ඕනෙම රටක අග්‍රවිනිශ්චයකාර තනතුරට සුදුසු රුසියානුවා! A Russian judge caught 40 winks in court!


sleepingjudge130204_400_18gtda7-18gtdab

මා කුඩා කාලයේ හිතාගෙන හිටියේ නඩුකාරයන් කියන්නේ අමුතුම මිනිසුන් කොට්ටාශයක් කියලා. ඒ කියන්නේ මනුශ්‍යන්ටත් වඩා වෙනස් කියා. කල් යන කොට තමා වැඩේ  තේරුනේ. සමහර රටවල්වල නඩුකාරයන්ට වත් සාධාරණ නඩු තීන්දු නොලැබෙන බව  කියවෙනවා. එතකොට සාමාන්‍ය මිනිසුන් ගැන කවර කතාද?

නඩුකාරයන් තමන්ගේ උසාවි කාමරේ මේසය මත, ඇසෙන නඩුවක චුදිතයෙකුගේ බිරිඳව දුෂණය කිරීමේ චෝදනා, තමන්ගේම දික්කසාද නඩුව තමන්ම ඇහීම පිලිබඳ චෝදනා, අග්‍රවිනිශ්චයකාරයන් ප්‍රසිද්ධියේ කාර් වල අනග රැඟුම් පිලිබඳ චෝදනා ආදී වශයෙන් ගොඩක් කතා අප අසා තියනවා. හැබැයි මේවා ඇස් දෙකින් දැක නැහැ. මේ කතා අතරේ  ඕනෙම රටක ඊළඟ අග්‍රවිනිස්චයකාර පදවියට සුදුසු කෙනෙක් රුසියාව තුලින් බිහි වෙලා තියනවා කියලත් ඔබට හිතෙන්න පුළුවන් පහත පුවතින්.

රුසියාවේ ඈත නැගෙනහිර නගරයක් වන බ්ලගොවෙස්චෙන්ස්ක් වල නඩුවක්  අහපු යෙව්ගිනි මැක්නෝ, චුදිතයව අවුරුදු පහකට බරපතල වැඩ සහිතව දඟ ගෙට නියම කලේ පසුගිය වසරේ ජුලි මස. චුදිතයා ව්‍යාපාරිකයෙක්. ඔහුට විරුද්ධව අක්‍රමිකතා චෝදනා නැගී  තිබුනා.

චුදිතයගේ නීතිඥයා එයාගේ අවසාන දේශනය උසාවියට ඉදිරිපත් කරනවිට යෙව්ගෙනි නඩු කාරයා නඩු ආසනයේ හිටපු හැටි කැමරාවක සටහන් වුන ආකාරය තමා සටහන මුලින් තියෙන්නේ. මේක මාධ්‍ය මගින් ප්‍රසිද්ධ උනේ පසුගිය  මාසේ. යෙව්ගිනි නම් කියන්නේ ඔහු දෙනෙත් වසාගෙන හොඳින් ඇහුම් කන් දෙන  බවයි.

මේ ගැන රුසියාවේ ඇතිවුන ආන්දෝලනයෙන් පසු යෙව්ගිනි නඩුකාර කමින් ඉල්ලා අස්  වුනා හෝ පහකළා කියා වාර්තා වෙනවා. නමුත් නැවත “විභාගය” ලිවීමෙන් පසු සමත් වුනොත් ඔහුට රැකියාව නැවත ලබා ගන්න පුළුවන් කියාත් කියවෙනවා.

ඔබ ජිවත් වෙන රට  අනුව, මේ කතාව ඇහුණාම සිතට සහනයක් දැනෙන්නත් පුළුවන්, කනගාටුවක් දැනෙන්නත් පුළුවන්.

(චායාරූපය රොයිටර් පුවතකින් ගත්ත එකක්).

8 Comments

Filed under Politics

8 responses to “ඕනෙම රටක අග්‍රවිනිශ්චයකාර තනතුරට සුදුසු රුසියානුවා! A Russian judge caught 40 winks in court!

  1. Kenji @ Japan

    රුසියාවේ එහෙම උනාට
    ශ්‍රී ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ.

  2. Kenji @ Japan

    ශ්‍රී ලංකාවෙ විනි සොරුල මොන ජරා වැඩ කලත් ටයි-බයි කළු කෝට් එක දාල පවිත්‍රව ඉන්නවනෙ.හැබැයි වැව අයිනෙ මාළු බාන්නේ නම් ඒව බාගෙට ගලවාගෙන.

  3. Kenji @ Japan

    මේ පින්තුරෙ දැක්කම මට මතක් උනෙ හිටපු චන්ද්‍රිකාව[ලගදි යවපු එක නොවෙ]ගැන.

  4. අනේ ඇයි මේ උන්නාන්සෙට නිකරුනේ මඩ ගහන්නෙ. උන්නාන්සෙ ඇස් වහගෙන විශේෂ අවධානෙකින් කතාව අහගෙන ඉන්නවා කියලාමයි මට හිතෙන්නෙ. 😀

  5. ලංකාවෙ ඇස් දෙක ඇරං හිටියට කන් දෙක වහං ඉන්නේ 😀

  6. මට මතක් උන දෙය හා මේ ප්‍රවුර්තියෙන් ගන්න පුළුවන් දෙය වෙනම ලියන්න ඕනේ වෙලා හම්බ උනොත්. කෙන්ජි අමතක කරන්න එපා බටහිරත් ඉන්නවා නිදන (ඇත්තටම) නඩුකාරයන්.

  7. ඔන්න මචං උඹ වැරදි අර්ථකතන දෙනවා. මා අදහස් කලෙත් මෙතුමා හොඳින් අහගෙන ඉන්නවා කියල තමා. ඇත්තම මචං මෙවැනි නිදා ගත්තා සේ පෙනෙන, නමුත් නඩුවට හොඳින් ඇහුම් කන් දුන්න බ්‍රිතාන්‍ය නඩු කාරයෙක් ඉඳලා තියනවා. මටත් මචං ඔය දේශන වලට ගියහම හොඳට අල්ලලා යන එකක් නම්, ඇස් පිය වෙනවා (වැඩි අවධානයකින් අහන්න ගත්තහම). එහෙමයි කියල කලින්ම හිතෙන ඒවායේදී අන්තිම පේලියේ තමයි ඉඳ ගන්නේ. 😀
    දැන් බලපන් මේ යකාව ඇහැරවන්න හයියෙන් කෑ ගැහුවොත්, ලකප් කරන්නේ ඒ කෑ ගහපු එකාව. අර නන්දේ අයියත් කළේ ඒ වගේ වැඩ.

  8. කන් වහගෙන හිටියට සමහරුන්ගේ කලිසම් වල ෂිප් නම් (allegedly) ඇරිලා කියල කියවෙනවා සාබිත්!