙන අනික් අයත් මත රඳා පවතිනවා. හැබැයි අපේ ආකල්ප, හිතන විදිහ නම් ටිකක් හෝ වෙනස් කර ගන්න පුළුවනි. රටක දෙතුන් දෙනෙක් ගේ ජිවිත දිහා බලලා මුළු රටේම ඉන්නේ මෙහෙම අය කියලා තීරණය කිරීම නම් හොඳ කටයුත්තක් නොවේ. හැබැයි ඕනෙම සමාජයක අරටු බැහැ ගත්තු ආකල්ප තියෙන්න පුළුවන්. මේවා අපේ ජීවිතයටත් එක් වන්නේ අපටත් නොදැනී. Indi කියන මේ කතාව එයට අදාලයි කියල මට හිතෙන්නේ.

මාත් ලියන්නේ මගේ අත්දැකීම් වලින්. ඔබට වැදගත් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් (කේන්තියක් එනවා නම් කියවන්න එපා, ජීවිතය කොටයි 🙂 )  . අර සටහනේ කෙනෙක් ප්‍රතිචාරයක් ලියනවා, ලංකාවේ අප සුද්ද වගේ නොවේ වැඩත් කරනවා, ජීවිතයත් විඳිනවා කියලා. සුද්දෝ කරන්නේ බොන එක විතරයි කියලා (වචන වෙනස් උවත් මීට සමාන අදහසක්).

මා දන්නා සුද්දන් නම් ඔවැනි කට්ටිය නොවේ. මේ සිකුරාදා රෑ නයිට් ක්ලබ් ගිහින් පාරවල් වල පිස්සු නටන්නේ කොතරම් සුලුතරයක්ද? වැඩ කරන හැටි ඉගෙන ගන්නවා නම් ඒ ගැන සුද්දන්ගෙන් ගොඩක් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම වැඩ කරන වෙලාවට වැඩ කරන්නත්, නිවාඩු ගන්න වෙලාවට නිවාඩු ගන්නත් ආදර්ශයට ගන්න හොඳ කාණ්ඩයක් තමා සුද්දන්. වැඩ කිරීමට අප වැරදි ආකල්ප ලබා ගත්තේ සුද්දන්ගෙන් කියලා නම් මට හිතෙන්නේ නැහැ.

අනික් ප්‍රතිචාරයක තිබුනේ, කෙනෙකු රස්සාවක් දෙන්න ඉල්ලුම් පත්‍ර කැඳවපුවහම එයට ආපු අය මුලින්ම අහන්නේ පඩිය කොච්චරද කියලා මිසක් වැඩේ ගැන නොවෙයි කියා. මේක නම් ලංකාවේ නොවේ වෙන රටවලත් සමහරුන් කරන දෙයක්.

ඔබගේ පළමු සම්මුඛ පරික්ෂනයේදීම පඩිය ගැන ඇහීම නුවණක්කාර වැඩක් නොවේ. මා පැහැදිලි  කරන්නම්. අප කවුරුවත් පිනට වැඩ කරන්න කැමති නැහැ කියන එක ඔය කවුරුත් දන්නවා. සමාගම් බලන්නේ දෙන්න පුළුවන් අඩුම පඩියට සේවකයන් බඳවා ගන්න කියන එකත් හැම වෙලාවටම අදාළ නැහැ. කිසිම නිපුනත්වයක් අවශ්‍ය නොවන රැකියාවන්ට බඳවා ගන්න කොට නම් ගොඩක් වෙලාවට එවැනි තත්වයක් තියෙන්නේ පුළුවන්. නිපුනත්වයක් අවශ්‍ය රැකියාවකට උනත් විශාල පිරිසක් අයදුම් කරන විට එසේ වෙන්නත් පුළුවන්. ඉල්ලුම හා සැපයුම නේ එතනත් ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ඒ කට්ටිය අතරෙනුත් අවස්තාව හම්බ වෙන්නේ විශේෂිත කෙනෙකුටයි.

ඔබ මුහුණ දෙන ප්‍රථම සම්මුඛ පරීක්ෂණයෙන් ගොඩක් වෙලාවට වන්නේ ගැලපෙන කීප දෙනෙක් තෝරා ගැනීම. මේ කීප දෙනාගෙන් එක් අයෙකු හෝ ඊට වැඩි දෙනෙක් තෝරා ගන්න දෙවෙනි සම්මුඛ පරීක්ෂණයක් තියෙන්නේ පුළුවන්. පළමු එකේ පළමු ප්‍රශ්නය හැටියට “පඩිය කීයද?” කියල ඇහුවහම කෙලින්ම ඔබ කැපී යනවා. ඔබට කිසි වැදගත් කමක් නැහැ, රස්සාව කුමන වර්ගයේ එකක්ද?, කුමන විදිහේ මිනිහෙක්ද මේ වැඩේට බලාපොරොත්තු වෙන්නේ? ආදී වශයෙන් අහන්න පුළුවන් අනික් දහසකුත් දේ. මේ පිනට රස්සාවක් ගන්න කවුරුවත් බලාපොරොත්තු වෙන්නේ නැහෙනෙ කියල කොමෙන්ටු දාන කට්ටිය තමන්ගේ වියාපාරයකට වැඩට කෙනෙක් ගන්න හිතුවොත්, “පුදපු ගමන් කාපි යකෙක්” ගන්නවාද?

දැන් උපකල්පනය කරමු මේ සමාගම හෝ තැනැත්තා ඔබගෙන් තුට්ටු දෙකට වැඩ ගන්න තමා හිතාගෙන ඔබව “ඉන්ටර්විව්” කරන්නේ. හැබැයි ඔබගේ කැමැත්ත නොමැතිව ඔබව බලෙන් වැඩට බඳවා ගන්න කාටවත් බැහැ. දැන් පළමු පරීක්ෂණයෙන් සමත් උනොත් ඔබට වෙන්න පුළුවන් “නරකම” දේ තමයි දෙවෙනි සම්මුඛ පරීක්ෂණයට ඔබව කැඳවීම. කොයිකද හොඳ පඩිය ගැන අහලා කැපිලා යන එකද දෙවෙනි එකට තේරෙන එකද?

ඔන්න දෙවෙනි එකටත් ගියා කියමු. එතකොට වෙන්න පුළුවන් නරකම දේ තමයි එතැනදී කැපිලා යාම. හැබැයි මෙතැනදී එයාල දෙන පඩිය ගැනත් කියාවි.  ඔබව තේරුනත් ඔබට පුළුවන් බාර නොගන්න. ඔබට තව “ඔප්ෂන්” තියනවා. මා බාර ගන්නම්, හැබැයි මගේ දක්ෂතා බලලා පඩිය ගැන පසුව තීරණය කරන්න. නැත්නම් පුලුවන්ද ඔයිට ටිකක් වැඩියෙන් දෙන්න. මට මේ කුසලතා තියනවා, ඔයාල මාව ගත්තොත් අනිවාර්යයෙන්ම මා මහන්සි වී වැඩ කරනවා, එතකොට පඩිය ගැන නැවත හිතන්න. මේවා තව කියාගෙන යන්න පුළුවන්. මේ සේරම බකල් උනත් මොකුත්ම නැති ඔබට නැති වෙන්න දෙයක් තියනවාද?

Advertisements

6 Comments

Filed under Careers/Employments

6 responses to “පඩිය කීයද? How much is my salary?

  1. Kenji @ Japan

    රයිගම,මගේ සීය [තාත්තගේ තාත්ත] මිනිසුන්ට පඩි ගෙවපු විදියත් මට සුළු වශයෙන් මතක් වෙනවා. මිනිසුන් නියම කාලයට ඇවිල්ල අහන්නේ [දිනය කිට්ටු කරලා] අහවල් ඉඩමේ පොල් ටික කඩන්නේ කවදද? ඉඩම හාල [හරකුන්ගෙන්] පොහොර දාන්නෙ කවදද කියල විතරයි. ගණන් ගැන කතාකරනවා මම අහල නැහැ.මොකද ඔය සිදුවීම් පසුපස මම ඉන්නවා වැඩ ඉවර උනාම ශත 25 ක් විතර ලැබෙන නිසා.මට තියෙන රාජකාරි පොල් කැඩුවේ නැති ගස්වල පොල්කොලය ගැට ගැසීම සහ පොහොර දමද්දී ගසේ මුලට නියම දුරින් දමනවාද කියා බැලීම.වැඩ අවසානයේ පිරිසිදු පොල් රා සමග ඉරමුසු සහ බෙහෙත් නෙල්ලි වලින් පදම් කර පෙරූ වයින් [කසිප්පු] වලින් සංග්‍රහ කිරීම.හපන්න දුන්නේ ලුණු කැට ද, බැදපු මිරිස් කරල්ද/කරවල කටුද කියල මතක නැහැ.ඔය වැඩ කරපු කස්ටිය ඔහොම සතුටු වෙද්දී නායකයා සප්පායම් වෙච්ච ගතින්ම තම කස්ටියට අවශ්‍ය ගතමනාව ඉතා සතුට්න් ලබාගෙන විසිර යනවා.නමුත් මහවැලි වියාපෘතිය පටන් ගත් පසු මගේ බාප්පා [තාත්තගේ මල්ලි] සේවකයන්ට වැටුප් ගෙවපු විදිය කවදා හෝ ඔබගේ ලිපියකට කොමන්ට් එකක් දමන්නම්.

    • Raigama

      මට කියන්න කෙන්ජි ඔය වත්ත තියෙන්නේ කොයි පැත්තේද කියලා. මා නම් බීලා තියෙන්නේ, ගැරඬි මිශ්‍ර කර පෙරාපු ඒවා. ඔබ දන්නවනේ ඇමයිනෝ අම්ලය එකතු උනහමත් අමුතු ගතියක් එනවා කියල සොයා ගෙන තියනවා. දැන් ඔබගේ සිංහල ලිවීමත් වෙනදාටත් වඩා නිරවුල්. මාත් මේකේ අකුරු හොයන කොට සමහර වෙලාවට මට ඕනේ ඒවා එන්නේ නැහැ. 🙂

      • Kenji @ Japan

        ඔය කියපු වත්ත වෙන්නප්පුව දුම්මලදෙනිය කියන ගම,තව වතු අතර බංගදෙනිය පල්ලම කියන ගම,හලාවත මාදම්පේ දුම්මලසුරිය කියන ගම සහ ලුනුවිල [සෝල්ට් ලේක් US නෙමේ] බණ්ඩිරිප්පුව කියන ගම්වල වතු ගැනයි කිව්වේ.මම දන්නවා ඔබ ගැරඩි,ගම් කබරයෝ,කටුකම්බි සහ සිනි මිශ්‍ර දහජරාව බීපු පුත්‍රයෙක් නොවෙන බව.අපේ නාවල කොස්වත්තෙ ගෙදර තිබුන උත්සවවලට,හත් අව්රුද්දක් පරණ අරක්කු ඇතුළු මාසෙකට එක සැරයක් විතර නිකුත් කරපු අරක්කු තිබුනත් කාගේත් කැමැත්ත තිබුනේ පිරිසිදු පොල් රා වලට,මුල් පිටින් උදුරාගත් ඉරමුසුවැල් සහ බෙහෙත් නෙල්ලි වංගෙඩියේ දමා කොටලා ,ගැලුම් 5 ක් විතර අල්ලන කළවලට මේ මිශ්‍රණය දමා දින 2 ක් පල්කර ගැලුම් 8 කින් බෝතල 10 ක් විතර ගන්නවා.[මම දන්නේ දුම්මලදෙණියේ සිරිල් අයිය අපිට දුන්න විදිය.එයා ගමේ අයට කොහොම දුන්නද දන්නේ නැහැ]කොල්ලෝ සෙට් එක එක්ක සිරිල් අයියගෙන් සූදුව බුලි 2ක් 3ක් අරගෙන හලාවත ලෙල්ලමෙන් බදින්න හුරුල්ලොත් අරන් මගදී රතුපාට ලේ තවරපු උරුමස් රාත්තල් කීපයකුත් අරගෙන පල්ලම වත්තට ගිය හැටි මතක් වෙනවා.එදා අපි හලාවත ලෙල්ලමේදී හුරුල්ලෝ ගනිද්දී, මේ ලගදි “භූමිතෙල් ලීටරය පරණ ගානට දීපල්ලා අපේ ජීවිතය යම්තම් ගැට ගහගන්න” කියපු කට්ටිය අතරින් ඔලු කට්ට පසාරු වෙන්න වෙඩි කාපු කොලුවත් හිටියද කියල හිතෙනවා දැල් වලින් වැටෙන මාළු අහුලමින් ඒ කාලේ!!!!!

        • ඔය පැත්තේ පොල් රා හොඳට තියනවා නේද? මිහිරි මතක සටහන් වගේ කෙන්ජි. මා කසිප්පු කාරයන් වගේ නම් කසිප්පු බිලා නැහැ. නමුත් බීලා තියනවා. දැන් නම් ලැබුනත් බොන්නේ නැහැ. ලංකාවේ අහන්න ලැබෙන දේවල් වල හැටියට. නිකම් මොකටද මැරෙන්නේ? හැබැයි රුසියාවේදී නම් පිරිසිදු යයි කිව හැකි කසිප්පු හොඳට බිව්වා. කොච්චර පිරිසිදු උනත් පහුවදාට හැදෙන ඔලුව කැක්කුම නම් “පිරිසිදු” නැහැ. ඔබගේ මේ කතන්දර දිගටම ලියන්න. 🙂

  2. hasithag

    කාලෙකට කලික් මේ කතාව මට යාළුවෙක් වෙන්න ඕනේ කිව්වේ…

    සුද්දෝ එහෙමත් නැත්නම් ජපනෝ වැඩ කරලා සතුටු වෙනවලු “ෂාහ් මම කොච්චර ලස්සනට මේ වැඩේ කළාද” කියලා

    ලංකාවේ අපේ ඇත්තෝ සතුටු වෙනවලු “ෂාහ් මම මොන තරම් පහසුවෙන් ඒ වැඩෙන් මග ඇරියද” කියලා 😦

    • Raigama

      අයිස් ආඳන්, සුද්දන් අතරත් නැතුවා නොවේ. නමුත් අයිස් ගැසීම සංස්ථා ගත වී නැහැ. අප ඉදිරියට යන්න හැමෝටම බැන බැන ඉඳලා විතරක් බැහැ හසිත. බටහිර දියුණු වෙලා තියෙන්නේ හූරා කන නිසාය කියල නිතරම මතුරන කට්ටියට, මේ වගේ රටවල් වල වැඩ කෙරෙන හැටි පොඩ්ඩක් නිරීක්ෂණය කරන්න දෙන්න ඕනේ. ඔය සෝමවංශ ලා නම් අවුරුදු ගානක් හිටියත් යමක් ඉගෙන ගන්නේ නැහැ. වැඩේ කොහොම හරි ඉවර කිරීම ම පමණක් නොවේ විය යුත්තේ, එය කාර්යක්ෂමව හා ඵලදායිව සිදු කළ යුතුයි. එතකොට තමයි දැන් ඉන්න හැටියෙන් ඉදිරියට අඩියක් යන්න පුළුවන්. එතකොට තමයි, විවේකයට කාලය ගන්න පුළුවන්. එතකොට තමයි එකම කාලය තුල වැඩි නිෂ්පාදනයක්, වැඩි සේවාවක් ලබා දීමට හැකි වෙන්නේ. එතකොට තමයි එකම කාලයකින් වැඩි ආදායමක් උපයන්න පුළුවන්.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s