සරණාගතයෙකුගේ ආයාචනය! Barking up the wrong tree!


ඊයේ ඕස්ට්‍රේලියා-දකුණු අෆ්රිකානු ටෙස්ට් ක්‍රිකට් තරඟය අතරතුර ගුවන්විදුලියේ ප්‍රචාරය උන ප්‍රවුර්තිමය වැඩ සටහනක එක ප්‍රවුර්තියක් උනේ ඕස්ට්‍රේලියාවට එන සරණාගත ප්‍රශ්නය. මෙයට දුරකතනයෙන් සම්බන්ධ උනේ දැනට නරු දූපතේ සරණාගත කඳවුරේ ඉන්න පාකිස්තානු ජාතික සරණාගතයෙක්. ඔහු විස්තර කලේ එම කඳවුරේ තියන ශෝචනීය තත්වය. එවෙලේ නරු වලට වහිමින් තිබුනා. ඔහු විස්තර කළා ඉන්න කාමර වලට පවා වැහි වතුර එන බව. ඔහු කියපු කරුණු බොරු වෙන්න බැහැ. මොකද අද වාර්තාවක් නිකුත් කරපු ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය කියන්නෙත් මේ කඳවුර කෘර, අමානුෂික හා නොහොබනා  එකක් කියලයි.

සංවාදය නිම කිරීමට පෙර නිවේදිකාව අර අනාතයාගෙන් ඇහුවා ඔබට ඕස්ට්‍රේලියානු ජනතාවට කියන්න යමක් තියනවාද කියා. සාමාන්‍යයෙන් හොඳ ඉංගිරිසි කතා කරන පකිස්තානු ජාතිකයා කියුවේ මෙහෙම දෙයක්. “ප්ලීස්, අපට උදවු කරන්න. අපව මේ අපායෙන් ගොඩ ගන්න රජයට පීඩනය එල්ල කරන්න. වෙන රජයක් පත්කර ගන්න”.

ගුවන් විදුලියට සවන් දෙමින්, මාත් එක්ක රථයේ ගමන් ගනිමින් හිටියේ සුදු ජාතිකයෙක්. ඔහු කීවේ, පත් කර ගන්න කියන්නේ දැනටත් වඩා දරුණු පිළිවෙත් අනුගමනය කරන්න විපක්ෂයනේ කියලා. අද විපක්ෂ නායකයා ප්‍රකාශයට පත්කළේ , ඔවුන් බලයට පත් උනොත් සරණාගත විසා දෙන සංඛ්‍යාව හය දහසකින් පමණ වාර්ෂිකව අඩු කරනවා කියලා. ඒ අනෙකුත් වඩාත් තද පිළිවෙත් වලට අමතරව.

අර ආයාචනය කළේ පකිස්තානු ජාතිකයෙක් උනත්, ලංකාවෙන් එන දෙමල හෝ ඇෆ්ගනිස්තානයෙන් එන සරනාගතයෙකුගේ ආයාචනයත් මීට වෙනස් වන එකක් නැහැ. ඔවුන් ඕස්ට්‍රේලියානු ජනතාවගෙන් ඉල්ලන්නේ, තමන්ගේ ප්‍රශ්නය විසඳන්න වෙන රජයක් පත්කර ගන්න කියා. හැබැයි ඔවුන් තමන්ගේ රටේ ඉන්න විටත්, මොහොතකට හෝ හිතුවාද රටේ තියන ප්‍රශ්න විසඳන්න පුළුවන්, තමන්ගේ ප්‍රශ්න වලට පෙනී හිටින නියෝජිතයන් පත් කර ගන්න. මා නම් හිතන්නේ නැහැ, මේ එහෙම කරපු කට්ටිය කියලා. දැන් මොහු උනත්, ඉංගිරිසි කතා කරන්න පුළුවන්, සමාජය ගැනත් ටිකක් තේරෙන මිනිහෙක්. ඔහු ඇත්තටම දේශපාලන සරණාගතයෙක් වෙන්නත් පුළුවන්, නැත්නම් ආර්ථික සරණාගතයෙක් වෙන්නත් පුළුවන්. මොන හේතුවක් නිසා හෝ රටෙන් පැන ඇවිත් ඉන්නේ රටේ ජිවත් වෙන්න බැරි හින්දා. හැබැයි, තමන්ගේ රටේදී කර ගන්න තිබුන ආණ්ඩු මාරු කිරීමේ කාරිය, ඔහු කරන්නට ඉල්ලන්නේ වෙන රටක ඉන්න ජනතාවගෙන්. ඒ කරන්න ඉල්ලන්නෙත් එම රටේ ඉන්න බහුතර ජනතාවකට දැවෙන ප්‍රශ්නයක් වෙනුවෙනුත් නොවේ.

කොළඹ ඉන්න දෙමල ජනතාව තමන්ගේ ප්‍රශ්න වලට පෙනී ඉන්න කෙනෙකු පත් කර ගන්න හිතුවා නම්, මුලින්ම චන්දය දෙන්න තිබුනේ වික්‍රමබාහුට. ඒ වෙනුවට එයාල පත්කර ගත්තේ වාසියට පිල් මාරු කරන ගෙම්බන්. කඳුකර වතුකර දෙමල ජනතාවත් අවුරුදු ගණනාවක් කරන්නේ මෙයමයි. මුස්ලිම් ජනතාවත් ඊට දෙවෙනි නැහැ. සිංහල ජතාවගෙනුත් බහුතරය, මහජන දේපොළ මංකොල්ල කන, කාන්තා දුෂණයේ යෙදෙන, ළමා අපචාර කරන, කොමිස් ගහන, මැරවර කල්ලි තියාගෙන ඉන්න, අධිකරණය විනාශ කරන අයියලාටම දිගින් දිගටම චන්දය දෙනවා.  ලංකාවේ ඉන්න ඒ දේශපාලකයන් පමණක් නොවේ, ලිබියාවේ ගඩාපි වගේ අයියලා කලෙත් තාමත් ඉන්න  සිම්බාබ්වේ මුගාබේ වැනි අයියලා කරන්නෙත්, තමන්ගේ වැරදි (සැබෑ අධිරාජ්‍ය වාදී පිළිවෙත්) වහන්න පාවිච්චියට ගන්නෙත් “බටහිර අධිරාජ්‍ය” වාදින්වමයි. සිම්බාබ්වේ ගත්තත්, ආර්ථිකය කඩා වැටිලා, රස්සාවල් නැතුව නන්නත්තාර වෙලා හිටියත්, මුගාබේට තවම කතිරය ගහන විශාල පිරිසක් ඉන්නවා.

රජය වෙනස් කරන්න කියා, ඕස්ට්‍රේලියානු ජනතාවට ආයාචනා කළ පකිස්තාන ජාතිකයා, අඩු ගානේ තමාගේ රටේ අවස්තාව තිබුන විටෙක පවා චන්දය නොදුන් කෙනෙක් වෙන්න හොඳටම ඉඩ කඩ තියනවා.

Advertisements

4 Comments

Filed under Politics, Social

4 responses to “සරණාගතයෙකුගේ ආයාචනය! Barking up the wrong tree!

  1. BudinOz

    This is like a Sinhala translation of a comment made by Australian Greens Party member who doesn’t really understand the real issue but shedding tears for so called asylum seekers.
    Australia has and will never stop taking in refugees but do you think most of these asylum seekers who reach Australia by boats are real refugees? Just consider Sri Lankan who arrive in Australia on boats in the recent months. Most of them were Sinhalese fishermen who admitted they came to Australia looking for work. There are millions of real refugees living in refugee camps all over the world including Sri Lanka and I think all those people who cry for the humane treatment of asylum seekers should encourage taking those real refugees in. But due to this boat people issue Australia’s intake of those real refugees has decreased drastically in the recent months and no one has even mentioned this anywhere.

    • Raigama

      Are you talking here “yanne koheda malle pol”? May be time for you to start learning “අ, ආ” from the start. (and then come back to read Sinhala blogs) 🙂

  2. Kenji @ Japan

    [නියගයට වැසි පොදක්!] ඒ පාකිස්ථානු පොර ලංකාවෙන් බෝට්ටු වලින් යන අයට වඩා ඉහලින් ඉන්න කෙනෙක් බවයි ඔබ කිව්ව වගේ වැටහෙන්නෙ රයිගම.මොකද අපේ රටේ ඇත්ත කතාකරපු/ලියපු මාධ්‍යකරුවෝ,කෙලින්ම කොහෙ හරි රටකට ගියා නැත්නම් එලොව ගියා.වෙන රටකට අනාථයෙක් විදියට ඇවිල්ල පවතින රජය වෙනස් කරපල්ලා කිව්වම මෙයා ගැන පවතින රජය විතරක් නෙමේ විපක්ෂයත් දෙසැරයක් හිතන්න වෙනවා “අනාථයෙක් ලෙස මෙහෙම වෙනත් රටකදී කියනවානම්,පුරවැසිභාවය ලැබුනම මොනවා නොකරයිද?”කියල.ෂුවර් එකට මුෂාරොෆ් ගෙ බුවෙක්. ලංකාවෙන් යන කට්ටිය ගැන නම් මට හිතා ගන්නත් බැහැ.

    • අර කලින් කොමෙන්ටුව දමා තියන මහතාට එක්කෝ මා තේරුම් ගන්න ඕනේ කමක් නැහැ. නැත්නම් මුල ටික කියවලා තමන්ගේ පුර්ව නිගමනය අනුව පිළිතුරක් ලියලා. මොක උනත්, ඕනෙම කෙනෙකුට අනෙකා දරන මතයට වෙනස් මතයක් දරන්න ඉඩ තියෙන එක මා පිලිගන්නවා. නමුත් අනෙකා ගැන පුර්ව මතයක (prejudice) ඉඳගෙන යමක් ලිවිම එතරම් හොඳ දෙයක් නොවේ.

      මේ වගේ රටක විසිදාහකට නොවේ ලක්ෂයකට වීසා දුන්නත් අපේ රටවල් වල තියන “අනාත” ප්‍රශ්නය විසඳෙනවාද කියන එක තමයි මට කියන්න අවශ්‍ය උන එක කරුණක්. එවැනි රටක හැදිලා වැඩිලා ජිවත් වෙලා තියන හින්දා, මා මේ සරණාගත ප්‍රශ්නය දෙස හරිත හෝ වෙනත් පක්ෂයක සාමාජිකයෙකු ලෙස බලන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද එයාලට වඩා අනාථයන් ගැන මා දන්නවා. බටහිර රටවල් නිර්ණය කරන ඔය කියන “real refugees” කට්ටිය, මේ මහත්තයලත් ගිරව් වගේ කියනවා. එම නිර්ණායක වලට අහු නොවන කී ලක්ෂයක් තව අනාථයන්/සරණාගතයන් ලෝකේ ඉන්නවද? මට (මගේ නිර්ණායක වලට අනුව) නම් ලංකාවෙන් පනින සිංහල ධිවර ජනතාවත් අනාථයන් තමා.

      ඇමෙරිකාව ප්‍රමුඛ මේ බටහිර රටවල් තමන්ගේ අවශ්‍යතා සඳහා පෝෂණය කරපු ඒකාධිපතියන් හිටපු රටවල මේ කියන “සැබෑ අනාත කැටගොරි” වලට නොවැටුන කී ලක්ෂයක් හිටියාද? ඉරාකය වැනි රටවල් වලට කඩා පැනලා, සේරම විනාශ කරලා, “ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවලා” දෙතුන් දාහක් “සැබෑ අනාත විසා” දෙන විට මට සතුටක් දැනෙනවාද? මෙහෙ ඉන්න අර කොමෙන්ටුව දමපු අය වගේ සමහර දෙනා හිතන්නේ, මේ විසි දාහකට තිස් දාහකට වීසා දුන්නහම වැඩේ හරි කියලා. උල්පතක් මඩකලතක් දමලා වහලා දාන්න පුලුවන්ද? නැහැ, මඩ ටික හේදිලා ගිහින් ආයිත් වතුර ගලනවා.

      ඔබ කියන්න වගේ මේ වගේ අනාත වීසා ඉල්ලගෙන එන ගමන්, රටේ ඉන්න මිනිසුන්ගෙන් රජය වෙනස් කරන්න කියා ඉල්ලීම, ඔවුනටම අවාසිදායකයි. එතන කරුණු කීපයක් තියනවා. මා එකක් කියන්නම්. උදාහරණයට මෙහෙම ගම්මු (කාටවත් හිත නොරිදෙන විදිහට). මා ඕස්ට්‍රේලියානු පුරවැසිකම ගන්න කොට, ලංකාවේ පුරවැසිකමත් තියා ගන්න ඕනේ උනා කියමු. දැන් මේක කලකට නතර කරලා තිබුනා. ලංකාවේ ගුවන් විදුලියක මට අවස්තාව දෙනවා අදහස් දක්වන්න. මා ලංකාවේ මිනිසුන්ගෙන් ඉල්ලනවා, පවතින රජය වෙනස් කරන්න, මොකද මෙයාල නිසා, මට ද්විත්ව පුරවැසි කම තියා ගන්න බැහැ. එතකොට ඔබ ලංකාවේ චන්ද දායකයෙක් නම්, ඔබට හිතෙන දෙයට ආසන්න දෙයක් තමා, පකිස්තාන කාරයාගේ කතාවට ඕස්ට්‍රේලියානු චන්ද දායකයෙකුට හිතෙන්නේ.

      අනික විසි දාහකට නොවේ ලක්ෂයකට අනාත වීසා දුන්නත් මට මහා ප්‍රීතියක් ඇතිවෙන්නේ නැහැ. අඩු ගානේ එයාල ටික හරි ගොඩ තමා. නමුත්, ඔවුනට රටෙන් පනින්න බලපාපු එක කරුණකට වත් (දේශපාලන,සමාජ හෝ ආර්ථික) එයින් විසඳුම් ලැබෙන්නේ නැහැ. අනික තමා මෙහෙම වීසා අරන් ආපු අනාථයන්, එක වදනකින් හෝ තමන්ගේ රටවල ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, නිතිය පැතිර වීමට උදව් වෙනවාද? පසුගිය දශක ගණනාවක් තිස්සේ ලංකාවෙන් පැනපු දෙමල ජනතාව කළේ, පැසිස්ට් වාදය ව්‍යාප්ත කිරීමට උල්පන්දම් දීම. ඔවුනගේ දරුවන් ප්‍රජාතන්ත්‍රවාදය යටතේ අධ්‍යාපනය ලබන අතරේ, කොහෙවත් ඉන්න අනුන්ගේ දරුවන් තමන්ගේ ශරීරයටත් වඩා උස බූට් සපත්තු දාගෙන මැරුම් කෑමට පිටත් කළා. අන්තිමට මුළු අරගලයම සයනයිඩ් කන දිවි නසා ගැනුමක් උනා. ඒ එක පැත්තක්. අනික තමා මොවුන්ම තමා, බටහිර ඇවිදින් අන්තිම මොහොතේ බේරා ගනීවි කියලා සිහින ලෝකේ තමනුත් ගිල්වෙන ගමන්, අර දිවිනසා ගත්තු පිරිසත් මුලා කළේ. අනිත් අතින් බටහිරට පැන ගත්තු ජවිපෙ කට්ටියත් කම්කරු පන්ති ආඥ්යාදායකත්වයක් ගැන තවම කතා කරනවා. ඔවුන් ප්‍රජාතන්ත්‍ර වාදය යටතේ පහසු ජිවිත ගත කරමින්, දරුවන් හට අධ්‍යාපනය ලබා දෙමින් මේ කියන දෙයට, තාමත් සුළු පිරිසක් මුලා වෙනවා. මේ කියන්නේ චීනය හෝ කියුබාව වැනි රටක ඉඳලත් නොවේ. අන්තිම මොහොතේ හෝ ඒ සුළු පිරිසට ජිවිත රැක ගන්න උදව් කළේ කස්ත්‍රෝ නොවේ. කස්ත්‍රෝලගේ එදා විප්ලවය ආශ්වාද ජනක උනත් අඩසියවසක පවුල් පාලනයකින් පසු කියුබාව නවතින්නේ, එවැනිම දීර්ඝ පවුල් පාලනයකින් පසු ගඩාපිගේ ලිබියාව නැවතුන තැනම නොවේ කියලා සහතිකයක් නැහැ. ඇමෙරිකාව හෝ බටහිර අපට යහපාලනය දෙන්න හෝ ප්‍රජාතන්ත්‍ර වාදය දෙන්න කැපවේවි කියා හිතන එක තේරුමක් නොමැති දෙයක්. මට මෙහෙ මැතිවරණයකදී චන්දය පාවිච්චි කිරීමේදී එවැනි දෙයකට කැපවන රජයක්ද, නැත්නම් එසේ නොවන එකක්ද කියා ඔළුවට එන්නේ නැහැ. මොකද මා දන්නවා ඔවුන් ඒ ආකාරයේ නොවන වග. ඒක මට මහා ප්‍රශ්නයක් නොවේ.මා කියන්න උත්සහ කළ අනෙක තමා, තමන්ගේ රටවල යහපාලනයක් ඇතිකර ගන්න (විශේෂයෙන් චන්දය දීමට අවස්තාව තියන රටවල), ඒ රටවල් වල ඉන්න බහුතරයකට අවශ්‍යතාවයක් නැත්නම්, පිට රටක ඉන්න මිනිසුන්ට එයටත් වැඩි කැක්කුමක් ඇති වෙනවාද කියන එකයි.

      අන්තිම කරුණ තමා, ඔබ ලියා තියන රට පැනපු මාධ්‍යවේදීන් (ලංකාවේ) අයගෙන් බොහෝ දෙනා කරන්නෙත් ඥානාලෝකය පැතිර වීම නොවේ, මෝහාන්දකාරය ව්‍යාප්ත කරන එකයි. විමල් විරවංශ ගේ අධ්‍යාපනික සුදුසුකම් වලට හිනාවෙන, සමහරුන්ගේ දැනුමේ තරම අප දැක තියෙනවනේ.
      ඊයේ මා ලියපු මේ පිළිතුරේ සමහර කොටස් අයෝග්‍ය බව හැඟුණු නිසා වෙනස් කළා. ඊයේ මා පිළිතුර ලීවේ නරක වෙලාවක කෙන්ජි!

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s