දෙනයන සනසන දසුනකි ඔබ මට ජිවිතේ! You pissed me off!


සත්‍යය ප්‍රබන්දයට වඩා විස්මය ජනකයි කියල කියනවා. මේ වගේම සත්‍යය ප්‍රබන්දයට වඩා කටුකයි හා කනගාටු දායකයි. එය තේරුම් ගන්නේ සුළු කොටසක්.

මා මේ බ්ලොගය පසුගිය වසරේ දෙසැම්බර වල මරණයට පත් කරන්න හැදුවත්, මෙය කියවන දෙතුන් දෙනෙකුගේ ඉල්ලීම පරිදි දිගට පවත්වාගෙන යන්න හිතුවා. මේ අවුරුද්දේ මා ලියපු පළමු වෙනි සටහනේ අවසානයේ මෙහෙම දෙයක් ලියුවේ, ඔය කියන ටින් ටින් මල්ලිලාගේ හිත නොරිදවා ගන්න. “මා මූලිකවම ලියන්නේ මා වගේම හෝ ඊට ආසන්නව හිතන පාඨකයාට. එයට වඩා ගන්න දෙයක් මේ සටහන් වල නැහැ.”

එහෙත් සිංහල වාක්‍ය දෙකක් හරියකට ලියා ගන්න බැරි සමහරුන්, මේ ලියපු දෙයත් තේරුම් නොගෙන තියනවා යයි දැන ගැනීමට ලැබීම මට නම් දුක සිතෙන දෙයක්. හරේ කියනවා වගේ අච්චු වල හිරවෙලා ඉන්න මල්ලිලා, අයියලා වගේ පෙන්වන්න හැදුවත් එයාලට නොදැනීම බාල අය වග ඉබේම පෙන්නුම් කරනවා.

දේශපාලකයන් ලෝකේ කොහේ වුනත් එතරම් හොඳ අය නොවේ. ඒත් අර කවුද කියන්නා වගේ ඒ හැම දෙනෙකුගේම පොඩි හරි හොඳත් තියනවා. මිනිස් වර්ගයාට එරෙහිව අපරාධ කළා යයි කියවෙන ස්ටාලින්ගේ, දුව කියා තිබුන පරිදි, ඔහු බලය අයුතු ලෙස භාවිතා කළා වුවත්, එය ඔහුගේ පෞද්ගලික සුඛ විහරණය සඳහා යොදාගෙන නැහැ. ඇයට අනුව ඔහුගේ ගෙදර කාමරේ තිබිල තියෙන්නේ පොඩි මේසයක් හා බංකු  කබලක්. මෙවැනිම පොඩි පොඩි හොඳ වල් ලංකාවේ දේශපාලන නායකයන් ගැනත් කියන්න පුළුවන්.

එහෙම වත් පොඩි හොඳක් කියන්න බැරි අයත් සමහර වෙලාවට ඉන්නවා. අමාත්‍ය එස් බි දිසානායක හා විමල් විරවංශ එවැනි දෙදෙනෙක් කියා මට සිතෙනවා. ඔවුනගේ එක අසමාන කමක් තමා එක අයෙකුට උපාධියක් තිබීමත් අනෙකාට නැති වීමත්. හැබැයි ලොකුම සමාන කම (වාචාල කතා කිරීම හැරුන විට) දෙදෙනාම සමාජවාදය ඔස්සේ දේශපාලනය ට පැමිණීමයි. මෙයින් විමල් මහතා පත්තර කාරයෙකු ලෙස මුලදීත්, ජවිපෙ ප්‍රභල ක්‍රියාකරුවෙකු පසු කාලයේදීත්, නිර්ධන පන්ති ආඥ්යා දායකත්වයක් වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. ඒ කාලේ ඔවුන් ගැන හොඳින් දන්නා අය කියන්නේ මේ දෙදෙනාම පොහොසතුන් තබා එදිනෙදා වෙලා ගැට ගහගන්නත් සටනක් දුන්න අයවලුන් කියා.  ඒ දෙදෙනාම ජනතාව වෙනුවෙන් කරන්නට නිලතල ලැබුන විගස කරපුවා යයි චෝදනා ලබන දේවල් එතරම් සොඳුරු නැහැ.

මා බඩගින්නේ ඉන්නේ නැතුව ලියන මේ දේවල් එතරම් වැදගත් නැහැ කියා ප්‍රතිචාරයක් දමපු ශේර්මිට මා ලියුව රළු බසින් යුතු පිළිතුරේ සඳහන් කළ එක කරුණක් මේක. එවැනි පිරිස සාමාන්‍ය ජනයා අතරෙත් ඉන්න පුළුවන් කියා මා නොදන්නවා නොවේ. විශේෂයෙන් සරසවි යන කාලේ නිර්ධන පන්ති රාජ්‍යයන් වෙනුවෙන් සටන් කරලා, කිසි ඉගෙනීමක් නැතුව එලියට ඇවිත්, පන්දම් අල්ලලා රස්සාවල් අරන් සම්පුර්ණයෙන් වෙනස් ජිවිත ගත කරන අයත් ඕනේ තරම් ඉන්නවා.

මා මේ සටහන් ලියන්නේ එවැනි පිරිස් සඳහා හෝ ඔබේ ජිවිත ආලෝකවත් කර ගැනීම සඳහා උපදෙස් දීමට වත් නොවේ. මෙය මිට කලින් ඕනේ තරම් කියා ඇති. එවැනි පිරිස් මගේ සටහන් කියවන විට වයිරය, ක්‍රෝධය වැනි හැඟීම් මිස වෙන කිසිවක් සිතට එන්නේ නැති බව මා දන්නවා. මා කලින්ම අනතුරු හැඟවූයේ ඔවුනගේම යහපත පිණිසයි.

මේ වසරේ සිට මා විශේෂයෙන් සටහන්  ලියන්නේ මගේ බ්ලොගය නිතර බලන මා සමග එකඟ වන කුඩා පිරිස සඳහායි. මා විමල් වීරවංශට බැනලා කොතරම් දේ ලියුවත් වැඩක් නැතිය කියා ඔබත් මාත් දන්නවා. ඔහු ඕනෙම දේශපාලන පක්ෂයකින් චන්දය ඉල්ලුවත් මනාප ලක්ෂ ගණන් ලැබෙනවා. ඉතින් ඔහුට ඒ බනින පිරිසෙන් වැඩක් නැහැ. ඔහුට වැදගත් ඔහුට චන්දය දෙන පිරිස දිගටම රඳවා ගන්න කොහොමද කියන එක පමණයි.

අන්න ඒ වගේ ඔය ටින් ටින් මල්ලිලා වෙන තැන් වයිරය පැතිර වීමෙන්  මා ලියන එක නැවතෙන්නේ නැහැ (එවැනි කටයුත්තකින් මෙය බලන පිරිස වැඩි වුවත්, මා අන් අය මෙන් ඔබට ස්තුති කරනු ඇතැයිද බලාපොරොත්තු වන්න එපා). මොකද මා ලියන්නේ ඔයාලට නොවන නිසා. ඔබලා හරි නම් කල යුත්තේ මේ සටහන් බලන, ඉඳල හිටලා හෝ කොමෙන්ටු දාන, අනික් බ්ලොගයන්ගේ, මගේ බ්ලොගයේ ඇමුණුම් දාන, මා ලියන දේවල් වලට කැමති පිරිසෙන් එවැනි දේ  නතර කරන්න කියා ඉල්ලීමයි. එවැනි කටයුත්තකට හොඳ වයිරි භාෂාවකින් ලියන හැටි උදාහරණයට ගන්න පුළුවන් පහතින් පළ කෙරෙන සඟරා කෑල්ලෙන්. ඔබට ජය!   🙂

img039

සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා
මුව මත මල් හසරැලි රන්දා
මිහිරී දයාබරයි ඔබේ සෙනෙහේ
නොයිඳූල් සෙනෙහේ
ඔබ නෙතු අතරේ
මා.. දුටුවා
ඔබ ගේ සෙවනේ රැඳූනා
මුලු ලොව මගෙ යැයි සිතුනා …….

I have made this letter longer, because I have not had the time to make it shorter – Blaise Pascal

Advertisements

16 Comments

Filed under Social

16 responses to “දෙනයන සනසන දසුනකි ඔබ මට ජිවිතේ! You pissed me off!

  1. හිරු

    කලින් පෝස්ට් එක මොකක්හරි කේස් එකක් හින්දා මට මිස් වෙලා… නැත්තම් ඒක ගැන කියන්න දේවල් ගොඩක් මටත් තියෙනවා.. ගොඩක් දුරට ඩූඩ්ගේ කමේන්ට් එකයි, ඒකට දීලා තියෙන පිළිතුරත් එක්ක මාත් එකඟයි…

    සාමාන්‍යයෙන් මම හැම එකම කියවනවා.. කියවන හැමදේම තේරෙනවා කියන්න බෑ.. ඒ වගේ ඒවා ගොඩක් වෙලාවලට පැත්තකට වෙලා බලං ඉන්නවා යන සංවාදය දිහා… ගොඩක් වෙලාවට මේ බ්ලොග් පෝස්ට් වලටත් වෙන්නේ ඒ ටික.. නමුත් ගැඹුරු දේශපාලන කාරණා සහ ලොකු තියරි පැත්තකින් තිබ්බම, ප්‍රායෝගිකව මා විඳින තත්වයත් එක්ක ගොඩක් දේවල් සංසන්දනය කරලා බලලා, යමක් තේරුම් ගන්න මට පුළුවන් කියලා මම හිතන හින්දා, දිගටම කියවනවා..

    • ඇත්තටම හිරු ඔබගේ කලින් කොමෙන්ටුවත් මා මෙය දිගටම ලිවීමට දායක වුනා. මටත් ලොකු තියරි ලියන්න පුළුවන් වුනත් ඒවා මග හරිනවා. මෙය ලියන්නෙත් ජීවිතය ඇසුරින්. මා ලෝකයා හදන්න කලින් බලන්නේ දරුවන්ට පොඩි මග පෙන්වීමක් කරන්න. එවැනි සියලු දේවල් අහවර කරලා තමයි මෙය ලියන්නේ. ඔබ වගේම මා කැමති තවත් මගේ කියවන්නෙකු වන හරේ කලින් සටහනකට සහුද්‍ර ප්‍රතිචාරයක් දමා තිබුනා. එයට මා එකතු කල සඟරා කෑල්ල පුළුවන් නම් කියවන්න හිරු.
      මගේ ඉහත සටහන ඇත්තටම වයිරය ගැන නොවේ. එහි අනෙක් පැත්ත.

  2. හයියෝ කේන්ති ගන්න එපෝ.

    මොකක්ද බං. බ්ලොග් ලියන්නෙ ඇ‍ඟේ ලේ ටික පුච්ච ගන්නයැ. මම නම් බ්ලොග් ලියන්නෙ කියවන්නෙ ස්ට්‍රෙස් එක අඩු කරගන්න. ඔය දේශපාලන, වර්ගවාදී, ජාතිවාදී පෝස්ට් මම උඩින් පල්ලෙන් කියවලා යන්න යන්නෙ ඒකෙන් මගේ ස්ට්‍රෙස් එක වැඩිවෙනවා මිස අඩු නොවෙන නිසා.

    මම ලියන්නෙත් ඔය සරල වින්දනය පතා මිතක් උඹ දවසක් කිව්ව විදියට නිම්වලලු මාල කරාබු පුලුල් කරන්න නෙවෙයි. ඉඳලා හිටලා ඔය ඉන්නම බැරුව ගියාම ඔය ඉංග්‍රීසි පාඩමක්, ආකල්ප ගැන යමක් දානවා නෙවෙයි. නමුත් ඒක මගේ ඉට්ටැයිල් එක නෙවෙයි.

    ඔන්න ඕවා අල්ලලා දාලා බ්ලොග් එකක් කොටාගෙන ඉම්මු බං.

    • එහෙම කියන්ට එපා හෙන්රි අයියේ! මෙහෙම ලිවිල්ලෙනුත් ස්ට්‍රෙස් එක අඩු වෙනවා! 😀

      • නැහැ හෙන්රි කේන්ති අරගෙන නැහැ. ඔබ කියනවා වගේම මා කේන්ති අරගෙන ලියන්නේ නැහැ. මෙහි භාෂාව එහෙම රළු කලේ හිතලාම. ඔබ කියබ්නවා වගේම බ්ලොගය ලිවිම මගේ විනෝදාංශයක්. එය නොලබනවා නම් මා මෙය නවතනවා. කේන්ති ගැනීමෙන් හෝ ආතතිය ලබන්න පුළුවන් ලෝකයා හැදීමට උත්සහ කිරීමෙන් මට විනොදයක් ලැබෙන්නේ නැහැ.

  3. රයිගම් මා මේ සටහන අහම්බෙන් දුටුවේ මගේ බ්ලොගයට පැමිණෙන
    ට්‍රැෆික් දුටු විටයි.ඉතින් මා පෙදෙසට ගොඩ වැදුණා ..බලද්දී ඔබ මා දැනුවත්
    හෝ නොකර මගේ නම ඉලක්ක කර ලිපියක් ලියා ඇති බව දුටුවා..

    ඔබට එදා ඇති වූ සිද්දිය මත , එය ඉවසා සිටීමට හෝ නොහැකිව මෙවැන්නකින්
    තවත් ද්වේශය පිට කරන්නේ ඇයි මිත්‍රය ?
    ඔබට එදාද මා පැවසුවා ද්වේශයෙන් මා ඇමතීමට පෙර මා ලියා ඇති ලිපි කියවා ,
    ඉන්පසුව අප එදා සිටි තැනින් එහාට කතා කරන්න කියා..

    නමුත් ඔබ පැමිණයේ නැත ( ඒ බව මා භාවිතා කරණ තොරතුරු සටහන් වීමේ මෙවලම්
    මගින් පෙන්විය හැක , ඔබේ පරිගණක තොරතුරු හරහා .ඔබ තදින් ” නෑ මා පැමිණියා ”
    යැයි කියා සිටි නම් )

    ඉතින් රයිගම් එසේ නොකර , අඩුම තරමේ එදා සිටි තැන සිට හෝ මේ ගැන මා සමග
    කතා නොකර , අඩුම තරමේ පුද්ගලික මේල් එකක් හෝ නොඒවා මේ ලෙස වයිරය
    මුදා හරින්නේ ඇයි ?

    ඔය තරම් විශ්ව විද්‍යාල, දේශපාලන නිවට පුද්ගලයන් මා හා සසඳා මෙවැනි පොස්ටුවක්
    පල කිරීම ගැන මට නම් සිනා පහල වේ..

    එක කමෙන්ට් එකක් නුහුරට ගිය විගසින් මෙවැනි ක්‍රියා කරයි නම් , ඔබේ අනිකුත්
    ක්‍රියා ගැනද වැටහීමක් ගත හැකියි..

    ඔබ කැමති ඕනෑම දෙයක් පිළිතුරු ලෙස සටහන් කරන්න ..
    ඔබ වැන්නෙක් සමග සංවාදයේ යෙදීමට වඩා මගේ නිවසේ
    සුරතල් සුනකයා නෑවීම වටි යැයි හැඟෙ ..
    එනිසා ඔබට සුබ රාත්‍රියක් ..මා සුනකයා නෑවීමට යමි 😀

    • නැහැ මේ ලිපිය ඔබ වෙනුවෙන් නොවේ. ප්‍රතිචාර දාන ඔබට මා කෙලින්ම කියන්න ඕනේ දේ කියනවා. මෙහි අන් අය සමග, ඔබව සංසන්දනය කර නැහැ. ඔබ වගේ යමක් එළිපිට කියන මිනිසුන් සමග මගේ වයිරයක් තියා සුළුවෙන් හෝ කේන්තියක් නැහැ. මා මෙය ලියා තියෙන්නේ මා නොදන්නා,මගේ ලිපි කියවනවා යයි මා බලාපොරොත්තු නොවන, නමුත් එසේ කරන එක පුද්ගලයෙක් හෝ පිරිසක් වෙනුවෙන්. ඔවුන් වෙනුවෙන් මා, ඕනේ තරම් කාලය දැනටමත් නාස්ති කර තියනවා. ඇත්තටම ඔබේ සිත් තැවුලට මගේ කනගාටුව! ඔබ බල්ලා නාව ගන්න. 😀

      • Shermie සහ රයිගම්,
        ඔය දෙන්නා මේ දෙබස හමාර කරලා තියෙන අපූරුව ගැන මගේ බලවත් ප්‍රසාදය!

  4. මට ටිකක් පැහැදිලි මදි රයිගම්. මේ කියන්නේ මෙය ඔබේ අදහස් සමග එකඟ වන අය සඳහා පමණයි කියාද? එසේ ඇසීමෙන් මම උත්සාහ කලේ මෙහි සඳහන් යම් කරුණක් වැරදි යැ‍යි සිතේ නම් හෝ ඊට වඩා වෙනස් අදහසක් මා දරන්නේ නම් මගේ ප්‍රතිචාරය මෙහි දැක්වීම අනර්ථකාරී ක්‍රියාවක්ද කියා දැනගැනීමට…

    • නැහැ තිසර කොහෙත්ම නැහැ. ඕනෙම දෙයක් ඔබ ලියන්න. හැබැයි මා සිතන ආකාරයේ මිට වෙනසක් වෙන්නේ නැහැ. එය මට පමණක් නොවේ, පාසල් සමය පසුකර ජිවිතයේ ටික දුරක් ඇවිත් තියන බොහෝ අයට පොදුයි. බොරුවට එහෙම නැහැ කියන එක තේරුමක් නැති දෙයක්. නමුත් ඔබ කියන දෙයින් අන් අයට තෝරා ගැනීමකට අවස්තාව දෙනවා. එවැනි අදහස් කීමේදී මගේ බඩ පිරිලද යන්න නම් විමසා බැලීම එතරම් වැදගත් නැහැ. 🙂

  5. Kenji @ Japan

    මම කලකට ඉහත ඔබගේ ලිපියකට තරහින් කොමන්ටුවක් දැම්ම.ඒකට ඔබ පිළිතුරු දීල තිබුන පළමු වචන දෙක තුනෙන්ම මට තේරුම් ගියා මගේ අවබෝධයේ බාලකම.ඔබගේ ලිපි කියවා යමක් අවබෝධ කරගන්නා අය වැඩියි.කොමන්ට් කරන අය අඩුයි.සම හරක් දේශපාලකයෝ වෙබ් සයිට් පටන් අරගෙන ගෝලයෝ දාගෙන පැය 24 පුරා දගලනවා තමන්ගේ වැරදි පෙන්වල දෙන අයට පහර ගහල තමන්ගෙ ඇද නකුට කෙලින් කොරව ගන්න.මම නිතරම ලිපි කියවන තනි අතේ ඇගිලි ගණනට ඉන්න අය අතර ඉතා වටින කෙනෙක්.දිගටම ලියන්න.”සුභ අනාගතයක්”[ලංකාවෙ හැමෝම කියන එක නොවේ හරිය]:):).

    • ඔබට කියන්න කෙන්ජි මා කිසිම සටහනක් තරහින් ලියා නැහැ. දුක්මුසුව ලියුව සටහන් තියනවා. එක බ්ලොගයක මා දාපු ප්‍රතිචාරයකට, තව කෙනෙක් මා …… බල්ලෙක් යයි සඳහන් කර තිබුනා. එය දුටු මට සිනහවක් පමණයි ඇතිවුනේ. ඊයේ වැලන්ටයින් දිනය. මෙය ප්‍රේමවන්තයන්ගේ දිනයක් පමණක් නොවේ. එකිනෙකාට ආදරය කරන හැමෝගෙම දිනයක්. එහෙම දින වෙන් කරලා තිබීම මා හොඳ දෙයක් කියා කවදත් සිතනවා. අප දවස් 365 හෙම ආදරය කරන මිනිසාට, ගැහැණියට, දරුවන්ට, දෙමා පියන්ට ආදරය කරනවා තමයි. හැබැයි මෙහෙම දවසකදී අපට විශේෂයක් පෙන්නලා ඒ බව කියන්න පුළුවන්. මගේ සටහන ඇත්තටම ඒ ගැන. සමහරුන් මුළු ලොවටම වයිර කරනවා. මා අමුණු සඟරා කෑල්ලේ ලියපු කෙනා කඩයක් නිසා හටගත් වයිරය ගැනයි ලියන්නේ. ඒ මිනිස්සුන්ට කඩේ කරන්න පුළුවන්, එයින් බඩු ගන්න මිනිසුන් එන නිසානේ. නිකම් පෙට්‍රෝල් පුච්චා ගන්නේ ඇයි?
      මට කියන්න අවශ්‍ය වුන අනෙක් ප්‍රධාන කරුණ තමා , ඔබ යමක් ප්‍රතික්ෂේප කරනවා නම්, එය තලු මරන්න එපා. බ්ලොගයක් ඔබ කැමති නැත්නම් කරන්න පුළුවන් හොඳම දේ, නොබලා, නොගිහින් ඉන්න එක. එය ගැන හෝ එවැනි අය ගැන වෙනත් තැන්වල ප්‍රචාරය කිරීමෙන් ඔබ, එම මත වාදයන් තවත් පතුරවනවා. එය මගේ බ්ලොගයටත් අදාලයි. ජාතිවාදී, ආගම්වාදී, රිපබ්ලිකන්වාදී ආදී වශයෙන් හැම බ්ලොගයටම, පත්තරේකටම, ගුවන් විදුලියකටම, රූපවාහිණි සේවයකටම විතරක් නොවේ දේශපාලකයන්ටත් අදාලයි. අප ප්‍රතික්ෂේප කරනවා නම් එවැනි දේවල් වලට හා පුද්ගලයන්ට පැවැත්මක් නැහැ. මා ලියන දේවල් ප්‍රතික්ෂේප කරන්න තියන හොඳම මග මෙය නොබලා සිටීමයි. දේශපාලකයන් ප්‍රතික්ෂේප කරන්න තියන හොඳම දෙය ඔවුනට චන්දය නොදීමයි.
      අනික අප හැමවිටම බලාපොරොත්තු වෙනවා පිට අය ඇවිදින් අපට කියා දිය යුතුයි කියා. එහෙම බලාපොරොත්තු වන්නට කලින් හරි නම් තමන්ගේ මව් භාෂාව වත් හරියට හසුරවන්න ඉගෙන ගන්න ඕනේ. එයටත් වරද ආණ්ඩුව පිට හෝ විෂය නිර්දේශය පිට හෝ සිරස මාධ්‍ය ජාලය මත හෝ දමා බැන බැන ඉන්නත් පුළුවන්. ඊළඟට ඇයි බලාපොරොත්තු වන්නේ වෙන රටක ඉන්න කෙනෙක් හෝ වෙන ජාතියකට අයත් කෙනෙක් හෝ කියා දේවි කියල.
      ඔන්න ඔය ටික තමා ඉහත සටහනේ තියෙන්නේ. ප්‍රයෝගයෙන් යමක් කීම හැම විටම සඵල වෙන්නේ නැහැ කියා මට තේරුම් ගිය නිසා මෙහෙම විස්තර කළා. මින් පෙර මගේ සටහන් වලටත් එම සන්ගේදියම වුනා.

  6. මා වේටින් රූම්වල ඉන් කොට රීඩර්ස් ඩයිජස්ට් එකේ විහිලු කෑලි කියවනවා.

    එයින් එක විශේෂාංගයක් තමයි “All in a days work”.

    අපි දැන් ලොකු ළමයි, තව හදන්නත් බෑ, හැදෙන්නේත් නෑ.

    • අන්න හරි කකා. එය දෙපැත්තටම පොදුයි. ලියන්නාට හා කියවන්නාට. එහෙම හදන්න උත්සහ කර වැඩකුත් නැහැ. අනුන් එහෙම තමන්ව හදන්න ඒවි කියලා බලාපොරොත්තු වන එකත් වැරදියි. ඇල්කෙමියා කියන්න වගේ “ජිවිතාබෝධය” කියන එක හොයා ගන්න ඕනේ තමන්මයි.
      ඔබ කියන ඔය සඟරාවේ ඔය කියන විහිළු කෑලි මාත් කියවනවා. ඒත් ඔබ වගේම “වේටින් රූම්” වල කල් මරණ වෙලාවට. ගිය සතියේ එහෙම කල් මරපු වෙලාවක කියවපු එයින් එකක් මේ.
      මා ඒ ළමා අධිකරණයේ එදා පෙනී සිටියේ සොරකමකට චෝදනා ලබපු ගැටවරක් පිලිබඳ නඩුවකට සහභාගී වීමට. නඩුකාරයා පැමිණ හිඳ ගත්තාට පසුව, අපව හඳුන්වා දෙන මෙන්, ලිපිකරු ඉල්ලා සිටියා.
      මාර්ක් ස්මිත් – පැමිණිල්ලේ නීතිඥයා මා, මාව හඳුන්වා දුන්නා.
      ජෙරමි ඔස්වර්ල්ඩ්- විත්තියේ නීතිඥයා
      ඔස්කාර් ෆීල්ඩ් – රජයේ පුනරුත්තාපන උපදේශක
      මයිකල්- මා තමයි ට්‍රක් රථය හොරකම් කළ කෙනා, අවුරුදු පාලහක් පමණ වන ගැටවරයා ඊළඟට තමන්ව අඳුන්වා දුන්න.
      මෙතනට නම් ගැලපීමක් නැතුව ඇති. ඒත් ඔය කතාව විතරයි මගේ මතකයට එන්නේ.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s