ආත්ම විශ්වාසයක් නැති ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්! This time, losing while winning!


ශ්‍රී ලාංකික ක්‍රිකට් කණ්ඩායම අන්තිම වරට ඕස්ට්‍රේලියාවට ආපු වෙලාවේ මා සටහන් කීපයක්ම ලියුවේ ඔවුන්ව අගය කරලා. ඒ දවස් වල ඔවුන්ට වැටුප් පවා  ගෙවා ගන්න බැරිව හිටිය කාලයක්. ඕස්ට්‍රේලියානු සංචාරයේදී ඔවුන් ගේ ක්‍රීඩා විලාශයට ඒ එකක් වත් බල පාල තිබුන බවක් අප දුටුවේ නැහැ.

ශ්‍රීලංකා ක්‍රිකට් කියන්නේ ඩොලර් වලින්ම ගෙඩි පිටින් දශ ලක්ෂ ගණනින් හම්බ කරපු ආයතනයක්. පසුගිය දශකය තුලදී දේශපාලකයන් හා ඔවුනගේ හෙන්චයියලා මේක කා දමපු ආකාරය ගැන ලංකාවේ කට්ටිය විතරක් නොවේ ලෝකේ හැමෝමත් දන්නවා. ඒක එහෙම උනත්, ක්‍රීඩකයන්ගේ දක්ෂතා අඩු උනේ නැති බවට සාක්ෂි තමා කණ්ඩායම අවසාන මහා තරඟයට තේරීම, මේ 20 යි 20 ස්ස විතරක් නොවේ, අවසාන ලෝක කුසලාන තරඟ මාලවෙදිත්.

පසු බෑම් නොතිබුනා කියා මා කියන්නේ නැහැ. නමුත්, ක්‍රීඩකයන්ගේ දක්ෂතා නිසා හම්බ කරන්න පුළුවන් උන සේරම සල්ලිත්, ඔවුනගේ හා අනාගත ක්‍රිකට් වෙනුවෙන් යොදවන්නේ නැතිව ගසා කාපු කට්ටියක්, තමන්ගේ පරිපාලනය මෙහෙය වන විට මේ තරමින් වත් ඔවුනගේ ආත්ම විශ්වාසය රඳවා ගනිමින් ක්‍රීඩා කිරීම ගැන මට නම් වෙන රටක හිටියත් ආශ්වාදය ගෙන දෙන්නක්.

ලංකාවේ වගේ නොවේ, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් වලට දේශපාලන හෙන්චයියෝ අතපොවනවා කියලා ඇහෙන්නේ නැහැ. මේවායේ වැඩට ඉන්න කට්ටිය එක්ක, එහෙම අත පොවන්නත් බැහැ. මොකද ඔවුනටත් පව්රුශයක් තියන නිසා. ඒ වගේම මෙහේ ක්‍රීඩකයන්ට තියන පහසු කම් ලංකාවේ හෝ කොදෙව් දුපත් වල  තියනවා කියල කියන්න බැහැ. එහෙම ඕස්ට්‍රේලියානු කණ්ඩායමටත් අවසාන මහා තරඟයට එන්න බැරි උනා.

ඒත් අලුත්ම පැහැදිලි කිරීම්වලට අනුව, ලංකා කණ්ඩායමට දිනන්න බැරි වෙලා තියෙන්නේ ආත්ම ශක්තියක් නැති හින්දා. තමන්ගේ හා තමන්ට කලින් හිටිය ක්‍රීඩකයන් පෙන්වපු දක්ෂතා නිසා ගලා ආ ධනස්කන්දය මහා දවල් මංකොල්ල කත්දිත්, තමන්ගේ වැටුප වත් ගෙවා ගන්න බැරිව ඉන්න කොට  ඒ ගැන කන් කෙඳිරි නොගා සෙල්ලම් කළ, පිරිසකට ආත්ම ශක්තිය ගැන කියල දෙන්න යන කට්ටිය නම් හරිම අපුරු පිරිසක්!

Advertisements

6 Comments

Filed under Politics, Social

6 responses to “ආත්ම විශ්වාසයක් නැති ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්! This time, losing while winning!

  1. ෆයිනල් වලට මුහුණ දෙන කොට නම් “ෆයිනල් ෆෝබියාවක් ” තියන බවක් නම් පේන්න තියෙයි . කොහොම වුනත් ඔය ආත්ම ශක්ති කථාව කියපු කෙනා ගැන ලියනවා නම් ඕස්ට්‍රේලියාවේ ඉඳන්ම තමා

    • Raigama

      මේකනේ බුවා, ෆෝබියාවකින් හරි මුහුණ දෙන්න ෆයිනල් එනවනේ. ඒ ගැන මොකද කියන්නේ. සේරම කඩා වැටීගෙන යන කොට එක දෙයක් ගැන විතරක් මොකද විශේෂයක්. අප අගය කරන්න ඕනේ ඔවුනගේ අවසාන තරඟයට පැමිණීමත්. එතකොට ඉන්දියානු කණ්ඩායමට මොකුත්ම දෙයක් නැහැනේ.

  2. Kenji @ Japan

    මටත් පත්තරේ පොරගේ “පොර” ටෝක් එක දැක්ක ගමන් හකස් ගෑවුනා.

    • Raigama

      බුවා කියපු පරිදි, ඔවුනට කතා කිරීමට බැරි දෙයක් මාත් ලිවීමට යන්නේ නැහැ කෙන්ජි!

  3. මොන ශක්තියක් තිවුනත් වැඩක්ය, අරයා ග්‍රවුන්ඩ් එකට ආවාම ඔක්කොම ඉවරයිනේ. හිහ් හිහ්

    • Raigama

      ඔබ මේ කවුරු ගැනද කියන්නේ? 🙂