ලැව්ගිනි සිතිවිලි! Bushfire thoughts!


මේ දිනවල ඕස්ට්‍රේලියාවේ බොහෝ කොටස් වලට පුදුම රස්නෙයි. ගිය සතියෙම කැන්බරා වල උෂ්ණත්වය සෙන්ට්‍රිගේට් තිස් ගණන්වල උඩ හරියේ තිබුනේ. අද 38 ක් ද කොහෙද. අද දවස ඉහල ගිනි ගැනීම් ප්‍රතිශතයක් ඇති දවසක් ලෙසයි නම් කරලා තිබුනේ. හවස ගෙදර එන විට නිව් සවුත් වෙල්සයට අයත් කඳු මීදුමක් ලෙස දුමෙන් වැසී තිබුනා. අපේ ගෙවල් වලට කිලෝමීටර 10-15 ක් ඈතින් තිබෙන එක ස්වභාවික වනෝද්‍යානයක් ඊයේ සිට ගිනි ගනිමින් පවතිනවා. ඉන් කිලෝමීටර 100-150 ක් වගේ දුරින් නිව් සවුත් වෙල්ස ප්‍රාන්තයේ අද ඇවිලුන ගිනි 130 ක් පමණ වූ ඒවායින් ලොකුම ගින්නක් පවතිනවා.

ඕස්ට්‍රේලියාවේ මෙතෙක් පැවති විශාල ජිවිත ගණනක් බිලි ගත්තු කළු සෙනසුරාද නමින් හැඳින්වෙන ලැවුගින්න ඇතිවුන 2009 වසරේ අප හිටියේ වික්ටෝරියාවේ. එදා උදේ අප සුපුරුදු පරිදි කඩේ ගිහින් එකට විතර ගෙදර එනකොට තමා දැක්කේ , ඈතින් නැගුනු දුම්. එය මිනිස් ජිවිත 173 ක් බිලි ගත්තා. නිවාස 2000 කට වැඩියෙන් විනාශ වුනා. හෙක්ටෙයාර 450,000 කට වැඩියෙන් පිලිස්සී ගියා. මේ ලැවුගිනි නැත්නම් බුෂ් ෆයර් කියන දේ ඕස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම සෘතුවේ එක අංගයක්. එක පැත්තකින් ලෝකේ වියලීම මහාද්වීපය වන ඕස්ට්‍රේලියාවේ ගිනි ගැනීම්, පරිසර උෂ්ණත්වය ඉහල යාම නිසා වැඩි වෙමින් පවතිනවා යයි පැවසෙනවා.

ලංකාව ඝර්ම කලාපීය රටක්. රස්නේ කියන එක අපට අමුතු දෙයක් නොවේ. හැබැයි ලංකාව ඝර්ම කලාපිය රටක් වගේම දුපතක්. කොළඹ පිට කොටුවේ වත් උෂ්ණත්වය සෙන්ට්‍රිගෙඩ් 30 ට එහාට යන දවස් තියනවා නම් ඒ ඇත්තේ අතලොස්සක්. මා අනුරාධපුරේ කුඹුරු වල දවල් දොළහට ඇවිදලා තියනවා, හැබැයි අද දවල් කැන්බරා වල එලියට බැස්සහම තිබුන රස්නය හා අව් සැර එය හා සසඳන්න බැහැ.

මා රුසියාවේදී පරිසර උෂ්ණත්ව අන්ත දෙකම විඳලා තියනවා සෙන්ට්‍රිගේද සෘණ 20-30 වගේම ධන 50 හේත් ජිවත් වී තියනවා. සෘණ උෂ්ණත්වයේදී කරන්න පුළුවන් දේවල් වැඩියි. එත් ධන 50 හා කියන්නේ විස්තර කරන්න බැරි රස්නයක්. එදා අපට අද වගේ වායු සමීකරණ තිබුනේ නැහැ. අද උදේ වැඩට යන කොට පරිසර උෂ්ණත්වය සෙන්ට්‍රිගෙඩ් අංශක  20 ක් පමණ ඇති. වැඩ කරන තැන වායුසමීකරණ එවේලේත් ක්‍රියාත්මකයි. ආපසු ගෙදර එන විට වාහනයේ උෂ්ණත්වය පාලනය කර ගන්න පුළුවනි. ගෙදරත් එහෙමයි. මෙහෙම ජිවත් වෙන කොට අතීතය අමතක වෙන්න තියන ඉඩ කඩ වැඩියි.

හැබැයි හවස් අතේ ටිකක් හීතල වෙන්න ඇරලා, පඳුරු වලට වතුර ටිකක් දාන ගමන් මගේ සිතිවිලි ගියේ අතීතයට. අර මුලින් ලියුව රුසියානු අතීතය වගේම නොලියුව මෑත අතීතයක් ඒ අතර උනා. ඕස්ට්‍රේලියාවේ දැනුත් සිදුවෙමින් පවතින ගිනි ගැනීම් වලින් ජිවිත හානි දැනටත් වෙනවා ඇති. කෙනෙකුගේ ජිවිත කාලය පුරාම එකතු කරගත් සබ්බ සකලමනාව එක පාරටම නැතිවී යාම ලෙහෙසියෙන් හිත හදා ගන්න පුළුවන් කාරණයක් නොවේ. හැබැයි ඒ ටික කලකට පමණයි. ජීවත්ව හිටියොත් ඒ දේවල් යලිත් ටිකෙන් ටික එකතු කර ගන්න පුළුවන්. රක්ෂණය කරලා තියනවා නම්, එච්චර කල් බලා ඉන්න ඕනෙත් නැහැ. ඒත් ජිවිතයක් නැති වීම, එහෙම රීප්ලේස් කරන්න හැකිද? මෙවැනි දේවල් (හදිසි ජිවිත හා දේපොළ හානි) සිදු වන තෙක් එය හරියාකාරයෙන් තේරුම් ගන්න කිසිවෙකුට බැහැ.

The best way to become acquainted with a subject is to write a book about it-Benjamin Disraeli

Advertisements

11 Comments

Filed under Social

11 responses to “ලැව්ගිනි සිතිවිලි! Bushfire thoughts!

  1. ලංකාව, රුසියාව සහ ඔසී රට වගේ හැම රටකටම පොදු ගිනි තමයි
    බඩ ගිනි
    සහ
    ලව් ගිනි.

    • ඔය දෙක අතරට එකතු වුන අලුත් දෙයක් තමා ලැම්බොගිනි. ඔබ කියපු දෙක සන්තර්පණය කරන්නේ නැතුව වුනත් ජිවත් වෙන්නපුලුවනි. ඒත් මේකක් නැතුව එක මොහොතක් සර්වයිව් වෙන්න ඇහැකිද?
      ලැම්බෝගිනි = මහජන මුදලින් ජෝගි නැටීමට ඇතිවන ආසාව

  2. Good Post Visit-http://sinhapedia.blogspot.com/

    • ඔහොම දිගටම ලියන්න යසිරු! (මා මේ බලා ඉන්නේ රාජාවලිය ඉවර වෙනකම්=විහිළු)

  3. කිසිම රක්ෂන සමාගමකට රිප්ලේස් කරන්න බැරිදේ කොච්චර තියෙනවද රයිගම්?
    ඒක නෙවෙයි. සිංහල බ්ලොග් වලින් ‍තෝරාගත්ත බ්ලොග් කීපයක් විතරක් බලන රයිගම් කැමතිවෙයි කියලා මට හිතෙන, මගෙ ප්‍රියතම බ්ලොග් වලින් එකක් වන මේ බ්ලොග් එක රයිගම් බලලා තියෙනවද?
    http://hansakinkini.wordpress.com/
    අන්තිම පොස්ට් එකත් ඊට කලින් එකත් කියවලා බැලුවොත් රිප්ලේස් කරන්න බැරි දේවල් කිහිපයක් ගැනම උඹට කියවන්න ලැබේවි.

    • මොකද මචං ඒ ගමන ප්‍රොමෝෂන් පාරක්ද? 😀

      • තනියෙම කියවලා කාටවත් නොකියා රසවිඳින්න නොහිතෙන, හංගගෙන ලියන බ්ලොග් තුනක් තියෙනවා. එකක් ජේපීගෙ බ්ලොග. අනික හංසකිංකිණිගෙ බ්ලොග. අනික ලියන්නෙ රයිගම්රාල කියලා 😀
        ඕට්ටේලියාවෙ ඉන්න බුවෙක්.

        • luckywicks

          මුළු හදවතින්ම එකඟය.( + මට හිතෙන හැටි
          ) 😀

          • Raigama

            හෙන්රි, ලකී ඔබලා දෙදෙනාටම පිළිතුරක් ලෙසයි ලියන්නේ. එහෙම හිතෙන එක ගැන සතුටුයි. ඒත් මෙය හංගලා කියන එක නම් සත්‍යයක් නොවේ. ඇත්තම කරුණ නම් ගොඩක් අයට බලන්න හිතෙන්නේ නැහැ වගේ මා ලියන වල් පල්. දැන් මා ලියන්නේ බලන කීප දෙනාට නිසා එය ගැන එතරම් වෙහෙසෙන්නේ නැහැ.

  4. Kenji @ Japan

    මේ ලිපිය මට මග ඇරුනේ කොහොමද මන්ද?රක්ෂණය නොකළ නිවසක් ගින්නට විනාශ උනොත් රජයෙන් යමක් කරන්නෙ නැද්ද රයිගම?

    • ලැව් ගිනි හා ගං වතුර වැනි හදිසි ස්වභාවික ආපදා නිසා නිවෙස් හා අනෙක් දේපොළ නැති වුන විට රජයෙන් යම් සහන සලසනවා. හැබැයි නෙවෙසක් නැවත තනා ගන්න රක්ෂණයකින් වගේ මුදලක් ලැබෙන්නේ නැහැ. එහෙම දෙන එක එක අතෙකින් රක්ෂණය කර ගන්න එක වැඩක් නොමැති දෙයක් වගේ අදහසක් දෙනවා. රක්ෂණය කල පිරිස් පවා සමහර විට මෙවැනි සිදුවීම් වලින් පසු තමා දැන ගන්නේ, තමන්ගේ රක්ෂණයට ලැව් ගිනි ඇතුලත් නැහැ කියා. ඒ වගේම රක්ෂණ සමාගම් වල ලාභය අඩු කරන මෙවැනි ස්වභාවික ආපදා වලදී, ඔවුන් හැසිරෙන්නේ බලු කපුටන් මෙන්. වික්ටෝරියානු කළු සෙනසුරාදා දවසේ සිදු වුන හානි වලට රක්ෂණ සමාගම් වලට කතා කරපු අයගෙන් ලියවිලි ඉල්ලා අඩත්තේට්ටම් කරපු අවස්ථා ඕනේ තරම් මාධ්‍ය වල වාර්තා උනා. මේ කියන්නේ ඇඳිවත හැර අනෙක් සේරම නැති වුන පිරිස්. ලියවිලි හදන්නේ යකඩ වලින්ද? අපට පවා මෙවැනි සමීප අත්දැකීමක් තියනවා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s