වසර දෙදහස් තිහ! Alternative Worlds!


ඉස්සර ආතර් සී ක්ලාර්ක් ගේ අනාගතය ගැන ලියවුන නවකතා  වලින් පහල වෙනවා යයි කියුව ලෝකය, ඒ සමහර කතා වලින් කියවුන කාල පරාස පසු කර ඇවිත් තිබුනත් අපට දැක ගන්නට ලැබුනේ නැහැ. ඒ කොහොම වුනත් පසුගිය වසරේ දෙසැම්බර 10 වෙනිදා, ඇමෙරිකානු ජාතික රහස් ඔත්තුසේවා කවුන්සිලය (The National Intelligence Council) එලි දැක්වුවා ඔවුනගේ ගණන් බැලීම් වසර 2030 දක්වා. පිටු 166 කින් යුතු මේ වාර්තාව නම් කර තිබුනේ ගෝලීය ප්‍රවණතා 2030: විකල්ප ලෝකයන් (Global Trends 2030: Alternative Worlds) වශයෙන්.

ලංකාව වැනි කුඩා රටවල් වලට රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක හෝ රාජ්‍ය මැදිහත් වීම් කරන්න එපා යයි කියන ලෝකේ ලොකුම අයියලා, එවැනි ගණන් හදන්නේ නැත්නම් ප්‍රතිපත්ති සකස් කරන්නේ ඉදිරි වසර දෙක තුනට පමණක් නොවේ, සමහරවිට ඉදිරි වසර 100-200 ට වෙන්න පුළුවන්. මෙසේ කෙරෙන ගොඩක් අධ්‍යයන සාමාන්‍ය ජනයාට දැන ගන්න කිසිදා  ලැබෙන එකක් නැහැයි කියා අනුමාන කරන්න පුළුවන්. ඒ අතරම අතීතයේ ඔවුනගේ මැදිහත් වීමෙන් සිදු කළ “අනාගතය වෙනස් කිරීම්” වලින්ද බොහොමයක් අපට දැන ගන්නට ලැබෙන එකක් නැහැ. ඒ අතරම ලංකාව වැනි රටවල් විසින් මතුරන අධිරාජ්‍යවාදී මැදිහත්වීම් ඇත්තටම අවශ්‍ය ඒවා නොවේ. මොකද එහෙම මැදිහත් වෙන්නට අවශ්‍ය තාවයක් මට නම් පෙනෙන්නේ නැහැ. අපේ රටවල් වල ඉන්න අයියලා ඒ කාරිය ඔවුන් ( ඔය අධිරාජ්‍යවාදීන් කියන අය) බලාපොරොත්තු වනවාටත් වඩා හොඳින් කරනවා.

කොහොම වුනත් මා කලින් සඳහන් කරපු වාර්තාව කියවා බැලීම  අනර්ථයක් කරන්නේ නැහැ. මේකේ කතෘලා කියන පරිදි ලෝක අනාගතය ගැන පෙරනිමිති කීම කළ නොහැකි දෙයක්. ඒ වෙනුවට ඔවුන් ඉදිරිපත් කරන්නේ සිදු විය හැකි  “අනාගතයන්” හා ඒ තුලින් මතුවෙන්න පුළුවන් ප්‍රශ්න ගැන සිතීම සඳහා අත්තිවාරමක් සැපයීම.

ඒ වාර්තාව අනුව ලෝක ජනගහනය වසර 2030 වන විට බිලියන 8.3 ට කිට්ටු වෙනවා (හාමුරුවනේ බලාගෙනයි). ඒ අතරම ජලය හා ආහාර සමහර ප්‍රදේශ වල හිඟ වෙනවා. විශේෂයෙන් අප්‍රිකානු හා මැද පෙරදිග ප්‍රදේශ වල.  ගෝලීය දේශගුණ වෙනස් වීම් මේ තත්වයන් උග්‍ර කරන්නට හේතු වෙනවා. ඒ අනුව වියලි පෙදෙස් තවත් වියලි වීමත්, තෙත් පෙදෙස් තවත් තෙත් වීමත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ලෝක දුර්බික්ෂයක් කරා යනවා යයි ඔවුන්  නැහැ. හැබැයි එහෙම තත්වයක් වලකා ගැනීමට ප්‍රතිපත්ති සම්පාදකයන් හා පෞද්ගලික අංශය උනන්දුවෙන් ක්‍රියා කල යුතු බවයි වාර්තාව කියන්නේ.

ඇමෙරිකාව වසර 2030 දී එකම ලෝක පොලිස් කාරයාගේ භූමිකාව රඟ නොපානු ඇති බවත්, ඒ වෙනුවට ඇමෙරිකාව ඒ හා සමාන තවත් ලෝක බලවතුන් අතරින් එක අයෙකු පමණක් වනු ඇති බවත් එහි කියා වෙනවා. ජල  ජාතික නිෂ්පාදනය, ජනගහනය, මිලිටරි පිරිවැය හා තාක්ෂණ ආයෝජනයන් අතින් ආසියාව, උතුරු ඇමෙරිකාව හා යුරෝපය එකට ගත්තත්, එයට අභිබවා යනු ඇති.

වසර 2030 දී මුස්ලිම්  අන්තවාදය අතීතයට අයිති දෙයක් පමණක් බවත්, ඒ වෙනුවට වෙනත් ආකාරයේ තර්ජන මතුවිය හැකි බවත් වාර්තාව කියනවා. එවැනි තර්ජන වන්නේ ජනඝාතක ත්‍රස්තවාදී ප්‍රහාර වලට වඩා, මුල්‍ය හා ආර්ථික විනාශයන් ඇතිකළ හැකි සයිබර ප්‍රහාරයන්.

වාර්තාවෙන් ඉදිරිපත් කෙරෙන මහා ප්‍රවණතා නැත්නම් මෙගා ප්‍රවණතා වන්නේ, ඒකීය මිනිසාගේ බලයේ වර්ධනය (හරිම සිංහල වචනය මට මතකයට එන්නේ නැහැ), රාජ්‍ය බලය විමධ්‍යගත කරණය, මිනිස් ජනගහනයේ විසිරීම් වල ඇතිවන වෙනස් වීම් හා ආහාර, ජලය හා බලශක්තිය සඳහා ඉහල යන ඉල්ලුම යනාදියයි.

ඒ වගේම සිදු විය හැකි ඒ වගේම අනාවැකි කීමට අපහසු නමුත් සමාජයට මහත් බලපෑමක් කරන්න පුළුවන් හදිසි සිදුවීම් කීපයක්  පිළිබඳවද ඉඟි සපයනවා. ඉන් කිහිපයක් ලෙස දැනට ගණන් බලා ඇති අන්දමට වඩා වේගවත්ව සිදු වන පරිසර වෙනස් වීම්, වසංගතයක්, යුරෝපිය සංගමයේ කඩා වැටීම, චීනය කඩා වැටීම/ප්‍රජාතන්ත්‍රවාදී වීම, ප්‍රතිසන්කරණය වුන ඉරානයක් ආදිය නම් කරන්න පුළුවන්  (මොනවාද සර් මේවායින් කෙරෙන්න ඕනේ?).

පියාසර කරන කාර් ගැන නම් බලාපොරොත්තු තබා ගන්නට නොහැකි වුනත්, ස්වයං ධාවනය වන වාහන නම් මාර්ග වල  තිබෙන්න පුළුවන් කියා වාර්තාව කියනවා. එමගින්  මාර්ග අනතුරු වල විශාල අඩුවක් හා ඵලදායි තාවයේ වැඩි වීමක් අපේක්ෂා කරන්න පුළුවන් (ලංකාවේ නම් ඒත් වයර් මාරු කරලා, “ඕවර්ටෙක්” කරන්න පුළුවන් විදිහට හදා ගනීවි).

මේ ගණන් බැලීම් කොහොම උනත්, අනාගතය කොහොම වේවිද කියා “දෙයියෝ” තමයි හරියටම දන්නේ, මොකද මේ උන්නැහේලා “අනාගතය” වෙනස් කරන්න හදලා තියන “ප්ලෑන්”  එළිපිට දාන්නේ නැහෙනෙ.

Advertisements

7 Comments

Filed under General

7 responses to “වසර දෙදහස් තිහ! Alternative Worlds!

  1. මාත් ඔය ඉස්සර ආතර් සී ක්ලාක්‌ෙග් පොත් කියවද්දි හිතනවා මේවා මෙහෙම වෙයිද කියලා.. හි හි.. විශේෂයෙන් ගැඹුරු මුහුද පොත… මං ඒක කාටද දීලා දැං නං මං ගාව නෑ.. නමුත් ඒ පොතට මං හරි ආසයි… ඒකේ දේශපාලනික වශයෙන් සිද්ධ වෙච්ච වෙනස්කම් වලට වඩා තියෙන්නේ මානුශීය වශයෙන් සිද්ධ වෙච්ච වෙනස්කම් ගැන හින්දා… ( මිනිස්සු වශයෙන් මේ වෙනකොට කරන වැරදි හදාගෙන, හරියට යන අනාගතේක කතාවක් හින්දා..)

    • ඒ ආතර් සි ක්ලාර්ක් ගේ මනසේ මැවුන කල්පනා නේ හිරු. ඇත්ත ලෝකයේත් මිනිසුන් එහෙම වැරදි හදාගෙන ඉස්සරහට යාවිය කියන පැතුම ඔබටත්, මටත් අන් අයටත් තියනවා. හැබැයි ඇත්ත ලෝකයේ එහෙම වෙන්නේ නැහැ. 1994 වසරේදී එතෙක් කෙරුණ වැරදි හදාගෙන ඉදිරියට යාවි කියන පැතුම පමණක් නොවේ, ඒ වැරදි කරපු අයට දඬුවම් දේවිය කියන සිතුවිල්ලත් දහස් ගානකට තිබුනා. ඒත් වුනේ මොකක්ද කියා ඔබත් මාත් දන්නවා. දයිවයේ සරදම වන්නේ හිරු, ඒ කාලයේ ලිඳට වැටිලා ගොඩ එන්න දැඟලුවා යයි කියපු කාන්ඩයකුත්, පසු කාලීනව තවත් “මාළු පැටවුන් දහස් ගානක්” පරලොව යැවීමට, අත්පුඩි ගැසීමයි.

  2. Kenji @ Japan

    2030 දී නාමල් ජනාධිපතිතුමා සහ ගෝඨාභය අගමැති අතරමං,විපක්ෂනායක බැසිල් විසින් ජනාධිපතිට විරුද්දව ගෙනෙන විශ්වාසභංගයයට කතානායක රනිල් ගේ සම්පුර්ණ සහය කියල පත්තරවල යයි.මොකද මේ අවුරුද්ද ඉවරවෙද්දි UNP මන්ත්‍රීල ටික සේරම බැසිල් ලොක්ක අරගෙන ඉවරයි.ලැටිස්,පැටිස් සහ හවුස් ගැන කතාකරන්න පුළුවන් කෙනෙක් එපැය කතානායක වෙන්න.

    • ඔය ලියන්නේ නියම තිර පිටපතක්. නළු නිලියන් අඳුරන හින්දා ගහන්න පුළුවන්නේ කෙන්ජි 2030 නැත්නම් දෙවියනි ඔබ කොහිද-2 වගේ ෆිල්ම් එකක්! 😀

  3. //ඉස්සර ආතර් සී ක්ලාර්ක් ගේ අනාගතය ගැන ලියවුන නවකතා වලින් පහල වෙනවා යයි කියුව ලෝකය, ඒ සමහර කතා වලින් කියවුන කාල පරාස පසු කර ඇවිත් තිබුනත් අපට දැක ගන්නට ලැබුනේ නැහැ//
    රයිගම් කියවලා තියෙනවද 1984 කියන පොත? ඒකත් එහෙමයි.

    • එහෙම කතාවක් කියවල තියනවා කියලත් හිතෙනවා. ඒත් හරියටම සහතික නැහැ ! පියාඹන කාර් එනකම් බලා ඉඳලා ඇති වෙලා දැන් නම්. හඳේ වත් ජනාවාස හැදේවිද? කාල යන්ත්‍රයෙන් අනාගතයට ගිහින් “අතීතය” වෙනස් කරන්න හැකි වේවිද? එහෙම වුනොත් අප කොහෙන්ද මචං පටන් ගන්නේ?

      • ඒ ප්‍රශ්ණෙන් මම මාර අමාරුවක වැ‍ටුනෙ. හැබෑටම කොතනින්ද පටන් ගන්නෙ. කොච්චර ඈතින්ද පටන්ගන්නෙ. ලංකාව ගැන වද වෙනවද, නැතිනම් අපි වෙනරටකම ඔන්න ඔහෙ ඉපදෙනවද?

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s