එක් සත්‍ය කතාවක්! Is this your story too?


ඊයේ පෙරේදා මා ගියා, ඕස්ට්‍රේලියානු වගා බිම් නැත්නම් කුඹුරු තියන ප්‍රදේශයකට. මීට කලින් ගිහිල්ල තුබුණත්, මා ඒවා ගැන කිසිවක් ලියා නැහැ. එක අතෙකින් මේ ගමන මගේ කුඩා කාලය සිහි ගැන්වුයේ කරුණු කීපයක් නිසා. එකක් තමයි ගම්බද පරිසරය. අනෙක තමයි අප ගියෙත් “ගොයම් කැපීමකට”. එයත් ළමා කාලය සිහි ගන්වන්නක්. අනෙක තමයි මා එක්ක ගිය කෙනා කියපු හා විස්තර කරපු දේවල්. අප ගියේ ඔහුගේ උපන් කුඩා නගරය හරහා. ඔහුගේ නිවස, ප්‍රාථමික පාසල, පල්ලිය, සෙල්ලම් කරපු වතුර වලවල්, ඔහුගේ ප්‍රථම පෙම හිටපු නිවස ආදී මේ සේරම අප දැක බලා ගත්තා.

එක වගේ හිතන මිනිසුන් මුණ ගැහෙන්නේ එහෙමත් වෙලාවක. හැබැයි ඉතින් එහෙමම කියන්නත් බැහැ. මා විස්තර කරන සුදු ජාතිකයා මට වඩා වැඩිමල් කෙනෙක් උනත්, අප දෙන්නා කරපු කතා බහෙන් හෙළි උනේ අප හිතන අයුරු ගොඩක් අවස්ථා වල සමපාත වෙනවා කියා. රටවල් දෙකක ඉපදිලා, පරිසර දෙකක හැදිලා, වෙනස් අධ්‍යාපනයන් ලබල එහෙම වෙන එක අතෙකින් අරුමයක් අනෙක් අතට පුදුම වෙන්න දෙයකුත් නැහැ. අප හැමටම තියෙන්නේ මනුෂ්‍ය සිතිවිලි. ආගම, දේශපාලනය, ආර්ථික ප්‍රතිපත්ති, සමාජ කරුණු, අද්‍යාපනය, දරුවන් ඇතිදැඩි කිරීම, රස්සාව, ප්‍රජාතන්ත්‍රවාදය, චීනය, කුඩා රටවල් කෙරෙහි ඇමෙරිකානු ජරා අධිපති වාදය ආදී මෙකි නොකී කරුණු හැම එකක්ම අප එකඟ නොවෙන කරුණු වලට වඩා එකඟ වෙන දේවල් තිබුනා.

මේ ඔහුගේ කතාවෙන් බිඳක්. ඔහුට වයස යන්තම් නවය වෙනකොට, ආණ්ඩුවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවය කළ ඔහුගේ පියා මිය ගිහින් (ඔහුගේ පියා සේවය කළ කන්තෝරුව තවම තියනවා). තාත්තා මියයන්ට පෙර අම්මා හා එකඟ වෙලා තියනවා මොන තත්ත්ව යටතේ හෝ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න. තාත්තගේ මරණයෙන් පස්සේ හම්බ උන වන්දි මුදලෙන්, අම්ම ඔහුගේ වැඩිමහලු සොහොයුරා හා සොහොවුරිය පෞද්ගලික බෝඩින් පාසල් වලට යවනවා. ඔහුගේ වාරය වෙන කොට සල්ලි මදි නිසා, ඔහුට යන්න වෙන්නේ සිඩ්නි නුවර රජයේ බෝඩින් පාසලකට. මෙයටත් සල්ලි ගෙවන්න ඕනේ. ඒ ඔහුගේ වයස අවුරුදු දහ තුනේදී. එතැන් පටන් ඔහු හා ගමේ සම්බන්ධතා නැති වෙනවා. මොකද පාසලෙන් පසු සරසවියටත්, ඉන් පසු (ආචාර්යඋපාධිය නිම කිරීමෙන්) රටෙන් පිටටත්, ඊටත් පසු වෙනත් නගරයකත් (ඒ කියන්නේ කැන්බරා) පදිංචි වෙන නිසා.

දැනට වසර දහයකට පමණ පෙර ඔහු හා ඔහුගේ ඇමෙරිකානු බිරිඳ සමග ගමට ගිය වෙලාවේ පරණ යාළුවන්  (ප්‍රාථමික පාසලේ) හමු උන අවස්තාව ඔහු විස්තර කළේ මෙහෙම. “ඇත්තටම අපට කතා කරන්න දෙයක් තිබුනේ නැහැ. ඒකටත් වඩා, ඔවුන් හරිම අවිනිතයි. මගේ බිරිඳ ඉන්නවාද කියලාවත් ඔවුන් තැකීමක් කළේ නැහැ. ඇය එක්ක කතා කළේ එකම කාන්තාවක් පමණයි. ඇයත් එකම දේ යලි යලිත් කියන කොට තමා, බිරිඳට තේරුනේ, ඇය හොඳටම බීලා කියලා”.

මේක සමහර විට ඔබටත් සමීප අත්දැකීමක් වෙන්නත් පුළුවන්. ඒ අධ්‍යාපනයේ තියන පරතරය නිසාම නොවේ. හිතන විදිහ ආදියේ සමස්තයක් ලෙස ඇතිවන වෙනස් කම් නිසා. මා දැකල තියනවා බොහෝ දෙනා තමන්ගේ පාසල ගැන පවා වෙනත් එම පාසලේම ආදී ශිෂ්‍යයෙකු  ලියල තියන දෙයක් ගැන ඉතාම කේන්තියෙන් කතා කරනවා. මොකද ඔවුන් හිතන්නේ පාසලට අපහාසයක් කරලා කියලා. නමුත් අර ලියපු කෙනා බලලා තියෙන්නේ, පාසල් කාලයෙන් එපිට පුළුල් සමාජ කෝණයකින් වෙන්න පුළුවන්. ඔහු කතා කරන්නේ සමස්ත සමාජය ගැන. හැබැයි ඒක තේරුම් ගන්න හැමෝටම බැරි නිසා තමයි අර කේන්ති ගන්නේ. ඔවුන් තවමත් ඉන්නේ පාසල් කාලයේ.

ගොවිතැන් කිරීම, නගරයක කන්තෝරුවක හෝ කම්හලක වැඩ කිරීම වගේ නොවේ. කන්තෝරුවක හෝ කම්හලක ඇතුලත පරිසරය පාලනය කළ එකක්. ගොවි බිමේ එහෙම වෙන්නේ නැහැ. ශීත කාලය වඩාත් ශීතලයි. උෂ්ණ කාලය වඩාත් කර්කශයි. යුරෝපීයයන් මෙහි ඇවිත් ගොවිතැන වියාප්ත කිරීමේදී විශාල පරිශ්‍රමයක් දරපු බව, අද උනත් මේ ප්‍රදේශයක දවසක් ගත කරන විට තේරුම් යන කරුණක්. ඒ ගැන වෙන වෙලාවක ලියන්නම්.

ප. ලි.

යමෙක් කියන දෙයක් තේරුම් ගන්න බැරි වෙන විවිධ හේතු තියෙන්නේ පුළුවන්. මේ වගේ පටලවා ගැනීම් වලට, අර මගේ අද මීට කලින් ලියපු සටහනට දාල තියෙන ප්‍රථම කොමෙන්ටුව හොඳම උදාහරණයක්. ඔහු කියන්නේ සම්පුර්ණයෙන් වෙනස් කරුණක් ගැන. මේක ගොඩක් තැන් වල වෙනවා. ඒකයි මා මුලින් සඳහන් කළේ එකම විදිහට හිතන දෙන්නෙකු හමු වීම එක අතෙකින් අරුමයක් කියා. හැබැයි සරල සිංහල තේරුම් ගන්න බැරි (නමුත් සිංහලෙන් ලියවුන දේ කියවන) ගොඩක් දෙනා ඉන්නවා.

Advertisements

4 Comments

Filed under Agriculture, Social

4 responses to “එක් සත්‍ය කතාවක්! Is this your story too?

  1. Kenji @ Japan

    ඔබ කියන්නෙ රයිගම;ඉස්සර කුබූරකට බැස්සම එන මඩ සුවද,ගොයම් කපල ගොයම් කොලේ ගහල තියෙද්දී ඒවල ගෑවී ගෑවී ඇග කස කසා දුවද්දී ආපු ගොයම්/පිදුරු සුවද,උදේ පාන්දර එළදෙනුන්ගෙන් කිරි දොවද්දී ආපු සුවද,ගෙදර පරිප්පු හොද්ද තෙම්පරාදු කරල උයද්දී ආපු සුවද,කිරිබත් වල දන්කුඩු සුවද,මගුල් ගෙවල් වල අමු පොල් අතු මඩුවල ඇතුලේ තිබුන කෑම වල සුවද අපට තාමත් දැනෙන්නෙ ඔබ ලියන ලිපි වලින් මතකය අවදි කිරීමෙන්.

    • ඔබ දන්නවද කෙන්ජි, ගොයම කපලා ඉපනැල්ලෙන් එන සුවඳ ලංකාවේ, රුසියාවේ හෝ ඕස්ට්‍රේලියාවේ කියා හෝ ගොයම වී ද නැත්නම් තිරිඟු ද කියාත් වෙනසක් නැහැ. ඒ වගේම තමයි අර පිදුරු වලින් නැගෙන සුවඳ.

  2. මම ආවෙ ඕස්ට්‍රේලියාවෙ කුඹුරු ගැන දැනගන්න. 🙂

    • ඒ ගැනත් පසුව ලියන්නම් (පිදුරු වලත් දේශපාලනය දැකීම ගැන කෝප නොවන්න). කෙටියෙන් කියනවා නම් මෙහෙ මඩ කුඹුරු නොවේ ගොඩ කුඹුරු ගැනයි මා මේ කියන්නේ. වගාවත් වී නොවේ, තිරිඟු. ප්‍රමානයෙනුත් සමහර විට තෙරක් නොපෙනෙන තරම් විශාලයි. ගොඩක් දේවල් යන්ත්‍ර සුත්‍ර වලින් කිරීම හැර, අනික්වා අතර අසමාන කම් වලට වඩා සමාන කම් වැඩියි. මා කලින් කෙන්ජිට ලියල තියන පරිදි, මේවායේ වැඩ කිරීම තියා අව්කාෂ්ටකේ දවස ගෙවන එකත් අසීරු කාරියක්. කොහොමත් ඕස්ට්‍රේලියානු ග්‍රීෂ්ම අව්ව ලංකාවටත් වඩා සැරයි. හැබැයි අර ඉපනැලි වලින් නැගෙන සුවඳ විතරක් නොවේ තිරිඟු යායක් හරහා හමා එන සුළඟත්, ලංකාවේ ගොයම් යායක වගේම ප්‍රිය ජනකයි.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s