යන්නේ නැහැ! I am here to stay!


අද නත්තල් දවසේ රෑ මගේ අන්තිම සටහන නැවත එයට ආපු ප්‍රතිචාර සමග කියවුව්වේ යමක පතුල බලමින්. ඇත්තටම එහි ඇති ප්‍රතිචාර වලින් තුනක් මට යමක් නැවත හිතන්න අවස්තාව උදා කර දුන්න. මා ජිවිතයේ කිසි දිනක කෙනෙකුගේ ගෝත්‍රය, කුලය, ජාතිය, ඉගෙන ගත් පාසල, ඉපෙදුන ප්‍රදේශය හෝ රට, අධ්‍යාපන සුදුසුකම් කියන දේවල් කෙරෙහි වැඩි බරක් යෙදුවේ නැහැ. මෙවැනි ප්‍රශ්න මා කිසිවෙකුගෙන් ඔහුව හෝ ඇයව හෝ “මැන” ගැනීම සඳහා අහන්නෙත් නැහැ. සමහර ඇමෙරිකානු සිනමා පට පටන් ගන්න කොටම බලන්න බැරි ජරා එකක් කියල කියන කොට මගේ බිරිඳ අහනවා, ඔබ කොහොමද බලන්නේ නැතුව එහෙම කියන්නේ කියා. මිනිසුනුත් මට එහෙමයි. හමු උන ගමන් කියන්න පුළුවන්, මා ප්‍රිය කරන ජාතියේ කෙනෙක්ද කියා.

ගොඩක් දෙනා මිනිසුන් මනින්නේ එයාලගේ අධ්‍යාපන සුදුසුකම්, ඉගෙන ගත්ත පාසල, නැත්නම් කුලය, එහෙමත් නැත්නම් එයාලගේ ජාතිය හෝ ආගම අනුවයි. මිනිසුන් “මැනීම” සඳහා මෙවැනි විස්තර ඇසීම මට නම් ප්‍රිය ජනක දෙයක් නොවේ. තොරතුරු දැන ගැනීම සඳහා විස්තර අසන එක නොවේ මා මේ කියන්නේ. ඔවුනගේ ප්‍රතිචාරය ඔබ කියන විස්තර අනුව වෙනස් නම් ඒ, අහන්නේ එවැනි අදහසකින්.

මා බුද්ධ චරිතය පරමාදර්ශී එකක් විදිහට ගන්නේ එතුමා මේ කිසිවක් සැලකුවේ නැති නිසා. එතුමා සොහොනේ බැඳලා දාල හිටපු සෝපාකත්, තමන්ගේ දරුවාත් එක සමාන ලෙස සැලකුවේ. ඇත්තටම එය ඔබ අප හිතන මිනිස් කමෙන් එහාට යන දෙයක්.  මහාචාර්ය නලින් එහෙම නොවේ කියල කියුවට, අද පන්සලකට ගියහම එහෙම සමානාත්මතා ප්‍රතිචාර හම්බ වෙන්නේ නැහැ. එතැනදී ඔබ සෝපාක නම් ප්‍රතිචාරය වෙනස්. මට නම් බාලචන්ද්‍රනුත් තවත් එක දරුවෙකු පමණයි. හැබැයි තමන්ටත් දරුවන් ඉන්න දෙමාපියන්ගෙන් බොහොමයක් එසේ සිතන්නේ නැති බව මා දන්නවා.

මා පාසල් යන කාලයේ ක්‍රිස්තු චරිතය ගැනත් ටිකක් ඉගෙන ගත්තා. ජේසුස් ක්‍රිස්තු තුමාගේ චරිතයත් ඒ අසලින් (පරමාදර්ශී චරිතයක් ලෙස ) තියන්න පුළුවන් එකක්. ඔහුත් තමන්ගේ සුඛ විහරණයට වඩා, අනුන් ගැන සිතුව කෙනෙක්. ඔහු මිය ගියෙත් මේ සමාජය කෙරෙහි වයිරයකින් නොවේ. එවැනි කුරිරු ඉරණමකට භාජනය උන මනුෂ්‍යකුගෙන් ඊටත් වඩා දෙයක් බලාපොරොත්තු වන්න අපට පුලුවන්ද?

ඔවුන් දෙදෙනාම මනුෂ්‍යයන් උවත්, බොහෝ මනුෂ්‍යයන්ට (මාත් ඇතුළුව) එසේ සිතන්නට හැකියාවක් නැති නිසා, අප ඔවුන්ට දේවත්වයක් නැත්නම් මනුෂ්‍ය කමෙන් එහාට යන තත්වයක්  ආරූඩ කරනවා. එසේ  කිරීමේදී අප බොහෝ විට කරන ප්‍රධානම දේ තමා, ඔවුන් කියන්නට උත්සහ කළ මනුෂ්‍යත්වය පිලිබඳ පණිවුඩය අමතක කරන එක.

(මා බ්ලොගය නවත්වනවා කියා ලියා තිබුණ කලින් සටහනට එක පාඨකයෙක් තරු පහක් දීලා තිබුනා. ඔබගේ බලාපොරොත්තු කඩ කළාට කනගාටුව! මිනිසුන් අකමැති දේවල් සොයා ගොස් කියවීම හරි පුදුම මානසික තත්ත්වයක්.)

Advertisements

11 Comments

Filed under Social

11 responses to “යන්නේ නැහැ! I am here to stay!

  1. ///යන්නේ නැහැ, ඔබට මගේ කනගාටුව! Sorry, I am here to stay!///

    ඒක හොඳයි….

    සුභ නත්තලක් වේවා….!

    • Raigama

      සුබ නත්තලක් හා සුබ නව වසරක් හිරු/කෞශි!

  2. අන්න එච්චරයි රයිගම්. උඹ අපිට ඕනේ. සුභ නත්තලක්!

  3. ආං එහෙම එන්න…

  4. Kenji @ Japan

    නැවත පැමිණියාට ස්තුතියි කියා විතරක් නවතින්නම්.සතුටු වැඩිකමට හිතට එන සේරම ලියන්න ගිහිල්ල වැරදි වචනයක් හරි ලියවිලා ඔබගේ හිත රිදුනොත් කියල බයට :):):)

    • Raigama

      බටර් කෑම නතර කරලා කලක් වෙනවා!

      • Kenji @ Japan

        බටර් කිව්වේ ගීතා නෝනේ පරන පාන්වලට ගෑවත් අලුත් නොවෙනයි කියපු “බටර්” ද රයිගම?

  5. නෝනා, නාන්න නන් නාන්න නෝනා
    නොනා නොනා නේන්න නෝනා!

    • Raigama

      නෑනා නානු නාන්නේ
      නානා නානු නාන්නේ
      නෑනා නොනා නේන්නේ
      නෑ නෑ නොනා නේන්නේ

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s