නත්තල් දින ලියූවක්! To be continued…….


මේ නිවාඩු කාලයේ පමණක් නොවේ, වැඩට යන දවස් වලත්, මා උදේට අවදිවන්නේ මහා කම්මැලි කමකින් නොවේ. දවස පිලිබඳ කාලකන්නි හැඟීමක් වෙනුවට බලාපොරොත්තු සහගත බවක් තියනවා. මිට වසර ගණනාවකට පෙර, උදේ පහට පමණ අවදි වෙලා පාසල් යන්න ලැහැස්ති වෙන කොට, එවැනි හැඟීමක් මට දැනුනේ නැහැ. එදා මා අවදි උනේ මහා කම්මැලි කමකින් (මේ අපොස උපේ කරන කාලය). එහෙම උනේ පාසලට යාමත්, එම ගමනත් මා ආසාවෙන් බලාපොරොත්තු උන දෙයක් නොවන නිසා. එදා හැම උදේම මා හිතුවේ, මේ කරදරය ජිවිතයේ හැමදාම කරන්න වෙනවනේ කියා. ඒ කියන්නේ උදේ නැගිටින එක, රස්සාවකට ගියත් කරන්න වෙනවනේ. පසුගිය දවස් ටිකේ ගෙදරම හිටපු මා, දවල් වෙනකම් නිදා ගත්තේ නැහැ. වෙනදා නැගිටින වෙලාවටමයි අවදි උනේ. ඒ වගේම නිදා ගන්න ගියෙත් වෙනදා වගේම මහා රෑ.

අප හැමෝගෙම ජිවිතයේ පසු තැවෙන ගොඩක් දේවල් තියනවා. මටත් එහෙම පසු තැවෙන්න පුළුවන් සමහර කරුණු තියනවා. හැබැයි, ඇත්තටම මා පසු තැවෙන කෙනෙක් නොවේ. කොහොම උනත්  ජීවිතය  මුල ඉඳන් පටන් ගන්න තියනවා නම්, මා වෙනස් විදිහට ජීවිතය අරඹන්නේ.  එහෙම වෙනස් කරන එක දෙයක් තමා රැකියා පිලිබඳ මා ගත්තු සමහර තීරණ. හැබැයි එවැනි “වැරදි තීරණ” නිසා සමහර වෙලාවට හොඳත් වෙලා තියනවා. අලුතින් පටන් අරණ “හරි තීරණ” ගත්තොත් වැඩේ කොස් වෙයිද දන්නෙත් නැහැ.

ඕස්ට්‍රේලියාව වගේ රටවල මොකක් හෝ රැකියාවක් සොයා ගන්න තියන හැකියාව වැඩියි. විරැකියා ප්‍රතිශතය ගත්තොත් ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර මහා වෙනසක් නැහැ. හැබැයි මා ඔය සංඛ්‍යා ලේඛන (කබ්රාල්ගේ බැංකුවේ)  එතරම් විශ්වාස කරන්නේ නැහැ. මොකද ලංකාවේ ජිවත් වෙන්න පුළුවන් ආකාරයේ තියා කොයියම්ම හෝ රැකියාවක් හොයා ගැනීම එතරම් ලෙහෙසි කටයුත්තක් නොවේ.

ඕනෙම රටක ඉන්නවා නිකම් ඉන්න කැමති කොටසක්. මිනිස් සමාජයේ වාසනාවකට මේ ගාණ, සංඛ්‍යාත්මකව සුළු පිරිසක්. වැඩ කරන්න අවස්තාව තිබුනත්, විවිධ හේතු අල්ලාගෙන, නිකම් ඉන්න පිරිස් මෙහෙත් ඉන්නවා, ලංකාවෙත්  ඉන්නවා, කොහෙත් ඉන්නවා. රැකියා නියුක්තිය 100% ක් කරන්න ලෝකේ කොයි රටක වත් පුළුවන් නැහැ. කම්මැලි පිරිසට අමතරව කොහොමවත් වැඩ කරන්න බැරි පිරිසකුත් ඉන්නවා.

ඇත්තටම රැකියාවක් කරන්න බැරි නිසා හෝ රැකියාවක් සොයා ගන්න බැරි නිසා හෝ රැකියාවක් නොකරන පිරිසට අමතරව කම්මැලි කම නිසා වැඩ නොකරන පිරිස මුහුණ දෙන ප්‍රධාන ගැටළු වලින් එකක් වන්නේ (මුදල් නොමැති කමට අමතරව) විවේකයක් ගන්නේ කොහොමද කියන එක. ජිවිතයේ හැම දවසක්ම එක වගේ නම්, වැඩකුත් කරන්නේ නැත්නම්, එතන මොන විවේකයක්ද?

ඈත අතීතයේ කුසලතා විසා යටතේ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වුන පිරිසට, ගොඩ බැහැපු දවසේ පටන් ඩෝල් නැත්නම් විරැකියා සහනාධාරය සඳහා ඉල්ලුම් කරන්න අවස්ථාව තිබුනා  කියා, පොත් වලත් තියනවා,  ඒ දවස් වල ආ පිරිසත් කියනවා. හැබැයි අද වගේ නොවේ, ඒ දින වල රැකියා සොයා ගන්නත් පහසුයි කියා කියවෙනවා (මේ කතාව නම් අපත් අනාගතයේ  කියාවි. මොකද එන්න එන්නම මේ තත්වය උග්‍ර වෙනවා මිසක් ලිහිල් වෙන්නේ නැහැ). එහෙම තත්වයක් තිබිලත් සමහරුන් රැකියාවක් කරන්න එතරම් වැර වීරිය කළේ නැති බව සමහරුන්  කියන්නේ තරමක්  ආඩම්බරයෙන්.

ඒ කාලයේ නැගෙනහිර යුරෝපීය රටකින් සංක්‍රමණය වුන එක “අන්කල් කෙනෙක්” මා සමග කිවේ ඒ දිනවල පාරෙන් මෙහා පැත්තේ ෆැක්ටරි එකේ වැඩ කරලා එපා වුනහම, එහා පැත්තේ එකට යනවා  කියල. ඒ දිනවල වෙන කෙනෙක් ඒ කම්හලට ගෙනත් දුන්නම, එක්ක එන කෙනාගේ අතටත් ගානක් දුන්න කියා ඔහු කියුවා. ඊට අමතරව රජයේ  රැකියාත්, අදට වඩා සුරක්ෂිත ඒවා.

කොහොම වුනත් මෙවැනි “අධිරාජ්‍යවාදී, ධනපති, දුප්පත් රටවල් සූරා කෑමෙන්ම දියුණු වන රටකට” ඉගෙන ගන්න ආවොත්, ඉගෙන ගන්න තියන ප්‍රධානතම දේවල් අතරින් එකක් තමා, වැඩ කරන්නේ කොහොමද කියන එකත්, ලංකාව වැනි රටවල අධ්‍යාපනය හා සමාජය දුන්න කිසි වාසියක් නොවන ආකල්ප හලා ගන්නේ කොහොමද කියන එකත්. සමහරුන් එහෙම ඉගෙන ගන්නෙත් නැහැ. ආයිත් පොත් කියවල යනවා. ඒ ගැන ටිකක් ඊළඟට ලියන්න  බලමු.

Advertisements

2 Comments

Filed under Careers/Employments

2 responses to “නත්තල් දින ලියූවක්! To be continued…….

  1. කබ්රාල්ගේ බැංකුවේ සංඛ්‍යා ලේඛන වලට තොරතුරු ගන්න දර්ශක 2008දී විතර වෙනස් කරා. එදා ඉඳන් ලංකාව සංඛ්‍යා ලේඛන වලින් නං සෑහෙන දියුණුයි. ඒ විශය ගැන වැඩිපුර දන්නේ නැති නිසා ඇත්ත නැත්ත ගැන කියන්න බෑ

    මේ දවස් වල බ්ලොගර් සයිට් වලට යන්න බැරි නිසා වර්ඩ්ප්‍රෙස් වල තමයි කැරකෙන්නේ. වහලා දාපු සිංහල වර්ඩ්ප්‍රෙස් බ්ලොග් වල ආකයිව්සුත් නරකම නෑ.

    • කබරාල් ගොයියා ගොඩක්ම වෙනස් කළා කියල තමයි මාත් අහල තියෙන්නේ. ඊට කලිනුත් එතරම්ම හොඳ නැහැ කියලා කියවෙනවා. විශේෂයෙන් චන්ද්‍රිකා යුගයෙන් පසු. ඒවා කොහොම වුනත් හයිඩ්, ඔබට වර්ඩ් ප්‍රෙස් බ්ලොග් මතක් වෙන්න අනික් එකට යන්න බැරි වෙන්නම ඕනේ නේද? 😀

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s