නියැන්දතාල් යුගයට යමුද? (Un)becoming human!


මේ ලෝකයෙන් ඉතා ඉක්මනින්ම වඳ වී යන සත්වයා මොකාද? මට මේ සිතිවිල්ල ආවේ අද කියවපු ප්‍රවුර්තියක් නිසා. මට මේ පත්තර හෝ වෙබ් අඩවි විවේචනය කරන්න විශාල ඕනේ කමක් නැහැ. මොකද එහෙම විවේචනය කලත්, ඉන් ඇතිවන බලපෑමක් නැහැ. මගේ බ්ලොගය බලන්නේ දෙතුන් දෙනයි. කුණුහරුප කතා හෝ මා අකමැති දේවල් ලියලා මේ සංඛ්‍යාව ඉහල දා ගන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. කොහොම උනත්  මගේ මුල් ප්‍රශ්නයට උත්තරේ තමයි “සාමාන්‍ය දැනීම කියන දේ තියන මිනිසුන්”!

මේ තියෙන්නේ මා අද කියවපු ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ තිබුන පුවතක කොටසක්. “මේ කතාව සත්‍යයක් නම් නියැන්දතාල් මානවයන් අංගම්පොර ක්‍රීඩා කර තිබේ. මන්දයත් වසර 30,000 කට පෙර මිහිපිට සිටියේ නියැන්දතාල් මානවයන් බැවිනි. වත්මන් මානව ශිෂ්ටාචාරය බිහිවුවේ මිට වසර 6, 000 කට පමණ පෙර සිට බව ලොව පිළිගත් විද්‍යාත්මක ඉතිහාසඥයන්ගේ මතයයි. ලංකාවේ ලෙන් කිහිපයක හමුව ඇති මානව ඇටකටු හිස් කබල් පවා මෙසොලිතික යුගයේ නියැන්දතාල් මානවයන්ගේ මිස, ශිෂ්ටාචාර  මානවයාගේ නොවේය. ඉන්දියානු භූමියට සම්බන්ධව තිබු ගොඩ්වානාලන්තය නම් භූමියෙන් කැඩී ලංකාව ඕස්ට්‍රේලියාව ආදී රටවල් පවා බිහි වුනා යයි විද්‍යාඥයන් පවසන්නේද මිට වසර 20,000 කට පෙර දිය. ක්‍රීඩා ඇමති කියන ආකාරයට ඊටත් පෙර සිට නියැන්දතාලයන් ලංකාවේ සිට ඇත. හොඳ වෙලාවට මේ ගැන කියන්නට එක නියැන්දතාලයෙක් ක්‍රීඩා ඇමති ලෙස ලංකාවේ සිටීම ගැන අප ආඩම්බර විය යුතුය”.

මා මේ පුවත ගැන ලියන්න ගත්තේ ලංකා ඊ නිව්ස් විවේචනය කරන්නට නොවේ. මෙවැනි වැරදි කරන්නේ හෝ ජරාජීර්ණ භාෂා විලාශයන් යොදා ගන්නේ ඔවුන් පමණක් නොවේ. ඉතින් ඔවුන්ම පමණක් විවේචනය කිරීම සාධාරණ නැහැ. ජාතික පුවත් පත් ලෙස ගණන් ගන්නා දිවයින හෝ ලංකාදීපය මෙයට වෙනස් වන්නේ නැහැ. මේ බටහිරත්, ජනමාධ්‍ය වල බක පණ්ඩිතයන් ලෙස හැසිරෙන බොහෝ දෙනාට, තිබිය යුතු මුලික සාමාන්‍ය දැනුම වත් නැහැ. විශේෂයෙන් ගෝලීය උෂ්ණත්වය ඉහල යාම ගැන කතා කරන, සමහර බක පණ්ඩිතයන්ට විද්‍යාවේ මුලික සංකල්ප පිලිබඳ අවබෝධයක් වත් නැහැ. හැබැයි මාධ්‍ය වල තප්පුලනවා.

මා මානව ඉතිහාසය ගැන මිට කලින් සටහන් දෙක තුනක් ලියා තියනවා. මෙයත් එහි දිගුවක් කියා කියන්න පුළුවනි. පසුව ටිකක් විස්තර ඇතුව මේ ගැන ලියන්නම්. ඒ අතර කියන්න ඕනේ, මා මානව ඉතිහාසය පිලිබඳ විශේෂඥයෙක් නොවන බවත්. මා මේ ලියන්නේ සාමාන්‍ය පාඨකයෙකු හා රසිකයෙකු වශයෙනුයි. මා ඉතා ආසාවෙන් කියවන්න, නරඹන්න හා අහන්න කැමති මාතෘකාවක් තමා, සත්ත්ව හා ශාක පරිනාමයේ කතාව. ඒ නිසා මා සාමාන්‍ය කෙනෙකුට වඩා මේ ගැන උනන්දුවක් තියන සාමාන්‍ය කෙනෙක්.

අද ලෝකේ ඉන්න “මානවයාගේ” ආරම්භය ලෙස සලකන්නේ හෝමෝ ඉරෙක්ටස් කියන කෙනා. හෝමෝ ඉරෙක්ටස්ගේ පොසිල වලින් පෙන්නුම් කරන්නේ ඔහු මිට වසර මිලියන 2 කට (1.8) පමණ පෙර මෙලොව සිටි බවයි. ඉන්පසු මිට වසර ලක්ෂකට පමණ පෙර වගේ තමා හෝමෝ සාපියන්ස් කියන මානව විශේෂයේ  උපත සිදු උනේ. අද ලෝකේ ඉන්න අප හෝමෝ සාපියන්ස් සාපියන්ස් ( knowing knowing man) මෙලොවට බිහිවුන හා හෝමෝ ඉරෙක්ටස් බිහිවුන කාලය අතරතුර “මානව” විශේෂ ගණනාවක් ලෝකේ හිටියා කියා පොසිල සාධක වලින් ඔප්පු කර තිබෙනවා. මිට වසර 250, 000 කට පමණ කාලයේදී අර ප්‍රථම කෙලින් සිට ගත් මානවයා (හෝමෝ ඉරෙක්ටස්) ලෝකයෙන් සමු ගත්තා. හෝමෝ නියැන්දතාල් කියන මානව විශේෂය බිහි වන්නේ මේ කාලයේදී. මොහුගේ මොලයේ ධාරිතාවය ඉරේක්ටස්ලාට වඩා වැඩියි.

නියන්දතාල් මානවයා ගැන කලින් තිබුන මත දැන් බිඳ වැටෙමින් පවතින්නේ. මේ ගැන අපූරුවට කියවෙන රූපවාහිනී වැඩ සටහනක් එස්බීඑස් සේවයේ මිට මාස කීපයකට කලින් පෙන්නුවා. එහි නාමය උනේ “Becoming human”.  ඒ වැඩ සටහන ගැනත් මා කලින් ලියා තියනවා. නියැන්දතාල් කලින් අප දැන  සිටියාට වඩා වැඩ කාරයෙකු බව තමා අලුත් පුරා විද්‍යාත්මක  සාක්ෂි පෙන්නුම් කරන්නේ. මොවුන් පෘථිවිය තුල මිට වසර 250,000 සිට 25,000 ක් දක්වා කාලයේ සිටියා කියා කියවෙනවා. සතුන්ගේ ඇටකටු හා පාෂාණ ආයුධ ඔවුනගේ ඇටසැකිලි සමග සොයා ගැනීමෙන් පෙන්නුම් කරන්නේ ඔවුන් දඩයම් කල බවයි. ඒ වගේම කලින් දැන සිටියාට වඩා සමාජමය වශයෙන්ද ඔවුන් ඉහල මට්ටමක සිටියා කියන්න සාක්ෂි තියනවා. ඒ කියන්නේ ඔවුන් තමන්ගේ ඥාතින් මියගිය විට වල දමන්න තරම් හැඟීමක් තිබුන අය.  ආගම් වල මුලික අවදිය ඔවුන් තිළ තිබුන බවත් සමහරුන් සැක පහල කරනවා . කොහොම උනත් මිට වසර 25, 000 – 35, 000 කට පමණ පෙර කාලයේදී මොවුන් පෘථිවියෙන් සදහටම තුරන් වී යනවා.

අද ලෝකේ ඉන්න හෝමෝ සාපියන්ස් සාපියන්ස් මෙලොව පහල වන්නේ දැනට වසර ලක්ෂයකට පමණ පෙර. කලින් සිටි මානව විශේෂ වලටත් වඩා මොවුන්ගේ කපාල ධාරිතාවය වැඩියි. අද ලෝකේ ඉන්න මානවයාට සමාන ශාරීරික ලක්ෂණ තියෙන මානවයන් ආරම්භ උනේ මොවුන්ගෙන්. ඉන්පසු මිට වසර 50, 000 කට පමණ පෙර තමා මේ හෝමෝ සාපියන්ස් සාපියනස් අද ඉන්න මානවයාගේ සමාජ ලක්ෂණ සම්පුර්ණයෙන් අත්කර ගත්තේ.

හෝමෝ සාපියන්ස් සාපියන්ස්ලා ඕස්ට්‍රේලියාවට බෝට්ටු  වලින් ආවේ මිට වසර 40, 000 – 60,000 ත් අතර කාලයේදී. ලංකාවේ බලන්ගොඩ මානවයා නමින් අප දන්නේ හෝමෝ සාපියන්ස් (Homosapiyans Balangodancis). ඒ මිට වසර 35,000 කට පමණ පෙර (හැබැයි වසර ලක්ෂ එකහමාරකට-එකකට පමණ පෙරත් ලංකාවේ මානවයන් ගැවසුනා කියා විශ්වාස කරනවා). හෝමෝ සාපියන්ස් සාපියන්ස්ලා  තැනින් තැන ඇවිදිමින් සතුන් මරා කමින් ගෙවූ ජීවිතය, එක තැන ගොවිතැන් කරමින් ගත කරන්න ගත්තේ මිට වසර 12,000 -10,000 අතර කාලයේදී. ඉන්පසු ඔවුනගේ නැගීම සීග්‍ර එකක් උනා. පසුගිය වසර 6,000 -5,000 තුල ඔවුනගේ දියුණුව තමා අප නූතන ශිෂ්ඨාචාරය යයි කියන්නේ. ඔය පිරමිඩ, විහාර ආදී සියලු දේම අයත් වන්නේ මේ යුගයට. ආගම් වල උපත සිදු උනේ මේ කාලයේදී. ඉනුත් අන්තිම වසර  300-400 තමා අපගේ කාර්මික දියුණුව පෙන්නුම් කරන්නේ. අද අවුරුදු දහයක් තුල මිනිසා ලබන දියුණුව මා පැහැදිලි කරන්න ඕනේ නැහැනේ.

අද ඉන්න “ශිෂ්ටාචාර මානවයාගේ” ශිෂ්ටාචාරයේ නැගීම වසර මිලියන දෙකක පමණ සිට ඉතා සෙමින් සිදු උන එකක්. එයිනුත් නූතන මානවයා වන හෝමෝ සාපියන්ස් සාපියන්ස්ගේ නැගීම වසර ලක්ෂයක් තිස්සේ සිදු උන දෙයක්. මා මිට කලින් ලියා තිබෙන පරිදි චීනයේ මිට වසර 20,000 කට පමණ පෙර මැටි භාණ්ඩ නිෂ්පාදනය කර තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ ඇබොරිජිනල් වරු (හෝමෝ සාපියන්ස් සාපියන්ස්ලා)  මිට වසර  20,000 කට පමණ පෙර සිට ලිප් භාවිතා කර තිබෙනවා. මිනිසා ගින්දර  භාවිතා කරන්න පටන් ගත්තේ වසර 500,000 කට එහා සිට. ඔවුනගේ භාෂාව වර්ධනය වන්න ගත්තේ වසර මිලියනකටත් එහා සිට. ඔවුනගේ ප්‍රාථමික ආයුද භාවිතාව හෝමෝ ඉරෙක්ටස් ගේ කාලයට යනවා, ඒ කියන්නේ වසර මිලියන දෙකකට පමණ එහාට.

ඕස්ට්‍රේලියාවේ තිබෙන පැරණිතම පාෂාණ වසර මිලියන 3800 ක් පමණ පැරණියි. ඕස්ට්‍රේලියාව (ඇන්ටාර්ක්ටිකාවෙන් ) දුපතක් ලෙස වෙන් වන්න පටන් ගත්තේ මිට වසර මිලියන 65-55 අතර කාලයේදී. මිට වසර මිලියන 55 ක් එපිටදී පවා ඕස්ට්‍රේලියාව දුපතක් කියා සොයාගෙන තිබෙනවා.  අර පුවතේ සඳහන් පරිදි ලංකාව හා ඕස්ට්‍රේලියාව, ඉන්දියාවෙන් වෙන් වුනේ මිට වසර 20, 000 කට පමණ පෙරදී නම්, කැන්ගරුවන් හෝ  ප්ලටිපසුන් වැනි සතුන් ලංකාවේ හෝ ඉන්දියාවේ දකින්න නැත්තේ ඇයි කියා තමා කෙනෙකුගේ ඔළුවට මුලින්ම එන්න ඕනේ. රටවල් හෝ මහාද්වීප වෙන්වීම අවුරුදු දහස් ගානකින් සිදුවන ක්‍රියාවලියක් නොවේ. එය “ඇඟට දැනෙන්න” අවුරුදු මිලියන ගණනක් යනවා. අදත් සිදුවන මේ ක්‍රියාවලිය මිනිස් ඇසට පෙන්න නම් තව අවුරුදු මිලියන ගණනක් යාවි. මොකද මේ මහද්වීප පාවීම වන්නේ බොහොම හෙමින්. අවුරුද්දකට සෙමි 1-5  වගේ ගණනක්. ඒ කියන්නේ ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව කැඩිලා අද තියන තැන් වල ස්ථාන ගත වෙන්න අවුරුදු 20,000 කින් පුළුවන් නම් එය ඉතා සීග්‍රයෙන් සිදුවන දෙයක්. එහෙම නම් මේ මහද්වීප පාවෙන එක අපේ පියවි ඇහැට දැක ගන්න පුළුවන්.

ලංකා ක්‍රීඩා ඇමති කරලා තියෙන්නේ ගොන් ප්‍රකාශයක් උනත්, එය ගොන් බව ඔප්පු කරන්න ලියා තිබෙන පුවත ඊට වඩා ගොන් එකක්. මෙයට හේතුව ලෙස මා දකින්නේ, මිනිසා තුල තිබිය යුතු මුලික දැනුම අද තුරන් වෙලා. තමන්ට ජිවත් වෙන්න ඉතා කුඩා වපසරියක දැනුමක් විතරයි අද අවශ්‍ය. ජේ ආර් කියුවා වගේ ඉතිහාසය, සාහිත්‍යය වගේ දේවල් කන්න සොයා දෙන්නේ නැහැ. මේවා ඉගෙන ගන්න එක අවශ්‍ය නැහැ. යමුද නියැන්දතාල් යුගයට?

ප. ලි.

මේ සම්බන්දව කෙරෙන පර්යේෂණ අලුත් වෙනවා. මා සඳහන් කල රූපවාහිනී වැඩ සටහන අලුත් කැනීම් හා ඩීඑන්ඒ දත්ත ඇසුරින් පිලියල උන එකක්. මා සඳහන් කල කාල වකවානු, ඔබ කියවන මුලාශ්‍රයේ හැටියට ටික ටික වෙනස් කම් තියෙන්නේ, සමහර ලිපි වලට අලුත් කැනීම් වල තොරතුරු ඇතුලත් නොවන නිසා. අද ලෝකය පුංචි වෙලා හා දැනුම ගන්න තියන මාර්ග වැඩි වෙලා කියන කරුණ, මේ ප්‍රවුර්ති ලියන හාදයන් විසින් නිෂ්ප්‍රභා කරනවා. මෙවැනි ලිපියක්/ ප්‍රවුර්තියක් ලිවීමට කලින් අඩු ගානේ විකිපීඩියාව හෝ ටිකක් බැලුවා නම් මෙහෙම වැරදි කරන එකක් නැහැ.
“ඉන්දියානු භූමියට සම්බන්ධව තිබු ගොඩ්වානාලන්තය නම් භූමියෙන් කැඩී ලංකාව ඔස්ට්‍රේලියාව ආදී රටවල් පවා බිහි උනා යයි විද්‍යාඥයන් පවසන්නේද මිට වසර 20,000 කට පෙර දිය” මට දැනුයි තේරෙන්නේ මේ අයියලාට තියෙන්නේ බින්දු වල ප්‍රශ්නයක් කියලා. ගොඩ්වානාලන්තය හැදුනෙත් ඉන්දියානු භූමියෙන් කැඩිලා නොවේ. ඒ හැදුනේ එවකට තිබුන පැන්ජියා නම් මහා මහාද්වීපය කැඩීමෙන්. මේක දෙකට කැඩිලා එක කොටසක් ගොඩ්වානාලන්තය ලෙසත්, අනෙක් කොටස ලොරෙශියා ලෙසත් වෙන් උනා. මේක උනේ වසර 20,000 කට පෙර නොවේ, වසර 200,0000000 කට පෙර (වසර මිලියන 200 කට පෙර).
Advertisements

13 Comments

Filed under Media, Social

13 responses to “නියැන්දතාල් යුගයට යමුද? (Un)becoming human!

  1. තව වැඩි දුරක් නෑ.

    • “විකල්පයත්” අනුන්ට හිනාවෙවී ඇදගෙන යන්නේ ඒ පැත්තටනේ සයිබර් ලංකා!

  2. Hasitha

    හැබැයි ඔතැන මෙහෙම දේකුත් තියෙනවා. සමහර ඇමතිවරු මෙහෙම දේවල් කරන්නේ ප්‍රසිද්ධිය ලබාගන්නලු.

    පහුගිය දවසක අධ්‍යාපන නියෝජ්‍ය ඇමති විජිත් විජයමුණි සොයිසා කවියක් වරද්දලා හරි පේළියක් මතක නැහැ හරි කිව්ව එකක් ස්වර්ණවාහිනි ප්‍රවෘත්තිවල කියන කතා විශේෂාංගයේ පෙන්නුවා.

    ඊට පස්සේ දවසක එයා කියනවා මම එදා කවිය වැරැද්දුවේ හිතලාම තමා. බලන්න ඒක ස්වර්ණවාහිනි ප්‍රවෘත්තිවලටත් පෙන්නුවා. ටිකක් ප්‍රසිද්ධ වෙන්නයි ඒක කළේ කීයලා.

    එහෙම බලද්දී ක්‍රීඩා ඇමතිතුමත් එහෙම කතාවක් කිව්වට පුදුම වෙන්න දෙයක් නැහැ

    • ක්‍රීඩා ඇමති කියපු කතාවේ කිසි පුදුමයක් මට නැහැ හසිත. ඔහුගේ මේ කතාව විතරක් තිබුනා නම් මා කියවන්න වෙහෙසෙන්නෙත් නැහැ. එකට දීලා තිබුන පිළිතුර නම් මා පුදුමයට පත් කළා. ලියලත් තිබුනේ අර ඇමතිට හිනා වෙමින්. නමුත් ලියපු කෙනත් ඉන්නේ ඊටත් වඩා එහා යුගයක. ඒකයි පුදුමය හා කනගාටුව. මේ පුවතට දාපු සමහර ප්‍රතිචාරත්, පුවත් ලියපු කෙනා හා තකට තක. කෝමත් හසිත, ගොන් රැලක් අස්සේ වැඩියෙන්ම හයියෙන් තප්පුලනවා ඇරෙන්න කරන්න වෙන දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. දැන් මහල්ලා හා මුහුද වගේ ඇමැතින්, මේ ක්‍රීඩා ඇමති, ඔබ ඔය කියපු කෙනා වගේ මේ සියපු දෙනා එකිනෙකා පරයා යමින් මෝඩ කතා කියන විට, ඔය ආචාර්ය අමුණුගම, මහාචාර්ය පීරිස් වගේ අයටත් ඔවුනටත් වඩා මෝඩ කතා කියනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. රජයේ ඉන්න එකට අමතරව චන්දයට ඉදිරිපත් උනහමත් වැඩිපුර මනාප ගන්න එහෙම කරන්න වෙනවා. මේ පුවත් අඩවිත් මේ වගේ ගොන් කතා දාන්නේ වැඩිපුර සෙනග අද්දා ගන්න වෙන්න පුළුවන්.

  3. කෙනෙක් කරපු වරදක් නිසා මට අමතක වෙලා තිබ්බ දේවල් යාවත් කාලීන කරගත්තා. නොදැන සිටි දේවල් දැන ගත්තා. ඒක මට හොඳයි. හෙහ් හෙහ්!

    • ඔව් හෙන්රි අප සේරටම මේ කාල වකවානු මතක හිටින්නෙත් නැහැ, එහෙම මතක තියා ගන්න අවශ්‍ය තාවයකුත් නැහැ. හැබැයි හෙන්රි ඔබ වගේ කෙනෙක් එක පාරටම දන්නවා මේ “නුතන මානවයා” කියන කෙනා මෙලොවට එක වරම පහල උනේ අන්තිම අවුරුදු හය දාහේ නොවන වග. ඒ වගේම අර රටවල් වෙන් උනේ මිට වසර 20,000 කට එහා නොවන වග. ඒ වගේ සරල කරුණු නොදන්නාකම නම් මේ ලියන අයියලාගේ තරම කියා පානවා. එහෙම ලියන්නෙත්, ඒ වගේම වරදක් කරපු වෙන කෙනෙකුට හිනා වෙමින්. මේ වරද පෙන්නලා ඔවුනට ලිපියක් යැවුවොත් පලකරනවද? නැහැ, ඒ තියා වරද පෙන්නලා කොමෙන්ටුවක් යවන්න, ඒකවත් පළ කරන්නේ නැහැ.
      මේ පෘථිවිය ඇතිඋනේ කොහොමද, මිනිසා, අනික් සතුන් හා ශාක පරිනාමය උනේ කොහොමද, ඒ සඳහා කොපමණ කාලයක් ගත උනාද, මානව ශිෂ්ටාචාර වෙනස් උනේ කොහොමද යනාදී දේවල් දැනගෙන තිබීම එක අතෙකින් අප මෙලොව ඉන්න කෙටි කාලය “appreciate” කරන්න පොළඹවන දෙයක්. අද අප හිතන හැටි පවා, ඒ තත්වයට ගෙන්න පෙර සිටි ඔය කියන “මානවයන්” විශේෂ ගණනාවම හේතු උනා. ජාන වලින් අනික් පරම්පරාවට සන්නිවේදනය වන මේ අත්දැකීම් වල මුලාශ්‍ය කොහොමද, කොහෙන්ද ආරම්භ උනේ කියා දැන ගන්න එක වැදගත් ඒ නිසා. අද ඉන්නේ අර ඇමෙරිකාවේ උප ජනාධිපති පදවියට ඉල්ලපු Sarah Palin වගේ කට්ටිය තමා. ඇයත් හිතන්නේ ඩයිනෝසරයන් හා මිනිසුන් ලෝකේ එකවර ජිවත් උනා කියලනේ.

  4. Kenji @ Japan

    මම හිතුවේ ස්වාසිලන්තයේ පොර ආවම අපි ගිහිල්ල ඉවරයි කියල.අමතකවෙලා හිටිය අයට/නොදන්නා අයට දැනගන්නත් ඉතා වටින ලිපියක්.අද දේශපාලකයෝ පුරුදු වෙලා තියෙන්නේ කව්රුහරි මොනවා හරි ලියල තියෙන දෙයක් කියවන්න.මහලොකුවට ලියන/කියන අය නිකන් ලැබෙන තැනකින් හොදට සප්පායම් වෙලා,කව්රුහරි කියපු දෙයක්,එක්කෝ බිල ඉද්දි දැක්ක අපැහැදිලි දෙයක්,කොහේ හරි ලියල තිබ්බ දෙයක් තමා “පඩියො” වගේ ලියන්නෙ.තමන් උගත් දෙයකින් හිතල ඇසු දුටු දේවල් විග්‍රහාත්මකව සසදල සත්‍ය මොකක්ද කියල ලියන්නේ අතේ ඇගිලි ගානටත් අඩු පිරිසක්නේ.දැන් ඔය ලියන/කියන අයගේ අලුත්ම ” ඉට්ටයිල් “එක තමා මොනවා හරි කෙබර ටිකක් ලියල දේසපාලුවෙක්ව ඈදුවාම එයා “පොර”තමයි කියල සතුටු වීමේ කලාව.කියවන එකා මොනවා හරි තේරුම් අරගෙන හෙන ගැහිලා ගියත් කමක් නැහැ.

    • මේ වගේ දේශපාලුවන් විවේචනය කරන, ඔවුන්ට හිනා වෙන කට්ටියත් එයිටම දෙවෙනි නැහැනේ කෙන්ජි. ඔබ කලින් ලියුවා වගේ ඉස්සර නම් මෙහෙම වරදක් උනහම එක නිවරද කරලා යමෙක් ලියපුවහම එය දාන සිරිතක් තිබුනා. දැන් දාන්නේ ඒ ගොල්ලන්ටම පන්දම් අල්ලන ඒ වර්ගයේම කොමෙන්ටු විතරයි.

  5. helapaya

    කවුරුහරි ලියල දෙන දේ ගෙඩි පිටින්ම කියවන ඇමතියො ඉන්නෙ මෙයා විතරක් නෙවේ.
    මතකද පහුගිය කාලෙක සාහිත්‍ය උත්සවයකදි එක පණ්ඩිතයෙක් ගී ද මෝපසාං ලියූ මහල්ලා සහ මුහුද ගැන කිව්වා.

    • Raigama

      එතුමා ගැන කවුරුත් කතා කරනවනේ. මට මතක් වෙන්නේ එතුමා ජවිපෙ ඉන්න කොට එක අය වැයක් ගැන පාර්ලිමේන්තුවේ කරපු කතාවක්. ඔහු හොඳටම තරුණ වයසේ හිටිය ඒ කාලේ කරපු ඒ කතාව මෝඩ එකක් කියල කියන්න කොහොමත් පුළුවන් කමක් තිබුනේ නැහැ. හැබැයි, ඔහුට එදාටත් වඩා මහජන කැමැත්තක් තියෙන්නේ අද. ඒ ගැන තමා ඔහුව විවේචනය කරන ගමන්ම අප හිතන්න ඕනේ.
      හැලප මා අසා කරන රස කැවිල්ලක්. ඔබගේ බ්ලොගයත් එහෙම වෙයිද? බලමු නේද?

  6. Kalu

    Not particularly address to anybody or any comment. But generally everybody comes here has an ‘agreement” on alchohol. (It seems) One day, our much reputed film actor Tony Ranasinghe told that he quit drinking because you go backward by drinking. With the same circle of people with the same old jokes and stories (because you often forget that those had been already spoken.) you will be standstill rather than going forward.

    But you people, while drinking doing a good job. Reading things and sharing with others, talking about beliefs, sharing experiences in a positive way etc. I like this. But unfortunately i am in the category of Tony Ranasinghe was referring. I don’t think I can be a companion of your team (due to my “limitations”.
    Thank you raigama. Please continue with your extremely interesting writings. I can time to to time visit you. Thanks once again

    • I am 100% with Tony. You go backward by drinking, smoking and conducting an unhealthy lifestyle. We all have “limitations”. My writings are all about them including those of mine. In future, I will be extra careful when I write certain things. I hope you can stay here. My apologies!

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s