සිනහවේ කුළ! The Birrigai rock shelter-they really cooked there!


මා කලින් සටහනෙන් කියුව පරිදි ආදී වාසීන්ගේ ජිවිත ගැන දැනගන්න කුඩා කාලයේ පටන්ම උනන්දුවක් තිබුනා. එක්තරා කාලයක ඕස්ට්‍රේලියාවේදී මා කියෙවුවෙ මෙහෙ ආදිවාසීන්ගේ ජිවිත ගැන ලියවුන පොත් පමණයි. මේවා ලියල තිබුනේ ඇබොරිජිනල් වරුන්ම විතරක් නොවේ සුද්දනුත්.

කැන්බරා කියුවහම ගොඩක් දෙනා දන්නේ නවීන සැලැස්මකට හදපු සැලසුම් සහගත නගරයක් කියලා. කැන්බරා නුවර පිහිටුවා වසර 100 ක් පිරිම සිදුවන්නේ ලබන වසරේ. ඒත් මෙය අවුරුදු සියක් පමණක් පිරුණු නගරක්ද?

කැන්බරා කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඇබෝරිජිනල් වරුන්ගේ භාෂාවෙන් රැස් වෙන තැන කියන අරුතයි කියල කියවෙන්නේ. හැබැයි මිනිසුන් ම නොවේ, මා හිතන්නේ මේකෙන් අදහස් කරලා තියෙන්නේ. ඔවුනගේ ප්‍රනීත හා පෝෂ්‍ය දායි ආහාරයක් උන බෝගොන්ග් සලබයා රැස් වන ස්ථානයක්. නගරක් උනත් කැන්බරා කියන්නේ ගමක්. ඒ නිසා ඇවිදින්න පුළුවන් තැන් නගරයකට වඩා වෙනස්. මා කියන්න යන්නේ ඉතිහාසයටත් වැදගත් එවැනි තැනක්.

කැන්බරා වල දකුණු පැත්තට වන්නට තියන ටිද්බින්බිලා කියන පළාතේ තියන බිරිගයි කියන ගල්ගුහාව බලන්න ගියොත්, ඔබ හිතාවි ඕකත් ගුහාවක්ද කියල. මේක හැදිලා තියෙන්නේ ලොකු ගල් කුල දෙකක් එකිනෙකට හේත්තු වීමෙන්. ප්‍රමාණයේ හැටියට මිනිසුන් 12 දෙනෙකුට විතර ඉඩකඩ සපයනවා. පැති දෙකක්ම විවුර්තයි. ඉතින් ශීතල සුලන් ගුහාව හරහා හමා යන්න පුළුවන්. හැබයි එක පැත්තක් ආවරණය කලොත්, එය උණුසුම් තැනක් බවට පත් කර ගන්න පුළුවන්. ඉතින් මොකක්ද මෙහි තියන වැදගත්කම?

ගුහාවේ දර්ශනයක්

පුරාවිද්‍යා කැනීම් වලට අනුව මේ ගුහාව මෙහි ආදී වාසීන්ගේ නවාතැනක් වී තියෙන්නේ මිට වසර 21 000 කට පමණ පෙර සිට. ඇබෝරිජිනල් වරුන්ගේ ඕස්ට්‍රේලියා ඉතිහාසය අවුරුදු 60 000 ක් පමණ එහාට දිව යනවා. අනුමාන කරන්නේ මෙහෙ ආදිවාසින් අෆ්රිකාවේ සිට මෙහි පැමිණ තිබෙන්නේ මිට වසර 50 000 – 60 000 ත් අතර කාලයට පෙර කියලා. ඒ හැටියට මේ කාලය ඉන් තුනෙන් එකක් විතරයි. ඒකෙන් මේ ගුහාවේ ඉතිහාසයේ වැදගත්කම අඩුවෙන්නේ නැහැ.

අවුරුදු විසිදාහකට එපිට ඕස්ට්‍රේලියාවත් ලෝකයේ අනික් රටවලුත් ගත කරන්නේ අවසාන අයිස් යුගයේ. ඒ කියන්නේ මේ ගුහාව අවට උෂ්ණත්වය ග්‍රීෂ්ම කාලයේත් සෙන්ට්‍රිගේට් අංශක 10 කට වඩා ඉහල නැති බව තමා හිතන්නේ. ඒ වගේම වාර්ෂික වර්ශාපතනයත් අදට වඩා අඩුයි කියවෙනවා. ඒ වගේම අද වගේ නොවේ මේ ගල්කුලේ ඉඳන් බැලුවහම අවට නිම්නයන් පැහැදිලිව දකින්න පුළුවන් වෙන්න ඇති කියා අනුමාන කරන්නේ, විශාල ගස් මේ ප්‍රදේශයේ ඒ කාලයේ නොතිබුන නිසා.

ඒ කාලයේ මේ ගුහාව භාවිතා කරලා තියෙන්නේ ග්‍රීෂ්ම කාලයේ දඩයමේ යනවිට නවාතැන් පොලක් හෝ කුඩාරමක් වශයෙන් කියා පුරාවිද්‍යාඥයන් හිතනවා. කොහොමහරි මෙහි කැනීම් වලදී වසර 16 000 ක් පමණ පැරණි “උදුනක” යයි සැලකිය හැකි කොටස් හමු වෙලා තියනවා. මේ උදුන උණුසුම් වීම පිණිස නොව, ආහාර පිසීම සඳහා භාවිතා කලයි කියල හිතන්නේ, ඒ සමග හමු වී තියන ප්‍රාථමික දඩයම් උපකරණ හා ලිප් ගල් නිසා. හැබැයි ඔවුන් මොනවාද ඉයුවේ කියන්න නම් සාධක නැහැ.

ලෝකයේ අවසාන අයිස් යුගය වන විට ඇබොරිජිනල්  වරු ඕස්ට්‍රේලියාව පුරාම විසිරිලා හිටියා යයි හිතන්න ශාක්ෂි තියනවා. හැබැයි මෙවැනි දුෂ්කර කඳුකර අධික ශීතල ප්‍රදෙශයකත් ඔවුන් ජිවත් උනා කියන සාධක වැදගත් කියා කියන්නේ හේතු දෙකක් නිසා. එකක් තමයි ඔවුන්ගේ ජිව විද්‍යාත්මක අතින් මෙවැනි දුෂ්කර පරිසරයකට අනුවර්තනය වීමේ හැකියාව තිබිල තියන එක . අනික තමා  ඔවුන් එවැනි පරිසරයක විසීමට පුළුවන් තරම් සංස්කෘතික  වශයෙනුත් හැඩ ගැසී තිබීම.

සිනහවේ කුළ

මිට වසර 15 000 -10 000 ක් වනවිට ලෝකයේ උෂ්ණත්වය අයිස් යුගයෙන් මිදිලා ඉහල යාමත් සමගම, මේ ගල්ගුහාව හා අවට ආදිවාසීන්ගේ ක්‍රියා කාරකම් ඉහල ගිය බවට ශාක්ෂි තියනවා. හැබැයි මිට වසට 3000 කට පසුව තමා මෙම ගුහාව වැඩිපුර පාවිච්චියට අරන් තියෙන්නේ. ඒ වන විට ගුහාව ඔවුනගේ උත්සව අවස්ථා වලටත් භාවිතා කළ බව හිතන්න පුළුවන්. ගුහාවට ඔවුන් දීල තියන නමත් එයටම අදාලයි. ඒ තමයි සිනහවේ කුළ කියන එක.  යුරෝපිය පදිංචි කරුවන් මේ ප්‍රදේශයට මුලින්ම ඇවිත් තියෙන්නේ 1839-40 කාලේ. ඒ වන විට ගුහාවේ තියන දේවල් අතර හාවුන්ගේ ඇට කටු හා අඟුරු බහුලයි. 

ටිද්බින්බිලා කියන ඇබොරිජිනල් වචනයේ තේරුමත් වැඩිවියට පැමිණුන ස්ථානය කියන එක. ආදී වාසීන්ගේ දරුවන් කළ වයසට පැමිණුනාම සමාජයට එකතු කරන්නට පෙර උත්සවයක් තියලා තමයි එය කරන්නේ. මෙවැනි ගල් ගුහා ආශ්‍රිතව තමා එවැනි උත්සව පවත්වා තියෙන්නේ. තව කරුණක් තමා අර කලින් කියපු බෝගොන්ග් සලබයිනුත් මේ ගුහා වල රැස් වෙනවා. ඔවුනුත් එකතු කර ගැනීමට මෙහි ආවා යයි හිතන්න පුළුවන්.

මිටියාවතේ දර්ශනයක්

(මා කියවපු පොත් හා ලිපි වල මතකය, අන්තර්ජාලය හා ගුහාව අවට මාර්ග උපදේශක පුවරු වලින් ගත් විස්තර, සටහන ලිවිම  සඳහා උපයෝගී කර ගත් බව සලකන්න. ඡායාරූප මගෙනි ).

ප ලි

කියවන්න වසර විසි දාහකට පමණ පෙර චීන ජාතිකයන් කරලා තියන දේත්. ඒ ගමන්ම ටිකක් හිතන්න ඔවුන් පසු කාලයේ ලොවට ඉදිරිපත් කල සොයා ගැනීම් ගැනත්. ඇබොරිජිනල් වරුන්ටත් ආවේනික තාක්ෂණයක් හා සංස්කෘතියක් තිබුනා තමා. හැබැයි චීන ජාතිකයන්ගේ අඩි පාරේ ගියා නම්……
Advertisements

12 Comments

Filed under Social

12 responses to “සිනහවේ කුළ! The Birrigai rock shelter-they really cooked there!

  1. පුදුමයි. ඇබෝලගෙ ශාරීරික ලක්ෂන දැක්කාම නම් ශීතලට ඔරොත්තු දෙන්න හැදිච්ච ජන වර්ගයක් කියලා හිතන්නත් අමාරුයි, නේද?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    • එහෙම කියන්න එපා හෙන්රි. ඔවුනගේ පරණ ඡායාරූප බලන්න. ඔවුනගේ ඇඟපත හරිම ශක්තිමත්. මේ පරිසරයේ එහෙම නැතුව ඔරොත්තු දෙන්නේ නැහැ. ඔවුනට අවුරුදු 50000 කට වඩා හැඩ ගැසීමක් තියනවා.

  2. wadagath deyak dana gaththa obata sthuti

  3. Kenji @ Japan

    ඇබොරිජිනල්වරුන් දැන් ගත කරන ජීවිතය පුරාණයේ ජිවත් වූ ක්‍රමයට කිට්ටුවෙන් යනවද?,නැත්නම් ලංකාවේ වැදී පරපුර වගේ ෆෝන් පාවිච්චි කරන,ක්‍රිකට් ගහන නවීන පන්නයට හුරුවෙලාද?කැන්බරා එච්චර පැරණි ඉතිහාසයක් තිබෙන නගරයක් කියල දැනගෙන හිටියේ නැහැ.හොද ලිපියක්.

    • හැබැයි කෙන්ජි අප අද නගර ලෙස සලකන අරුතින් නොවේ. මේවායේ මිනිසුන් ගැවසුණේ සුද්දන් එන්න බොහෝ කලකට පෙර. ඇබෝරිජිනල් වරුන්ගේ ජීවිතය, මෙහෙ සුදු පාලනයත් සමග වෙනස් උනා. ඒ ගැන මා දන්නා දේ අනාගතයේදී ලියන්නම්. ඔවුන් අප වගේම තමා. මේ සමාජයේ ඉන්නේ. ලොකු තානාන්තර දරන හා දරපු අයත් ඉන්නවා. නමුත් ඔවුන් බහුලව ඉන්න උතුරු පළාතේ තත්වය ටිකක් නරකයි. මේ රට ඇතුලේ තවත් රටක් කියල කියන්න පුළුවන්. අනික තමා, ඔවුන්ව තවම මෙහෙ විව්‍යවස්තාව පිලි අරන් නැහැ. මේ කොච්චර කලත් ඒක තවම වාද කර කර ඉන්නවා. ඔවුනගේ කතන්දරේ එක සටහනකින් කියන්න අමාරුයි.

      • Kenji @ Japan

        රයිගම; අර ටික කලකට පෙර ගිලාර්ඩ් මහත්මියව ශාලාවක් ඇතුලේ කොටු කරගෙන ඇබොරිජිනල්වරුන් තොවිලයක් නටල එතුමිය සෙරෙප්පු දාල දිව්ව කේස් එක?ඒ අයව උසිගගන්වන කොටසක් පිටුපසින් ඉන්නවද?නැතිව ඒ අයම එකතු වෙලා සටනක් ගෙනියනවද?[මෙයට උත්තර ලියන්න කරදර වෙන්න එපා.වෙන ලිපියක් ලියද්දි දැනගත්තම ඇති.]

        • Raigama

          කොයි ජාතියේත් වගේ තොවිල නටන කට්ටිය ඔවුනටත් ඉන්නවා කෙන්ජි. තව කට්ටියක් කසියා ගහල වැටිලා ඉන්නවා. මේ අතරේ ඇත්තටම තමන්ට උනේ මොකක්ද, අද රටේ තත්වය අනුව මොනවාද කරන්න ඕනේ කියල තේරුම් අරන් වැඩ කරන පිරිස අනික් හැම ජාතියකම වගේ ඔවුනගේත් අඩුයි.

  4. Hasitha

    කැන්ගරු කියන එකත් එතකොට ඇබොරිජින් වචනයක් වෙන්න ඕනේ…

    • ඔව් හසිත. ගන්ගරු වගේ වචනයක් තමා මුල් එක. හැබැයි හසිත ඇබෝරිජිනල් වරුන්ගේ භාෂා 200 ගානක් වගේ තිබිල තියනවා. ඔවුනගේ ගොත්රත් ඒ වගේම විශාල ගණනක් තිබිල තියනවා. ආකරමනිකයත් එක්ක සටන් කරනවාට වැඩිය ඔවුන් සටන් කරලා තියෙන්නේ තම තමන් සමගයි.

      • Kenji @ Japan

        ඒ අයගෙන් පුරුදු වෙලාද දන්නේ නැහැ සජිත් උන්නැහෙත් UNP එක ඇතුලෙත් කරන්නේ?

        • Raigama

          එහෙම කරනවා නම් ජරාම පොරක්නේ කෙන්ජි. කාගේ පුතෙක්ද ඔය?

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s