ෆෙඩ්රිකා ජෑන්ස් ගේ සරණාගත විසා අයදුම් පත ප්‍රතික්ෂේප කරයි! Australia denies asylum for Frederica Jansz!


ෆ්‍රෙඩ්රිකා ජෑන්ස් මහත්මියගේ ඕස්ට්‍රේලියාවේ අනාත සන්කරනික විසා සඳහා ඉදිරිපත්  කළ අයදුම් පත, ඕස්ට්‍රේලියානු ආගමන හා පුරවැසි දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කළ පුවත, මා කියවුවේ, සෙනසුරාදා කැන්බරා ටයිම්ස් පත්තරේ. මේක අනික් ඕස්ට්‍රේලියානු පුවත් අඩවි වලත් දකින්නට පුළුවන්. ඒ පුවත් හැම එකක්ම පාහේ අවසාන වන්නේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය වේදීන් මර්ධන කැරැට්ටුව සමගින්. පසුගිය දශකය තුල ලංකාවේ මරාදැමුනු හා රටින් පිටව ගිය මාධ්‍ය වේදීන්ගේ සංඛ්‍යා ලේඛන එම පුවත් වල තිබුනා. ලසන්තගේ ඝාතනයත්, ඒ ආශ්‍රිත කරුනුත් මේ පුවතේ තිබුනේ, ෆෙඩ්රිකා කතු කම දරපු පුවත්පත ආරම්භ කරපු හා එහි කීර්තිමත්ම කතුවරයා ලසන්ත හින්දාම නොවේ.

ඒ පුවතේ හැටියට ෆ්‍රෙඩ්රිකා ගේ අයදුම් පත ප්‍රතික්ෂේප කර තියෙන්නේ, ඇයව අත්  අඩංගුවට පත් වීමේ හෝ වෙනත් අනතුරකට පත් වීමේ අවස්තාවක් තියන බව ඕස්ට්‍රේලියානු දෙපාර්තමේන්තුව නොපිලි ගන්නා නිසා හා ඇය අයදුම් කර තියෙන්නේ ලංකාවේ ඉඳන් නිසා. එතකොට අර ප්‍රවුර්තියේ තිබුන අනික් කරුණු, මේ තීන්දුවට සැලකිල්ලට ගෙන නැතිද? හැබැයි මේ වගේ තීන්දු වලට බලපාන නොයෙක් කරුණු තියනවා.

මහාචාර්ය නලින්ට අනුව ලංකාවේ ජනමාධ්‍ය නිදහස ඕස්ට්‍රේලියාවේ වත් දකින්නට නැහැ. ඒ එක කරුණක් වෙන්න පුළුවන්. අනික තමා බෝට්ටු වලින් පැමිණෙන සරණාගතයන් පිලිබඳ ප්‍රශ්නය (ප්‍රමාණයෙන් ඉතා කුඩා එකක් උනත්) ඕස්ට්‍රේලියානු ෆෙඩරල් දේශපාලනයේ ඉතා බලවත් මාතෘකාවක්. මේ ප්‍රශ්නයෙන් ප්‍රයෝජන ගත් දේශපාලකයන් අතර ජෝන් හාර්වර්ඩ් අයියත් ඉන්නවා. ලබන වසරේ ඕස්ට්‍රේලියානු මහා මැතිවරණයේදී මේ ප්‍රශ්නය ජනමතයට බලපාන වැදගත් මාතෘකාවක්. දැනටත් කම්කරු පක්ෂයට පහරදීමට, විපක්ෂය උපයෝගී කර ගන්නා විෂයයන් අතරින් පෙරමුණේ තියෙන්නේ, දේශසීමා රැකීමේ ප්‍රශ්නයේදී කම්කරු පක්ෂය විශ්වාස කරන්න බැහැ කියන එක. ඕස්ට්‍රේලියාවේ වත්මන් ජනගහනයෙන් බහුතරය මෙරටට “බෝට්ටු” වලින් පැමිණි අයගෙන් පැවතෙන්නන්. මේ සරණාගතයන් ගණන ලෝකයේ ඉන්නා හා වෙන රටවල ජිවත් වීමට අයදුම් කරන පිරිසෙන් ඉතා කුඩා ප්‍රතිශතයක් පමණයි. ඒත් මේ ප්‍රශ්නයම ඕස්ට්‍රේලියානු මැතිවරණයේ ප්‍රතිඵලය තීන්දු කරන එකක් වීම එක අතකින් සරදමක්.

ඒ කොහොම උනත්, මේ බෝට්ටු වලින් එන පිරිසේ ඉදිරියෙන්ම ඉන්න රටක් තමා ලංකාව (කුසලතා සංක්‍රමණික විසා යටතේ එන පිරිස අතරිනුත් ලංකාව ඉන්නේ ඉහල තැනක තමා. ඒ ගැන වෙනම ලියන්න ඕනේ). පසුගිය දිනවල මෙහෙම එන්න සුදානම් උන පිරිස් විශාල ගානක් ලංකාවේදීම අල්ලා ගත් බව අප පුවත් වල දැක්කා. ඒ කියන්නේ හිසරදයකින් ඕස්ට්‍රේලියානු ආණ්ඩුව ගලවා ගන්නට, ලංකා රජය ක්‍රියා කළා. දැනට තියන විපක්ෂය කියන්නේ මේක තව දුරටත් ඉදිරියට ගෙනිහින්, ලංකාවෙන් සරණාගතයන් ලෙස පැමිණෙන සියලු දෙනා ආපසු ලංකාවට හරවා යැවිය හැකි පරිදි ගිවිසුමක් ලංකා රජය සමග අත්සන් කළ යුතුයි කියලා. ඉතින් මෙහෙම උදව්වක් කළ ලංකා රජය අමනාපයට පත් කරවිය හැකි දෙයක් වන ෆෙද්රිකාගේ අයදුම් පත, ඕස්ට්‍රේලියානු රජය අනුමත කරයිද? අනික ලෝකේ කොහෙවත් රටක මානව හිමිකම් හෝ ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී ඉඳල, ඊළඟ මැතිවරණය පරාජය වන්න ලෝකේ කවර හෝ රටක පක්ෂයක් ක්‍රියා කරයිද? නැහැ.

අනික තමා මගේ චන්දය දීමේදී, මා ලංකාවේ ඉපදුන කෙනෙක් උවත්, මේ ප්‍රශ්නයේදී හෝ වෙනත් විදේශ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ආකාරය සැලකිල්ලට ගන්න වෙන්නේ නැහැ. මොකද ප්‍රධාන පක්ෂ දෙකේම විදේශ ප්‍රතිපත්තිය එක හා සමානයි. ඒකට විකල්පයක් ලෙස තියෙන්නේ හරිත පක්ෂ විදේශ ප්‍රතිපත්තිය. එතකොට (පාවෙන චන්ද දායකයෙකුට) තීරණය කරන්න තියෙන්නේ, හරිත පක්ෂයට චන්දෙ දීලා, ලිබරල් පක්ෂය බලයට පත් කරනවද, නැත්නම් කම්කරු පක්ෂය බලයට පත්කරනවද  කියන එක.

Advertisements

16 Comments

Filed under Media

16 responses to “ෆෙඩ්රිකා ජෑන්ස් ගේ සරණාගත විසා අයදුම් පත ප්‍රතික්ෂේප කරයි! Australia denies asylum for Frederica Jansz!

  1. //කුසලතා සංක්‍රමණික විසා //

    Please write more on this .

    • Buwa, I am neither a migration agent nor a lawyer. As such, what I will be writhing can be more of the same that I have been writing all along. Get ready to be disappointed! In that case, you can use my blog email to get in touch.

      • Sharing information is a good thing I guess .How ever It’s up to you to decide what you are gonna write . This is not a personal request .

  2. Kenji @ Japan

    මේ වගේ !@#$%^&* අයට වීසා දෙනවනම් දෙන්නේ ස්වාසිලන්තය වගේ රටවල් තමයි.

    • ස්වාසිලන්ත රජා ෆෙඩ්රිකාට කැමතිවෙයිද? මම සං හිතන්නෙ නෑ.

      • Kenji @ Japan

        @ රාජ්; මස් වැද්දෝ දොදොල් කැල්ලක් නොකා ඉදීවිද, මී පැණි වගේද දොදොල් කියල?

    • කෙන්ජි, ඔය ජවිපෙ, හෙළ උරුමේ, එජාප, ශ්‍රී ලංකා, සිංහල, දෙමල, මුස්ලිම්, ආණ්ඩුවට පක්ෂ, විපක්ෂ ආදී මෙකි නොකී සියලුම දෙනාට, තමන්ගේ රටේදී තර්ජනයක් ඇති උනහම විසාවක් ඉල්ලුම් කරන්න වත් පුළුවන් මේ අධිරාජ්‍ය වාදී බටහිර රටවලින් මිසක් චීන සමුහ ආණ්ඩුවෙන් නම් නොවේ!

      • Kenji @ Japan

        අනේද කියන්නේ රයිගම; අපි අපි මේවා කියවගන්නවා ඇරෙන්න???????

  3. එයාට, ලංකාව අනාරක්ෂිත තැනක් කරගත්තෙ එයාමයි. කුම්බලා මාළු කෑවානම් විඳවපන් බළලෝ.

    • මා ජිවිතේට මෙතුමිය ලියපු දෙයක් නම් කියවලා නැහැ. මා ලසන්ත ඉන්න කාලේ නම් ඔය පත්තරේ කියෙව්වා. ලසන්තගේ ඝාතනයත් සමග පත්තරෙත් ඝාතනය උනා. හැබැයි රාජ්, මා ලියුවේ, මා එතුමිය උනා නම්, ඕස්ට්‍රේලියාවේ සරණාගත විසා ඉල්ලුම් කරන්නේ නැහැ කියන එක. අර එරික් සොඉල්හෙල්ම් කියල තිබුනා වගේ එල්ටීටීඊ එකට ජාත්‍යන්තර සම්බන්දතා ගැන තිබුන අවබෝධය බින්දුවට ආසන්නයි කියන එක මෙතෙන්ටත් ගැලපෙනවා.

  4. Kandyan

    වැඩියෙන් දෙන්න ගිහින් වැඩි වැඩියෙන්ම ඇරගෙන…කාට හරි අල්ලලා වැඩේ කරගනී…නැත්නං බෝට්ටුවක පාවෙලා හරි යයි.

    • කැන්ඩියන්, මා රාජ්ට ලියුවා වගේ ෆෙඩ්රිකා ලියපු දේවල් මා කියවලා නම් නැහැ. නමුත් ඇය කතුවරියක් හැටියට, ඔය කියන ගාමිණි සුමනසේකර හෝ වික්ටර් අයිවන් නැති නම් අර ජනාධිපති සමග තේ පැන් සංග්‍රහයට යන අනික් කතුවරුන් ගෙන් වෙනස් යයි මා විශ්වාස කරන්නේ නැහැ.
      මෙය නම් ඔබට විතරක් නොවේ ලියන්නේ පොදුවේ. මා දිගින් දිගටම ලියල තියන පරිදි, අප කාන්තාවන් විවේචනය කිරීමේදී පිරිමින් විවේචනය කිරීමට යොදා නොගන්න භාෂාවක් භාවිතාවට ගන්නේ ඇයි? මේකට තමා කියන්නේ misogyny කියා. මේ දිනවල ඕස්ට්‍රේලියානු දේශපාලනයේත් ප්‍රධාන මාතෘකාවක්.

      • Kandyan

        මම කිව්ව දේ වැරදි විධිහට අරගෙන කියලා හිතන හින්දයි ආපහු ලියන්නේ.
        අපි සිංහල slang එකෙන් කියන ‘ඇල්ලීම’ ස්ත්‍රී පුරුෂ දෙවර්ගයට පොදුවේ කිව්ව දෙයක්..නැතුව ගැහැණු කෙනෙක් නිසාම නෙවෙයි. වැඩි වැඩියෙන් ලොකු ලොකු අයට ‘අල්ලලා’ ආපු අපේ රටේ සරණාගත ‘පිරිමි’ මාධ්‍යවේදියෝත් මම ඉන්න රටේදි හම්බවෙලා තියනවා.

        • අන්න එහෙම කියන්න කැන්ඩියන්. ඔබේ පැහැදිලි කිරීම මා අගේ කරනවා. ඔහොම ගිය “සරණාගත මාධ්‍යවෙදියන්” කරන “සරණාගත” මාධ්‍ය කලාව ගැන මාත් ලියා තියනවා.

  5. හසී

    “ඒකට විකල්පයක් ලෙස තියෙන්නේ හරිත පක්ෂ විදේශ ප්‍රතිපත්තිය. එතකොට (පාවෙන චන්ද දායකයෙකුට) තීරණය කරන්න තියෙන්නේ, හරිත පක්ෂයට චන්දෙ දීලා, ලිබරල් පක්ෂය බලයට පත් කරනවද, නැත්නම් කම්කරු පක්ෂය බලයට පත්කරනවද කියන එක”
    I was surprised to read this from you. Australia has preferential voting system, So by voting greens you dont elect Liberals. Give first preference to Greens and and second to Labor. In the preference distribution your vote will be ultimately be counted on Labor. With all due respect to you please read more of Anthony Greens or Mumble, they both very are informative blogs.

    “අප කාන්තාවන් විවේචනය කිරීමේදී පිරිමින් විවේචනය කිරීමට යොදා නොගන්න භාෂාවක් භාවිතාවට ගන්නේ ඇයි? මේකට තමා කියන්නේ misogyny කි
    That is not Misogyny, refer a dictionary, Sexism would be better term I guess. Misogyny is too harsh language by any means to criticize your opposition.

    • Hi Hasi, Thanks for reading my blog. These days I stay away from this as I have bigger problems to deal with. However, I would like to reply to your comment briefly. What I said was “එතකොට (පාවෙන චන්ද දායකයෙකුට) තීරණය කරන්න තියෙන්නේ, හරිත පක්ෂයට චන්දෙ දීලා, ලිබරල් පක්ෂය බලයට පත් කරනවද, නැත්නම් කම්කරු පක්ෂය බලයට පත්කරනවද කියන එක”
      I have been voting here for a while Hasi. I am not apologising for being “deeply superficial” here. In reality, by giving your first preference to the green, you either elect (or let to elect) the Labor or the Libarals. When I want to elect one of them directly why I should give my first preference to the green as you suggest ?(only for having a preferable foreign policy?).
      “In the preference distribution your vote will be ultimately be counted on Labor” Really? As you know it won’t happen when one candidate gets (absolute majority) 50% of votes in the first round of counting.
      I agree that I should have used the term of Sexism in my comment. However, in politics you can not draw a fine line between the two. It can be a bit of both. Saying that, these allegations came from veteran female politicians. I am not going to dispute with what they have had experienced in their political life.
      Thanks for your kind suggestion. With all due respect to you (as well),I would like to note that I do not consider blogs as sources of information. I never read them to be enlightened. I also write this blog to express my opinion. You may have a different one (opinion) as everybody else does(which is fine by me). Cheers!

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s