පාරිභෝගික සේවා -1 ! Customer Services -1!


මා මේ බ්ලොගය ලියන්න ගතේ දේශපාලන කාරනා ලිවීමට නොවුනත්, බොහෝ විට ලියවෙන්නේ එවැනි දේවල් වීම ගැන මටම කනගාටුයි. දේශපාලනය ගැන ලිවීමෙන් වෙන සුගතියක් නැහැ. මා ඔබට කලින් ලියා ඇති මේක දිනපොතක්. හැබැයි ලියවෙන්නේ මට වෙලා ලැබෙන හැටියට. අද මා වැඩට ගියේ නැහැ. පුතා අසනීප වෙලා නිසා. මුළු දවසෙම ගත කළේ කම්මැලි සුවයෙන්.

එකම දේ තමයි පුතාව දොස්තර ගාවට එක්ක ගිය එකයි, ඉයුව එකයි. ඊට අමතරව මා “හෙන්රිගේ අවවාදයට” අනුව දායකවුන ටයිම් සඟරාවේ අන්තිම කලාප දෙක කියෙව්වා.

අප බෙහෙත් ගන්න යන්නේ ගෙදරට ලඟම තියන  දිස්පෙන්සරියට. මේකේ දොස්තරලා හතරක් පහක් ඉන්නවා. අප බොහෝ වෙලාවට තෝරන්නේ නැති වුවත්, ලඟට යන්න අකමැති දොස්තරලා නැතුවාත් නොවේ. මේ අය අතර ඕස්ට්‍රේලියාවේ හා විදේශ රටවල් වල පුහුණු වූ දොස්තරලා කලවමේ ඉන්නේ.

ඕස්ට්‍රේලියාවේ තියන “මෙඩිකෙයා” කියන ආණ්ඩුවේ සෞඛ්‍ය වැඩසටහන අනුව, මෙහි පුරවැසියන් හෝ ස්ථිර පදිංචි කරුවන්ට දොස්තර කෙනෙක් හමු වීමට මුදලක් වෙන් කර තියනවා. ඒ ගණනට වඩා වැඩිපුර ගාණක් දොස්තර කෙනෙක් අය කරනවා නම්, අර වැඩිපුර මුදල අතින් දෙන්න ඕනේ. කැන්බරා වල අර ආණ්ඩුවෙන් දෙන ගාණ අරන්, නිකම් ඉන්න දොස්තරලා ඉන්නේ ඉතා ස්වල්පයක්. ඒ නිසා ගොඩක් වෙලාවට අතින් කීයක් හරි දෙන්න වෙනවාමයි.

දැනට මාස කීපයකට පෙර අර කිව්ව දිස්පන්සරියේ මා සාමාන්‍යයෙන් හමුවන දොස්තර කෙනෙකු හමු වෙලා, මුදල් ගෙවලා ගෙදර අවුත් බලන විට තමා මට තේරුනේ, ඔහු වෙනදා “වැඩිපුර” ගන්න ගාණට වඩා දෙගුණයක් මගෙන් අරන් තියන බව. මේ කාර්ඩ් වලින් ගෙවන නිසා එවෙලේ ගෙවන ගාණ එතරම් හිතට වදින්නේ නැහැ. එවෙලේම, මා දුරකථන ඇමතුමක් අරගෙන අතන ඉන්න පිළිගැනීමේ නිලධාරිනියට කතා කළා.

මා ඇහුවේ “ඇයි මගෙන් වැඩිපුර අය කරලා තියෙන්නේ” කියලා. ඇය කියුවේ, දොස්තර ඔබව බලන්න, විනාඩි දහයකට වඩා වැය කරලා තියන නිසා තමයි එහෙම අය කරලා තියෙන්නේ කියලා. මා කේන්තියෙන් ඇයට කියුවේ, “මා නම් ආයිත් ඔය දොස්තරව හමු වෙන්නේ නැහැ” කියලා. ඇයට බැනලා වැඩක් නැහැ. “ඔබේ කැමැත්තක්” ඇය පිළිතුරු දුන්නා.

මා සාමාන්‍යයෙන් දොස්තරලා හමු වන්න යන්නේ කලාතුරකින්. හැබැයි ඉන් සති දෙකකට පමණ පසු මට ආයිත් යන්න වුණා අර දිස්පෙන්සරියටම. කලින් කටපත්ත ඇද්දත්, එදා මා ඕනේ කමින්ම අර කලින් මා ගිය දොස්තරම හමු වූවා.

මගේ වැඩේ ඉවර කරගෙන, මගේ හිතේ තිබුන දේ මා දොස්තරට කියුවා. ඔබ කලින් දවසේ මගෙන් දෙගුණයක් මුදක් අය කළා. හැබැයි ඔබ වැඩිපුර වෙලා ගත කලේ මගේ ලෙඩ බලන්න නොවේ, ඔබගේ කොම්පුටරේ ටයිප් කරන්න. අන්තිමට ඔබේ මන්දගාමී ටයිප් කිරිල්ලට මගෙන් සල්ලි අරන් කියලා. පොර මොකුත් කිවේ නැහැ. එදා මගෙන් සාමාන්‍ය ගාණ අය කළා.

ඉන්පසු මාසයකට පමණ මා ගියහම මගෙන් ආණ්ඩුවේ ගාණ විතරක් අය කළා. ඒ කියන්නේ පොකට්ටුවෙන් ගෙවන්න වුණේ නැහැ. මා කියපු දේවල් ගැන ඔහු කල්පනා කර තිබුන බවයි ඒකෙන් පෙනුනේ.

ලංකාවේ දොස්තරලා සමග මගේ අත්දැකීම මීට වඩා වෙනස්. හැම තැනම හොඳ හා නරක මිනිසුන් හිටියත්, පත්තර වල ඉතාම යහපත් කරුණු කතා කරන සමහර දොස්තරලා, ඇත්තටම එහෙම නොවන වග එයාල ගාවට බෙහෙත් ගන්න ගියාම තේරිලා තියන වාර එකක් දෙකක් නොවේ. විශේෂයෙන් මගේ බිරිඳගේ කටයුතු වලට. ඒත්, ඔවුන් හැර යන්න වෙන කෙනෙකුත් නැති නිසා, මා එදා කතාවට ගියේ නැහැ.

උසස් අධ්‍යාපනය ලබා ගැනීමෙන් පසු, අනික් සියලුම දෙනා පහත් කර හිතන මිනිසුන් වැඩිපුර ලංකාවේ ඉන්නවා කියල මට හිතෙන්නේ, තවමත් ජනාධිපති ප්‍රේමදාස කරපු දේවල් නොවේ, ඔහුගේ පාසල් කාලය ගැන තමා වැඩිපුර කතා කරන්නේ.

ඒ වගේම උසාවියකට ගියත්, උපාධියක් නැත්නම්, කරපු වරද නොවේ කතා කරන්නේ. හැබැයි මොනවා හරි උපාධියක් තියනවා නම් සුනාමි මුදල් උනත් යටි මඩි ගහපු නඩුවක් අහන්න ගන්නේ වත් නැහැ. ජනාධිපති ප්‍රේමදාසගේ යුගය අධම යුගයක් වුණත්, උසස් අධ්‍යාපනයක් නොලද්දා වුණත්, ඔහුගේ විචක්ෂණ බව නිසාම තමයි, රටේ නායකත්වය කරා ගියේ.

Advertisements

6 Comments

Filed under Social

6 responses to “පාරිභෝගික සේවා -1 ! Customer Services -1!

  1. ප්‍රේමදාස ඉගෙන නොගෙන සිටීම සහ ඉහලට යාම අතර ලොකු සම්බන්ධයක් මම දකින්නේ නැ , ලංකාවේ දොස්තරලගෙන් නම් ඩබල් අය වෙන්නේ නෑ , හැබැයි අනික් අයව පහත් කරල සලකන එක නම් බොහෝ දෙනෙකුට තියෙයි , කියන්න කණගාටුයි ඒත් මම දැක්ක හොඳ කාරුණික සහ සාර්ථකව ප්‍රතිකාර කරන දොස්තරල ගොඩ දෙනෙක් සිංහල නෙමෙයි දෙමල

    • Raigama

      එහෙම සම්බන්දයක් ගැන නොවේ බුවා මා කියන්නේ. ඔහුට තියන සමාජ ප්‍රතිරෝධය හොර ආචාර්ය උපාධියක් තියන කෙනාට වඩා වැඩි වෙන්න පුළුවන් කියන එකයි. එමෙන්ම “විධිමත්” අධ්‍යාපනයක් නොලද්දා උනත්, ඔහුගේ විචක්ෂණ බව එයින් මනින්න බැහැ. මා අකමැතිම පාලකයෙක් නිසා ඔහු ගැන ලියන ඒක නතර කරන්නම්. හැබැයි මා හිතන්නේ නැහැ ඔබ මගේ අදහස් වලටම එකඟ වෙන්න ඕනේ කියා. අද මා පුතා බේත් ගන්න එක්ක ගෙන ගියෙත්, අර මා කලින් බැනපු දොස්තර ගාවටමයි. මා මේ සටහන ලියුවේ ඒ නිසා. ඒ කිසි දෙයක් ඔහුගේ හිතේ තියනවා අද දැන ගන්න නැහැ. ඔහු එහෙම කරන්නේ, මාත් රෝගියෙකු ලෙස ඔහුට වැදගත් නිසා. අර මන් දොස් කියපු දවසේ, ඔහු මට කීවා නම්, උඹ තවත් මා ගාවට එන්න එපා කියලා, ඔහුට එක රෝගියෙක් නොවේ, අපේ පවුලම අහිමි වෙනවා. මොකද මට යන්න වෙන දොස්තරලා එම තැනම ඉන්නා නිසා. නැත්නම් අසල පිහිටි වෙන තැනකට යනවා. එහෙම අවස්ථා නැති රටක, තත්වය ඊට ගොඩක් වෙනස් වෙන්න පුළුවන් නේද?

  2. ටෙක්නිකලි එහෙම නැත්නම් තාක්ෂණිකව වැඩ කිරීේම හැකියාව අපේ අයට අධ්‍යාපනයෙන් නොලැබිලා තියෙනවාද කියලත් වෙලාවකට හිතෙනවා….
    අපේ කුමන ක්සේත්‍රයක වුනත් දෙයක් තාක්ෂණිකව කරන ආකාරයක් පේන්නෙ නෑ…නියම ක්‍රමවේද අනුගමනය කරනවා කියල පේන්නෙත් නෑ…

    උපාදිය හෝ වෙනත් සුදුසුකම් ගත්තාට ඒවා තියනවා කියලා අපිට පේන්න තියෙන්නෙ ඒ මහත්වුරුන්ගෙ ටයි එක කලිසම කමිසයෙන් තමයි..
    එතනින් එහාට ගිහිපු පැතිරුනු නායකත්ව ගතිගුණවත් මහත්මා ගතිගුණවත් බොහෝ අය තුල නැහැ…

    • Raigama

      තාක්ෂණික දැනුමෙන් හිඟ බවක් නම් ඉන්දික ලාංකික ඩයස්පොරාවෙන් ගන්න පුළුවන් උදාහරණ වලින් දැන ගන්නට නැහැ. එකම දේ ඒ තාක්ෂනය යොදා ගන්න හා වැඩ කරන්න පරිසරයක් ලංකාවේ ඔවුන්ට තියනවාද කියලයි. වටේ මුල් බැස ගත් දේවල් ගොඩක් දුරට බලපානවනේ. මා සමහරුන් කතා කරනවා දැකලා තියනවා ලංකාවේ නිකම් උන්න හැටි. නමුත් මෙහෙ, ඔවුන් වැඩ කරන තැන වටිනා තාක්ෂණ ශිල්පින් ලෙස අගය කරන බව, ඔවුන්ම කියනවා.

      “එතනින් එහාට ගිහිපු පැතිරුනු නායකත්ව ගතිගුණවත් මහත්මා ගතිගුණවත් බොහෝ අය තුල නැහැ…” මේ කතාවේ මහත්මා ගතිගුණ කෑල්ල සමග නම් මා ඕනෙවට වඩා එකඟයි. මේ සතියේ ටයිම් සඟරාවේ චීනයේ අධ්‍යාපන ක්‍රමයේ කෙරෙන වෙනස් කම් ගැන ලිපියක් තිබුනා. ඔවුන් ඔබ කියන තාක්ෂණ විෂයයන් වල සිට කළා විෂයයන්ට මාරු වෙමින් ඉන්නවා. දැනට පොලිට්බියුරෝවේ කාරක සභාවේ ඉන්නා සාමාජිකයන් නවයක් ගත්තොත් ඉන් අටක්ම විද්‍යා හෝ ඉංජිනේරු උපාධිධරයන්. දැනට ඇති කෙරෙන වෙනස්කම් අනුව අනාගතයේදී මේ තත්වය වෙනස් වේවි යයි ඔවුන්ම බලාපොරොත්තු වෙනවා. මේ තියෙන්නේ ෂංහයි නුවර ෆුඩන් සරසවියේ උප ප්‍රධානියාගේ වචන “Highly specialized education often ignores ethical, cultural and moral values”. ඔබ කියන දේත් මිට අදාලයි වගේ. අපේ රටෙත් හිඟය තියෙන්නේ තාක්ෂණ දැනුමේම නොවේ මා හිතන්නේ.

  3. Kenji @ Japan

    රයිගම; ඔබ ලංකාවේ ඉපදුන කෙනකු නිසා තමයි මොනවා ලියන්න ගත්තත් දේශපාලනය ගෑවෙන්නේ නැතුව ලියන්න බැරිව ඇත්තෙ.[මම මෙහෙම් කියුවේ ජරා දේශපාලනය නිසා එක කාලයක ඔබගේ සිත බිදී ඇති බව ලිපි කියවද්දී තේරුන නිසයි] එනමුත් ඔබ ලියන ලිපිවල කියවන්නාට,මාතෘකාවෙන් එහාට ගිය මොනවා හෝ හරවත් පණිවිඩයක් ලබා දෙනව කියලයි මටනම් හිතෙන්නේ.භය වෙන්න දෙයක් නැහැනේ ඔහාට සුදුවෑන් එවන්න බැහැනේ,පුළුවන් විදියට දේශපාලනය ගැනත් තද විදියට ලියන්න බලන්න.

    • මගේ චයිතසිකය විශ්ලේෂණය කරන්න නිකම් මහන්සි වෙන්න එපා කෙන්ජි. ලංකාවේ දේශපාලනය නිසා, අනික් සාමාන්‍ය පුරවැසියන්ට වෙනවාට වඩා අසාදාරනයක් මට වෙලා නැහැ. නමුත් අසාමාන්‍ය ලෙස අසාදාරනයන්ට ලක්වුන මනුස්සයන් ඕනේ තරම් ඉන්නවනේ. කෙන්ජි මා ලෝකේ හැම තැනම වෙන දේවල් ගැන චුට්ටක් අවදියෙන් ඉන්නේ. හැබැයි ඒ දේවල් දිහා බලන්නේ මගේ කෝණයෙන්. “දියුණු වෙමින් පවතින” රටවල් වල ඉන්න ජඩ පාලකයනුත් හා ඔවුන් කරන ජඩ ගසා කෑමුත් ගැන මට හැමදාම කේන්තියි. ඒ වගේම අපේ ප්‍රශ්න ඇමෙරිකාව පිටම පටවන්න උත්සහ ගන්න එකටත් මට කේන්තියි. ඇමෙරිකාව අපේ රටවල් වල ප්‍රශ්න අවුල් කරනවා තමයි. හැබැයි එහෙම කරන්න ඉඩ පාදලා තියෙන්නෙත් අපමයි. ලංකාව ලෝක බලවතෙක් උනත් කරන්නේ ඔය ටිකම තමා. ඉන්දියාව, චීනය බලන්න. මේවා ලියුවට වැඩක් නැහැ කියන්නේ, ඔබේ මතය මටත්, මගේ මතය ඔබටත් වෙනස් කරන්න බැරි නිසා. අපේ මතයන් හැඩ ගැසීම දීර්ග කාලින බලපෑම් වල ප්‍රතිඵලයක්.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s