The less you know, the better you sleep!


නත්තල් සමයේ ගැන බැරි උන ගෙදරින් පිට නිවාඩුව ගත්තේ ගිය සතියේ. දවස් හතකින් ගමන අවසාන වන විට ගිය මුළු දුර ලෙස කි මි 2436 රථයේ සටහන් වී තිබුනා (නයෙක් ද  අයියා?) නැහැ මල්ලි, ලෝකයේ භූමි ප්‍රමාන අතින් හය වැනියට විශාල රට වන ඕස්ට්‍රේලියාවේ එය මහා දුරක් නොවේ. අන්තර් ජාල, ගැජට් කෑලි තියා රුපවාහිනිය වත් එතරම් නොබලපු මේ කාලය ඇත්තටම නිවාඩුවක්.

ජිවිතයේ එදිනෙදා කරන සියලුම කාල සටහන් වලින් මිදී, සියලු ගතානුගතික දේවල් හා බැඳුම් වලින් මිදීමට නම් ගෙදරින් පිටට යන්න අවශ්‍යයි. එවිට තමා රැකියාව, ගෙදර දොර වැඩ  සියල්ල අමතක කළ හැක්කේ. එවැනි විරාමයක් කාටත් අවශ්‍යයි. අඩුම ගානේ අවුරුද්දේ ඊළඟ ටික සඳහා අවශ්‍ය ශක්තිය එකතු කර ගැනීමටවත්. හැබැයි ඒ සඳහා අවකාශයක් හැම දෙනාටම ලැබෙන්නේ නැහැ. එකිනෙකට වෙනස් හේතු නිසා.

මා මිට මාස කීපයකට කලින් සුද්දෙකුගෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. “උඹට තියන වොරීස් මොනවාද?” කියා. ඔහු කියුවේ, ලෝකයේ තියන සමහර ප්‍රශ්න ගැන අනවශ්‍ය ලෙස කල්පනා කිරීම කියා. ඔහු මේ ප්‍රශ්න කියා කියුවේ, ඉන්දියාව වැනි රටවල තියන දරිද්‍ර තාවය, කුඩා රටවලට කෙරෙන ඇමෙරිකානු අත පෙවීම්, චීනයේ ප්‍රජාතත්‍රවාදය නොමැති කම වගේ දේවල්. මා ඔහුව අවිශ්වාස කරන්නේ නැහැ. මොකද කියනවා නම්, ඔහුට විශාල පවුල් බරක් නැහැ. රැකියාවේ යමක් කළ මිනිහෙක්. ඔහුගේ බිරිඳ හොඳ මනුෂ්‍යයෙකු කියා ඇය සමග කතා කළ මුල් දිනයේම මට තේරුම් ගියා.

මාත් සමහර වෙලාවට ලෝකයේ තියන ප්‍රශ්න ගැන “අනවශ්‍ය” අයුරින් තැවෙනවා කියා සිතෙනවා. මේ බොහෝ ප්‍රශ්න වලට කළ හැකි දෙයක් මට නැහැ. එය මට පමණක් ආවෙනික දෙයක් නොවේ. තනි තනි පුද්ගලයනට සමාජයේ කළ හැකි දේවල් සීමිතයි. විශේෂයෙන් ප්‍රධාන ධාරාවෙන් පිට පැන සිතනවා නම්.

පසුගිය සතිය තුල මා ශිරානි බණ්ඩාර නායක අයින් කලේ කොහොමද කියාවත්, මොහාන් පිරිස් දිවුරුම් දුන්නේ මොන නැකතකට ද කියාවත්, ඇෆ්ගනිස්තානයේ මරපු මිනිසුන් ගණන මොකක්ද කියාවත්, ඉන්දියාවේ අලුතින් සිදු කළ ස්ත්‍රී දුෂණ ගණන කොතරම්ද කියාවත්, තිරිසන් අයුරින් හිස ගසා දමන ගොන් අයියලා ඉන්න රටවල් වලට කියක් හරි හොයා ගන්න යන අසරණ මිනිසුන් ගණන කීයක්ද කියාවත් දැන ගන්න උත්සහයක් කළේ නැහැ. මේ සටහනේ මාතෘකාවේ තියන රුසියානු පිරුල වගේ ඒ නිසා මට වෙනදාට වඩා හොඳට නින්ද ගියා කියල හිතෙන්නේ නැවත “පියවි” ලෝකයට ආවාට පස්සෙයි.

The best time for planning a book is while you’re doing the dishes –Agatha Christie

Advertisements

8 Comments

Filed under Social

8 responses to “The less you know, the better you sleep!

  1. කර්කශ ස්ථානයක නිදාගත්ත බුදු හාමුදුරුවන්ගෙන් අර බමුණෙක් අහපු ප්‍රශ්නය වගේ තමයි.
    හිසේ බර අඩුවෙන තරමට නින්ද යනව.

    • ඒක හරි ඇත්ත රාජ්. හැබැයි ඔය වගේ අපේ එදිනෙදා ජිවිතයට ගන්න පුළුවන් දෙයක් කියා දෙන කොටස් කෙරෙහි “බුද්ධාගම විෂයක්” ලෙස ඉගෙනීමේදී වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ.

  2. ඔය අදහසම දෙන ජර්මන් පිරුලකුත් තියෙනවා. මම නොදන්න දේ මට වදයක් වෙන්නෙ නෑ කියලා. Ignorance is a bliss.

    රයිගම් ඔය නොදන්නවයි කිව්ව ලැයිස්තුවට උත්තර මම දන්නෙත් නෑ.

    අර ගමන ගැන විස්තර ලියන්නෙ නැද්ද මචං? මමත් රෝඩ් ට්‍රිප් පිස්සෙක්. මමත් නිවාඩු කාලෙට කිලෝමීටර 2500ට වඩා ක්ලොක් කරනවාමයි. මේ පාර නම් ටිකක් අඩු වුනා.

    (ආ තව එකක්. උඹ අර මම ඩිලීට් කලා කිව්ව කමෙන්ට් එක උඹ දාලා තියෙන්නෙ අනිත් බ්ලොගට. මම ඒකට උත්තර දුන්න එතනම.)

    අවසාන වශයෙන් ඊ ලඟ පෝස්ට් තුනේ ඔය රෝඩ් ට්‍රිප් එක ගැන පින්තූර සහිතව කියවන්න ලැබේවා,

    • මහන්සියි තමා මචන්, හැබැයි පියාසර කරනවට වඩා ගොඩ බිම යන එකට මාත් හරි කැමතියි. ප්‍රාන්ත තුනක් හරහා ගියේ මේ ගමනත් ඇත්තටම චමත්කාර ජනක එකක්. උඹට වගේ මේ වගේ දේවල් ලියන්න බැරි වීම කනගාටුවට කරුණක්. මා මේ වගේ දෙයක් ගැන වැඩි දියුණු කරන්න කලින් ලියන කටු සටහන් හැමදාම අර “draft” ගොඩේ තමයි. හැමදාම ලියන්න ගන්න කොට ඒ වෙලාවේ හිතට එන දෙයක් තමා ලියවෙන්නේ. ඒත් එක දෙයක් නම් මතක් කරන්නම්. ඒ තමයි, එන ගමනේදී, ගොඩ වැදුණු ඝ්ර්මකලාපිය පලතුරු කඩේ. මචන් පොඩි කාලෙට එහෙම පිටින්ම ගියා. ආත්තා, ලාවුළු, වරකා, කාමරංගා, පිනි ජම්බු, රඹුටන්, අඹ, කෙසෙල්, සැපතිල්ලා ….. මේ මතකයට නැගෙන ටිකක්. මාත් බිරිඳත් මේවා කෑවේ කොස් ලෙලි කන හරකුන් වගේ. ඒ කිසිවක් දන්නේ නැති පුතාල නොවේ, ඒ පලතුරු වල රහ වත් බැලුවේ.
      (අර කොමෙන්ට්ටුව මකපු කතාව උම ඇත්තටම මැකුවා කියල හිතල දැම්ම එකක් නොවේ) 🙂

  3. මටත් ගොඩක් වෙලාවට හිතෙනවා අපිට වෙනස් කරන්න බැරි දේවල් ගැන කරදර නොවී තමන් වෙනස් විම වඩා සුදුසුයි කියලා

    • එහිත් දෙපැත්තක් තියනවා නේද හයිඩ්? සමාජයේ 95-85% ක් පමණම පෙරටුගාමින් නොවේ. ප්‍රශ්නය තියෙන්නේ ඒ පිරිසට පසු පස්සේ යන්න වත් පිරිසක් නැත් නම් තමා!

  4. Kenji @ Japan

    මමත් ලංකාවෙ වෙන දේවල් ගැන කොච්චර තැවුනත් එන්න එන්නම නරක අතටමනෙ යන්නෙ.එකඅතකට හිතෙනව තියෙන දෙයක් බීල,හදාගත්ත දෙයක් කාල ඉන්න එක හොදයි නේද කියල :)!!!

    • තමන්ට වෙනස් කරන්න දායක වෙන්න බැරි දෙයක් ගැන කොතරම් පසුතැවුනත් ප්‍රතිඵලයේ වෙනසක් වෙන්නේ නැහැ නේද කෙන්ජි? ඒ වගේම අමතක කරන්න එපා “යහපත්” සමාජයක් තිබුනා කියා සමහරු කියන ලිබියාවේ එක මිනිසෙකුගේ ඒකාධිපති පාලන ක්‍රමය මිනිසුන් වසර 40 ක් ඉවසලා හිටියා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s