සතුට කියන දේ අපේ තේරීමක්! Happiness is a choice!/?


ප්‍රසිද්ද දින පොතක් ලියන එක ටිකක් අපහසු කරුණක්. මොකද හිතෙන හැම දේම ලියන්න බැරි නිසා. නරක දෙවල් හින්දා නොවේ. සමහර කාරනා වලට ලෝකේ ඉන්න අනෙක් මිනිසුන් හා ගැහැණුන්ද සම්බන්ද නිසා. අද දවස ඇතුලත කියවපු සිංහල හා ඉංගිරිසි එකිනෙකට වෙනස් බ්ලොගයන් දෙකක, මා ලියපු එක සටහනක ලියපු දෙයට ආසන්න කරුනකුයි, අනෙක් බ්ලොගයේ මා ඊයේ ලියපු කොමෙන්ටුවකට ලියපු පිළිතුරක්, තවත් විස්තීර්ණ කරලාත් තිබුනා. මේ කරුණු දෙක එකිනෙකට වෙනස් දෙකක් උනත්, මා හිතන අයුරුත් ඒ දෙකින්ම පිළිඹිබු වෙනවා. මේ වගේ දෙයක් මා අත්දුටු පළමු අවස්තාව මෙය නොවේ. එකම විදිහට හිතන කට්ටිය ලෝකයේ බොහෝ දේවල් දෙස බලන්නේ එකම විදිහට. සමහර විට ජනවර්ග දෙකකට අයත්, රටවල් දෙකක ඉපදිලා, වෙනස් අධ්‍යාපනයන් ලබලා, එකිනෙකට වෙනස් සංස්කෘතීන් වල හැදුන අය දෙන්නෙක් උනත් සමහර විට මේ වගේ එක රටාවක අදහස් තියන අය වෙන්න පුළුවන් එකේ, එකම රටක එකම ජනවර්ගයකට අයත්, එක සංස්කෘතියක හැදුන විට සමාන අදහස් තියෙන්න පුළුවන් ඉඩකඩ වැඩියි.

මේකේ අනික් පැත්ත තමා, එක දෙයක් ගැන වෙනස් අදහස් තියන දෙන්නෙක් ගන්න. බොහෝ වෙලාවට ඔවුන් දෙදෙනා හිතන බොහෝ දේවල් ගැලපෙන්නේ නැහැ. එකම ගමේ වෙන්න පුළුවන්, එකම පාසලේ වෙන්න පුළුවන්, එකම පවුලේ වෙන්නත් පුළුවන්.හිතන්නේ සම්පුර්ණයෙන් වෙනස්ව. අර කලින් කියපු දේ අනික් පැත්ත.

ජනමාධ්‍ය ගත්තොත්, මා අකමැති දේවල් අද කියවන්නෙත් බලන්නෙත්, අහන්නෙත් නැහැ. සමහර පත්තර, ගුවන් විදුලි, රූපවාහිනි හා බ්ලොගයන් පවා මා ප්‍රතික්ෂේප කරනවා. එහෙම ප්‍රතික්ෂේප කරන ඕස්ට්‍රේලියානු පත්තර හෝ රූපවාහිනි නැතත්, සමහර ගුවන් විදුලි ආයතන වලට මා සවන් දෙන්නේ නැහැ. කියවන, අහන හා බලන පිරිස් නැත්තටම නැති උනොත්, පොදුවේ “ජරා” ලෙස හංවඩු ගැහිලා ඉන්න “ජනමාධ්‍ය” කරුවන්ට යන එන මං නැති වෙනවා. මා කලින් ලියා ඇති පරිදි ඔය සමරසිංහ මහතාට පවා ඉන්න හිටින්න තැනක් නැති වෙනවා. ඒ වගේම තමා යකඩ හොරුන්.  නීරස නිසා දේශපාලකයන් ගැන ලියන්නේ නැහැ.

මේ දිනවල ලෝකයේම ආන්දෝලනයට ලක් වෙලා තියන අර රෝහල් දුරකථන ඇමතුම පවා ගැන මා හිතුවේ මේ අන්දමටමයි (මේ තරම් කනගාටු දායක අවසානයක් වෙන්න කලිනුත්). මේ වගේ දේවල් වලට තියන ඉල්ලුම නිසාම මෙවැනි කුණු දේවල් දිගින් දිගටම සිදු වෙනවා. මේ ගුවන් විදුලිය ජරා වැඩ කල ප්‍රථම අවස්තාව මෙය නොවේ. ගුවන් විදුලි විතරක් නොවේ, අනෙක් මාධ්‍ය ආයතන වලත් ඉන්න “ජරා” අයියලා හා අක්කලාට හොඳ පඩි වලටත් කේවල් කරන්න පුළුවන් ඔවුන් වටා ඉන්න “අකලංක රසික” පිරිස් නිසා.

 

 

Advertisements

6 Comments

Filed under Media

6 responses to “සතුට කියන දේ අපේ තේරීමක්! Happiness is a choice!/?

  1. Kenji @ Japan

    මම හිතන්නෙ රයිගම,ලංකාවෙ තාමත් පිටිසර පළාත්වල නාලිකා එකකින් හෝ දෙකකින් පමණයි අහන්න/දකින්න ලැබෙන්නෙ.එමනිසා හඩ්ඩන්ගෙ “හඩු”කතා ,යකඩ හොරුන්ගෙ “මලකඩ”කතා ,අබේඅසුන්දරලගේ “අසුන්දර”කතා සහ තවත් වර්ණා කරමින් ජාතිමාමක කතා පමණක් අහන්න/දකින්න ලැබෙන ඒ අය ඉබේම “අකලංක රසික”පිරිසක් වෙලා කියලයි මම හිතන්නේ.

    • Raigama

      කෙන්ජි වරදවා වටහා ගන්න එපා, මා ලියල තියෙන්නේ ලංකාවේ ගුවන් විදුලි හා රූපවාහිනි ගැන නොවේ. සටහනේ මුලින් කියුවානේ හැම දෙයක් ගැනම විස්තර ලියන්න බැහැ. මොකද අනෙක් අයත් සම්බන්ද නිසා. මා ලියන්නේ ජිවිතයේ ඕනෙම දේක තෝරා ගැනීම් වල අයිතිය තියෙන්නේ අපේ අතේ. එය ඔබ ඉන්නේ ජපානේද, ලංකාවේද නැත්නම් ඕස්ට්‍රේලියාවේද කියා වෙනසක් නැහැ.

  2. කෙටියෙන් කිව්වොත් මාත් දැන් පොතක් වුනත් ටිකක් දුර කියවාගෙන යද්දි හිතට ඇල්ලුවෙ නැතිනම් අර ඉස්සර වගෙ යුතුකමක් හැටියට කියවන්නෙ නෑ.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

  3. /// එකම විදිහට හිතන කට්ටිය ලෝකයේ බොහෝ දේවල් දෙස බලන්නේ එකම විදිහට. සමහර විට ජනවර්ග දෙකකට අයත්, රටවල් දෙකක ඉපදිලා, වෙනස් අධ්‍යාපනයන් ලබලා, එකිනෙකට වෙනස් සංස්කෘතීන් වල හැදුන අය දෙන්නෙක් උනත් සමහර විට මේ වගේ එක රටාවක අදහස් තියන අය වෙන්න පුළුවන්///

    ඔව් අනේ මට එහෙම අය හම්බෙලා තියෙනවා.. හෙන්රි අයියා අවුරුදු දෙක තුනකට කලින් කියලා තියෙනවා වගේ හිතට අල්ලන්නේ නැත්හන් ඉස්සර වගේ පොත කියෙවුවා කියන්න කියවන්නේ නැහැ..

    • අපේ ආචාර්ය ජෝර්ජ් අයියා සනිපෙන්ද ඔමා?
      මොනවගේ පොත් ද ඔමා කියවන්නේ? පෙරලන්නේ නැත්ද? 🙂

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s