මා ඉතින් යන්න යනවා?


මා මේ බ්ලොගය ලියන්න පටන් අරන් අවුරුදු එකහමාරක් පමණ වෙනවා. මා ලියන හේතුව වරින් වර කියා තියෙනවා. අනිත් සිංහල බ්ලොග් කියවනකොට, මට හිතෙනවා මගේ බ්ලොගය තර්කාන්විත අවසානයක් කරා ලඟා වෙනවා කියලා. මා දන්නවා මෙය බලන්නේ දෙතුන් දෙනෙක් පමණයි. හැබැයි මා ලියන්නේ මට පමණක් කියවන්න නොවේ.

මිට කලකට පෙර මට වඩා බාල, මගේ සටහන් කියවන හරේ ලියල තිබුනා, වාදයකින් කිසි ප්‍රතිපලයක් නැහැ, මොකද අන්තිමට ඉතුරු වන්නේ අදහස් ගොන්නක් විතරයි. මේ කතාව මා හරේගේ වයස අහන්නේ නැතුව පිලි ගන්නවා. මොකද කියනවා නම්, මගේ අදහසුත් ලෙහෙසියෙන් වෙනස් වෙන්නේ නැහැ. මොකද අදහස් වෙනස් වීම සත්ත්ව පරිනාමය වගේම මන්ද ගාමිව සිදු වන දෙයක්.

ඒ වගේම තමා, ස්වභාවික වරණය. ස්වභාවික වරණයත් අහඹු ක්‍රියාවලියක් කියලනේ බොහෝ දෙනා සිතන්නේ. එයත් අහඹු ක්‍රියාවලියක් නොවේ. මා කොමෙන්ටු වලට ප්‍රතිචාර දාන කොට අනුගමනය කලේ ස්වභාවික වරණ ක්‍රියා වලියක්. ඒ කියන්නේ ස්වභාවික වරණයේදී ගහනයක සියලු දෙනාට අහඹු ලෙස සමාන අවස්ථා ලැබෙන්නේ නැහැ. විශේෂ ලක්ෂණ තියන කට්ටියට, ජිවත් වීමේ වැඩි අවස්තාවක් ලැබෙනවා. කාලයත් සමග ඒ විශේෂ ලක්ෂණ ගහනයක වැඩි වන්නේ එහෙමයි. මාත් පිළිතුරු දීමේදී අර “විශේෂ ලක්ෂණ” වලට වැඩි බරක්  යෙදුවා. ක්‍රමයෙන් කාලයත් සමග අනෙක් ලක්ෂණ නැති වෙලා යනවා.

මා කලින් ලියල ඇති මිනිස් සමාජය, අර සතුන්ගේ එකම වගේ නම් මේ “මිනිස්කම” කියන දෙයින් ඇති වැඩක් නැහැ. අද අපේ වැඩ කරන තැන කෙනෙක් සති කීපයකට පසු වැඩට ආවේ, රටවල් කීපයක කරක් ගැසීමෙන්. ඔහු ගිය එක රටක් තමා මියන්මාරය. මා විස්තර අහපුවහම ඔහු කීවේ, වැඩිපුර ඉන්නේ බෞධ්දයන්, හැම තැනම පන්සල් තියනවා ඒ වගේම හාමුදුරුවරුන් ඉන්නවා කියලා. හැබැයි මේ බෞධ්දයන් මුස්ලිම්  ජනතාව කෙරෙහි තියන වයිරයත් ඔහු විස්තර කළා. ඔහු මේ ආගම් දෙකෙන් එකකටවත් අයත් නැහැ. ඔබට පේනවා නේද මිනිසුන් කොහෙත් එකයි කියන දේ.

මා විස්වාස කරන තව දෙයක් තමා සමාජය හදනවා කියල දෙයක් නැහැ. සමාජයක මුලික ඒකකය වන මිනිසා හෝ ගැහැණිය තමා හැදෙන්න ඕනේ. එවැනි “හැදුන’ අය වැඩිපුර ඉන්න සමාජය නිකම්ම යහපත් වෙනවා. සත්තු වැඩිපුර ඉන්න කවර හෝ සමාජයක් යහපත් එකක් කියල කියන්න බැහැ.

 

 

Advertisements

24 Comments

Filed under Social

24 responses to “මා ඉතින් යන්න යනවා?

  1. ඔබ කියන දෙතුන් දෙනාට මමත් අයිතියි… ඒ කිව්වේ මාත් මේක තාමත් කියවන බ්ලොගයක්… ප්‍රතිචාර දක්වනවා අඩුයි තමා… ඒක ඉතිං ඔබේ වරදක්වත් මගේ වරදක්වත් නෙවෙයි… මට අදාලයි කියලා හිතුනොත් හා මං දන්න දෙයක් ගැන කිය උනොත් එහෙමත් නැත්තං ඔබ ලියන දේ ගැන එකතු කල හැකි දෙයක් මටත් තිබුනොත් ආදී වශයෙන් තමා කමෙන්ටුවක් කෙටෙන්නේ… ඒත් මගේ හෝ වෙන කෙනෙකුගේ කමෙන්ටුව වෙනුවෙන් ලියන්න ගියොත් ඒ ලියන්නේ ඔබ නෙවෙයි.. ඒ හින්දා කවුරු කියෙව්වත්.. කවුරු ප්‍රතිචාර දැක්වූවත් ඒක ගැන නොසිතා ලියන එක තමා හොඳම දේ..

    ඒ මම දකින විදිය…

    • නැහැ මාරයා ප්‍රතිචාර නැති හින්දා නොවේ, බලන අයත් අඩු හින්දාත් නොවේ. මාත් කොමෙන්ටු දාන්නේ ඉඳ හිට නිසා, මා කොමෙන්ටු බලාපොරොත්තු වෙනවා නම් කුහක කමක්. මා ආසාවෙන් බලන කුසල් පෙරේරාගේ දේශපාලන බ්ලොගයේත් ඉතා කලාතුරකින් තමා කවුරු හරි ප්‍රතිචාරයක් දාන්නේ. පිට රටක ඉඳන් මට ලියන්න දෙයක් තිබුනත්, ලියන්නේ නැහැ මොකද අන්තිම තේරීමේ (චන්දය) ක්‍රියාවලියට මගේ දායකත්වයක් නැති නිසා. මා අදහස් කලේ පොදුවේ, සිංහල බ්ලොග් පාඨකයන් ප්‍රිය කරන බොහෝ චින්තනයන් මට හරි දුරයි කියන එකයි. මගේ බ්ලොග් ලයිස්තුවේ තියන ඒවා මා කියවනවා. ඔබත් එහි ඉන්නවා. මගේ කියවීම් වල තේරීම් වලට අනුන්ට බලපෑම් කරන්න තියන ඉඩ කඩ සීමිතයි. මා කැමති දේ කොහොමත් බලනවා. අකමැති දේ කියවන්නේ නැහැ. ඔබට ස්තුතියි!

  2. මං හිතන්නේ මේ බ්ලොග් එක බ්ලොගර් එකට ගෙනියන්න පුලුවන් නම් වඩා හොඳයි. මොකද මාත් ඇතුලුව බොහො දෙනෙක් කියෙව්වට වර්ඩ්ප්‍රෙස්වල කොමෙන්ට් කරද්දි තියෙන කරදර නිසා බොහෝ දෙනෙක් කොමෙන්ට් කරන්න අදි මදි කරනවා.

    • සබිත් කියන කතාවත් ඇත්ත.. ඒ කාරණයත් සෑහෙන්න බලපානවා.. දැන් කලින් කමෙන්ට් එකට උනත් මං අමුතුවෙන් ලොග් වෙලා එන්න උනා… ඕක කොයි වෙලෙත් කරන්න ගියාම කචල් නෙව…

    • ඔබ මගේ බ්ලොගයට ඇවිත් යමක් ලියුව පළමු කීප දෙනා ගෙන් අයෙක්. ඔබගේ යෝජනාව හිතේ තියා ගන්නම් සාබිත්.

  3. kathandarakaraya

    අදහස් ගෙඩි පිටින් නොකියා කතන්දරයක් කියන්න. එහි අන්තර්ගතයේ ඔබේ අදහස ඇතුලත් කරන්න. එවිට කියවන අයගේ සිතේ එහි අංශු මාත්‍රාවක් හෝ රැඳී තියෙන්න ඉඩ තියෙනවා.

    බුදුහාමදුරවෝ, ජීසස් සහ වෙනත් අය බොහෝ දේශනා කර ඇත්තේ ඒ ආකාරයට කතන්දර තුලිනුයි.

    • ඔබගේ ආදරණිය යෝජනාවට තුති කකා. හැබැයි මා හිතන්නේ වෙනත් විදිහකට. එකම වට්ටෝරුවකට හැම දෙයක්ම කියන්න බැහැ. මා එහෙම කියවන්න ආසත් නැහැ. මාත් සමහර වෙලාවට “පතෝල කතා” ලියනවා. තවත් සමහර වෙලාවට ගෙඩි පිටින් කියනවා. මේවායින් බොහොමයක්, මා නැවත කියවන විටත් වෙනස් කරන්න දෙයක් මට නැහැ. බුදු හාමුදුරුවන් ගේ හා ජේසු තුමාගේ දේශනා තමා අද ලෝකේ වඩාත් විකුර්ති කර තියෙන්නේ කියා මට හිතෙනවා. අප කොහොම කියුවත්, ලියුවත් අසන්නා හෝ කියවන්නා උරා ගන්නේ එයාලට වාසි හා අවශ්‍ය කොටස් පමණයි ගොඩක් වෙලාවට. ඔබගේ බ්ලොගයත් එයට හොඳ උදාහරණයක්. 🙂

  4. මමත් කියවන්න පටන්ගත් දා සිට හැම පෝස්ට් එකක්ම වගේ කියෙව්වා… දිගටම ලියනවානම් හොඳයි…

  5. ලගකදී ඉදන් මමත් ඔබව කියවනවා, පරණ එව්වත් කියෙව්වා , සමහරක් පෝස්ට් මග ඇරෙන්නත් ඇති,

    රාමචන්ද්‍රන් , ඔබ ,අරුණි වාගේ (තවත් බ්ලොග් ඇත) තැන් තියනවා මට යමක් එක් කිරීමට බැරි

    ඒ ඔයාලගේ ගැටලුවක් නෙමෙයි, මගේ දැනුවත් කමේ මදිකම,

    එතකොට ඉතින් හොරෙන්ම මාරු වෙනවා ඇර කරන්න දෙයක් නැ

    සමහරක් දේවල් එක්වරම නොතේරුනහම කිහිපවරක් කියවලා තේරුම් ගන්න උත්සාහ කරන , වටිනාකමක් තියන , දිගටම ලියවිය යුතු බ්ලොග් එකක් කියලයි මට නං හිතෙන්නේ

    බ්ලොග් කියවන අය 90% ක් බලාපොරොත්තු වෙන්නේ විනෝදාස්වාදය . ඉතිරි පිරිස තමා හරවත් යමක් හොයාගන බ්ලොග් කියවන්නේ ,

    හැබැයි ඔය 90% අතරෙත් ඉන්නවා ඔබේ වගේ බ්ලොග් එකක තියන දේවල් කියවන, ඒවා එකතු කරගන්න උත්සාහ කරන

    ඔබ ලිවිය යුත්තේ ඔබව කියවන ඔබත් සමග එකගවන 10% වෙනුවෙන් නෙමෙයි , අර කියාපු 90% අතරින් ඉදහිට ඔබව හොයාගන එන අය වෙනුවෙන් , ඔවුන්ට තමයි ඔබ ලියන දේවල් ගොඩක්ම වටින්නේ

    (කියන්ඩ හදපුදේ හරියට ලිය උනාද මන්දා)

    • ඔයිට වඩා හරියට කියන්න පුලුවන්ද ලක්මාල්! ඔබ මෙය කියවනවා යයි දැන ගන්න ලැබීම සතුටක්. හැබැයි ඔබ අර කියාපු බ්ලොග් දෙක නම් මා බලන්නෙත් නැහැ, එකිනෙකට වෙනස් කරුණු දෙකක් නිසා. මා විශ්වාස කරන්නේ මනුෂ්‍යයා සොයා ගෙන තියන හොඳම පාලන ක්‍රමය ප්‍රජාතන්ත්‍ර වාදය කියා. එමෙන්ම රජය ලොව්කික එකක් විය යුතුයි කියලත් මා විස්වාස කරනවා. ඔබට බෝරින් වගේ නේද? හැබැයි ලක්මාල් පොදු දේපොළ ක්‍රමයක් යටතේ ආණ්ඩුවේ කීප දෙනෙකු විසින් සියල්ල තීරණය කරන “සමාජවාදී” ඒකාධිපති ක්‍රමයක් තුල ජිවත් වෙන්න මා කැමති නැහැ. ඒකෙන් කියවෙන්නේ නැහැ, සමාජයක් තුල රජයකට කිසිම කාර්යයක් නැහැ කියා. ලංකාවෙන් ගිය ගමන්, ලංකාවේ ඉන්න සියලු දෙනාම “ආණ්ඩුවෙන්” යමක් කටට දෙනකම් බලා ඉන්න නුගත්, ගෝත්‍රික මනුෂ්‍ය රැලක් කියන සමහරුන්ගේ බ්ලොග් වල කියන කොට හුරේ දාන පිරිස් ලංකාවේම ඉන්නවා. මා ලංකාවේ හිටියත් දැනට වෙනස්ව හිතන්නේ නැහැ. එතකොට අර ගොල්ලෝ කියන ගොඩේ මාත්. අනුරාධපුරේ ඉන්න දුප්පත් ගොවියෙක්, දුප්පත් වෙලා ඉන්නේ ආණ්ඩුවෙන් යමක් කටට දාන කල් බලා ඉන්න හින්දා නොවේ. ඒ මිනිහා මහන්සිවෙලා වැඩ කරන්නේ නැත්ද? (අර අනික් හාදය දැන් කියාවි සමාජවාදය එනතුරු ඉන්න කියා). කෘෂිකර්මය විතරක් නොවේ, අනෙක් වෙලදාම්ද නොයෙකුත් රාජ්‍ය මැදිහත් වීම යටතේ සිදු වන රටවල් වල ඉඳන් තමා මේවා කියන්නේ. ඔබගේ ප්‍රතිචාරයට අදාළ නැති උනත්, ලක්මාල් මා ලියපු සටහනට අදාළ නිසයි මේ ටික ලියුවේ!

  6. මාතෘකාව ප්‍රශ්නාර්ථයක්. ඒ කියන්නේ ඔබ තවම තීරණය කරලා නැහැ. ලිවීම සම්බන්ධයෙන් මම හිතන්නෙ මෙහෙමයි. අපි ලියන්නෙ අනුන් වෙනුවෙන් නම්, අපිට යන්න පුළුවන් දුර අඩුයි. අපි ලියන්නේ තමන් වෙනුවෙන් නම් යන්න පුළුවන් දුර වැඩියි.

    මාත් නවක බ්ලොග්කරුවෙක්. ජනප්‍රියම බ්ලොග් (මාරයාගේ හෝරාව, කතන්දර ආදී) දේවල් වල පොදු ලක්ෂණය තමයි කතන්දර කීම. කකාගේ කොමෙන්ටුවෙනුත් කියලා තියෙන්නේ ඔය. හැම දෙනාම එකම ආකෘතියකින් ලිවිය යුතුයි කියලා අදහස් වෙන්නේ නෑ. නමුත් පැහැදිලිව දැකිය හැකි දෙයක් තමයි යම් යම් මතවාද කෙලින්ම කතා කරන බ්ලොග් වලට ලැබෙන ප්‍රතිචාර අඩුයි. තමන්ට ලියන්න දෙයක් ඇති නිසා ලියන, නමුත් අනිත් අයගේ ප්‍රතිචාරත් බලාපොරොත්තුවෙන, එයින් දිරිය ලබන (මමත් ඇතුළු ගොඩක් බ්ලොග් කරුවන් අයිතිවෙන්නේ මේ ගොඩට කියලා මම හිතන්නේ ) බ්ලොග්කරුවන් අර ඉහත කී වර්ගයේ බ්ලොග් කියවා, ඔවුන්ගේ ආරම්භය කියවා බලා ඉගෙනගත යුතු දේ බොහෝ බවයි මගේ අදහස. කොයි දේටත් වඩා වැදගත්, ලිවීම වෙනුවෙන් දැඩි ආශාවක් (passion) තිබීම.

    • මා ලියන්නේ මට නොවේ තිසර. මේවා ලියුවත් නැතත් මගේ ජිවන රටාවේ වෙනසක් වෙන්නේ නැහැ. අනික් ඒක තමා තිසර මා සටහන් තුලින් ලියන්න හදන්නේ “ජිවන විලාසිතාවක්” ගැන. පරමාදර්ශී නොවෙන්න පුළුවන්. නමුත් ගොඩක් “පරමාදර්ශී” ජිවන විලාසිතා වල මට කිසි පරමාදර්ශයක් නැහැ කියලා පෙනෙනවා (ඔබට තේරෙනවනේ මේවා සියල්ල සාපේක්ෂයි). ඔබට අගව්රවයක් කරන්න මා අදහස් කරන්නේ නැහැ. ඔබ ලියල තියන සියලු දේ ගැන ඔබට නොවක් තුති. හැබැයි තිසර, මගේ බ්ලොගය “නවක” වෙන්න පුළුවන්. ඒත් ජිවිතයට මා නවක නැහැ. ඔබ ඔය කියල තියන බ්ලොග් දෙකෙන් තියා, වෙනත් බ්ලොගයන්ගෙන්ද මා ඉගෙනීමට බලාපොරොත්තුවක් නැහැ. ඇත්තටම මා ලියන හේතුවත් එයටම අදාලයි. මට තියන “ප්‍රස්නාර්ථය” එය කොතරම් දුරට ගෙන ගිය යුතුද කියා. 🙂

  7. කරන්න හැකියාව තිබියදී අත්හරින එක සුදුසු නෑ. මම අදයි ආවේ. ඒත් මේ වචන ටිකේ සෑහෙන්න බරපතල වගේම සොදුරු ආකෘතියක් තියෙනවා. මට නං හිතෙන්නේ ඔබ සාපේක්ෂව කළකිරිමකින් ඉන්නව කියලයි.. සබිත් කියන කතාව සම්පුර්ණයෙන්ම ඇත්ත. අරුණිගේ ලිපි කියෙව්වට මටත් ප්‍රතිචාර දාන්න කම්මැලිය. ඇයි ආයේ ලොග් වෙන්න ඕන.. අනිත් කාරණාව මාරය කිව්ව වගේ ඔබට ඔබ ලියන දේ හරි කියල හිතෙනවනං ඒකට ප්‍රතිචාර ආවත් නැතත් (කියවන අය බලාගන්න පුළුවන්නේ) දිගටම කරන්න.. සාපේක්ෂව හිතන එක මං හිතන්නේ හරිම නරක දෙයක්.. ඔබ ඔබට සාපේක්ෂව හිතල ලියන්න.. මා නම් එහෙමයි.. ඔය ලොකුයි කියන මාරයාල ලියන්නල නිතර නාවට මමත් කොහොම හරි ලියනවා. ටික දෙනෙකුට හරි මං කියපු දෙයක් කියවන්න ලැබුන නේද කියන සතුට තියෙනවා. ආයේ කල්පනා කරා නං හොදයි නේ ලොකු අයියේ.. ඇත්තටම කිව්වේ

    • ආවට සන්තෝෂයි මල්ලි! නැහැ දේශකයෝ, මා අයියා, මල්ලි කියන්නේ උත්ප්‍රාසය දනවන්න මිසක් ඇත්ත අර්ථයෙන් නොවේ. හැකියාව ගැන නම් මා දන්නේ නැහැ. මා ලියන්නේ අර කතාවට කියන්නේ “එන්ජෝයි” කරන ජිවිතයේ සාමාන්‍ය දේවල්. ඔය සමහරුන් කියන්නේ මල් වැවීම, මිතුරු මිතුරියන් ඇසුර, මුද්දර එකතු කිරීම, ගීත ඇසීම යනාදී වශයෙන්. අන්න ඒ වගේ සරල දේවල්. ජිවිතයේ සරල විනෝදාස්වාදය නරක දෙයක් කියා මා නම් හිතන්නේ නැහැ. හැබැයි සරල විනෝදයයි, ගර්භිත විනෝදයයි අතර ලොකු පරතරයක් තියනවා. උදාහරණයකට ගැහැනියකට හෝ ආබාධිත තත්වයක් තියන කෙනෙකුට හිනා වෙලා යමක් ලියන එක සරල විනෝදයක් නොවේ. ඒ වගේම කෙනෙකුගේ රෝගයක් ගැන ජරා කතා කියමින් සන්තෝෂ වීම සරල විනෝදයක් නොවේ. ගොඩක් වෙලාවට මා දකින්නේ යහපත් සමාජයක් එක පැත්තකින් අපේක්ෂා කරමින් ඒ ගැන කතා කරන ගමන්, අනෙක් පැත්තෙන් ඉහත කියපු දේවල් කුණු රසාස්වාදයත් ප්‍රිය කිරීම. නැත්නම් ජාතිවාදය හෝ අනුන්ගේ ආගමක් පටලවාගෙන කුණු රසය ලැබීම. මටනම් දේශකයෝ, වන්දනාමාන කරන්න අය, මේ කුඩා සිංහල බ්ලොග් ලෝකේ තියා, ඉන් පිටත විශාල ලෝකයේත් නැහැ. ඔබගේ කාරුණික සිතුවිල්ලට නැවත වරක් ස්තුතියි!

  8. Kenji @ Japan

    මාතෘකාව දැක්කම මම හිතුව ගිලාඩ් මැතිණිය TV එකේ කරපු විහිළුව ඇත්ත කියල හිතලද කියල:):):).රයිගම ;ඔබ ලියන ලිපිවලට කොමන්ට් නොකෙරුවාට කියවන අය විශාල පිරිසක් ඉන්න බවයි මාගේ හැගීම.සමහරු කොමන්ට් නොකරනව ඇත්තෙ,සමහර ලිපිවලට ලියද්දි අතට “බ්රේක්”නැතුව ලියනාව වගේ නරක වචනයක් ලියවිලා ඔබගෙ ලිපියට අවමනක් වේයැයි කියල හිතලද දන්නෙ නැහැනේ.ඔබගෙ ලිපියක් කියවන්න නොලැබුනත් සතියකට වරක් මම උයන එළු/බැටළු මසක් හදන වෙලාවට අනිවා මතක් වෙනව.ඔය සුළු දෙයක් කිව්වේ.ඔබගේ ලිපි මටනම් ප්‍රයෝජනවත්.දිගටම ලියන්න ශක්තිය!!!!!!!!!!!!!!!!!!

    • නැහැ කෙන්ජි ඇත්ත කරුණ නම් බලන අය ගණන කුඩායි. මා මාරයට ලියුවා වගේ එය මහා ප්‍රශ්නයක් නොවේ. නමුත් පොදුවේ අගය කරන කරුණු ගත්තොත්, මා ලියන දේවල් අදාළ නොවීම ගැන තමා මා ටිකක් දුර කල්පනා කළේ. මා ලියන එක නවත්වනවාට, අකමැති (එහෙත් ඒවා එතරම් නොකියවන) කෙනෙකුත් ඉන්නවා කියා, මා මේ ගැන ටිකක් හිතන කොට දැන ගන්න ලැබුනා. කොහොම උනත් ඔබට යම් ප්‍රයෝජනයක් උනා නම් සන්තෝෂයි. එවැනි දෙයක් මුලදී මා ඇත්තටම බලාපොරොත්තු උනේ නැහැ. ටික දවසකට පසු හමු වෙමු!

  9. Kenji @ Japan

    ස්තුතියි!රයිගම සහෝදරය මෙතුවක් කල් අපට ඔබ දන්නා කියන දෑ වලින් දැනුවත් කිරීම පිලිබදව.ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට ජය පතමි!නැවත ඔබ ලියද්දි මම/අපි යන්න ගිහිල්ල ද? කියල දන්නෙ නැහැනේ.හිටියොත් කියවමි.

    • කෙන්ජි කිව්වා හරි මමත් ඒ ගැන ඔළුවේ තියාගෙන ඉන්නේ.. මට යන්න වෙච්චි දවසක මගේ සමීප අයට මා ගැන බලන්න වත් මේ බ්ලොගෙන් අන්තිමට පුළුවන් වෙයි කියල මට හිතෙනවා.

  10. මම වැඩ අධික කාලයක් ගතකරන නිසා එන්න පොඩ්ඩක් පමා වුනා. ඇත්තටම රයිගම් ඇයි එහෙම යන්නෙ? එහෙම උඹට ඕනෙ විදියට යන්න දෙන්න බෑ. මේක මේ බ්ලොග් වහලා දාන යුගයක්ද? රයිගම් ඇරුනාම තව කීප දෙන්ක්ම දැනුම්දීමක් ඇතුව සහ නැතුව බ්ලොග් වහලා දැම්මා.

    රයිගම් දිගටම ලියමු මචං. නිකං බලාපං අනිත් කට්ටිය කියලා තියෙන දේවල්. ඒ හැම එකකම ගතයුත්තක් තියෙනවා.

    • Raigama

      මචන් සමාවෙයන්. මා මේ දවස් වල හිටියේ බ්ලොග් ලෝකයෙන් එහා. කොහෙද බන් යන්නේ උඹ ඔහොම කියන කොට? නැහැ මචන්, ඇත්තටම හැදුවේ නම්, ස්වභාවික මරණයකට පත් කරන්න. හැබැයි මචන්, විශේෂයෙන් උඹගේ හා අනික් ප්‍රතිචාර වල තියන හර්දයන්ගම බව දහස් වාරයක් අගය කරනවා. ගොඩක් හේතු නිසා මේක නවතන අදහස අත්හැරියා. ඒත් මචන් තව ටික දවසක් මා ලියන්නේ නැහැ. ඉතා ඉක්මනින් හමුවෙමු!

  11. ඒ පාර ඇත්තටම යන්න ගිහින්ද මන්දා? කෝ මේ රයිගම? ලියමු ලියමු ඉක්මනට!

    • Raigama

      ලකී මගේ වේලාවෙන් දැන් රාත්‍රී එකට කිට්ටුයි. ලිවීම අවසන් කරන්න හිටියත් ලියන්නේ ඔබ වැනි, තරමින් කුඩා උවත් කියවන සුළු පිරිස නිසා. ඔබ හා කියවන සියලු දෙනාට සුබ නව වසරක්!

      • Kenji @ Japan

        ඔහොම නිකන්ම ෂේප් න්‍යායෙන් සුභ පතල බැහැ හරිය:)[ලංකාවෙ රජා වගේ]හොද රසබර/හරබර ලිපියක් සුභ පැතුම් සමග බලාපොරොත්තු වෙනව.එතකොට තමයි අපිටත් බොක්කෙන්ම සුභ පතන්න ඇහැක් වෙන්නෙ.පේනව නේද කොමන්ට් නොදැම්මත් ඔබ සමග බොක්කෙන්ම ඉන්න කට්ටිය.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s