ගොන් බඳින කණු හා ජන මාධ්‍ය! The sheep in wolves’ clothing!


ඒ බී සී කියන්නේ පූර්ණව ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වෙන ගුවන් විදුලි හා රූපවාහිනී සේවයක්. මෙහි වැඩසටහන් සම්පාදනය විය යුත්තේ කොයි ආකාරයට ද කියන්න අගමැතිනි ජුලියා ගිලාර්ඩ් ට හෝ ඇමති වරුනට බලයක් නැහැ. මෙහි සම්මුඛ පරීක්ෂණයකට අගමැතිනිය ආවොත්, අනෙක් පෞද්ගලික සේවාවකට ගියාට වඩා අමාරු අඩියකට ඇයට මුහුණ දෙන්න වෙනවා. මෙහි වැඩ කරන්නේ රටේ ඉන්න වඩාත්ම ප්‍රවීන හා ප්‍රතිභාපුර්ණ ජන මාධ්‍ය වේදීන් වීම එයට හේතුවයි. මා කැමතිම මාධ්‍ය වේදියෙක් වන ටෝනි ජෝන්ස් ඉදිරිපත් කරන ප්‍රවුර්ති හෝ සම්මුඛ සාකච්චා (ඇටි කිච්චා වගේනේ, කෝ අනික් ච යන්න?) බලන්න ආසාවක් ඇති වෙනවා. හඩ්සන් වගේ මිනිහෙකුට මෙවැනි ජනමාධ්‍ය ආයතනය වැඩ කරන්න හම්බ වෙන්නේ නැහැ.

රජයේ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වන නිසා මේවායේ වෙළඳ දැන්වීම් නැහැ. දැන් රජයේ වියදම් කපන්න මෙයට ආදායම් වලින් කොටසක් සොයා ගන්න ඉඩ දෙනවා කියල කතාවක් තියනවා. එහෙම උනොත්, දැනට තියනවාට වඩා වැඩ සටහන් වල තත්වය හා විෂයයන් වෙනස් කරන්න පවා සිදු වේවි. ඒක මා ලියන්න යන දේට අදාළ නැහැ.

ලෝක සියදිවි හානිකර ගැනීම් වැළැක්වීමේ දිනය ලෙස දී තිබුනේ පසුගිය සැප්තැම්බර 10 වෙනිදා. ඒ වෙනුවෙන් ඒ බී සී රුපවාහිනිය ඉදිරිපත් කරපු 4 කොර්නර්ස් කියන සතිපතා විකාශනය වන වැඩ සටහන වෙන් කර තිබුනා. එයට පාදක වෙලා තිබුනේ මුලිකවම එක්තරා ගැහැණු ළමයෙකුගේ සිය දිවි හානි කර ගැනීමක් හා එම දරුවාගේ අම්මගේ කතාවයි (තව තිබුනා මා කියන්නේ සරලව). සිය දිවි හානි කර ගැනීම කොයි තත්වයක් යටතේ උනත් හරි ඛේදවාචකයක්. එයින් ජිවත්ව ඉන්න සමීප කට්ටියට ඇතිවන වේදනාව ජිවිත කාලය පුරාම පවතින්නේ, ස්වභාවික මරණයක් උනාට වෙනස්ව. අර අම්මත් හිතන්නේ මේ දෙය වලක්වා ගන්න බැරි උනේ මොකද? මට වෙන මොනවාද කරන්න තිබුනේ? අරම කළා නම් වෙනස් වෙන්න තිබුනා. ෂාහ්, ඇයි එදා මට ගෙදර ඉන්න බැරි උනේ. මේක මගේ වරදින් උන දෙයක්. ඔය වගේ දහසකුත් සිතිවිලි පහල වෙනවා.

හැම අවුරුද්දෙම ඕස්ට්‍රේලියාවේ 65000 ක් දෙනා සිය දිවි හානි කර ගන්න උත්සහ කරනවා. ඕස්ට්‍රේලියාවේ වාර්ෂිකව සිදුවන මරණ සංඛ්‍යාව 130000 ක් වෙනවා. අර උත්සහ ගන්න හැට පන් දාහෙන් 2500 ක් දෙනා තම උත්සාහය සාර්ථක කර ගන්නවා. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලෝකයේ මිලියනයක් දෙනා වාර්ෂිකව සියදිවි හානි කර ගන්නවා. ඒ කියන්නේ සිදුවන හැම වයසකටම අයත් මරණ ඇති කරන ලොකුම හේතු 20 න් එකක් තමා සිය දිවි හානි කර ගැනීම. ලංකාව ගත්තොත් වාර්ෂකව 4000 ක් දෙනා සිය දිවි හානි කර ගන්නවා කියල මා කියෙව්වා. මෙයින්  බහුතරයක් අයත් වන්නේ ජිවිතයේ ඵලදායිම වයස් කාණ්ඩය වන අවුරුදු 15-44 අතර වයස් කාණ්ඩයට.

සිය දිවි හානි කර ගැනීමට හේතු වන විවිධ කරුණු තියෙන්න පුළුවන්. මා දොස්තර කෙනෙක් හෝ මානසික රෝග පිලිබඳ විශේෂඥයෙක් නොවන නිසා එය ගැන ලියන්නේ නැහැ. නමුත් මේ ගැන දන්නා අය කියන්නේ, මානසික රෝග නැත්නම් මානසික අවපාත සියදිවි හානි කර ගැනීමේ සිතුවිලි පහ කරන්න හේතු උනත්, එය එකම හේතුව නොවේ. අසරණකම හා පිටස්තර හැඟීම් (feelings of rejection and helplessness) නිසාද කෙනෙක් තුල සිය දිවි හානි කර ගැනීමේ අදහස් පහල වෙන්න පුළුවන්. සියදිවි හානිකර ගැනීම් පිටු දැකීමේ දිනයක් වෙන්කර තියෙන්නේ, මේ පිළිබඳව සමාජය දැනුවත් කර මේ අවාසනාවන්ත මරණ ප්‍රමාණය හැකිතාක් අඩුකර ගැනීමට. ඕස්ට්‍රේලියාවේ සිදු වන සිය දිවි හානිකර ගැනීමක් ඕනෙම මාධ්‍යයක් වාර්තා කරන්නේ ඉතාමත් සංවරව. මොකද එය ජිවත්ව ඉන්න අයටත් බලපාන නිසා. එමෙන්ම හැම වාර්තාවකම යටින් දානවා, මෙවැනි අවස්ථා වල හා සියදිවි හානිකර ගැනීමේ සිතු විලි හෝ ඔබට අසරණ කමක් දැනෙනවා නම් ඒ සඳහා පිහිටක් ලබාගත් හැකි රජයේ හා රාජ්‍ය නොවන සංවිධාන වල දුරකථන අංක.

ඔන්න දැන් තමා මා හරියටම ලියන්න ආපු කාරනාවට එන්නේ. පසුගිය දා ලංකාවේ හමුදාවේ මේජර වරයෙක් දකුණු පළාතේදී සියදිවි හානි කර ගත් පුවත  ඔබ දන්නවා ඇති. මේ සිය දිවි හානි කර ගැනීම අනෙක් ඒවායින් වෙනස් වෙන්නේ නැහැ. එය ඛේදවාචකයක්. මේ වගේ අවස්ථාවක කළ යුත්තේ සමාජයට යහපත් පණිවුඩයක් දීම හා මෙවැනි හැඟීම් පහල වෙන හෝ අසරණ කට්ටිය ඉන්නවා නම් ඒ අයට ධනාත්මක පණිවුඩයක් දීම. ඔබ අසරණ නම් පිහිටක් ලබා ගන්න ලංකා සුමිත්‍රයෝ අමතන්න කියල වත් අඩු ගානේ ලියන්න පුළුවන්. ඒ අතරම අප අමතක කරන්න නරකයි, මේ මේජරගේ දෙමාපියන් හා අනිකෙත් නෑදෑයන් ගැනත්. ඔවුනගේ හැඟීම් වලට ද අප ගරු කරන්න ඕනේ.  “යහපත් සමාජයක් ගොඩ නගන්න” ජනමාධ්‍ය කරණයේ යෙදෙන ලංකා ඊ නිව්ස් මේ මරණය වාර්තා කරපු ආකාරය ඔබ දුටුවාද?

පසු වදන

මිට කලකට පෙර ලියන ලද මේ සටහන අදට වඩාත් වලංගුයි කියා සිතෙනවා. මානසික අසමතුලිතතා ඇති මනුෂ්‍යයන් හා ඥානයෙන් අඩු මනුෂ්‍යයන්ගේ දුර්වලකම තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා ගන්නා කණ්ඩායම් ලෝකයේ හැම රටකම පාහේ ඉන්නවා. මානසික අසමතුලිතතා වලට හරි හමන් ප්‍රතිකාර ලබා ගැනීමට හැකියාවක් නැතිකම දියුණු වෙමින් පවතින  රටවලට පමණක් සිමා වුන ප්‍රශ්නයක් නොවේ. හැබැයි මෙවැනි දේවල් සමාජයේ එළිපිට කතා කිරීම බටහිර රටවල දක්නට ලැබෙනවා. එමෙන්ම ජනමාධ්‍ය මගින්ද එවැනි දේවල් ගැන දැනුවත් කරනවා. සුව නොවන රෝගයකින් පෙළෙමින්, අධික වේදනාවෙන් ඇඳට වී ජිවත් වන සමහර මිනිසුන්ට වෛද්‍ය වරයකුගේ සහයෙන් දිවි තොර කර ගැනීමට තෝරා ඇති හැකියාව සමහර රටවල නීතිගත කරලා තියෙනවා. එය මානසික අසමතුලිතතාවයක් නිසා ගන්නා අවාසනාවන්ත තීරණයක් නොවේ. එවැනි අයට එම තීරණය ගැනීමේ හොඳ මානසික හැකියාවක් මෙන්ම, එයට වෙන කෙනෙකුට විරුද්ධ විය නොහැකි තද බල හේතුවක්ද තියනවා.
 
මානසික අසමතුලිතතා නිසා දිවි තොර කර ගැනීමට උත්සහ ගන්නා සැමටම සමාජයේ සහය ලැබීම වැදගත්. එවැනි අවාසනාවන්ත සිදුවීම් වීරත්වයට පෙරලීම සමාජ ඛේදවාචකයක්. එමෙන්ම එවැනි ක්‍රියාවකට පෙළඹෙන්නේ මෝඩකම හෝ ඔලොමොට්ටල කම නිසා යයි අපට  කිව හැකි වුනත්, මානසික අවපාතයන් හා අසමතුලිතතාවයන් අප ඕනෙම කෙනෙකුට, ජිවිතයේ ඕනෙම මොහොතක ඇතිවිය හැකි මෙන්ම ප්‍රතිකාර වලින් ප්‍රකුර්ති කර ගත හැකි තත්වයන්. සමාජයේ ඉන්න, මේවා ගැන ඉගෙන ගත් පිරිස් එනම් වෛද්‍යවරුන් නිහඬ වීම තවත් සමාජ ඛේදවාචකයක්.
 
ඔලොමොට්ටලකම වෙනම කාරනාවක්. සමහරුන්ගේ ඔලොමොට්ටල කමින් ප්‍රයෝජන ගන්න දිෂ්ටි දාගෙන ඉන්න කට්ටිය නම් එතරම් ඔලොමොට්ටල නැහැ. ලෙඩ රෝග හා මානසික අසමතුලිතතා එළිපිට කතා  නොකිරීම හා අඩු ගානේ තමන්ගේ සමීප අය  සමගවත් නොකීමේ හේතුවත් එයටම බැඳී තියනවා. මොකද බොහෝ දෙනා එවැනි අයව පාගා දමන්න, නිග්‍රහ කරන්න හා අයුතු ප්රෝයෝජන් ගන්න තමා බලාගෙන ඉන්නේ. එම නිසාම ඛේදවාචක වලින්ම ජිවිත නිම වෙනවා. (26.05. 2013)
Advertisements

15 Comments

Filed under Media

15 responses to “ගොන් බඳින කණු හා ජන මාධ්‍ය! The sheep in wolves’ clothing!

  1. Kenji @ Japan

    මලසේක,ඔය රටෙත් ජීවිතය එපාවෙච්ච අය එච්චර ඉන්නවද?ඒ අය ඔස්ට්‍රේලියානුවන්ද ,නැතිනම් සරණාගතයින් ලෙස ආපු අයද?ලංකාවේ මාධ්‍ය ගැනනම් කවර කතාද රයිගම,ඒ අයම අලවාගෙන “ජාතියේ” ලේබලය.නමුත් ඔබ කියන විදියට පුවතට පහතින් උපදේශක සේවාවක සම්බන්ධිකරණ දක්වන්න කාලයක් නැහැ ඒ අයට, මොකද? එසැනින් පුවත්/ඇත්ත ඇති සැටියෙන්/මේ දැන් ලැබුණු පුවත් වගේ කියපු,නොකියපු දේවල් [ඕපාදුප] දැන්වීම හැරෙන්ට වෙන කියන්නට දෙයක් නැහැ ලංකාවේ ඉන්න කඩේ යන මාධ්‍ය කානු කටාලට.ඉස්සර පත්තර පිටු එලන් බෝඩිමේ එකට නිදාගත්ත මාධ්‍ය කප්පිත්තෝයි කියාගන්න අයනේ සැප මාලිගාවල ඉදල දැන් ඔය මාධ්‍ය හසුරුවන්නේ.

    • ඔබ දන්නවා ඇතිනේ ජපානේ තත්වය.ජපානය ඉන්නේ සියදිවි හානි කර ගැනීම් ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස ගත්තම ලෝකයේ ඉහලම ස්තානයක. ඒ අතින් ඕස්ට්‍රේලියාව හොඳ තැනක ඉන්නේ. සියදිවි හානිකර ගැනීමේ සිතුවිලි ධනවත්, දුප්පත්, සුදු, කළු, පැණි පාට, උස, මිටි, පිරිමි හා ගැහැණු යන භේද වලින් සීමා වෙන ඒවා නොවේ. මේකමයි මා කියන්න හැදුවේ. එය අවාසනාවන්ත තත්වයක්. සමහරවිට දෙමාපියන් දන්නේ නැහැ දරුවන්ට මෙවැනි අසරණ හැඟීම් තියනවා කියලා. බිරිඳ දන්නේ නැහැ, සැමියා සියදිවි හානි කර ගන්න තෙක්. සැමියා දන්නේ නැහැ, බිරිඳ සියදිවි හානි කර ගන්න තෙක්. අසරණ හැඟීම් අප කාටත් ඇතිවෙනවා. අප ඒවායින් මිදෙන්නේ, අපට ඒ සඳහා උදව් කරන සමීප කට්ටිය නිසා. එහෙම වටපිටාවක් නැති බොහෝ දෙනා සමාජයේ ඉන්නවා. අප ඔවුන්ට ගරහන එක නොවේ කල යුත්තේ, වචනයකින් හරි උදව් කරන එකයි.
      මා කියන අනික් කරුණ නම්, මේ විකල්ප කියන මාධ්‍ය ඇත්තටම විකල්ප නොවේ. මේ ගැන මා මිට කලින් ලියා තියනවා. කාසිය අනික් පැත්ත පෙරළුවා කියලා වටිනාකමේ වෙනසක් සිදු වන්නේ නැහැ. බන්දුල පද්මකුමාර, හඩ්සන් සමරසිංහ වැනි කට්ටිය එයාලගේ ජනමාධ්‍ය දිවියේ මුල් කාලයේ නරක මිනිසුන් නොවේ. සුපිරිසුදු නිල් ජල දහරාවක්, පසුව මඩ ගොහුරක් වෙලා ඉවර වෙන්න ඉඩ තිබුනත්, මඩ ගොහොරක් නම් නිල් ජල දහරාවක් වෙලා ඉවර වෙන්න ඉඩක් නැහැ. ඔන්න බලන්න, මේ ගොයියල ඔවුන් කරන මේ උදව්වට කෘතගුණ සැලකීමක් වශයෙන් අනාගතයේදී ලේක් හවුස් හෝ ගුවන් විදුලියට දැම්මොත්, ඔබට හඩ්සන් සමරසිංහගේ ප්‍රතිබිම්බය බලන්න පුළුවන්. මට වඩාත් තරහා, මේ ගොයියලා සැඟවී ඉන්නේ මේ බටහිර සමාජයේම නිසයි.

      • Kenji @ Japan

        දැනුවත් කලාට තුති!

      • Kaushalya

        ජපානයේ සිය දිවි හානිකර ගැනීම් වැඩි වෙන්නේ තරුණ පිරිස අතර. මේකට ප්‍රධාන හේතුව තමයි අවුරුදු 18 වෙද්දී පවුලෙන් වෙන් කරන එක. බොහෝ වෙලාවට මේ තරුණ පිරිසට මේ වයසෙන් පස්සේ පවුලේ අයගෙන් කිසිම උදව්වක් ලැබෙන්නේ නැහැ, කොහොමහරි රැකියාවක් හොයාගෙන ජීවත් වෙන්න පුරුදු වෙන්න වෙනවා. මේ තත්වයට හැඩ ගැහෙන්න බැරි වුන බොහෝ දෙනෙක් තෝරගන්නේ සිය දිවි හානි කර ගැනීම

        • ඔබට ඉස්තුතියි කව්ෂල්ය!කව්ෂල්ය, මෙහෙ ඕස්ට්‍රේලියාවෙත් 18 න් පස්සේ නම් දෙමාපියන් සමග ඉන්නේ නැහැ. මා හිතන්නේ ඒකට (ජපානයේ තත්වයට බලපාන) වෙනත් සමාජමය හේතුන් බොහොමයක් තියෙන්න පුළුවන්. විකිපීඩියාවේ ඒ ගැන ටිකක් තියනවා.

  2. ඔය අඩවිය ගැන නම් කතා කරලා වැඩක් නෑ! ලංකාවෙත් බොහෝ නාලිකාවල මාධ්‍ය භාවිතය අන්තිමයි! ලංකාව ලෝකයේ රෑන්කින් වලින් ටොප් ටෙන් එකේ ඉන්න ස්වල්පයක් ක්ෂේත්‍ර අතර එකක් නොවැ ඔය සිය දිවි නසා ගැනීම්!

    • එක කාලෙක ගොයියෙක් මෙවැනි දේට මිනිසුන් පුහුණු කළා. ඔහුත් තමන්ගේ ජීවිතය අවසන් කර ගත්තේ ඊට සමාන අයුරකින්. මට හිනහා යන්නේ, මේ අඩවිම තමා අධ්‍යාපනයට 6%ක් දෙන්න කියලා අනික් පැත්තෙන් කෑ මොර ගහන්නේ. ඔබට පේනවා නේද වෘර්ක වෘතය. මේ කට්ටියට ටිකක් ඉගෙන ගන්න ඕනේ නම්, මේ සැඟවී සිටින සමාජයෙන්ම නොමිලේ ඒක කර ගන්න පුළුවන්.

      • ධ්‍යාපනයට 6% ඉල්ලීම මෙතැන්දී ඇදාල වෙන්නේ කොහොමද කියලා කියන්න පුලුවන්ද? මට නම් පේන්නේ මැක්කා පාරක් වගේ.

        • පන්හිඳ නම වෙන කර තිබේ. ඉහත කොමෙන්‍ටුවේ ලිපිනය ද වැ‍රැදුනේය. කමන්න

        • නැහැ ඒක මෙයාලගේ ඉල්ලීමක් නොවේ. මෙයාලත් කරට අරන් තිබුනට. මා ඒ ඉල්ලීමේ වරද ගැන නොවේ මෙතැන කියන්නේ පෑන. මෙයාලා බලාපොරොත්තු වෙන යහපත් සමාජයේ ඒක අංගයක් විදිහටනේ ඔය ගැනත් කියන්නේ. දැන් මා කියන කරුණු වගේ දේවල් ඒ යහපත් සමාජ “පැකේජ්” එකට අයිති නැත්ද? නැත්නම් මේ අරගලය, ඉන්න රජතුමා පන්නා තමන්ගේ රජතුමෙක් දමා ගන්න එකට විතරද සීමා විය යුත්තේ. මේ කට්ටියගේ වට රවුමට නොවැටෙන සේරම ද්‍රෝහියන්. කුමාර මහත්තයා හා දිමුතු ආටිගල මෙනෙවියගේ සිද්දිය එක උදාහරණයක් පමණයි. එයාලට නොගැලපෙන වෙලාවේ කලින් දෙවියෙක් වගේ හිටිය සරත් ෆොන්සේකාගේ බිරිඳට පවා මෙවැනිම ගරහන වචන (derogatory) පාවිච්චි කරලා තිබුනා. අපේ රටවල් වල “රෙජීම් චේන්ජ්” ගැන කවුරුත් කතා වෙනවා. මේ අයියලාගේ “රෙජීම් චේන්ජ්” නමට පමණක් සීමා වෙන එකක්. ජනමාධ්‍ය ගත්තොත්, මේ තියන අයහපත් එකේ අනික් ප්‍රතිබිම්බය පමණයි.අනාගත පරපුරට ඉගෙන ගන්න මුදල් වෙන්කරන්න කියල කෑ ගහන්න කලින්, අර ජනාධිපති ප්‍රේමදාස තරුණ වයසේදී කළා යයි කියන විදිහට තමන් දැන් ජිවත් වෙන “මහජන විශ්ව විද්‍යාලයෙන්වත්” මේ ගොයියන් ටිකක් ඉගෙන ගත්තානම් හොඳයි කියන එකයි මට කියන්න අවශ්‍ය උනේ.

      • නිකං

        //එක කාලෙක ගොයියෙක් මෙවැනි දේට මිනිසුන් පුහුණු කළා.
        මේ කියන්නේ ලංකාවේ හිටිය ගොය්යෙක් ගැනද රයිගම්? ජපානයේ සහ ඇමෙරිකාවේ මේ වගේ නට් ලුස් ගොය්යෝ හිටියා කියල අහලා තියනවා.

        • පිරිබාහරන් අයියා. එතුමා සිය ජනතාව සිය දිවි නසා ගැනීම් වලට හුරු කරලා, අන්තිමට මහා ජනකායක් සමග දිවි නසා ගත්තා.

  3. vishva

    බොහොම හොඳ ලිපියක්. මම යමක් එකතු කරන්නම්.

    මම ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ sidney නගරයට බටහිරින් තිබෙන නගරයක්. ගිය මාසේ මට ඇහුන ලොකු සද්දයක්.. පස්සේ මම හොයා ගත්තා එක වෙඩිතැබීමක් කියල.. මම මේක ලොකු පුවතක් වෙනවා කියල හිතුව.. එත් මම පහුවද පත්තරේ කොනක පොඩි දැන්වීමක් වගේ මේක දැක්ක. TV එකෙත් එක ගැන තිබිල තියෙන්නේ එකම එක වතාවක් පොඩි නෙව්ස් එකක් විදිහට.. අපේ රටේ නම් මේක සති ගණනක් හැම තැනම TV , RADIO , WEB SITE පුරවන දෙයක්.. සමහර විට කලහකාරී දේවල් ඕනෙවට වැඩ ඉස්මතු නොකිරීමට ඔවුන් උනන්දු වෙනවද කියල මට හිතුන..

    • ඔව් විශ්ව, සමහර දේවල් වාර්තා කිරීමේදී ප්‍රේක්ෂකයාගේ, කියවන්නාගේ හෝ අසන්නාගේ කුතුහලය සංසිඳ වීම පමණක් නොවේ බලන්න ඕනේ. අනතුරක් වෙලා ඉන්න මිනිහෙකුගේ කකුලක් වෙන්වෙලා තියන පින්තුරයක් මෙහෙ ඔබ කුමන මාධ්‍යයකවත් දැක තියනවද? ලංකාවේ මාධ්‍ය වල මේවගේ දේවල් වැහි වැහලා. ඒත්, හැබැයි දුමක් ඇද්දොත් කොටු කොටු!!

    • මෙන්න මේ අදහසට මම ගොඩක් කැමතියි…උලුප්පන්න උලුප්පන්න මේවා වෙනවා වැඩි…

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s