නීතිඥයෙකු නොවන මානවර්ධන, දරුවාට නීතිය ඉගෙන ගන්න ඉඩ දුන්නේ ඇයි?


“ආ, ඔයාගේ ඔය උපාධි කවුරුවත් ගණන් ගන්නේ නැහැ නේද?”

“අයියෝ, ඔයාලගේ රස්සාවේ, මොනවාද හිතන්න තියෙන්නේ, එහෙමද අපි?”

“අනේ, මේ අසයින්මන්ට් හරි අමාරුනේ, අයියෝ මන් හිතුවේ ඔයත් ඔය ඩිග්රි එක කරලා තිබුන හින්ද ලෙහෙසි ඇති කියල මෙයා”

“ඇයි මානවර්ධන, දුවට ලෝ කරන්න ඉඩ දුන්නේ, උඹ දන්නවද, ලෝ කරන ළමයින්ගේ, අම්මල තාත්තලත් ගොඩක් වෙලාවට ලෝ කරපු අය?”

මේ කතා කිසිවෙකු විසින් මටම කියපුවා නොවේ. හැබැයි හදපු කතා නොවේ. ඇත්ත ජිවිතයේ සිදු උන කතා බස් වලින් කොටස්. සේරම සිදු උනේ ඕස්ට්‍රේලියාවේ. එම කතා කියලා තියෙන්නෙත්, එක ලාංකිකයෙකු විසින් තවත් ලාංකිකයෙකුට. මේ කතා කියපු අය අතර, සාමාන්‍ය පාසල් අධ්‍යාපනයෙන්, කාර්මික අධ්‍යාපනයෙන්, සරසවි මට්ටමෙන් හා එයටත් එහා ගිය ආචාර්ය උපාධි මට්ටමෙන්  “ඉගෙනීම” හමාර කරපු අය ඉන්නවා කියල සඳහන් කරන්නේ, ඒ අයගේ ඉගෙනුම් මට්ටම් මේ කතාවට අදාළ නොවන බව කියන්නයි.

මෙයට සමාන කතා මිනිසුන් මටත් කියල තියෙනවා නොයෙකුත් අවස්ථාවල. මේ සියලු කතන්දර වල ඇත්ත තේරුම නම්, අනෙකාව පහත් කරලා දාන්න තියන උවමනාව හා තමන්ව තව කෙනෙකු හා සංසන්දනය කරමින් මෝඩ චූන් ගැනීම. මේ වගේ රටකටත් ඇවිත් අනුන්ගේ ජිවිතයට ඇඟිලි ගහන්න තියන උවමනාව නැතිකර ගන්න බැරි වීම එක්තරා අතෙකින් ඛේදවාචකයක්.  පොඩි කාලේ ඉඳන්ම තමා, වෙන කෙනෙකු සමග සසඳා බලන අධ්‍යාපනය ක්‍රම වේදයකින් මනස හැඩ ගස්වන නිසා ද දන්නේ නැහැ, ආචාර්ය උපාධියක් වෙනතුරු ඉගෙන ගත්තත් එම පුරුද්ද අත් නොහැරෙන්නේ.
The desire to write grows with writing- Desiderius Erasmus
Advertisements

12 Comments

Filed under Social

12 responses to “නීතිඥයෙකු නොවන මානවර්ධන, දරුවාට නීතිය ඉගෙන ගන්න ඉඩ දුන්නේ ඇයි?

  1. Kenji @ Japan

    ඕව ඇවිල්ල ජම්ම පහත් ගති.උගතුන් උනත් පිටරවලට ගියත් [බහුතරය නොවේ]තමන්ගේ එම ගති ප්‍රදර්ශනය කරල මොන “චූන්”එකක් ගන්නවද කියල හිතාගන්න බැහැ.

    • ජම්ම ගතිද කෙන්ජි අපට උගන්වන විදිහේ තියන වැරැක්දක් ද, නැත් නම් අහඹුව හමුවන මිනිසුන්ගේ හැටිද? මට හිතෙන එක හේතුවක් ඊළඟ සටහනෙන් ලියන්නම්! කොහෙද මැච් එක වත් බලන්න තරම් ගතියක් නැහෙනේ කෙන්ජි? බුලත් මඩිස්සලේට (SLC) හෙන ගහලා, තියන කොට හුණු කිල්ලොටේට (ක්‍රිකට් කණ්ඩායම) මොකද වෙලා තියෙන්නේ කියලා හොයන එකේ තේරුමක් නැහැ නේද?

      • Kenji @ Japan

        ඒ කාලේ අබු ෆුවාඩ් ල කරගන ආපු/පුරුදු කරපු පටන් ගැන්මෙ අවසානය දැන්,බුකි /ඉස්පිරිතාල කඩ/ලංකාවට නමක් ගෙනාපු ක්‍රිඩකයන් සහ එව්වන්ගේ ගෑවිච්ච එඋන් කරන වැඩවල දිහා බැලුවම ඉස්සරහට අපි වැනි “අංකල්ලට”බලන්න ඉතිරි වෙන්නෙ කෙල්ලෝ ගහන ටෙනිස් විතරද කියල හිතෙනවා.:)

        • ඔබ සඳහන් කළ සියලුම දෙනාටත් (විශේෂයෙන් නිශාන්ත අයියාට), ඊට කලින් හිටිය ටයි කෝට් දාගෙන හිටිය ඩි එස් ද සිල්වාටත්, එතුමාගේ ඥාති සුරාජ් දන්දෙනිය මැතිතුමාටත්, අනෙක් බෑණලාටත්, ඔවුන් විසින් පත්කළ ශ්‍රී ලංකා ක්‍රිකට් වල සේවය කළ ඉටිකිරිස් කෑලි වලටත්, ඔවුන් සමග කොමිස් මුදල් බෙදා ගත් සියලු ප්‍රභූ වර්ගයාටත් මේ වර තරඟාවලිය යන අතරතුර මා මගේ ආදරබර ස්තුතිය හිතින් පමණක් නොවේ, වචනයෙනුත් පුද කළා!

  2. JP

    මිනිස්සුන්ගේ කතා ගැන නම් කිසිවක් නොකියමි …උගත් පමණින් උගතෙක් නොවෙන බව සිතේ ..
    මට මෙහෙමත් හිතෙනවා …රස්සාවේ හිතන්න දේවල් අඩුයි වගේ පෙනෙන මිනිස්සුන්ට රස්සාවෙන් පිට ජීවිතේ හිතන්න දේවල් ගොඩක් තියෙනවා , එහෙමයි බැලන්ස් වෙන්නේ කියලා .

    • මටත් ජාලිය මෙහෙම කතා, ඉස්සර මූණට කියනකොට කේන්තියක් ආවා. දැන් නම් කලකිරීමක් විතරයි එන්නේ. ඔබ දෙවෙනියට කියල තියන දෙය සමග නම් මා 100% ක් එකඟයි. අනික මොන රස්සාවද කරන්නේ කියල, තව කෙනෙකුට තියන රුදාව මොකක්ද?

  3. උගත්කමයි බුද්ධිමත්කමයි දෙකක්නෙ මචං. ඔය දෙක අතර අප්පි හිතන තරම් අන්‍යෝන්‍ය සම්බන්ධයක් නැතිකම හන්දයි අපිට පුදුම හිතෙන්නෙ ඔය වගෙ කතා අහනකොට.

    • උඹ හරි මචන්. මාත් ඉගෙනීම කියන දෙය උදෘත පාඨ අතර දැම්මේ ඒ නිසා. ඔය වගේ මිනිසුන් මේ වගේ සටහනක් බලන්නෙත් නැහැ කියල මා නොදන්නවා නොවේ. ඒත් මා දැන් කරන්නේ, උඹ, කෙන්ජි වගේ අයත් එක්ක පොඩි “මෝඩ චූන්” එකක් ගැනීම විතරයි! 🙂

  4. Kenji @ Japan

    හරියට හරි රයිගම,දවසට 12ස් වරක් මෝඩ චූන්වලට හිනාවෙලා,වතුර විදුරු 08ක් [අපි අඩිය පේන්න බොන විදුරු නෙමේ]බිව්වම ශරීර සව්ක්කියට ඉතා හොදයි කියල දොස්තර තුමියක් කියල තියෙන බව ඇහෙනවා.

  5. ටික්කා

    Me widihatama prashna ahana thawa aya innawa..engalabthe ewith purawesi kana arageba students la dekkahana ahanne kala bilada kiyana eka nemei..ey ne ratata awe..hapoo ikmanata lankawata yanta kiyala.. 🙂

    • ඔබගේ ජිවිතයේ ඉස්සරහටත් මෙවැනි අය ඕනේ තරම් හමුවෙවි ටික්කෝ. මා මේ සටහන ලියුවේ ඊයේ පෙරේදා සිදු උන දෙයක් නිසා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s