පිදුරු වලින් ඉහල අස්වැන්නක් බලාපොරොත්තු වීම! What you sow is what you reap?


අද චූටි පුතාගේ පිහිනුම් පන්තිය අතරතුරේ බලන්න අරන්ගිය ඉංගිරිසි සඟරාව පැත්තකට දමපු මා පුතා ගෙනගොස් තිබුන එයාගේ ගැජට්ටුවකින් දිවයින පත්තරේ කියෙව්වේ කාලයකට පසු. ඒකෙ ලංකාවේ තියන පොහොර සතිය වෙනුවෙන් ලියවුන ලිපියකට මගේ අවධානය යොමු උනා. මෙහි මාතෘකාව උනේ “රසායනික පොහොර භාවිතය යළි සලකා බැලීමේ  අවස්තාවක්” කියලා.  සත්භාවයෙන් ලියා තියෙන බවක් පෙනුනද මේ වාගේ ලිපි  ඇත්තටම කඩුව අතට ගත් වඳුරා හා සමානයි.

ලෝක ජනගහනයේ සීග්‍ර වර්ධනයත් හා පරිසරය, ගහ කොළ හා පස  ගැන මිනිසාගේ අවබෝධයේ වර්ධනයත් සමග තමා නවීන දෙමුහුන් භෝග වර්ග හා කෘෂි රසායන වර්ග වෙළඳ  පොලට එන්නේ. පසුගිය අවුරුදු පනහක හැටක දත්ත විශ්ලේෂණය කරලා බැලුවොත් ඕනෙම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් ලෝකයේ ජනගහන වර්ධනයේ සිග්‍රතාවය. එම දායකත්වය වැඩියෙන්ම සපයා තියෙන්නේ අද ලෝකයේ “දියුණු වෙමින් පවතින” වායි කියන රටවල් කොට්ටාශය. ඒ වගේම මේ කාලය අතරතුරම ලෝකයේ ආහාර නිෂ්පාදනයත් පෙර නොවූ විරූ ලෙස ඉහල ගියා. විශේෂයෙන්  ධාන්‍ය වර්ග වල අස්වැන්න. මේ ගැන මා කලින් ලියා තියෙනවා. මෙම වර්ධනයට අලුතින් හඳුන්වා දුන් බෝග වර්ග හේතු උනා.

මිනිසා තැනින් තැන යමින් දඩයම් කරමින් හා එකතු කරමින් ගෙන ගිය ජිවිත රටාව, ගොවිතැන් බතක් කර ගනිමින් එක තැන ගෙවන යුගයට මාරු වීම ආරම්භ සමග කැලෑවට වැවුන වල්  ශාක ගොවිතැන් කිරීම පටන් ගත්තා. අද තියන ඔය කියන “දෙමුහුන් නොවන” කිසිම ධාන්‍ය හෝ වෙනත් බෝග වර්ගයක්  ඒවායේ මුලික (ආරම්භක) වල් ශාකයන්ට සමාන වෙන්නේ නැහැ. සරලව කියුවොත්, ශාක පිලිබඳ වැඩිපුර දැන ගැනීමත් සමග තමනට වඩාත් ගැලපෙන බෝග වර්ග බිහි කිරීමට මිනිසා සමත් උනා. අස්වැන්න වැඩිකම මෙයින් එක ගුණාංගයක් පමණයි. මේ ක්‍රියාවලිය තවම නතරවී නැහැ. අද එදාටත් වඩා අභියෝග වැඩියි. හැබැයි දැනුමත් වැඩියි. ඒ වගේම තාක්ෂණයත් දියුණුයි. මේ ක්‍රියාවලියේ ආපස්සට යාමක් ගැන හිතන්න අද බැහැ. මොකද කියනවා නම් ලෝකයේ විශාල පිරිසක්  ඉන්නවා, ප්‍රමාණවත් තරම් සරිලන ආහාර වේලක් ලබන්නේ  නැති.

මුළු ලෝකයම ගත්තොත් එහි නිපදවන ආහාර ප්‍රමාණය ලෝක ජනගහනයට ප්‍රමාණවත් වෙන්න පුළුවන් උවත්, මේවා හැම තැනටම බෙදී යන්නේ නැහැ. ලංකාව වගේ රට වලට අඩු පිරිවැයකින් තමන්ට  අවශ්‍ය ආහාර වලින් කොටසක් හෝ රටේම නිෂ්පාදනය කර ගැනීම කිහිප අතකින් වැදගත්. ඒ ගැනත් මගේ මතය කලින් ලියා තියනවා

හරකා බාන මගින් සි සෑ යුගයට  නැවත යන්න හැකියාවක් නැහැ. ඒ වගේම ගොම, කොළ අතු, පිදුරු වැනි කාබනික පොහොර විතරක් භාවිතයෙන් පමණක් ගොවිතැන් කිරීමට හැකියාවක් අද නැහැ.  මේකත් සරලව කියනවා නම්, පසේ තියන පෝෂක සංඝටක වලින් වැඩිම ප්‍රමාණයක් ඉවත් වන්නේ භෝගයක අස්වැන්නත් සමග. ශාකයක අනෙකුත් (පිදුරු, නැත්නම් හබරල කොළ වැනි) වර්ධක කොටස් වල ඉතුරු වන්නේ බොහොම අඩු පෝෂක ප්‍රමාණයක්. එතකොට මේවා යලි පසට එකතු කළා කියලා, පසෙන් ඉවත් උන පෝෂක වලින් ලැබෙන්නේ ඉතාම කුඩා ප්‍රමාණයක්. එතකොට සමීකරණය වන්නේ අස්වැන්න වැඩි වෙනවා කියන්නේ පසෙන් ඉවත් වන පෝෂක ප්‍රමාණයත් වැඩි වෙනවා කියන එකයි. මිනිසා මෙයට හොයා ගත පිළියම තමා සාන්ද්‍රගත පොහොර වර්ග.  අර කියන කාබනික පොහොර වලට වඩා වැඩිපුර සාන්ද්‍රණයකින්  මේවායේ අත්‍යාවශ්‍ය පෝෂක තියනවා.

පිට රටින් ආනයනය කෙරෙන පොහොර වර්ග වල බැර ලෝහ වර්ග,  හානිදායක ලෙස ඉහල නම් කළ යුත්තේ එම පොහොර ආනයනය, නවත්වා ලෝක ප්‍රමිතියට නිපදවන ලද පොහොර වර්ග ආනයනයයි. මේවා මිලදී ගන්නේ ( ණය සල්ලි වලින් උවත්) ලෝක වෙළඳපොලේ තියන ගානටයි. පත්තර වලට ලියන්නන් මතු කරන්න ඕනේ මේවයි. ඒ වගේම එප්පාවල  තියෙන්නේ ෆොස්පරස් පොහොර නිෂ්පාදනයට යොදා ගන්න පුළුවන්  අමු ද්‍රව්‍යයක් මිසක් නිමි නිෂ්පාදනයක් නොවේ. “උසස්  වර්ගයේ පොහොර කන්දක්” එප්පාවල නැහැ. කල යුත්තේ මෙම අමුද්‍රව්‍යය යොදා ගෙන හොඳ තත්වයේ පොහොර නිෂ්පාදනය ඇරඹීමයි. එයට වෙලා තියන සන්ගෙදියත් මා මිට පෙර ලියුවා. අනෙක ෆොස්පරස් කියන්නේ ශාකයකට අවශ්‍ය එක මූල ද්‍රව්‍යයක් පමණයි. රටේ ඉන්න කෘෂි නිලාධාරින්ටත් දොස් කියමින් ලියලා තියෙන මෙවැනි ලිපි වලින් ගත යුත්තක් තිබේ නම්, එය අර පිදුරු වගේම තමයි.

Advertisements

10 Comments

Filed under Agriculture

10 responses to “පිදුරු වලින් ඉහල අස්වැන්නක් බලාපොරොත්තු වීම! What you sow is what you reap?

  1. ඇත්තට ඔවු.මේවා දේශපාලන පරමාර්ථ ඇතුව ලියන දේවල් විතරයි.

    • Raigama

      ඔව් ඇත්ත වෙන්න පුළුවන් සයිබර් ලංකා. නමුත් අන්දවා තියන සළු පිලි නිසා මෙය කියවන ගොවි මහතෙක් නොමඟ යන්න පුළුවන්. විශේෂාංග කතෘගේ වැඩේ වෙන්න ඕනේ, මෙවැනි ලිපි ගැලපෙන අයුරින් සංස්කරණය කිරීම. එහෙමත් බැරි නම් පළ නොකර ඉඳීම. ලංකාවේ ජාතික පුවත් පත් නොබලන තරමට වෙන්නේ යහපතක්. අර වික්ටර් අයියා කියන්නේ සියලුම කාන්තාවන්ට ගෙදර දරුවන් බලාගෙන ඉන්න කියලා.

  2. කියලා වැඩක් නෑ….
    අපේ රටේ ප්‍රතිපත්ති හැදෙන්නෙ එක එක්කෙනාට ඕන විදියටයි කොමිස් එන විදියටයි මිසක් රටට හිතකර විදියකට නෙවෙයි.
    එප්පාවල නිධිය විතරක් පාවිච්චි කරලා බොහෝ දේ කරන්න පුළුවන්… නමුත් කිසි කෙනෙක් ඒකට යමක් කරන්නෙ නැහැ.
    පිදුරු දාලා අස්වැන්න වැඩි කර ගන්න පුළුවන් නම් අපට ඉස්සර කරන්නෙ බටහිර ජාතීන්. නමුත් ඔවුන් පිදුරු පුච්චන්නෙ නැහැ. ඒක ඇත්ත…
    මෙතැන තියෙන්නෙ අරමුණ පිළිබඳ ප්‍රශ්නයක්…. අනිත් එක තමයි හැමෝටම තම තමන්ගේ agenda තියෙනවා… ඒවා නැතිව හරියට වැඩ කරන කෙනෙක් හොයා ගන්න අමාරුයි…

    • Raigama

      ඇල්කෙමියෝ, මා හිතන්නේ රජතුමාටම සේරම වරදවල් පටවන එකේ තේරුමක් නැහැ. ඒ අය මේවා හදන්න වෙහෙසෙන පාටක් නැහැ. හැබැයි මේ වගේ මුග්ද අදහස් ජාතික පුවත් පතකින් ප්‍රචාරය කිරීම කෘෂිකර්ම ක්ෂේත්‍රයේ මෙතෙක් ඇවිත් තියන ගමන් මග ආපස්සට හරවන්නක්. නිකමට මොහොතකට හිතමු, කොමිස් නොගහා, එප්පාවල ෆොස්පේට් නිධියෙන් ද්‍රාව්‍ය පොහොර වර්ගයක් නිපදවන්න ආයෝජකයෙකු සොයා ගත්තා කියා. ඔය අයියලා උද්ගෝෂණය කරන්නේ නැත්ද? දැන් මේ අයියත් (අර ලිපිය ලියල තියෙන) කියන්නේ (හඟවන්නේ) රසායනික පොහොර නරකයි. හැබැයි එප්පාවෙල (රසායනික) පොහොර විතරක් හොඳයි කියල වගේනේ. අපට තාක්ෂනය සහ ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් නැහැ. හැබැයි කාටවත් අත තියන්නත් තහනම්.
      පිදුරු විතරක් නොවේ, ගොවි පොලේ හැදෙන අනෙකුත් කාබනික ද්‍රව්‍ය නැවත ගොවි බිම් වලට යෙදීම අලුත් දෙයක් නොවේ. මේ ගැන ඕනේ තරම් පර්යේෂණ කෙරිලා තියනවා. නමුත් එය තිරසාර ගොවිතැනේ එක අංගයක් පමණයි. පසට යම් පමණකින් පෝෂක ලබා දීම කාබනික ද්‍රව්‍ය පසට එකතු කිරීමෙන් බලාපොරොත්තු වන එක දෙයක් පමණයි. පසෙන් ඉවත් වෙන පෝෂක සියල්ල එමගින් නැවත ලබා දෙන්න බැහැ.

  3. සමහර මත ජනප්‍රිය මත. එක්කෙනෙක් කිව්වාම අනිත් අය ඔහේ ඒකම කියනවා. හුඟ දෙනෙක් කැමති තාක්ෂනයට එරෙහි වෙන්න. තාක්ෂනයේ අඩුපාඩු තාක්ෂනයම යොදාගෙන මග හරවාගෙන දියුණුකරගන්න නෙවෙයි.

    • Raigama

      මචන් මේවා නොදැනුවත් කමම නොවේ. හරි වචනය ඔලොමොට්ටල කම. මොකුත්ම නොලියා ඉන්න එකට වඩා මෙවැනි ඔලොමොට්ටල මත ජාතික පුවත් පතකින් ප්‍රචාරය හොඳ නැහැ. බලන්න මේ අයියා කියන්නේ, රසායනික පොහොර ගෙනාවේ අර දෙමුහුන් භෝග වලට අවශ්‍ය නිසා කියලනේ. ඔව් ඇත්ත, නමුත් එය පිටුපස තියන ඇත්ත කරුණ එක්කෝ දන්නේ නැහැ, නැත්නම් සඟවනවා. දැන් මේ අයියා කියන පරිදි කෘෂි රසායන වලින් ගොවියා ඉවත් උනොත් මොකද වෙන්නේ? අර බණ්ඩාරගම පැත්තේ පතෝල කොරටු වල පතෝල මෙයා කියන කාබනික පොහොර විතරක් දාල වවන්න ඇහැක්ද? (නැහැ, ටීචර් කනක්!) පෙරට ගෙනා යුත්තේ කෘෂි රසායන භාවිතය ප්‍රශස්තකරණය පිලිබඳ පණිවුඩයයි. මේ ගොන් කතා නිසා යට යන්නෙත් ඒකමයි.

  4. Kenji @ Japan

    මම දන්නා ජපානයේ දීර්ග කාලයක් රැකියාව කල ශ්‍රීලාංකිකයකු ලංකාවට ගොස් කාබනික පොහොර ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සුදානම් වුනා.ඉවතලන කුණු එළවලු,මස් මාංශ ඉවතලන කොටස්,සත්ව ගොවිපලවල ඉවතලන දෑ,ඉලුක්/මාන/ගිනිසීරියා,රොක් පොස්පේට් සහ ඩොලමයිට් ආදිය යොදාගෙන.ලංකාවේ විද්වතකු සොයාගෙන තිබුනලු, මේ සියලු දේවල් එකට එකතු කොට ඔහු විසින් සොයාගත් දියරයට [1:50 ]වතුර මිශ්‍ර කර ඉහත කි දෑ වලට ඉසීමෙන් පැය 24/48 කාලයක් දිරල යන ලෙසට.අර සොයාගත් දියරයේ ඇසිඩ් ගතිය යනවලු රොක් පොස්පේට් සහ ඩොලමයිට් එකතුව නිසා.කොහොම උනත් ලොක්කත් කරට අත දාල SM C කාරයට භාරදීල”රජරට”පටන්ගන්න කියල. SM ගෙයි කිරි බර්ටියගෙයි ගැටළු නිසා අර පුද්ගලයාගේ මුදල් විතරක් නෙමේලු වෙන වෙන කරදර නිසා වියාපෘතිය නැවතිලා.ඒ උනාට ලොක්ක කරට අත දාපු ෂර්ට් එක අල්මාරියේ තාම තියෙනවලු ලංකාවට නැවත ආපු වෙලාවක තාත්තගේ සුවද පෙන්නල පරම්පරාවටම “කොරගන්න”ලු හිතාගෙන ඉන්නේ.

    • Raigama

      ඔබගේ මිත්‍රයා කෙන්ජි වැරදි ව්‍යාපෘතියකට අත ගහලා තියෙන්නේ. මෙවැනි දෙයක් සාර්ථක වෙන්න නම් එය වෙනත් ව්‍යාපෘතියක කොටසක් උනොත් තමා. මොකද කාබනික පොහොර හදන්න ගන්න මුලික අමු ද්රව්වය වන කාබනික කොටස එක්කෝ නිකම් ගන්න පුළුවන් වෙන්න ඕනේ, නැත නම් නොමිලේ වගේ වෙන කෙනෙක් ගෙනත් දෙන්න ඕනේ. මේ දිරීමේ ක්‍රියාවලියත් ඔබගේ මිත්‍රයා අධිතක්සේරු කරලා වගේ කියා මට හිතෙන්නේ. ලංකාවේ සර්වෝදය හඳුන්වා දුන්න ඊ එම (Effective Microorganism) කියලා ද්‍රාවනයක්. මේකත් ජපන් ජාතිකයෙකුගේ සොයා ගැනීමක්. එය යෙදුවාම මේ දිරීමේ ක්‍රියාවලිය වේගවත් උනත් දවස් දෙකෙන් නම් වෙන්නේ නැහැ. කොමිස් ඉල්ලන ගාණ විශාල වීම නිසා පමණක් නොවේ, දේශප්‍රේමීන්ගේ විරෝධතා නිසාත් ගොඩක් ව්‍යාපෘති ලංකාවෙන් ඉවතට යනවා. ඒ සමහරක් දේශප්‍රේමීන්ගේ නොදැනුවත්කම හා කුහක කම නිසා උන ඒවා.

  5. අර කිව්ව්ත් වගේ අක්කරේක වගා කරන්න අක්කර තුන හතරක කැලැවක් කපල කෙම්පෝස්ට් හදන්න වෙයි.

    • Raigama

      ඔබ හරි චාර්මි. කාබනික පොහොර වලින් පමණක් පෝෂක අවශ්‍ය පමණට දෙන්න ඒවා ටොන් ගණන් වලින් දාන්න ඕනේ. මේවා කිසිවක් අර ලියපු අයියා සලකලා නැහැ.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s