Man-made natural disasters!


oxymoron1

කෙට්ටු කෝකියා විශ්වාස කරන්න එපා කියල කියනවනේ. ඒ වගේම තමා පමණට වඩා තරබාරු කෝකියෙක් සෞක්‍ය සම්පන්න ආහාර වේලක් හදා ගන්න හැටි කියල දීමත් එතරම් විශ්වාසයක් දනවන්නේ නැහැ. ලෝක අමද්‍යප සංගමයේ මහා සභා රැස්වීමෙන් පසුව පැවැත්වෙන ප්‍රිය සම්භාෂණයේදී මත් පැන් බීමට තියන එකත් ඒ වගේ  දෙයක්. මේ වගේ දේවල්  අප කාගේත් ජිවිතයට යන්තම් හෝ සමීප කමක් දක්වනවා. ඒ කියන්නේ පරස්පර තාවයන්ගෙන් පිරිලා  තිබීම.

මගේ කලින් සටහනේ ප්‍රතිචාරයක තිසර කියන්නෙත් මේ වගේ දෙයක්. තමන්ගේ කාර්යාලයේදී අනුන්ට පෙන්නන බොරු විනීතකම, ඇත්තම සමාජයේදී දකින්න නොලැබෙන එකට උදාහරණයක් තමා තිසර කියන්නේ.

මුළු රටේම පාසල් සිසුන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් වෙලා තියෙත්දී, තමන්ගේ දරුවන්ට උගන්වන්න ගෙදරටම ගුරුවරයෙක් ගෙන්නා ගැනීම ගැන මට හිතෙන්නේ මේ වගේම පරස්පරයි කියලා. බටහිර රටවල් වලට බනිමින්, තමන්ගේ දරුවන් බටහිර රටවල් වලට පිටත් කර,  අනෙක් දරුවන්ට අනුරාධපුරේ දර පලන්න  කීමත් ඒ වගේ දෙයක්. මේකටම එකතු කරන්න  පුළුවන්, අනික් අයට මූන හොදන්නවත් වතුර නැතුව ඉන්න කොට,  ජලාශ හදාගෙන දිය බුං  ගැහීම.

ගෘහස්ත හිංසනය ගැන රැස්වීමක කතා කරන්න එන කෙනෙක්, ගෙදර ගෝරි  අල්ලලා ඒමත් මේ වගේම පරස්පරයි. සම අයිතිවාසිකම් ගැන බ්ලොගයක් ලියන කෙනෙක්, තමන් වගේම දවසෙම වැඩ කරලා ගෙදර ඇවිත් ඉන්න සහකාරයා හෝ සහකාරිය, තමන් ලඟට බත් පිඟාන බෙදල ගෙනත් එන කල් බලා ඉඳීමත් ඒ වගේම දෙයක්.

අවිහිංසා වාදයට විරුද්ධ වන්නන්ගේ හිස ගසා දමමු කියන සටන් පාඨය ගැන මොකද හිතෙන්නේ. නැත් නම් සතුන්ට හිංසා කරන්නන්ගේ අත පය කපා දමමු කියන එකත් නරකම නැහැ. අපරාධ කරුවන් දුටු තැන මරමු තව එකක්. මේවයින් සමහරක් ඇත්තටම ලෝකේ ක්‍රියාත්මක වෙන ඒවා.

ඒකාධිපති විව්‍යස්තාවක් හදලා එය සමාජවාදී හා ප්‍රජාතන්ත්‍රවාදී කියල නම් කිරීමත් ඒවගේම පරස්පරයි. ලෞකික සමාජවාදී රාජ්‍ය සංකල්පයක් ගැන කතා කරන කෙනෙකුට රාජ්‍ය විව්‍යස්තාව කෙටුම් පත කරන්න හම්බ වුනහම,  එක ආගමකට රාජ්‍ය අනුග්‍රහය හිමිවිය යුතුයි කියා වගන්තියක් දැමීමත් අන්න ඒ වගේම දෙයක්.  බටහිර රටවල්, ඉරාකය හා ඇෆ්ගනිස්තානය වගේ රටවල් වලට අපනයනය කරන ප්‍රජාතන්ත්‍රවාදයත් ඒ වගේ.

සිගරට් බිබී, අයහපත් ආහාර පුරුදු පවත්වා ගන්මින් හා ව්‍යායාම නොකර, නිදහස් සෞක්‍ය සේවයෙන් ලැබෙන සේවය හොඳ නැතිය කීමත් අන්න ඒ වගේ පරස්පර දෙයක්. නිදහස් අධ්‍යාපනයට වෙන් කරන මුදල වැඩි කරන්න ඉල්ලන ගමන්ම, තමන්ගේ දරුවන් පෞද්ගලික පාසල් වලට යැවීමට වෙනම දිමනා වක් ඉල්ලීමත් පරස්පරයි නේද? බටහිර රටවල් වල ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක ජිවත් වෙමින්, වෙන රටවල් වල ආඥ්යාදායකත්වයක් පිහිටුවීමට කැප වෙනවායි පැවසීමත් පරස්පර ලෙස ඔබට පෙනෙන්නේ නැත්ද?

ඉහත සියලුම උදාහරණ වලින් මා කියන්න අදහස් කළේ, කලින් පැවසුව පරිදිම දේශපාලකයන්,  සාහිත්‍ය කරුවන් වැනි අයගේ පමණක් නොවේ අප වැනි සාමාන්‍ය මිනිසුන්ගේ ජිවිතත් පරස්පර දේවල්, ඒ කියන්නේ පෙනී ඉන්නේ එකකට, ඒත් ඇත්තටම කරන්නේ තව එකක්, වලින් පිරිලා පවතිනවා. කලින් සටහනේ කියුව ජිවිතාබෝධය කියල අදහස් කළේ, හැකි පමණින් මේ  දෙක අතරේ සමපාතයක් ඇතිකර ගන්න එකට. ජිවිතයේ මුහුකුරා යාමත් සමග එය ඉබේම සිදු වෙනවා බොහෝ වෙලාවට. එය හොඳ පැත්තට යන්නත් පුළුවන්, නරක පැත්තට යන්නත් පුළුවන්.

Image Source Page: http://ritabay.com/2012/03/30/oxymorons-contradictory-terms/

Advertisements

8 Comments

Filed under Social

8 responses to “Man-made natural disasters!

  1. අනිවාර්යෙන්ම රයිගම් අපි සියලු දෙනාගේම කිල්ලෝට වල
    හුණු තියෙනවා නහුතෙට .ඒ වගේම අප සියලු දෙනාටද නිරුවතක්
    තියෙනවා, හැකි පමණට වසා ගත් …..
    …..
    නමුත් අපි කොහොම කොහොම හරි හෙලුවැල්ලෙන් හැකි පමණ
    දුව ගොස් විලි වසා ගැනීමට සුදුසු දේවල් කල යුතුයි..හැමදාම පඳුරු
    අස්සේ හැංගිලා ඉඳල හරියන්නේ නැහැ..
    …..
    මේ වගේ හෙලුවැල්ලෙන් දුවන්න ඕනේ, මාත් දුවනවා හැකි වෙලාවට ..:D

    • මේක තිබුනේ ශර්මි ස්පෑම් ගොඩේ. මෙහෙම දේවල් හැමෝම කරනවා තමයි. හැබැයි අපට අවුරුද්දකට සැරයක් වත් එක ගානේ අඩු කර ගන්න පුළුවන් නම්. කෙනෙකුට වසර දහයකට හෝ විස්සකට කලින් හිටියට වඩා අද හොඳයි කියන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් නොවේද?

  2. අනේ රජතුමණි කියනකොට නම් එහෙමයි, කොරනකොටනම් මෙහෙමයි කිව්වලු අර හකුරු හදපු පොරත්! 😀

    • මචන් මේක නම් වර්තමාන නිෂ්පාදන ලේබල් වලටත් පොදු කතාවක්. වැඩේ හංගල කියන්නේ. ඔය හකුරු හදපු පොර මාලිගාවේදී කියපු කතාව ඔය රජතුමා විශ්වාස කෙරුවයි කියා මා මන් හිතන්නේ නැහැ. රෑට රෑට රටේ අගුපිල් වල ගිහින් බලන මිනිහෙක් සාමාන්‍ය ජනයා වැඩ කරන හැටියි, ජිවත් වෙන හැටියි දන්නේ නැත්ද? ඒක නොවේ ඇත්තටම රජාට බලන්න ඕනේ වෙන්න ඇත්තේ. මූ ඇත්තටම මොකක් කියාවිද කියලා. එකනේ හිනා වෙලා නිකන් හිටියේ. ඔය කතාව සාමාන්‍ය මිනිසුන් අතරින් පැන නැගුනු දැන් ඉන්න රජෙකුට කියුවොත්, හිස ගසා දැමීම අනිවාර්යයි.

  3. Anonymous

    What you are saying is the bitter truth. Let me add some other interesting example to your list. While keeping own home and garden clear and extremely hygienic, you throw your garbage bag out of the walls or throw to the side drains of the street while driving.

    • I agree. When you don’t have a proper garbage collection system, it may be a bit different story. It is sad to see that some old habits cannot be left behind.

  4. පැහැදිලියි… මගේ අත්දැකීමේදි මට පෙණුනු දෙයක් තමා මේ පරස්පරයන්ගෙන් ව්‍යාජය මොකද්ද කියලා හඳුනගන්න හැම වෙලාවෙම පහසු නැති එක. මොකද සමහර පරස්පර හැසිරීම් දක්වන අය ඒ ඒ අවස්ථාවේදි හැසිරෙන විදිහ ව්‍යාජයක් කියලා කියන්න බැරි (මට එහෙම හිතුනු) අවස්ථා තිබ්බා. එක්කෝ ඔවුන් අර ප්‍රාථමික සත්තු වගේ තමන් වටේ තියන පරිසරයට ප්‍රතිචාර දක්වනවා. ඔවුනට ප්‍රතිපත්ති, වටිනාකම් කියලා දේවල් ගැන වැටහීමක් හැඟීමක් නැහැ. එක්කෝ ඔවුන් එක එක අවස්ථා වල කරන දෙයෙහි ඇති පරස්පර බව ගැන තේරුමක් නැහැ.. ඔවුන් යමක් කරන්නේ තමන්ගේ ක්‍රියාව ගැන හිතලා නොවේ.

    මම කියන්න හදන්නේ තනිකරම තමන්ගේ වාසියට මේ දෙබිඩි ප්‍රතිපත්ති අනුගමනය කරන අය ඉන්න අතරම, තමන්ගේ හැසිරීම පරස්පරයි කියලා දන්නෙවත් නැතුව එහෙම හැසිරෙන අය ඉන්නවා. පලවෙනි කොටසට නම් අඩුම ගාණේ තමන්ගේ හර්දයසාක්ෂිය වදදෙන කාලෙක හරි වෙනස් වෙන්න පුළුවන්.. නමුත් මේ දෙවෙනි කොටස.. ඔවුන් කිසිදාක තේරුම් ගන්නෙ නෑ ඔවුන් අතින් වැරැද්දක් වුනා කියාවත්.. කොටින්ම ඔවුන්ට හර්දයසාක්ෂිය කියලා එකක් නෑ කියලා මට හිතෙන්නේ.

    • ඔව් තිසර, හර්ද සාක්ෂිය කෙසේ වෙතත් අබ මල් රේණුවක තරම් මිනිස් කමක් නැති, ජිවිතාවබෝධය ලැබුවා යයි කියන, මනුස්ස වේශයෙන් ඉන්න නමුත්, වඳ පීදුණු කෙහෙල් ගසුත් ඉන්නවා නොවේ, තියනවා කියා මාත් තේරුම් ගත්තේ අද.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s