අත්ල තෙත් කර ගැනීම හැමවිටම ඵලදායක නොවේ! Why do they get wrinkles when wet?


කුඩා කාලයේ වතුරේ දීර්ඝ වෙලාවක් සෙල්ලම් කරපු විට හෝ දීර්ඝ වෙලාවක් නාපු විට අත්ලේ හම රැලි වැටීම ගැන ඔබ හිතුවාද? අත්ල හා පතුල හැර වෙනත් තැන වල හම රැලි නොවැටීම ඒ කාලේ මට නම් ප්‍රශ්නයක් උනා. පසු කාලේ මේවා ගැන කියවන්න  භාෂාව දියුණු උනාම, ඒ කියවපු දේ වලින් කියවුනේ හමේ මතුපිට ස්තරයට වතුර උරා ගැනීම නිසා, ක්ෂේත්‍ර ඵලය විශාල වීමේ ප්‍රතිඵලයක් හැටියට මෙසේ රැලි වැටෙන බවයි. හැබැයි නවතම පර්යේෂණයකින් කියවෙන්නේ ඊට ඉඳුරාම වෙනස් හේතුවක් මේ පිටුපස තියන බවයි.

මේ පර්යේෂණය කරලා තියෙන්නේ නිව්කාසල් සරසවියේ පර්යේෂකයන් පිරිසක් (Kyriacos Kareklas, Daniel Nettle and Tom V. Smulders). ඔවුනගේ සොයාගැනීම පසුගියදා Biology Letters සඟරාවේ පලවී තිබුනා. ඔවුනට අනුව මෙසේ රැලි වැටෙන සම නිසා  අපගේ ග්‍රහණය වැඩිවීමෙන් හස්ත කෞශල්‍යය විතරක් නොවේ, තෙත තැන් වලදී පයේ ග්‍රහණයත් වැඩි වෙනවා. එය අපගේ මුතුන් මිත්තන්ගේ ජිවන රටාවට සම්බන්ද දෙයක්.

ඔවුනට අනුව රැලි වැටීම සිදු වන්නේ හමට යටින් ඇති කුඩා  රුධිර නාල නාල සංකෝචනය වීමෙන්. මෙය අපගේ හුස්ම ගැනීම, හර්දය ස්පන්දනය වැනි ක්‍රියා පාලනය කෙරෙන සේම ස්වයංක්‍රීය ස්නායු සංඥයා පද්ධතියක් ඔස්සේ සිදු වන්නක්. මෙසේ හම රැලි වැටීම නිසා තෙත පරිසර වලින් ආහාර නෙලා ගැනීමේදී හෝ ජාල ධාරා වලින් සතුන් අල්ලා ගැනීමේදී උපකාරිවිම පිණිස ඇතිවුන අනුවර්තනයක් ලෙස හිතනවා. ඒ වගේම තෙත ගල්තලා හා තෙත කැලෑ වල ඇවිදීම ටත් පතුලේ රැලි  නිසා  පහසු වෙන්න ඇතිය කියා අනුමාන කරනවා. මෙසේ අත්ලේ හම රැලි වැටීම වියලි වස්තු ග්‍රහනයේදී ප්‍රයෝජනවත් වන්නේ නැති බව පර්යේෂණය තව දුරටත් සනාත කරනවා.

එතකොට මේ හමේ රැලි තෙත්වුණ විට පමණක් මතුවන්නේ ඇයිද කියා ප්‍රශ්නයක් මතු වෙනවා. එයට හේතුව සොයා ගැනීම තමා පර්යේෂකයන්ගේ ඊළඟ බලාපොරොත්තුව. ඔවුන් දැනට හිතන්නේ රැලි නිසා අත්ලේ හා යටි පතුල් වල සංවේදීතාව වියලි තත්ත්ව යටතේදී අඩුවීමෙන්, රළු වස්තු හා ගැටීමේදී ඇතිවන සිරීම් වලින් ආරක්ෂා වීම සඳහා එසේ  වූවා විය හැකි බවයි.

Advertisements

8 Comments

Filed under General

8 responses to “අත්ල තෙත් කර ගැනීම හැමවිටම ඵලදායක නොවේ! Why do they get wrinkles when wet?

  1. තැංකූ වේවා, මචං. ඔන්න මට දැන් තමයි තේරුනේ නාකි වෙනකොට හම ‍රැලි ගැහෙන්නෙ ඇයි කියලා. තෑංක්ස් අගේන් කිව්වා. 😀

    • හා! හා!! මචං කලබල වෙන්න එපා. මේ රැලි වැටීම් ලිංගික ක්‍රියා වලට බලපාන්නේ කොහොමද කියන එක මේ පර්යේෂණයෙන් සොයා ගෙන නැහැ. 😀

  2. මක්ක උනත් සුවර් එකටම රැලි වැටෙනවා. හැබැයි මේ කියෙව්වම තමා තේරුනේ… හිකිස්.. එහෙනං අයේ ලියනවා… ජය

  3. චැක්.. මං කියන්න ආවේ අතේ ඇඟිලි වල හම රැළි වැටෙන එක ගැන.. උඩ කමෙන්ට් දැක්කම ඒකත් අමතක උනා..හි හි.. පිරිමින්ට පළවෙනියටම මතක් වෙන්නේ ඕකමයි නේද… හි හි…

    • චැක්…අපරාදේ හිරු අමතක උනේ. මා අදහස් කළේ, ඔබ අදහස් කරන දෙය නොවේ. එතන ගැහැණු පිරිමි කියා බේදයක් නැහැ. 🙂

  4. Kenji @ Japan

    කොල්ල කාලේ අතින් කරපු වෙන වැඩවලින්නම් රැලි ආවෙ නැහැ.නමුත් කොල්ලො එක්ක වැවේ/ගගේ/මුහුදෙ පැය ගනන් ඉදල ආවම මම හිතුවෙ හොද පිරිසිදු “පොල් රා”බීපු හින්ද කියල
    ‘”

    • ඒ කියන්නේ කෙන්ජි කොල්ල කාලේ ඔබට හොඳට “හස්ත කෞශල්‍යය” (මේක අප සත්ත්ව විද්‍යාවට ඉගෙන ගත්තේ අතේ හැකියාව කියලා) තිබිල තියෙනවා. දැන් මේ කතාව යන්නේ වෙන පැත්තකට. උණුසුම් දෙයක් සමග ඝර්ෂණය වීමේදී, තෙත කම නිසා ඇතිවිය හැකි හම රැලි වැටීමේ ක්‍රියාවලිය නිශේධනය වෙනවා කියා වෙන පර්යේෂණයක් මා කියෙවුවා. 😀 වෙරි වෙලා පීනන්න යාම භයානකයි නේද?

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s