ඕස්ට්‍රේලියානු ධන කුවේරයෙකු වන ජේම්ස් පැකර් මහත්තයා, ලංකාවෙත් සුදූ පොලක් හදන්න තියන ඉඩ කඩ සොයා බලන්න පසුගිය දා ලංකාවට ගොස් ආර්ථික සංවර්ධන ඇමති තුමා සමග කතා බස් කළ බව මාධ්‍ය වල පළ වුනා.පැකර් මහත්තයාගේ තාත්තා වගේ නොවේ, මෙයා නම් සූදු පොළවල් හදලා සල්ලි හොයන්න උපන් හපනෙක් කියලා පසුගිය වසර කීපයතුල ඔප්පු කළා. මා ලියන්න හදන්නේ ඒ ගැන නොවේ. මුදල් කෙසේ වෙතත් ජේම්ස් පසුගිය වසර තුල විශාල ලෙස හානි කර ගත්ත දෙයක් ගැනත් පසුගිය කාලේ ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළා.
දැනට හතලිස් පස් වැනි වියෙහි ඉන්න ජෙම්ස්ගේ පින්තුර දෙකක් තමා ඉහත තියෙන්නේ. එකක් පසුගිය අවුරුද්දේ ඔක්තෝබර මසත්, අනික එයට වසරකට පමණ කලින් ගත්තු එකක්. ඔය කාලය මැදදී තමයි ජේම්ස් ඇමෙරිකාවට ගිහින් අර යතුරු හිල් ශල්‍යකර්මයක් කරගෙන ආවේ. නමුත් වමේ තියන පින්තුරයෙන් පෙන්නුම් කරන්නේ, කෑම අඩු කරපු එකටත් වඩා, ව්‍යායාම් වලින් කෙට්ටු වුන බවක්.
මා පෙර සටහනෙහි කියුවේ අනුන් කියුවට කිසිම දෙයක් වෙනස් කරන්න අමාරු බව. ජේම්ස් වගේ ජිවන විලාසිතාව සම්පුර්ණයෙන් වෙනස් කර ගත්ත මිනිසුන් ගැන අපට නොයෙක් වර ලැබෙනවා. එවැනි වෙනස් කර ගැනීම් අතර ආහාර ගැනීමේ, සිතීමේ හා වැඩ කිරීමේ හැටි විතරක් නොවේ සම්පුර්ණ ජිවන විලාසිතාවම තියෙන්න පුළුවන්.
දුම් පානය කරන බොහෝ දෙනා දන්නවා, එය පෙනහළු පිළිකා ඇති කරන බව. නමුත් එය දුමෙන් වැළකීමට හේතුවක් වන්නේ නැහැ. ජිවිතයේ සිදුවන පොඩි දෙයකින් එය නවත්වන්න හැකියාවක් සමහරවිට ලැබෙනවා. එවැනි කතාවක් දුම් බොන වෙන කෙනෙකුට කියුවහම, හරි සංවේදී, අපූරූ කතාවක් කියුවට, තමන්ට එයින් මිදීමට සිතිවිල්ලක් පහල වෙන්නේ නැහැ. මිනිසුන්ගේ අදහසුත් එහෙමයි. වෙනස් වෙන්න නම් අර කලින් කියුවා වගේ, තමන්ටම “ඇඟට දැනෙන” යමක් වෙන්නම ඕනේ. හැබැයි එහෙම වුනත් වෙනස් නොවන මිනිසුන්ද මේ ලෝකේ නැතුවා නොවේ.
Picture Source: The Daily Telegraph