සරණාගත සිහින


ඕස්ට්‍රේලියානු මහා මැතිවරණයට දින නියම වී  තිබේ. හරියටම කියනවා නම් මේ වසරේ සැප්තැම්බර් මස 14 වැනිදා එය පැවැත්වෙනු ඇති. මේ මැතිවරණයේදී බොහෝ විට මා කලින් සටහනක ලියුව සරණාගතයාගේ  ආයාචනය මල් ඵල ගැන්වෙනු ඇති බවට දැනට සිදුකර ඇති ජනමත විමසුම් පෙන්නුම් කරනවා.

කලින් පැවති මැතිවරණ  වලදී ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකික දෙමල ජනතාව ගෙන් බොහොමයක් උනන්දුවෙන් මැතිවරණයට වැඩ කළා (මට නම් චන්දය දෙන්න යන කොට පත්‍රිකා අතේ තියන් ඉන්න මේ අයියලා දකින විට අප්පිරියයි. මොකද ඔවුනගේ ගොන් කම ගැන හිතෙන විට). විශේෂයෙන් කම්කරු පක්ෂ රජයක් බලයට පත් කර ගන්න. ඒ මේ රටේ ප්‍රශ්න විසඳා ගන්න නොවේ.  ලංකාවේ ප්‍රශ්න විසඳා ගන්න කියා මා අනුමාන කරනවා. මොකද ලිබරල් රජයකට වඩා කම්කරු රජයක් ඔවුනගේ ලංකාවේ “විමුක්ති අරගලයට” සහය දේවි කියා පොදුවේ හිතපු නිසා. ඒ සිහිනයත් අර ඇෆ්ගනිස්තානේ ඉන්න කෙනෙක් ඇමෙරිකාවේ ජනාධිපති ලෙස ඔබාමා පත්කර ගන්න සහය දුන්නා හා සමානයි කියා ඔවුනට තේරෙන්න වැඩි කලක් යන්න නැතුව ඇති. දැන් නම් ඇති ඇටි කෙහෙල් කාපු උගුඩුවන් මෙන්.

පසුගියදා ලංකාවේ “ෆැක්ට් ෆයින්ඩින් මිෂන්” එකකට ගිය මීළඟ රජයේ දෙවෙනියා විය හැකි ජුලියා බිෂොප් සහ එම රජයේ ආගමන ඇමති විය හැකි ස්කොට් මොරිසන් ගේ ප්‍රවුර්ති සාකච්ඡා වක් මේ සතියේ  තිබුනා. ඔවුනගේ මතයට  අනුව, ලංකාවේ පුරවැසියෙකුට (රට තුල දේශපාලන අනාතයෙක් වුවත්) සිදුවිය හැකි දරුණුම අන්තරාව, බෝට්ටුවක නැගලා ඕස්ට්‍රේලියාව බලා ඒම. එහෙම  අනාථයන් ඉන්නවා කියා ඔවුන් හිතන්නෙත් නැහැ. ඉන්නවා නම් ඔවුනට කල හැකි වඩාත් “ප්‍රවේශම්” සහගත කටයුත්ත ඉන්දියාවට යාම. මෙහෙ (ඕස්ට්‍රේලියාවට) එන අය සියලු දෙනාම හොඳ ආර්ථිකයක්  හා ජිවන විලාසිතාවක් සොයා එන  එවුන් කියා ඔවුන් ප්‍රකාශ කළා. 

එමෙන්ම  නැවත පදිංචි  කිරීමට ලංකා රජය ගෙන ඇති පිය වරයන් ගැන ඔවුන් ප්‍රසාදය පළ කළා. ඒ වගේම දැන් අත් අඩංගුවට අරන් අතුරුදහන් කිරීම් සිදුවන්නේ නැති බවත් ඔවුන් පිළිගත්තා. ඒ කියන්නේ ඔවුනගේ ප්‍රතිපත්තිය දැනට ඇති වටපිටාව අනුව ගැලපෙන බවයි ඔවුන්  කිවේ. ඔවුනගේ ප්‍රතිපත්තියට අනුව ලංකාවෙන් එන සියලු දෙනා නැවත ලංකාවටම පිටත් කර යවනවා ඇති.

වෙන රටක ප්‍රශ්න, විසඳා ගන්න තවත් රටක රජයවල් වෙනස් කිරීමෙන් පුළුවන් කියා හිතීම ම ගොන් වැඩක්.  අඩු ගානේ මේ ලංකාවේ දෙමල ප්‍රශ්නය විසඳා ගන්න ඕස්ට්‍රේලියාවේ කම්කරු පක්ෂය බලයට පත්කර ගන්න දත කාපු මේ දෙමල  අයියලා, කොළඹ තමන්ගේ නියෝජිතයෙකු ලෙස වික්‍රමබාහුව පත් කර ගනිල්ලා කියා ලංකාවේ කොළඹ හිටිය ඥාතීන්ට කියන්න නම් නැතුව ඇති.

උතුරු නැගෙනහිර තත්වය මිට අසමාන වෙන්න හැටියක් නැහැ. ප්‍රභාකරන් ඉන්න දවස් වලත් මේ  රටවල්වල  ඉන්න අයියලා හිතන් හිටියේ,  ඕනෙම වෙලාවක බටහිර ඇවිදින් එයාලව බේරා ගනීවි කියා. බංකර වල දිය බුං ගගහ හිටිය අර අයියත් එය විශ්වාස කළා කියා හිතන්න කරුණු තියනවා.

ලංකාවේ ජනාධිපති වරයාට වඩාත් වැදගත් වන්නේ රටේ ජනතාව හිතන අයුරු මිස, වෙන රටවල් වල නායකයන් හෝ ජනතාව හිතන අයුරු නොවේ කියා අප හොඳටම දන්නා දෙයක්. එය ලංකාවට පමණක් ආවේනික දෙයක් නොවේ. ඒ වගේම තමා,  මේ රටවල දේශපාලන පක්ෂ වල නායකයන් ට හා රාජ්‍ය නායකයන්ටත් වඩා වැදගත් වන්නේ වෙන රටවල ප්‍රශ්න විසඳීම නොවේ. ඔවුන් හැම  විටම වෙනත් රටවල ප්‍රශ්න තමන්ට වාසි දායක ලෙස හසුරුවා ගන්නේ කොහොමද කියල පමණයි  බලන්නේ. බලවත් රාජ්‍යයන්ට අනෙක් රටවල ප්‍රශ්න විසඳන්න අවශ්‍යතාවයක් කොහොමටත් තියෙන්න හැටියක් නැහැ. අනෙක් අතට තමන්ගේ රටේ ප්‍රශ්න විසඳා ගැනීමට රටක ඉන්න ජනතාවට නැති ඕනේ කමක්, වෙනත් රටක ජනතාවකට තියෙන්න පුලුවන්ද?

සමහරුන් ගුටි කන විට “අනෙ අපව බේරා ගන්න” කියා යන රටවල්  වලටම, පසු කාලෙක මෙන්න “මුන් අපට ඇඟිලි ගහනවෝ”  කියනවා. එයාලට අනුව තමන් කැරලි ගහන විට එය විමුක්ති අරගලයක් සේ නම් කිරීමේ බලයත්, වෙනත් අය කැරලි ගහන විට එය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස නම් කිරීමේ ශුද්දවූ බලයත්, ඔවුන්ට ම මිස වෙන කාටවත් නොතිබෙන්න ඕනේ. ඒ වගේම ඔවුන්ව මරණ විට බටහිර ඇවිදින් බේරා ගත යුතු වුවත්, අර අනික් කට්ටිය මරණ විට එහෙම බේරා ගන්න නිකමට බොරුවට හෝ උත්සහයක් කිරීම උණ්ඩුක පුච්චයට හා භෞමික අඛණ්ඩතාවයට (කොලා! මගේ අත උළුක්කු වුනා වගේ) ඇඟිලි ගැහීමක්.

Advertisements

Comments Off on සරණාගත සිහින

Filed under Politics

Comments are closed.