ගල් කටස් තුවක්කුව අත්හදා බැලීමට ඔළුවට තියා කොකා ගැස්සීම! Deadly trials!


මිට කලින් සටහනේ ප්‍රතිචාරයක කෙන්ජි කියල තියෙන්නා වගේ, අද ලංකාවේ පත්තර වල තියන බොහෝ දේවල් වැඩකට නැහැ. ඒ වගේම ප්‍රවුර්ති උනත් ඇත්තම සිදුවීම්ද, නැත්නම් “දෙයියෝ සාක්කිද” කියලා හිතට එන්නේ නිතැතින්මයි. ඔබ කියවන්න ඇති තරුණයෙක් ගල් කටස් තුවක්කුවක් අත්හදා බලන්න තමන්ගේම ඔළුවට, තුවක්කුව මානලා කොකා ගැස්සුව පුවත. මේ වගේ ජිවිත විනාශයන්, ඒ අයගේ ලඟම ඥාතීන්ට විතරක් නොවේ රටක් වශයෙනුත් කනගාටුවට කරුණක් මෙන්ම, සමාජයටත් පාඩුවක්. ඕනෙම කෙනෙකු උස මහත් කරලා හදන්න ඒ කෙනාගේ දෙමාපියන් පමණක් නොවේ, සමාජයද පිරිවැයක් දරනවා. විශේෂයෙන් ලංකාව වගේ අධ්‍යාපනය හා සෞඛ්‍යය වගේ සේවා ආණ්ඩුවෙන් සපයන රටක.

මේ තරුණයාට හිනා වෙන පිරිස් අමතක කරන කරුණක් තමා, ඔහු වගේ මාරාන්තික අත්හදා බලපු පිරිස් අප අතර තවත් ඉන්නවය කියන කරුණ. අපේ ජිවිතයම අත්හදා බැලීම් හා වැරදෙන අත්හදා බැලීම් වලින් ඉගෙන ගන්නා එකක්. ඒ වගේම මේ ස්වභාව ධරමයා උනත් පරිනාමය වන්නේ මෙවැනි අහඹු අත්හදා බැලීම් හා වැරදීම් වලින් කියල කියන්නත් පුළුවන්. සමහර ජීවී ගහණ විශේෂ අනුවර්තන සමග පරිනාමය වී තියෙන්නේ ජාන වල සිදු උන කුඩා විකුර්ති වලින් ( අහඹු අත්හදා බැලීම් වලින්) කියලත් කියන්න පුළුවන්.

අනික් කරුණ තමා මෙවැනි පර්යේෂණයක නැත්නම් අත්හදා බැලීමක තිබිය යුතු මුලික ලක්ෂණ අර තරුණයා අමතක කරලා නැහැ. දැන් චීනයේ  ජින්ෂි ප්‍රාන්තයේ කෙරෙන වී වගාවකට අක්කරයකට යුරියා කිලෝ පනහක් දීමෙන් වැඩිම අස්වැන්නක් ලැබෙනවා කියලා, ලංකාවෙත් අනුරාධපුරේ ඒකම කලාට ඒ ප්‍රතිඵලය නොලැබෙන්න තියන ඉඩකඩ වැඩියි. මොකද අනික් තත්ත්ව වෙනස් නිසා. ඒ කියන්නේ කාලගුණය, දේශගුණය, වී වර්ගය, පස හා තවත් බොහෝ දේවල් වෙනස්. අර තරුණයත් ගල්කටස් තුවක්කුවෙන් බලාපොරොත්තු වෙන්න ඇත්තේ එක්කෝ මිනිහෙක් මරන්න, නැත්නම් සතෙක් එලා ගන්න. මේ දෙකටම සමහරුන් යෝජනා කරන පරිදි අත් කකුල් වලට වෙඩි තියල හරියන්නේ නැහැ. ඔහුට එක වරම කල්පනා වෙන්න ඇත්තේ ඔළුවට තමා වෙඩි තියා ගන්න ඕනේ කියා. ඒ ක්ෂනිකයේ ඔහුට අමතක උන කරුණ තමා, ඇත්තටම තුවක්කුව හැදිලා නම්, ඊළඟට මොකද වෙන්නේ කියලා. මේ වගේ ප්‍රතිඵලය ඇත්තටම හරි ගියොත් ඊළඟට මොකද වෙන්නේ කියලා හිතන්නේ නැතුව, අප තීරණ අරන් නැත්ද?

දේශපාලනයේත් මෙහෙම “ඇත්තටම හරි ගියොත්” ඊළඟට මොකද වෙන්නේ කියා වැඩිපුර හිතන්නේ නැතිව සමහර කණ්ඩායම් තීරණ අරන් තියනවා. ප්‍රේමදාස මහතා හා සිරිමා මැතිනිය තරඟ වැදුන ජනාධිපති වරණය මින් එකක්. එහිදී කණ්ඩායමක් චන්දය දැමීමට එරෙහිම කළ ලේ වැකි අරගලය නිසා, බහුතරයක් චන්දය පාවිච්චි කලේ නැහැ. ඒ අයගේ අරමුණ උනේ ප්‍රේමදාස මහතාව බලයට ගෙන ඒම. හැබැයි තුවක්කුව පත්තු උනොත් මොකද වෙන්නේ කියා අර පිරිස කල්පනා කළේ නැහැ.  ඒ කියන්නේ ප්‍රේමදාස මහතා “සාර්ථක” උනොත්. ඉන්පසු උන දේ කාටත් රහසක් නොවේනේ.

මේකෙන් පාඩම් ඉගෙන නොගෙන තව කණ්ඩායමක් මේ වගේම රාජපක්ෂ මහතා හා රනිල් මහතා අතර ජනාධිපති වරණයේදී මිනිසුන්ව චන්දය දීමෙන් වැළකුවේ රාජපක්ෂ මහතාව බලයට පත් කර ගැනීමට. මේ ගොල්ලන්ගෙත් බලාපොරොත්තුවූ උනේ “අසාර්ථක” පාලකයෙක්. ඒ කියන්නේ අර තුවක්කුව වගේ පත්තු නොවේවි කියලා තිබුන බලාපොරොත්තුව ඉහල එකක්. හැබැයි කොකා ඇත්තටම ගැස්සුනොත් මොකද වෙන්නේ කියා, ඔවුන් කලපනා කරපු බවක් පේන්නට තිබුනේ නැහැ. අන්තිමට උන දේ අප දන්නවනේ.

මේ එකකින් වත් පාඩමක් ඉගෙන ගන්න අප උත්සහ කරනවද? ලංකාවේ අවසානයට පැවැත් උන ජනාධිපති වරණයට පොදු අපේක්ෂකයෙකු තෝරා ගන්නා ප්‍රාථමික අවධියේදී කියවුන නම් අතර සරත් එන් ද  සිල්වාත් හිටියා. මේ “ගල් කටස් තුවක්කුවත්” හැදිලා කොකා ගැස්සෙන තරම් වැඩේ දුර දිග ගියේ නැහැ. හැබැයි ඒ තුවක්කුවත් හැදුනා නම් වෙන දේ හිතා ගන්න පුළුවන් නේද?

Advertisements

2 Comments

Filed under Politics, Social

2 responses to “ගල් කටස් තුවක්කුව අත්හදා බැලීමට ඔළුවට තියා කොකා ගැස්සීම! Deadly trials!

  1. Kenji @ Japan

    අවසන් ජනාධිපතිවරණයෙන් ඒ ගල්කටස් තුවක්කු හැදුනත්,දැන් තියෙන ගල්කටස් තුවක්කුවට වෙනසක් නැහැ.ඒ ගල්කටස් මේ ගල් කටස්ගේ ජිවිතේ සුපිරි අවස්ථාවල අත්සන්/තීන්දු/තීරණ දුන්න කෙනානේ.ඔය දැන් යස අගේට කරට අතදාගෙන ඉන්නේ.අනිත් “මැෂින්ගන් “එක ආවත් පුදුම වෙන්න දෙයක් නැහැ.My [Raceing] Car /My Petrol තියරියට රට පාලනය කරන අය සිටින රටේ.මාලදිවයිනට පාරවල් /උගන්ඩාවට ඩොලර් ලක්ෂ ගණන් වියදම් කරල කාර්මික පුහුණු පාසැල්.එත් පුදුමේ කියන්නේ දවසට වැඩිඋන රුපියල් 25/= න් පාන් 1/2 ගෙ කාල,හෙට චන්දයක් තිබ්බත් කතිරේ ගහන්නේ ඉන්න ගල්කටස්ලට ම තමයි.

    • Raigama

      මට පළමු වරට මොකුත් ලියන්න ඕනේ නැති කොමෙන්ටුවක් ඔබ දාල තියනවා. 🙂 මේ ගල් කටස් වැඩේ කෙන්ජි ලංකාවට විතරක් නොවේ බොහෝ රට වලට පොදු දෙයක් වගේ. ඔබ කියන්න වගේ අර මැෂින් ගන් එක ආව නම් මීටත් වඩා අන්ත වෙන්න පුළුවන් කියා, එයා දැන් වැඩ කරන හැටියෙන් පේනවා. විකල්පය මොකක්ද කියල කියන්න මා දන්නේ නැහැ. හැබැයි ජයදේව උයන්ගොඩගේ මේ කියමන මාත් විශ්වාස කරනවා. ඒ කියන්නේ ගිනි ගොඩක ඉන්න මිනිහෙක් එයින් එලියට එන්න කොහාට හරි පය ගහනවා. ඒ පය තියන්නේ තවත් ගිනි ගොඩකට වෙන්න පුළුවන්.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s