අමරගේ බෝලය අහුලා ගත් සාමා පා කළ සරුංගලය!


මගේ පාසල් කාලය ගැන මුල් අවධියේ සටහන් දෙක තුනක් ලියුවා. මේවායින් මා අධ්‍යාපනය ලබපු පාසලේ තිබුන අඩුපාඩුවක් නොවේ, මුළු අධ්‍යාපන ක්‍රමයේ තිබුන සමහර දුර්වලතා තමයි මා කියන්න අදහස් කළේ. මේ කොහොම අඩු පාඩු තිබුනත්, අප ඉගෙන ගන්න කාලේ ලබපු නිදහස් පාසල් අධ්‍යාපනයේ වටිනාකම, එම අඩු පාඩු නිසා අවතක්සේරු කරන්න කොහොමට වත් පුළුවන් කමක් නැහැ. අද ඇහෙන කතා, ගැන හිතපුහම එහි අගය තවත් වැඩියි. අපේ කාලේ හොඳය කියන පාසලකට දක්ෂ සිසුවෙකුට ඇතුලත් වීමට සාධාරණ අවස්තාවක් තිබුනා.

ඉංගිරිසි විතරක් නොවේ සිංහලත් උගන්වාපු පාඩම් පොත් සකසලා තිබුන ආකාරයේ අඩු පාඩු තිබුනා. එකක් තමයි, මේවා තත්‍ය ලෝකයෙන් ඈත් වීම. මේවායේ චරිත හරිම කෘතීම ඒවා. කතා කරපු දේවල්, අපගේ ජිවිතයට අදාළ නැහැ. මට හිතෙන එක හේතුවක් තමා, සුචරිතවාදය බලෙන් රිංගවා තිබීම.

තව තිබුන විශාල අඩුපාඩුවක් තමා, පන්තියේ අවධානය යොමු වන්නේ, අර දක්ෂය කියලා මුල ඉඳලම හංවඩු ගැහුන පිරිසට පමණයි. පන්ති වලින් ඉහල යන්න යන්නත්, මේ හංවඩුව ඒ පිරිස සමග යනවා. ඇත්තටම වැඩි අවදානයක් යොමු කරන්න ඕනේ, අනෙක් පිරිස එන්න එන්නම, නොසලකා හැරෙනවා.

ඒ වගේම වෙනියන් තේරිල්ල සම්පුර්ණයෙන් අතුගා දැමිය යුතු ක්‍රමයක්. විශේෂයෙන්ම කුඩා පන්තිවල කෙරෙන මේ අඹ හා අන්නාසි සසඳා බලන වෙනියන් තේරිල්ල නිසා ළමා මනසට අයහපත් පුර්වාදර්ශයක් විතරක් නොවේ, ඔවුනගේ මානසික වර්ධනයට අයහපත් බලපෑමක් තමා කරන්නේ කියා මෙවැනි කරුණු ගැන ඉගෙන ගත් පිරිස් කියනවා. එකිනෙකට වෙනස් විෂයන් ගණනාවකින් ලබා ගන්න ලකුණු එකතු කරලා, සිදු කරන වෙනියන් තේරිල්ල නුතන අද්‍යාපනඥයන් බැහැර කරන ක්‍රමවේදයක්.

සමහරවිට අපේ පාරවල් වල, ඉඩක් නොමැති උනත් එකිනෙකා පරයා ඉදිරියට යන්න උත්සහ කරන මානසිකත්වය, මේ පුංචි කාලේ දෙන නරක පුර්වාදර්ශය නිසා ඇතිවන තත්වයක් ද කියල මට හිතුනු වාරවල් බොහොමයි. ඒ වගේම ජීවිතය පුරාවටම අනෙකාව පහත් කරලා සැලකීමත්, හැම විටම තමන්ව තවකෙකු සමග සංසන්දනය කරන මෝඩ චූන් මානසික ලක්ෂණය සමහරුන්ට ආචාර්ය උපාධිය කලත් අත්හැර ගන්න බැරි වීමත් මෙහිම ප්‍රතිඵල වන්න බැරිද?

පාසලෙන් ඉවත් වෙන කොට මට කුඩා ඉංගිරිසි පොතක් වත් කියවන්න දැනුමක් තිබුනේ නැති වීම ඉහත කරුණු වල සංකලනයක් කියා මට හිතුනේ, ඒ කෝච්චියෙන් බැස සෑහෙන දුරක් ගියාටත් පස්සේ. විශේෂයෙන් භාෂාවක් ඉගෙන ගන්න පළමු කොටම, එම භාෂාව භාවිතා කිරීමේ අවශ්‍යතාවයක් තියෙන්න ඕනේ. අපේ ඉංගිරිසි පාඩමෙන් පසුව එය භාවිතා කිරීමට මට අවශ්‍යතාවයක් හෝ අවස්තාවක් තිබුනේ නැහැ. එහෙම ඕනේ කමක් ඇති වෙන කොට, පන්තියේ පාඩම තේරුම් ගන්න තරම් දැනුමක් තිබුනේ නැහැ. අන්තිමට එය විෂම චක්‍රයක් උනා. සමහර වෙලාවට භාෂාව කියන්නේ ඉගෙනීමේ මාධ්‍යකටත් වඩා, ජිවිත පැවැත්ම පිලිබඳ ප්‍රශ්නයක් බවට පත් වෙනවා.

මගේ පළමු රුසියානු භාෂා ගුරුවරියගේ නම මගේ මතකයට එන්නේ නැහැ (වොඩ්කා වලින් දියවී ගිහින් ද ?). හැබැයි ඇයගේ රූමත් හා කරුණාවන්ත මුහුණ තාමත් සිතේ ඇඳ ගන්න පුළුවන්. අපේ දෙවෙනි පාඩම දවසේ ඇය මගේ නම “නිවැරදි” කළා. උදාහරණයකට ගත්තොත් රයිගම නොවේ “රයිගම්” කියලා. එදා මට තරහක් ආවා. ඔයා කොහොමද මගේ හරි නම ඒකයි කියලා කියන්නේ හිතලා.  හැබැයි රුසියානු භාෂාව ඉංගිරිසි වගේ නොවේ. සිංහල වගේ  විභක්ති තියනවා. යෙදෙන ක්‍රියා පදය “ඇයට” හා “ඔහුට” එකම වෙන්නේ නැහැ. ඒ වගේම අව්‍ය පද අනුව නම අවසන් වන හැටි වෙනස් වෙනවා.  රුසියානු භාෂාවේ අ වලින් ඉවර වෙන නම් ගැහුණු ඒවා. ඇය මගේ නම “නිවැරදි” කිරීමෙන්, මෙම වෙනස හඳුනා ගන්නත්, තේරුම් ගන්නත් උපකාර උනා.

මුල් දිනවල භාෂාවේ තියන සුළු දැනුම නිසා වඩාත් හාස්‍ය ජනක සිදු වීම් වලට මුහුණ දුන්නේ කඩවල් වල බඩු ( අප්‍රාණික) ඉල්ලීමේදී. එවැනි කතා බොහොමයක් තියනවා.

I do not like to write – I like to have written –Gloria Steinem

Advertisements

10 Comments

Filed under Education

10 responses to “අමරගේ බෝලය අහුලා ගත් සාමා පා කළ සරුංගලය!

  1. කලින් පෝස්ට් දෙකටම කමෙන්ට් දාන්න බැරැව හිටියා මං… අද හරි.. හි හි

    ඇත්තටම භාෂාවක් හරියට ඉගෙන ගන්න නම් ඒක පාවිච්චි කරන්නම ඕනේ… අපිත් ඉංග්‍රීසි පිරියඩ් එක ඉවර අනාට පස්සේ වචනයක්වත් කතා කළෞ නෑ.. ලැජ්ජයි.. ඒ මදිවට ආසාවට ඉංග්‍රිසියෙන් කතා කළාම නෝණිඩි දානවා.. ඕක මට නම් හරි ගියේ ඇක්වයිනාස් ගියාම….. එතනදි වරද්ද වරද්ද හරි කතා කරන්න උනන්දු උනා සිංහල බැරි දෙමළ ළමයිනුත් හිටපු නිසා.. ඒකෙන් තමයි මාත් ගොඩ ගියේ…

    වෙනියා තේරිම මහ විකාරයක්.. 2 -3 වසරවලත් වෙනියා තෝරනවා දැං.. ළමයින්ගේ දක්ෂතා හඳුනගන්න තියෙන කාලෙත් පළවෙනියා වෙන්න දුවවනවා….

    • “අනේ මට සිංහල නම් ටික්ක ටික්ක තමා පුළුවන් මෙයා” කියල කියන එක නම් ටිකක් නම්බුයි වගේ නේද හිරු? මට නම් කවදාවත් “හොඳ” වෙනියෙක් වෙන්න බැරි උනා!

  2. මා ලියූ කතන්දර ගොඩක් සිහි වුනා.

    1. ඉංගිරිසි දැනුම ගැන – සුද්දාට පාර කියපු හැටි: <a href="http://kathandara.blogspot.com.au/2009/07/blog-post_15.html"http://kathandara.blogspot.com.au/2009/07/blog-post_15.html

    2. පළමුවෙනියා වීම: http://kathandara.blogspot.com/2012/07/leaping-into-fourth-year-of-existence.html

    3. රුසියන් ඉගෙනීම – ලංකේන්ඩියා
    a. http://kathandara.blogspot.com/2009/11/lankendia.html
    b. http://kathandara.blogspot.com/2010/04/lankendia-ii.html

    !

    • අප දෙදෙනා ජිවිතයේ යම් කාලෙක එකම තැනින් ඉගෙනගෙන තියනවා වගේ කියල නිකමට හිතෙනවා :). මේක ජනප්‍රිය බ්ලොගයක උනා නම් ජැක් පොට් වගේ තමා. මේක මා විතරයිනේ ලියන්නෙත්, කියවන්නෙත්. ලින්ක් ගාන වැඩි කමට මේ වර්ල්ඩ් ප්‍රෙස් කාරය ඔබලේ පිළිතුර “අනුමැතිය බලාපොරොත්තුව සිටී” ගොඩට දාල තිබුනා. ඒ කොහොම උනත් අර රුසියන් කතා නම් හදපුවා. ඔය ඇබ්සොලුයුට් අමුවෙන් ගැහුවා නම්, අපව වල දාපු තැන් වල දැන් රූස්ස බිරියෝසා ගස් හැදිලා! 😀

  3. දැන්නම් වෙනියා ‍තෝරන්නෙ නැත්ද මන්දා ලංකාවෙ. මට ඒක හරියට කියන්න බෑ. ඒ පොත්වල මහ පිස්සු කවිත් තිබ්බා නේද රයිගම්?
    ‘ඇල දොළ ගං ඉවුරු දිගේ වන මල් පෙති පාවේ’ කියලා?
    ඉවුරු දිගේ කොහොමද පාවෙන්නෙ කියලත් පඩි ප්‍රශ්නයක් තිබුනා.
    අනික තලාහේනෙ සිල්වයි පෙරේරයි තමයි ඉංග්‍රීසි පොත අරක්ගෙන හිටියෙ. ඒකත් දකින්නවත් ප්‍රිය නොඋපදවන කලු සුදු පොතක් නිකං යුතු කමක් ඉශ්ඨ කරන්න වගේ ගහපු.

    • මටත් ඉවුරු දිගේ මල් පෙති පාවෙන වැඩේ තේරුම් ගියේ ගොඩක් කාලෙකට පස්සේ. උඹටත් එහෙමම වෙන්න ඇති. බෝතලේක 0.5 පනින කොට ඔය ඉවුරු දිගේ මල්පෙති විතරක් නොවේ අපවත් පාවෙනවා පේන්නේ නැත්ද? 😀 ඔබ කියන්න වගේ මේ පොත් දැකපු ගමන් අප්‍රිය ජනක හැඟීමක් තමා සිතට ආවේ. ඒ කාලේ මචං, මට ඔය තලාහේනේ සිල්වා අහු උනා නම්….

  4. කවුද කවුද දැන් “වෙනියා” තෝරන එකට විරුද්ධ ???? – මන් වෙනියා ..
    ඇත්ත තමයි ඒකෙන් වෙන්නෙ ළමයි අනවශ්‍ය තරඟෙකට තල්ලු වෙන එක..”ජීවත් වෙන්න” උගන්වන්න බැරි නම් අධ්‍යාපනෙන් මහ ලොකු සේවයක් වෙන්නෙ නෑ කියලයි මටත් හිතෙන්නෙ නම්..

    • එහෙම කියන්න එපාය! මට ඔබව මතක නැති උනා. ඔබ කියන එක කරුණක් නම් අපේ අධ්‍යාපන ක්‍රමයේ නැහැ. ජිවත් වෙන්න උගන්වන එක. මෙය මා වෙන රටක ඉඳන් කියන කොට එහි බරක් නැහැ. අප ඉගෙන ගන්නේ රස්සාවක් කරන්න මිසක් ජිවත් වෙන්න නොවේනේ වෙනී! අන්තිමට කරන්න රස්සාත් නැහැ!

  5. Kenji @ Japan

    වෙනියා තේරිල්ල බහු භුතයක් කියල තමයි හිතෙන්නෙ.ඔබ කියල තිබෙන ලෙසටම මුල් වෙනියල හැමදාම එතන,අවසන් වෙනියල හැමදාම අවසන් ගමනේ.අපේ කාලේ අධ්‍යාපනයේ මොන තරම් අඩුපාඩු තිබුනත්,පසු කාලීනව අපේම කතිරයෙන් පත්කරලා යවන ඇමතියෝ ටික එවුන්ට ඕන ඕන විදියට අධ්‍යාපනය දියුණු කොරාණ්ඩ ගිහිල්ල කොරල තියෙන හරිය.අද දරුව පාසලකට දාගන්න තාත්තට හොරෙන් අම්ම ප්‍රින්සිබොල් එක්ක යහන්ගත වෙන්න ඕන.ලස්සනම වැඩේ සම හරක් ඇමතියෝ මාධ්‍යවලට මේ කතාව කියන එක.

    • බොරු කියන්නේ මොකද කෙන්ජි, මාත් ඔය අන්තිම වෙනියෙක්. අපේ අයියලා කොහේ ගියත් ඔය වගේ තමා. මේ කතා (කලින් එක සහ මෙය) දෙකම ලියුවේ එකම සිදුවීමක් ආශ්‍රයෙන්.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s