පරමාදර්ශී නොවන ලෝකය ගැන තවත් කතා!


අද මා අම්ම එක්ක කතා කළා. මෙය ලියන කොට හිතේ වැඩ කරන ප්‍රධානම දේ ඒ සංවාදය. මා නම් පරමාදර්ශී මිනිහෙක් නොවේ. ඒ නිසාම සමහර දේවල් වලට කේන්ති යන එක නවත්ත ගන්න බැහැ. එහෙම කේන්ති අරගෙන කරන්න දෙයක් නැති නිසා, එයින් අයහපතක් වන්නේ මටම බව දැන  දැනත්, එය නවත්ත ගන්න බැරිවීම තමයි මගේ මෝඩකම.

විරාගයේ අරවින්ද එහෙම කේන්ති ගත්ත චරිතයක් නොවේ. වික්‍රමසිංහ ලියල තිබුනා අරවින්ද චරිතය ගොඩ නගන්න හේතු උනේ, ඔහු  දැකපු චරිතයක් නිසා කියා. විරාගයෙන් පසු රැල්ලකට වගේ “උදාසීන ” චරිත සහිත කතා රැල්ලක් ආවා. හැබැයි මේවායේ අර අරවින්ද චරිතය ඇසුරින් වික්‍රමසිංහ පෙන්නන්න උත්සහ කළ චරිතය නොවේ පෙන්නුවේ. ගුණදාස අමරසේකරගේ “ගන්දබ්භ අපදානය” ඉන් එකක්. සිරි ගුණසිංහ, සරත්චන්ද්‍ර, කේ ජයතිලක මේ සියලු දෙනාම අර අඩිපාරේ ටික දුරක්  ගියා.

අරවින්ද පවා මේ ලොව්කික ජිවිතයේ “අසාර්ථක” චරිතයක්. මා ඔහුව නම් ජීවත්වීම සඳහා ආදර්ශයට ගන්නේ නැහැ (හැබෑ ජිවිතයේ දකින්න ඉන්න මිනිසුන් ආදර්ශයට ගන්න බැරි කොට, නව කතා වල චරිත ගැන කවර කතා ද?).  හැබැයි, විරාගය මා සලකන්නේ කියවන්න ඕනේ හොඳ සිංහල නවකතාවක් ලෙස. “අනුකාරකවාදී වික්‍රමසිංහ” ගේ කතා වලින් මට හොඳම එක තමා විරාගය. අනික තමා කරුවල ගෙදර.

කැන්බරා නුවර ග්‍රීෂ්ම පාසල් නිවාඩුව අවසන් වීගෙන යනවා. පසු ගිය වසරේ පාසල් කාලයෙන් පසු පැයක්  දෙකක් පමණ  අපේ පොඩි පුතාව  අරගෙන ගිහින් බලාගත්තේ, පාරිභෝගිකවාදී ධනවාදය යටතේ  ඉපදී, හැදී වැඩි එහිම ජිවත් වන කාන්තාවක්. මට හෝ මගේ බිරිඳට පුතාව පාසල් ඇරෙන විගස  අර ගන්න බැහැ. මේක දැනගත්තු අපගේ මිතුරිය, ඒ සඳහා ඉදිරිපත් උනේ ස්වේච්චාවෙන්. ඇය මුදලක් බලාපොරොත්තු උනෙත් නැහැ. පාසලේ තියන බලාගැනීමේ තැනට දිය යුතු ගාණත් සැර තමා. නමුත් එයම නොවේ ප්‍රධාන ප්‍රශ්නය. එයට ඇතුල් කරන්නත් පොරොත්තු ලේඛනයක් තියනවා. අප අගය කරන දේ තමා, පුතා පාසල් ඇරුණු විට යන්නේ, අපගේ වගේම  යහපත් පවුල් පරිසරයකට.

සමාජයේ තියන සියලු කුරිරුකම් වලට එකම හේතුව, පාරිභෝගිකවාදී ධනවාදයයි කියලා කියන්නන් දුලබ නැහැ. මෙයට විකල්පය ලෙස ඔවුන් යෝජනා කරන ඒකාධිපතිවාදී සමාජවාදී ක්‍රමයන් තුල, ඒ හා සමාන,  සමහර විට එයිටත් වඩා  වඩා කුරිරුකම් සිදුවෙලා තිබීම හා දැනටත් තිබීම ඔවුන් අමතක කරන්නේ, සමහර විට වාසියට හෝ නොදන්නා කමට වෙන්න පුළුවන්. මා රුසියාවේ ඉගෙන ගන්න කාලයේ ගොර්බෝචෝව් අයියා හදුනවා දුන් ග්ලාස්නොස්ට් නැත්නම් විවුර්ත භාවය නිසා පෙරදී කතා නොකළ සමහර කරුණු අපේ ගුරුවරුන්  කතා කළා.  ඉන්පසු සෝවියට් දේශය කඩා වැටුනට පසු කතා කළ  තවත් දේවල් තිබුණා. අමතක කරන්න එපා ඔවුන් සමාජයේ හිටපු උගත් හා සමාජය කෙරෙහි වැඩි බලපෑමක් තිබුන පිරිසක්. මගේ බ්ලොගයට ආයුෂ ඇත්නම් ඒවා ගැනත් ටික ටික ලියන්නම්. මෙවැනි කතා ලිවිය යුත්තේ පරිස්සමින්. මොකද ලෝකේ සියල්ල සාපේක්ෂයි.

ලෝකේ දැනට තියන පාලන ක්‍රමයන් අතුරින්, වඩාත් සාධාරණ ක්‍රමය තියෙන්නේ බටහිර කියා මා  හිතන්නේ හේතු ඇතුව. ඒ වගේම බොහෝ දෙනා පිලි ගන්නේ නැති උනත්, වඩාත් සදාචාරාත්මක සමාජයන් තියෙන්නේ ද බටහිරම තමා (මෙතනත් සාපේක්ෂතාවය හා අර්ථ නිරූපනය වැදගත්. උදේ හවා බණ ඇසීම හෝ හැම සිකුරාදාටම  හෝ ඉරිදාටම සේරම අල්ලලා දාල පල්ලි යාම විතරක් සදාචාරය නම්, මගේ මතය වැරදියි). බටහිර ජිවත් වෙමින් ලංකාවේ කම්කරු පන්ති ආඥ්යාදායකත්වයක් ඇති කිරීමට දිවි හිමියෙන් කැපවනවා යයි කියන පිරිස් ගැන මට හිතෙන හැටි මිට කලින් ලියා තියනවා.

හැබැයි මෙතැනදී මතක් කරන්න ඕනේ දෙයක් තමා, බටහිර රටවල් වල “පරමාදර්ශ සමාජ ක්‍රමය” ගැන ලියන පිරිස් ඉන්නවා. වෙන රටක දී “නිමි භාණ්ඩයක්” බවට පත් වෙලා, මෙවැනි රටකට ඇවිත්, එහි පරමාදර්ශය ගැන කියන අයියලා හා අක්කලා එම රටවල් වල අතීතය සහමුලින් අමතක කර කතා කරනවා. ඕස්ට්‍රේලියාව කාන්තාවන්ට චන්දය දීමට හා චන්දය ඉල්ලීමට ඇති අයිතිය විව්‍යස්තාව  මගින් තහවුරු කළේ, ඇමෙරිකාව හා බ්‍රිතාන්‍යය එය කරන්න කලින්. හැබැයි, ඇබෝරිජිනල් වරුනට චන්දය දීමේ අයිතිය තහවුරු කළේ අර කලින් කියපු, කාන්තාවන්ට චන්ද අයිතිය දීලත් වසර 60 කට පසුව. තාමත් ඇබෝරිජිනල් වරුන් මෙහෙ විව්‍යස්තාවෙන් පිලි අරන් නැහැ. ඒ වගේම, 1960-70 ගණන් වල උනත් “ඕස්ට්‍රේලියානු සුදු සමාජයේ” ඇත්තටම කාන්තාවන්ට තිබුන තත්වය ගැන මට වඩා ටිකක් වයස සුද්දෙකු මා සමග කිවේ මීට සති කීපයකට කලින්, මුස්ලිම් සමාජයේ කාන්තාවන්ට ඇති තැන පිළිබඳව කතා කරත්දී.

ඇමෙරිකාවේ පවා 1960/70 ගණන් වෙනතුරු තිබුන තත්වය අමතක කලත්, මේ මෑතදී ඒ කියන්නේ 1997 දක්වා, එහි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ණය දීමේදී, එකම තත්ත්ව යටතේ සුදු ජාතික ගොවියන්ට හා කළු ජාතිකයන්ට දෙවිදියකට සලකපු ආකාරය ගැන විස්තර කියවන්න ඕනේ කමක් තියන අයෙකුට හොයා ගන්න පුළුවන්.  රටක මාස ගණනක් ගත කරලා, ඒ රට හා එහි සමාජය ගැන සියල්ල දන්නවා වගේ ලියන පිරිස් බ්ලොගයන්ගේ දුලබ නැහැ. ඒ විතරක් නොවේ, සමහරු සියල්ල දැන ගන්නේ දවස් දෙක තුනේ සංචාර  වලින්. ඔවුන් කෙසේ වෙතත් කුසලතා සමග සංක්‍රමණය උන අප බොහෝ දෙනෙක් මේ සමාජයේ තියන බොහෝ කඩයිම් වලට අසු වෙලා නැහැ.

මේ රටවල් වල සමාජ හා පාලන ක්‍රමය පරිනාමය උනේ වසර සිය ගණනක් තිස්සේ එක දිසාවක් ඔස්සේ ගමන් කිරීමෙනුයි. එය අද අවසන් වෙලා නැහැ. එය ධනාත්මක දිශාවක් ඔස්සේ ගමන් කරවීමට,  අතීතයේ හිටපු කළු, සුදු හා තල එළලු මිනිසුන් දායක වෙලා තියනවා. මේ හැම බටහිර රටකම තියන පාලන ක්‍රමයන් උනත්, වෙනස් කම් වලින් තොර නැහැ. සමහර රටවල් වල තියන මානවවාදී ගුණයන්, තවත් රටක නැහැ.

නමුත් අදත් රුසියාව පාලනය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී  ක්‍රමයක් තුල නොවේ. එය අද ලෝකේ තියන රටවල් අතරින් වර්ගවාදය හා වර්ණ වාදය ඉතා දරුණු ලෙස සමාජයේ  ක්‍රියාත්මක වන රටක්. ඒ “සමාජවාදී” ක්‍රමයක් ඔස්සේ එක දිගට අවුරුදු 70 ක් තිස්සේ ගමන් කිරීමෙන් පසුව. හැබැයි එදා සෝවියට් දේශයට එරෙහිව, බටහිර රටවල් ගෙනගිය “ප්‍රජාතන්ත්‍ර වාදය” ස්තාපිත කිරීමේ “පිවිතුරු අරගලය” අද දකින්න නැහැ. ඔබට තේරෙනවානේ මා කියන්න හදන දෙය. මේ සියල්ල අප තේරුම් ගන්න ඕනේ එක සීමාවක ඉඳන්.

දැන් යමු පටන් ගත්ත තැනට. ලංකාවේ පමණක් නොව, සිරියාවේ පවා වෙන දේ ගැන මා තුල ඇති කරන්නේ කනගාටුවක්. ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී කෙරෙන අඩු පාඩු හදා ගැනීමට වැඩි කලක් යන්නේ නැහැ. හැබැයි යහපත් පාලනය කියන දේ එහෙම වසර දෙක තුනකින් ගොඩ නගන්න පුළුවන් දෙයක් නොවේ.

I love being a writer. What I can’t stand is the paperwork – Peter De Vries

Advertisements

3 Comments

Filed under Politics, Social

3 responses to “පරමාදර්ශී නොවන ලෝකය ගැන තවත් කතා!

  1. Kenji @ Japan

    //[හැබෑ ජිවිතයේ දකින්න ඉන්න මිනිසුන් ආදර්ශයට ගන්න බැරි කොට,නව කතා වල චරිත ගැන කවර කතාද?].//ඇත්තම කතාව 100%.//හැබැයි යහපත් පාලනය කියනදේ එහෙම වසර දෙක තුනකින් ගොඩ නගන්න පුළුවන් දෙයක් නොවේ.//රයිගම;ඇයි ඔබ එහෙම කියන්නෙ?

    • Raigama

      ඇයි කෙන්ජි දරුවෙකු පාසල් අධ්‍යාපනය නිම කර සමාජයට එන්නම අවුරුදු 18-20 ක් විතර ගත වෙනවා. එතකොට ඔහු හෝ ඇය නැවත හදන්න පුලුවන්ද?
      තව සරලව ගත්තොත්, නීති රීති අලුත් විව්‍යස්තා හදා ගන්න පුළුවන්. ඒත් සමාජයේ බහුතරයක් දැනටත් තියන නීති කඩනවා නම්, නීතියේ ආදිපත්වය පිහිටුවන එක ලෙහෙසි නැහැ. එක කාලෙක රුසියාවේ බේබදු කම/ බීමත්කම මඩින්න කියා, මොස්කව් නුවර බිලා රිය පදවන අය ඇල්ලීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක උනා. නමුත් එය පටන් අරගෙන දවස් දෙකෙන් අල්ලලා දාන්න උනා. මොකද රියදුරන්ගෙන් 80% කටත් වඩා බීලා ඉන්නේ. එතකොට ඒ සේරම අල්ලලා හිරේ යැවුවොත් ජන දිවිය එහෙම පිටින්ම කඩා වැටෙනවා. ටැක්සි කාරයන්, බස් රියදුරන්, උදේට වැඩට යන අය මේ සේරම හිරේ නම් කවුද ඒ වැඩ කරන්නේ? එතකොට එතැනදී, නිතිය කැඩුනත්, එය ක්‍රියාත්මක කරන්න ක්ෂණික විසදුම් නැහැ. එය දීර්ග කාලීන වැඩ පිළිවෙලක් විය යුතුයි. පාසල් අධ්‍යාපනයත් එයට අදාලයි.

      වෙන උදාහරණයක් ගම්මු. සමහරුන් තද ප්‍රජාතන්ත්‍ර වාදියෙක් ලෙසත්, තවත් අය ජාතික වීරයෙක් ලෙසත් සලකන ජේ ආර් අද හිටිය නම් දුක් වෙනු ඇති කියා තවත් සමහරුන් කියනවා. ඒ කියන්නේ ඔහුගේ විව්‍යස්තාව අයුතු ලෙස යොදා ගෙන තියන හැටි දැකලා. දුක් වේවි තමා. නමුත් ඒ හේතුව නිසා නොවේ. මෙච්චර කලක් ජිවත් වෙන්න බැරි උන හින්දා. ඔහු මේ විව්‍යස්තාව හැදුවේ මේ ටික කර ගන්න බැරි වෙයි කියා හිතලා හෝ කවදාවත් එසේ නොවේ කියා හිතලාවත් කියා මා විශ්වාස කරන්නේ නැහැ. ඔහු එතරම් ගොනෙකු නොවේ. ඇත්තටම ඔහුත් කරන්න බලාපොරොත්තු වෙන්න ඇත්තේ මේ ටිකම තමා. දේශපාලනය කැරකුණු හැටියට අමතරව ඔහුට තිබුන අනික් වැදගත්ම භාදකය තමා, රජයේ නිලධාරින්, අධිකරණ විනිසුරුවන් පමණක් නොවේ සමාජයේත් හිටපු මිනිසුන්, හැදිලා හිටියේ එවකට සාමාන්‍යයෙන් යහපත් තත්වයක් යටතේ තිබුන පරිසරයක. නැත්නම් ඉගෙන ගෙන ඇවිත් තිබුනේ ජරා බ්‍රිතාන්‍යයෙන්.

      නීතියේ ආදිපත්වය කඩා ඒකාධිපති ගමනක් යන්න වැඩිපුර භාදා උනේ එවැන්නන් සිටපු නිසා කියා උපකල්පනය කරන්න පුළුවන්. අද ඉන්නේ එදා පටන් ගත්තු පරිසරයේ ඉපදී ලොකු මහත් වෙලා, පාසල් ගිහින් ඇවිත් ඉන්න පිරිස. අද හිටියා නම්, ඔහු ඇත්තටම කනගාටු වෙනවා ඇත්තේ වපුරපු දේවල් වල අස්වැන්න කපන්නේ අහක ඉන්න කෙනෙකු බව දැකීමෙන්.

  2. Kenji @ Japan

    ස්තුතිය් රයිගම හරියටම පැහැදිලියි කිරීම ගැන.බෑන මෙහෙම කරනවානම් වපුරපු තරමට අස්වැන්න ලැබෙනවයි කියල සතුටු නොවී ඉදියිද?

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s