එහෙත් හරි වැස්ස, මෙහෙත් හරි වැස්ස! They are the same everywhere!


අපේ ගම් පළාතේ හාමුදුරු වරුන් පිරිසක් අර වඳ සැත්කම් කර ගන්න ගිය කාන්තාවන්ට එරෙහිව කරපු උද්ගෝෂණය ඔබලා දන්නවා ඇතිනේ. මේ ගැන බ්ලොග් සටහනක් පවා මා කියෙව්වා. ඒ සේරම හොඳයි. මා නම් කවදාවත් මගේ ලෞකික ජීවිතය ගත කරන්නේ කොහොමද කියලා උපදෙස් ගන්න මොනම ආගමික ආයතනයකට වත් හෝ එවැනි ආයතනවල ඉන්නා අය ගාවටවත් යන්නේ නැහැ. විශේෂයෙන් කසාද බැඳ නැති, දරු මල්ලෝ නැති, රස්සාවල් කරන්නේ නැති එවැනි කෙනෙකුගෙන් මට ගන්න පුළුවන් උපදේශයක් ඇති කියලා මා හිතන්නේ නැහැ.

බුදු දහමේ කියවෙන අග්‍ර ඵලය තමා නිවන. ඒ කියන්නේ නැවත ඉපදීමක් නැතිය කියන එක (මා නම් කැමතියි නැවත ඉපදෙන්න පුළුවන් නම් ඒකට). එහෙම නම් බෞද්ධයගෙන් “හොඳ” අයට නැවත ඉපදීමක් නැහැ. “සිංහල බෞද්ධ”  පිරිස එන්න එන්නම අඩු වෙනවා නම් එයින් කියවෙන්නේ ඔවුන් හොඳ බෞද්ධයන් බව නොවේද?

මේක නොවේ මා ලියන්න ආවේ. අද ඕස්ට්‍රේලියාවෙත් ලොකුම පුවතක්  තමා කතෝලික පල්ලිය ළමා අපචාර යට ගහන එක. මේ ගැන පරීක්ෂණ කරන්න රාජකීය කොමිසමක් පත් කරන්න කියන ඉල්ලීම අද කරලියට ආවා. ළමා හා අනිකුත් අපචාර කතෝලික පල්ලියට විතරක් සීමා වෙන්නේ නැහැ. අනෙකුත් ආගමික සංස්ථාවලත් ඕනේ තරම් තියනවා. මේවාට හවුල් එවැනි සංස්ථා වල ඉන්න සේරම නොවේ. හැබැයි එවැනි දේවල් යට ගහන්න නම් ඒ සංස්ථාවල ඉන්න සේරම හවුල්. අන්‍යයන්ට ප්‍රේම කරන්න, සියලු සත්වයන්ට ආදරය කරන්න කියන මේ ආගම් ප්‍රචාරය කරන්න දිවි කැපවී ඉන්න මේ පිරිස ඇයි මෙහෙම හැසිරෙන්නේ කියල මට නම් තේරුම් ගන්න අමාරුයි. ඊටත් වඩා මේ සමාජයේ තියන කාටත් පොදු නිතිය, මෙයාලට එරෙහිව ක්‍රියාත්මක වන්න මෙතරම් ප්‍රමාද මොකද කියන එකත් ප්‍රශ්නයක්. මේක ලංකාවට හෝ ඕස්ට්‍රේලියාවට විතරක් සීමා උන දෙයක් නොවේ.

ප. ලි.

ඉහත සටහන ලියුවේ නොවැම්බර නවවනදා. අද නොවැම්බර දහතුන, ඕස්ට්‍රේලියානු අගමැතිනිය සමාජයෙන්, අපචාරයට ලක් උන පිරිසගෙන්, සමහර පොලිස් නිලධාරීන්ගෙන්  හා පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගෙන් එල්ල උන බල පෑම හමුවේ, සමාජ සංස්ථා (වෙන මොනවාද කතෝලික පල්ලිය තමා) වලින් සිදු කෙරුණු ළමා අපචාර හා අපරාධ පිළිබඳව පිරික්සීමට රාජකීය කොමිසමක් පත් කරන බව පැවසුවාය.
Advertisements

10 Comments

Filed under Social

10 responses to “එහෙත් හරි වැස්ස, මෙහෙත් හරි වැස්ස! They are the same everywhere!

  1. kathandarakaraya

    පන්සල්වල ළමා අපචාර ගැනත් කතා කෙරෙන දවසක් ඒවි. මේකට කියන්නේ පන්සල් සූදුව කියා බව මාරයා ගේ හෝරාව එකේ ලියා තිබුණා!
    ctkumara.blogspot.com/2012/07/blog-post_24.html

    • Raigama

      කකා මේ ලින්කුවේ නම් ප්‍රශ්නයක් තියනවා. මා ගිහින් බැලුවා. ඔබ එහි දමල තියන එක ප්‍රතිචාරයක් හරිම වැදගත් එකක්. ඒ නම්, මේවා සමලිංගික සම්බන්දතා නොවේ. මේවා ළමා අපචාර. මේ දෙකේ විශාල වෙනසක් තියනවා.

  2. ඇත්තම කිව්වොත් කවුරුත් කැමතියි නැවත ඉපදෙන්න.
    නීතිය විවිධාකාරයෙක් ක්‍රියාත්මක වෙන එක අපි හැමදා අත් විඳින දෙයක් මෙහෙදි නම්,
    ඕස්ට්‍රේලියාවෙ රාජකීය කොමිසම් විශ්වාස කරන්න පුලුවන් තත්වෙක තියෙනවද?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    • එහෙම නැවත ඉපදෙන්න කැමති කෙනෙක් හිටියත්, මිය ගියහම අනෙක් අය පින් අනුමෝදන් කරන හැටියට ඒ අය නැවත මේ ලෝකේ ඉපදෙන්නේ නැති හැකියාවත් බැහැර කරන්න බැහැනේ හෙන්රි. එහෙම එකේ විශේෂයෙන් මේ පින් අනුමෝදන් කරන හාමුදුරුවන්ට එම ආගමම අදහන ජාතියක ප්‍රමාණාත්මක වර්ධනය ගැන පෙනී හිටීම මට තේරුම් ගන්න බැහැ.
      ඕස්ට්‍රේලියානු රාජකීය කොමිසන් නම් එතරම් නරක නැහැ. හැබැයි මේවා දාන්නේ අර කෙලින් කරන්න තියන දෙයක් වක්‍රාකාරව කිරීමට තමා. මේවට විශාල මුදලක් යනවා.

  3. අද ඉන්න ගනින්නාන්සෙලා කවුරුත් එකයි. මම අද හම්බන්තොට ගිහිල්ල එන ගමන් තේ එකක් බොන්න පොඩි කඩයක් ලඟ නැවතුනා. එතනට ආව ඉලන්දාරියෙක් අද වෙච්ච කතාවක් කිව්ව. එයාල කට්ටිය මාතර වෙහෙරහේන පන්සලට ගිහිල්ල. තරුණයගෙ නංගිට ඇතුලට යන්න අවසර ලැබිල නෑ. හේතුව කලිසම ඇඳගෙන සිටීම. හාමුදුරුවන්ට විරුද්ධවුන අයියටත් ගහල පොලිසියට අල්ලල දීල. පොලිසියෙදි තමයි දැනගෙන තියෙන්නෙ හාමුදුරුවන්ටත් ගෑනු කේස් සම්බන්ධ පැමිණිලි රාශියක් තියනව කියල. ඔන්න ආගමට ගිය කල!

    • ලංකාවේ බෞද්ධාගම හැටියට පන්සල් වල හා මිනිසුන්ගේ සිත් සතන් තුල තිබුන යහපත් දේවල් සියල්ල අද එක්කෝ විකෘර්ති කරලා, නැත්නම් නැත්තටම නැති වෙලා ගිහින් කියල මා හිතනවා රාජ්. ඔබ ඔය කියන විදිහේ දේවල් අද හැම තැනින්ම අසන්නට ලැබෙනවා. මේවා කට කතා උනත් අර දේශපාලකයන් සම්බන්දයෙන් වගේම, මෙවැනි ආගමික සංස්ථා ආශ්‍රිත කට කතා ඇත්තය කියලා විශ්වාස කරන්න මා මැලි වෙන්නේ නැහැ. කනගාටුයි කියන්න, ඕස්ට්‍රේලියාවේ පවා “සහකාරියන්” පන්සලේම නවත්වාගෙන ඉන්නවා යයි කියන ශ්‍රමණ පිරිස් ඉන්නවා කියා මා අහල තියනවා. මේ කට්ටියට වන්දනා මාන කරන්න හා නඩත්තු කරන්න පිරිස් ඉන්න කම් ඔවුනගේ පැවැත්ම නැති කරන්න බැහැ. මාතර වෙහෙරහේන පන්සල කියන්නේ අප හාමුදුරුවන්ට වඳින්නම යන තැනක් නොවේනේ. ඒ අතින් ගත්තොත් අර ඔබ කියපු තරුණයාට හා තරුණියට වෙන කරන්න විකල්පයක් තියනවාද? මෙතනට අදාළ නැති උනත් අර අපේ ගම පළාතේ වඳ සැත්කම් කිරීමට එරෙහි උන සියලුම දෙනා ගැනත් වචනයක් ලියන්නම්. මේ විශාල දේපොළ හා ආදායම් මාර්ග තියන පන්සල් හා උද්ගොෂණයේ යෙදෙන අය “ජාතිය නගා සිටුවන්න” නම් කල යුත්තේ පාරේ හිඟා කන මිනිසුන්ට, අධ්‍යාපනයක් නොලබන දෙනාට, රැකියාවක් හොයා ගන්න නැති පිරිස් වලට, ලෙඩට බේතක් ගන්න සල්ලි නැති උදවියට උදව් වීම මිසක්, උද්ගෝෂණය කරලා ඒ ගොඩට තවත් මිනිසුන් එකතු කිරීමද?

  4. Kenji @ Japan

    මේ හාමුදුරුවරුන් ඕන දේවල් වලට උද්ගෝෂණය කරන්නේ නැහැ.රටේ නිතිය වල් වැදිලා,හොරමැර,දුෂණ වංචා ගෙඩි පිටින් වෙනවා,ඒවාට පිරිත් නුල් ගැට ගගහා ආශීර්වාද කරනවා.පැත්තක තියෙන දෙයක් ඇදල අරගෙන පෙළපාලි,උද්ගෝෂණ කරනවා.

    • Raigama

      හරියටම හරි කෙන්ජි, ජාති බ්‍රෂ්ඨයන්ට පිරිත් නුල් බඳිනවා. විරුද්ධ වෙන්නත් අවශ්‍ය නැහැ, මේ දුෂණ හොර මැර කම් වලට ආශිර්වාදය දෙන්නේ නැතිව. මේ පිරිසේ යම් සමාජමය වටිනාකමක් තිබුනා නම් දැන් මේ වැඩ නිසා එය නැතිවී ගිහින්. ජාතිය වඳ වී යනවා නම් එයට මුලින්ම වග කියන්න ඕනේ, ජාතික ධනය කොල්ල කමින්, රටේ සංස්කෘතික හා පාරිසරික වැදගත් ස්ථාන විනාශ කරමින්, රටේ විශාල පිරිසක් දුප්පත්කමේ පතුලට ඇද දමමින් ගෙන යන මේ ගජමිතුරු පාලන ක්‍රමය හා එය ක්‍රියාත්මක කරන මහ ජාතියට අයත් පිරිසමයි.

  5. dawkinssdodo

    මෙන්න අපුරු ලියමනක්මේ ගැනම!

    • එය ගැන තමයි ඩොඩෝ මා සටහනේ මුල සඳහන් කලේ. හැබැයි ආගම් සම්බන්දව ගත්තොත් මට අද පලවෙන ගොඩක් අදහස් වලට වඩා වෙනස් අදහසක් තියන නිසා එයට ඇමුණුමක් දැම්මේ නැහැ. හැමෝම ගරහන්නේ තමන් ආගමට හැර අනෙක් ඒවාට පමණයි. මා දැක තියන දෙය නම් ඊට වෙනස්. ලංකාවේ ඉන්න “නිරාගම්” වාදීන් ගරහන්නේ බෞද්ධාගමට විතරයි. ඔවුන් නොකියා පෙන්නුම් කරන්න හදනවා අනෙක් ආගම් “හොඳයි” (ක්‍රියාත්මක වන සංස්ථා, ශ්‍රමනධාරින් හා අදහන අය) කියා. අනෙක් අතට ඔබ දමපු පොස්ටුවේ තියන එක කොමෙන්ටුවක් වගේ බෞද්ධාගම අදහන අය විස්වාස කරන්නේ එය අනෙක් ආගම් වලට වඩා “මිනිසත් කමට වටිනවා” කියලා. එහෙම නිසා ඕනෙම “නොමිනිස් වැඩක්” කරලා බෞද්ධාගම බේරා ගන්න ඕනේ කියන එකනේ අදහස. මා මේ සටහනෙන් ටිකක් කියා තිබෙන පරිදි මේ හැම ආගමක්ම මිනිසත් බවට අවැඩක් කරන එකක් නැහැ, ඒවා මුලින් දේශනා කරලා තියන සාශ්තෘන් කියන දේ ආසන්නයෙන් හරි පිළිපදිනවා නම්. නමුත් මේ හැම ආගමක්ම “බොක්කෙන්ම අදහන” පිරිස්කරන්නේ මිනිසත්බව දෙවෙනියට දාල ආගමට පළමු තැන දීමයි. බොහෝ මිනිසුන් මේවා (ආගම්) පාවිච්චි කරන්නේ තමන්ගේ සැබෑ දුෂ්ඨ බව වසා ගන්න කියා මට පෙනිලා තියන දේවල් වලින් උපකල්පනය කරනවා. ඕස්ට්‍රේලියාවෙත් කතෝලික පල්ලි වල පාදිලි වරුන් විසින් කරන ලද “පාදඩ”ක්‍රියා වලට අද වෙන තුරු යුක්තිය ඉටුවී නැත්තේ ඒ නිසා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s