කෙටිම කෙටි කතාවක් 4 – පුටු සැටිය


ජනකාන්ත වැඩ කරන ස්ථානයෙන් ටිකක් කලින් ආවේ, පත්තරේ දාපු දැන්වීමට කෙනෙක් ගෙදර එනවා කියුව හින්දා. ජනකාන්ත, ගෙදර තියන හමින් නිම කල පුටු සැටිය විකුනන්න දැම්මේ ගිය සතියේ පත්තරේට. කලින් වීමසුම් දෙක තුනක් ආවත්, ගාණ ඇහුවට පස්සේ ඉන් එහාට ගියේ නැහැ. අද තමා, කතා කරපු කෙනෙක් සැටිය බලන්න එන්න කැමැත්ත පළ කළේ. දයිවයේ  සරදමකට වාගේ කතා කරපු මනුස්සයත් ලංකාවේම කෙනෙක් වීම ගැන ජනකාන්තට හිනා ගියා.

ජනකාන්ත හා සමනලී ඔස්ට්‍රේලියාවට ස්ථිර පදිංචියට ආවේ මිට වසර දාහතරකට පමණ පෙර. ඒ වෙන කොට ජනකාන්තලට දරුවන් හිටියේ නැහැ. ජනකාන්තලා මුලින්ම ආවේ යාලුවෙකුගේ ගෙදරකට. එහි මාස දෙකක් පමණ ඉන්න කොට රස්සාවක්  හොයා ගන්න පුළුවන් උනා. ඉනුත් මාස දෙකකට පමණ පසුව තමයි කුලියට ගෙදරක් හොයා ගෙන පදිංචියට ගියේ. ඔහොම වසර දෙකක් පමණ ඉන්න කොට ජනා හා මලී බැංකු ණයක් අරගෙන නිදන කාමර දෙකකින් යුතු ගෙයක පදිංචියට ගියා. ඔහොම කාලේ ගෙවන කොට තමා පවුලට අලුතින් සාමාජිකයන් එකතු උනේ. මුලින්ම ලොකු පුතා, ඊළඟට දුවෙක් හා කුඩාම දරුවා ආයිත් පුතෙක්.

මේ වසර දාහතර තුලදී ජනා ලගේ ජීවිතයත් වෙනස් උනා. දරුවන් පවුලට එකතු උනාට අමතරව, ජනකාන්ත රැකියාවෙනුත් ඉහල ගියා. ආදායමත් හොඳ උනා. ඒ එක්කම ගෙදර ඉඩ කඩ නම් මදි උනා. ඔය හින්ද තමයි, ජනයි මලියි දෙන්නා තීරණය කළේ අලුත් ගෙදරකට යන්න. ආණ්ඩුවෙන් අලුත් පලාතක නිකුත් කරපු ඉඩම් කට්ටියකින් කෑල්ලක් අරගෙන හදපු ගෙදර වැඩ ඉවර උනේ පසුගිය මාසේ. අලුත් ගෙදරට ගැලපෙන ගෘහ භාණ්ඩ හා අනිකුත් දේවල් අලුතින්ම ගන්න ජනා තීරණය කළා.

පරණ ගෙදර බඩු වලට මොනවාද කරන්නේ කියන ප්‍රශ්නය ආවේ ඔය හින්දා. කලින් කියුව සැටිය ජනකාන්ත මිලදී ගත්තේ මීට වසර තුනකට පමණ පෙර. ඒකට ඩොලර් තුන්දාහක පමණ වියදම් කළා. සමින් නිම උන සැටිය ගෙදරට ගෙනාවේ අලංකාරයක්. ඒ උනත් ජනකාන්තලා මේ සැටියේ ඉඳ ගත්තේ එහෙමත් වෙලාවක. වැඩිපුර ඉඳ ගත්තේ පරණ බංකු කබල් දෙක තුනේ. ගොඩක් වෙලාවට සැටියම, රෙද්දක් දාලා වහල තිබුන නිසා, ඒවා අවුරුදු තුනකට පසුත්, අද ඊයේ ගත්ත එකක් වගේ දිස් උනා. ජනකාන්ත මේක විකුනන්න පත්තරේ දැම්මේ ඩොලර් දාහකට. ගොඩක් වෙලාවට දරුවනට මේ සැටිය තහනම් ප්‍රදේශයක් වීම නිසාම තමයි, මෙච්චර හොඳට තියා ගන්න පුළුවන් උනේ, ජනකාන්ත හිතුවා. ගෙදර සීනුව නාද වන සද්දෙන් ජනකාන්ත කල්පනා ලොවින් මිදුනා.

වැඩේ හිතුවාටත් වඩා හොඳින් හමාර වීම ගැන ජනකාන්තට දැනුනේ සතුටක්. ආපු ලාංකිකයා ලඟදි මෙහෙ ආපු කෙනෙක්. ඔහු සැටියට හොඳටම කැමති උනා. නමුත් ගාණ තමා ටිකක් පරහකට හිටියේ. අන්තිමට දෙගොල්ලන්ටම හරියන විදිහට ඩොලර හත්සිය පනහකට ගනු දෙනුව තීන්දු උනා.

අතිකාරමක් විදිහට ඩොලර් පනහක් ආපු කෙනා ජනකාන්තට දීල යන්න ගියේ මින් ටිකකට පෙර. ජනා වැඩ කරන්න ඇඳගෙන ගිය ඇඳුම් උනා දැමුවේ ඇඟ හෝද ගන්න. එතකොට තමයි දුවගේ කෑ ගැහිල්ල ඇහුනේ. “තාත්ති මෙන්න අයියා සැටියේ නටනවෝ”. “ආ! කමක් නැහැ දුවා” කියාගෙන ජනකාන්ත නාන කාමරය දෙසට පිය මැන්නා.

Advertisements

13 Comments

Filed under Short story

13 responses to “කෙටිම කෙටි කතාවක් 4 – පුටු සැටිය

  1. හප්පා….එහෙම කිව්වට ඇඩ්වාන්ස් දීපු මනුස්සයා අදහස වෙනස් කලොත්? 😀

    • මේ කතාව ලියල තියෙන්නේ යටගිය දවස බරණැස බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකුගේ පාලන කාලයේ උන සිද්දි දෙකක් ඇසුරෙන්. ඉන් එකක උනේ ඔබ කියන දේම තමයි. ඔබ බලාගෙන හිටියා වගේනේ. 😀

  2. මොනාද අෆ්ෆා??
    මේ කතාව තව ටිකක් දික් කලා නම්. මම ආසයි කියවන්න.
    ඒක නෙවේ. කොහොමද අර මනුස්සය ගනු දෙනු කතා කරන වෙලාවෙ ලමයි සැටියෙ නැටුව නම්?
    (මට හිතෙනවා මෙහෙම දෙයකුත්. අපේ ලංකාවෙ උන් රට ගියා උනත් වෙනස් වෙන්නෙ නම් නෑ. ඒකනෙ ජනාලා හද්ද වටින බඩු ගත්තත් හරියට පාවිච්චි නොකර ජේත්තුවට තියන් ඉන්නෙ, තමන් විකුනන්න ඉන්න බඩු මුට්ටුවක් උනත් ඒක පරිස්සම් කරන්නවත් බලන්නෙ නැත්තෙ, ඒ විතරයැ? සුද්දෙක්වත් නොගන්න ගානකට පරන බඩු හොයාගෙන ගිහින් ගන්නෙ,?????)

    • මකුළුවෝ, ඔබේ යෝජනාව අනාගතයේදී සැලකිල්ලට ගන්නම්. මා දිග බ්ලොග් සටහන් වලට පෞද්ගලිකව කැමති නැහැ. ඒකයි ගොඩක් වෙලාවට කෙටි කරන්නේ. මේ කතා නම් සාහිත්‍ය නිර්මාණ නොවේ, යම් ප්‍රචාරක අරමුණකින් ලියන ඒවා.
      දැන් යමු ඔබේ වරහන් ඇතුලට. ඔබ කිරි ගහට අන්න වගේ කියල තියනවා. ඔබ කියන කරුණු සේරම වගේ මා මේ කතාවෙන් දන්වන්න අදහස් කරපු දේවල්ම තමා.තව දෙයක් තියනවා, ඒක තමයි තමන් ඉතාම පරිස්සමෙන් පාවිච්චි කරපු දෙයක් උනත්, එක පාරටම “අනුන්ගේ ” උනහම චයිතසිකය වෙනස් වන හැටි. මා පහල කෙන්ජිට ලියන උත්තරෙත් කියවන්න ඔබට පුලුවන්ද?

  3. Kenji @ Japan

    කතාව ලියල තිබෙන විදියනම්,කොලුකාලේ වගේ නම් කියන්නේ “පට්ට”කියල,දැන් මොනවා කියන්නද කියල වචන එන්නේ නැහැ රයිගම.ජනා හම්බන්තොට පැත්තේ බුවෙක්ද ?අයිය මහින්දගේ වචන සෙට් එකෙන්ම දුවට උත්තර දුන්න හින්ද ඇහැව්වේ.

    • රජතුමාට පාඩුවේ ඉන්න දෙන්න කෙන්ජි! මේ වගේ මිනිසුන් එක රටකට හෝ ප්‍රදේශයකට සීමා වන්නේ නැහැ. අපේ ගොඩක් ඉන්නවා තමයි. එත් මන් ලියන්න අදහස් කරපු එක දෙයක් ලෝකේ කාටත් පොදුයි. අප කව්රු තුලත්, පොඩියට හෝ ජනා කෙනෙක් ඉන්නවා.

  4. Anonymous

    මිනිත්තු කිහිපයක් ගියා මේ කියන්නෙ මොකද්ද වටහා ගන්න. (මං හිතුවෙ දෙවන කොටසක් ඇති කියලා!) පස්සේයි ටියුබ් ලයිට් එක පත්තු වුණේ.

    සම්ප්‍රදායික ලාංකීය චින්තනය!

    • දෙවෙනි කොටස් මගේ කෙටි කතාවල නැහැ ඇනෝ! 🙂 කොහොම හරි පත්තු උනානේ. අර මා කලින් ලියුව උත්තර නිසා ඔබට දිගට ලියන්නේ නැහැ. බැලුවට තුති ඇනෝ!

  5. hasithag

    යශෝරාවය කතාවේ බලදේවලගේ ගෙදර පුටු තිබුණු හැටි මතක් වුණා

    • Raigama

      මෙයත් බලදේවගේ මල්ලි කෙනෙක් හසිත!

      • hasithag

        බලදේව ගෙදර තිබුණු පුහු සෝබනවලට විරුද්ධ වුණා නොවැ. ඒක නිසා අපි කියමු “මෙයා වීරසේකරගේ පුතෙක් වගේ” කියලා 🙂

  6. Anonymous

    පතෝල හොද්ද වගේ

    • අද අහම්බෙන් ඔබේ කොමෙන්ටුව දැක්කේ. ඔබ වගේම තමා. මාත් ඔය පතෝල හොද්දට කැමතියි. සුදු කැකුළු බත් එක්ක, පතෝල හොද්දකුයි, බැදපු හාල් මැස්සොයි, වේලිච්ච පොල් ගෙඩියක සම්බෝලෙකුයි තිබුනොත් නම් පංකාදු පහයි! 🙂

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s