මොකක්ද අප අතර තියන සම්බන්දය? Nothing else but…..!


මා ආපහු මගේ සටහන් ටිකක් කියෙවුවෙ, මට බලන්න ඕනේ උනා මේවා ලියල තියෙන්නේ අතීතයේ යම් කරදරයකට මුහුණ දීපු කෙනෙක් විදිහටද කියල හැඟෙනවාද බලන්න. මට එහෙම දැනුනේ නැහැ.

ගිය සතියේ මෙල්බර්න් නුවර පැහැර ගෙන ගොස් කුරිරු ලෙස මරා දැමුණු කාන්තාවගේ, අතුරුදහන් වීම දැන ගත්ත මොහොතේ සිට මා හා බිරිඳ බලාපොරොත්තු උනේ ඇයව යහතින් සොයා ගැනේවා කියා. එහෙම උනත් අපේ යටි සිත් දැන ගත්තා නපුරක් සිදු වී ඇති බව. ඊයේ උදේ, බිරිඳ වැඩට යන ගමන් ගුවන් විදුලියෙන් අහපු ඒ නපුරු ප්‍රවුර්තිය, මට දුරකතනයෙන් දන්වපු වහම මගේ සිත දුකින් බර උනා. ඇය මගේ මිතුරියක් නොවේ, මගේ ඥාතියෙක් නොවේ, ඇය මගේ වැඩ කරන තැන වැඩ කරන කෙනෙක් නොවේ, ඇය මට කවදාවත් හමු වී නැහැ, මා ජිවත් වන්නේ ඇය ජිවත් උන නගරයේත් නොවේ, ඇය මා අයත්  කියන ජාතියට අයත් කෙනෙකුද නොවේ. එහෙනම් මොකද මා දුක් වන්නේ? අප දෙදෙනා අතර ඊට වඩා සමීප සම්බන්ද තාවයක් තියනවා. ඒ තමයි, අප දෙදෙනාම හෝමෝ සාපියන්ස් සාපියන්ස් කියන සත්ත්ව කොට්ටාශයට අයත් වීම. අප දෙදෙනාටම අනික් සතුන්ට වඩා කල්පනා කිරීමට පුළුවන් වීම.

මෙල්බර්න් නුවරදී කුරිරු ලෙස මරා දැමුණ Jill Meagher වෙනුවෙන් කඳුළු සලන්නේ මා විතරක් නොවේ. ඇය සමග කිසිම සම්බද තාවයක් නැති බොහෝ දෙනෙක් ජන මාධ්‍ය වලට කතා කරන විට පවා කඳුළු නවතගන්න පුළුවන් උනේ නැහැ. ඔවුනුත්, ඇයත් අතර තියෙන්නෙත් මා ඉහතින් කියපු සම්බන්ද තාවය පමණයි. මා කනගාටු වෙන්නේ ඇය ගැන පමණක් නොවේ, ලංකාවෙත්, වෙන රටවලත් මෙවැනි කුරිරු ඉරණම්  වලට මුහුණ දෙන හැම දෙනා වෙනුවෙන්ම මා දුක් වෙනවා. මගේ සටහන් වලින් ඉදිරිපත් වෙන්නේ එම අදහස් වෙන්න පුළුවන්. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ, මා අතීතයේ නපුරු සිදුවිමකට මුහුණ දුන් කෙනෙකු කියා. මාත් බිරිඳත් දුක් කරදර වලට මුහුණ දීලා නැතුවාම නොවේ. සමහර විට බොහෝ දෙනා දුක් යයි කියන දුක් වලට වඩා දේවල් වලට අප මුහුණ දීල තියනවා. ඒත්, ජිල්ගේ සැමියා අද ඉන්න තත්වය හා සසඳන්න පුලුවන්ද?

ජනාධිපති ප්‍රේමදාස මියගිය වෙලාවෙත්, විජේවීර මිය ගිය වෙලාවෙත් හෝ ප්‍රභාකරන් මිය ගියේ වෙලාවේ වත් කිරිබත් කෑව මිනිසුන් ගොඩට මා වැටෙන්නේ නැහැ. මේ සියලු දෙනා අතින් මිනිස් කමට එරෙහිව අපරාධ සිදු වී තිබුනත්, එයට වඩා යහපත් සමාජයක් ගොඩ නගන්න පුළුවන් වන්නේ ඔවුනගේ ප්‍රති විරුද්ධ අනික් නපුර ඉදිරිපත් කිරීමෙන් කියල මා විශ්වාස කරන්නේ නැහැ. මා පරිපුර්ණ මිනිසෙකු නොවේ. ඒ ගැනත් මගේ සටහන් වල තියනවා. නමුත් අනිකෙකු ගේ දුකක් පිළිබඳව කනගාටු වීම, අවිශ්වාස කරන සමාජයකම අප ජිවත් වීම ගැනත් මා කනගාටු වෙනවා. මා සටහන නිම කරන්න ජිල් මා ගේ සැමියා ඊයේ මාධ්‍යයට කරපු මේ කතා කොටස උපයෝගී කර ගන්නේ, මා අගය කරන මිනිසුන් කොටසට ඔහුත් අයත් වන්නෙක් නිසා.

“Despite the fact that this is the worst thing we’ll ever go through in our lives, I’ve been really humbled by the support from the Australian public”

Advertisements

8 Comments

Filed under Social

8 responses to “මොකක්ද අප අතර තියන සම්බන්දය? Nothing else but…..!

  1. dawkinssdodo

    කනගාටුදායක් සිදුවීමක්. ලමයින් සම්බන්ද සිදුවීමක් නම් මේක තවත් තදට දැනෙනවා නේද? මට නම් දුක, කෝපයක් බවට පෙරලෙනවා කුඩා දරුවෙක් සම්බන්ද නම්.

    අපේ නොවන කට්ටියක් ගැනත් ඔබේ සිතේ තෙතමනයක් ඇති කරන්නට හැකිදැයි මම කාලයක් තිස්සේ (පර්යේශනාත්මක සටහනක්) අර අදිමින් සිටියත් තාමත් විවෙකයක් ලැබුනේ නැත. බලමු ඉස්සරහට.

    • ඇත්ත ඩොඩෝ. ළමයින් සම්බන්දයෙන් නම් වඩාත් කනගාටුයි. ඒත් ජිල්ගේ ඉරණම ඊට දෙවෙනි නැහැ. මට කෝපයක් එනවා, නමුත් අරූව උල තියන්න, නැත නම් හිස ගසා දමන්න කියල සිතුවිල්ලක් නම් පහල වෙන්නේ නැහැ. බහුතරයක් බෞද්ද වන ජනකායක් ජිවත් වෙන ලංකාවේ ජන මාධ්‍ය වල පළ වෙන මෙවැනි මතාන්තර හරිම සුලබයි. මට මෙවෙලේ මතක් වෙන්නේ ලංකාවේ එක පත්තරේක මීට වසර කීපයකට කලින් පළ වෙලා තිබුන පින්තුරයක් හා එය සමග තිබුන මාතෘකාව. පුවත උනේ තරුණයෙක්, කඩේකට රාත්‍රියේ ඇතුළු වෙලා, බඩු ටිකක් හොරකම් කරළා, කඩේ දොර පලු අතරින් එලියට එන්න උත්සහ කරන විට, එක පාරට දොර පලු අතර හිර වෙලා මිය ගොස් තියන ඉතා කනගාටු දායක පින්තූරය. දුම් පානය කරන දර්ශනයක් නොවන නිසා කොටු කොටු දාල තිබුනේ නැහැ. මාතෘකාව උනේ දිට්ට දම්ම වේදනීය කර්මය වගේ එකක්. මගේ දරුවන් හැදෙන්නේ එවැනි “බෞධ්‍ය සමාජයක” හෝ වෙන රටක මුග්ද මිනිසෙක් හදපු සිනමා පටයකින් ඉස්ලාම් ආගම බේරා ගන්න තමන්ගේම ජනතාව මරා දමපු හා තමන්ගේ සහෝදර ජනතාවගේ දේපොළ විනාශ කරපු සමාජයක නොවීම ගැන මට හිතෙන දේ ඔබට හිතා ගන්න ඉඩ හරිනවා ඩොඩෝ!

  2. Kenji @ Japan

    australia network TV නාලිකාවේ දැක්කේ ඇය අතුරුදහන් වූ රාත්‍රියේ ආපනශලාවකින් පිටත්ව ගිය බව CCTV කැමරාවල සටහන්වී ඇති බව.ඇයගේ සැමියාව දැක්කම ඔහු කොච්චර සංවේදී පුද්ගලයෙක් දැයි හිතාගන්න බැරුව ගියා.ඇත්තටම ඇයගේ මරණය කුමක් නිසා උනදැයි මම දන්නේ නැහැ.නමුත් ඉබුල්ගොඩ දී අපේ දරුවන් දෙන්නව නැති කෙරුවේනම් නැවත “පොල් පරාල ඇන, කන පසාරු” යුගයක ඇරබුම ද කියල හිතෙනවා. තනි කකුල්ලේ ඇගිලිවලින් 5 හෙන් ශිෂ්‍යත්වය දිනන රටක දරුවන් ඉන්න රටක අධ්‍යාපනයට නේද මෙඋන් බලු වැඩ කරන්නේ .

    • ඒ පොලිසිය විසින් ප්‍රසිද්ද කළ කැමරා රූප ජිල් ගේ ජිවිතේ අවසන් මිනිත්තු කීපය කියා දැන් සොයා ගෙන තියන තොරතුරු කියා පානවා. ජිල් ගේ සැමියා කඳුලක් වත් පෙරුවේ නැහැ. ඒත් ඔහුගේ ඇස වල තියන මලානික කම, ඔහුගේ හදවත පෙන්වන කැට පතක් උනා. ලංකාවෙන් මෙවැනිම මිනිස් මුහුණු අපමණ තියනවා.

  3. Jill Meagher මරා දැමුවේ මොකටද කියන එක නම් අපි ප්‍රවෘති වලවත් දැක්කෙ නෑ. නමුත් රයිගම් මතුකරන කාරණය නම් ඇත්ත. නමුත් ටික දෙනෙක්, සහ සමහර කණ්ඩායම් පමණක් ඔහොම හිතුවාම, ඒකෙන් ලැබෙන්නෙ බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය නෙවෙයි.

    (රයිගම්, මේ කමෙන්ට් වල මොකක් හරි අවුලක් තියෙනවා. මම මේ කමෙන්ට් එක දාන්නෙ දෙවෙනි වතාවට. මම ඔයාගෙ කලි පොස්ට් වල දාපු සමහර කමෙන්ට් පවා ආගිය අතක් නෑනෙ.)

    • Raigama

      ජිල් ගේ ජීවිතය බිලිගත් බවට චෝදනා ලබල තියන පුද්ගලයා විකුර්ති කාමාතුරයකු බවයි පැවසෙන්නේ. ඔහු මීට කලින් අපරාධ කර දඬුවම් ලැබුවෙක්. මෙහෙ දඬුවම් ලිහිල් බව නම් කනගාටුවෙන් කියන්න ඕනේ. මට හිතෙන්නේ ඔබ ඊළඟට කියන කරුණත් මෙයටම අදාලයි. නමුත් මරණ දඬුවම ක්‍රියාත්මක වන ඇමෙරිකාවේ තරම් අපරාධ සිදුවන රටක් නොවේ ඕස්ට්‍රේලියාව.
      ඔබට උන කරදරයට සමාවෙන්න හෙන්රි!. එය මේ වර්ඩ් ප්‍රෙස් වලට ආවේනික අවුලක් කියා බොහෝ දෙනා කියනවා. මාත් ඔබ වගේ මේකෙන් ඉවත් වෙන්න තමා තියෙන්නේ. නමුත් කොමෙන්ට් දමන ප්‍රමාණය කුඩා නිසාත්, මා මේ ලිවිල්ල කොපමණ කලක් කර ගෙන යාවිදැයි තියන සැකය නිසාත් වර්ඩ් ප්‍රෙස් වෙනස් කරන්න හිතුවේ නැහැ.

  4. ලිවීම නවත්තන්න එපා රයිගම් කොහොමටවත්. ප්‍රතිචාර අඩු වෙන්න හේතු කීපයක් බලපානවා. ඒවායින් සමහරකට පිළියම් මට ප්‍රසිද්ධියේ කමෙන්ට් එකකින් කීමට නුසුදුසුයි. සුදුසු ඒවා නම් මම වගේ මේකම තියෙද්දි බ්ලොගර් බ්ලොග් එකක් පටන් ගන්න. ටික ටික සංක්‍රමනය කරන්න, ඒ වරම නොවේ. Featured Image එකක් පාවිච්චි කරන්න. තව පෝඩ්ඩක් informal look එකක් බ්ලොග් එකේ ඇඳුමට දෙන්න බලන්න.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    • Raigama

      මචන් දිරිමත් කිරීමට තුති. හැබැයි මචන් මට ඇත්තටම කොමෙන්ටු ගොඩක් අවශ්‍ය නැහැ. මොකද මගේ පිළිතුරු හැම වෙලාවෙම ටිකක් දිගයි. මේකට කොමෙන්ටු දමන කට්ටියත්, බලන කට්ටියත් මා කියන දේ ගැන උනන්දු වන පිරිසක් නිසා එහෙම වෙනවා. ඉතින් රජෝ කොමෙන්ටු සියයක් ආවොත් මා අනාතයි. අනික තමා මා බලන්නේ සිංහල බ්ලොග් දෙක තුනයි. ඒවාටත් කොමෙන්ටු දමන්නේ ඉඳ හිට. මා කිසිම බ්ලොගයක සාමාජිකයෙක් නොවේ. මේක ප්‍රසිද්ද කර තියෙන්නේ සින්ඩි දෙකක විතරයි. මා ලියන දේවල් ගොඩක් වෙලාවට උඬගුවෙන් ලියන්නේ. මා මගේ අදහස් කොන්දේසි විරහිතව “ආරක්ෂා” කරනවා. මා අකමැති දේවල් කියවන්නෙත් නැහැ. බොරුවට කැමතියි කියල කියන්නෙත් නැහැ.මගේ අදහස් බහුතර පිරිසකගේ අදහස් සමග සමපාත වෙන්නෙත් නැහැ. ඉතින් මචන් මේක “ජනප්‍රිය” බ්ලොගයක් කරන්න පුලුවන්ද? නැහැ මට එහෙම ඕනේ කමක් නැහැ. මොකද මා ලියන්නේ, මගේ අදහස් වෙන කොහෙ වත් කියවන්න නොලැබෙන නිසා මයි.

      ජීවිතය ගැන කියන්න බැහැනේ. මේ දවස් වල මා යන්නේ “ෆ්‍රී රයිඩ්” එකක. මට මේ ලැබෙන වෙලාව හැම දාම ලැබේද කියන එක ප්‍රශ්නයක් නිසා තමයි එහෙම ලියුවේ. මේක තව අවුරුද්දක් ලියුවොත් මා ඔබ කියන පරිදි බ්ලොගර් බ්ලොගයක් පටන් ගන්නම්!

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s