පරමාදර්ශී ජීවන විලාසිතා සොයන වඳ පීදුන කෙහෙල් ගස්! Genuine fake watches for sale!


රුසියාවේ දෙවන නිකොලස් සාර්ගේ පවුල පිටින්ම මරා දාපු එක ගැන මා තරුණ රුසියන් කොමියුනිස්ට් කාරයෙකු සමග කතා කරපු විටෙක ඔහු කිවේ, එය හුදකලා සිදුවීමක් ලෙස අර ගෙන කතා කරන්න බැහැ කියලා. එදා මට තර්ක කරන්න බැරි  උනත්, ඔහු කියුව කරුණ ඇත්තක්. එය හුදකලා සිදුවීමක් නොවේ, එයින් පසු ඇරඹුණු පාලන තන්ත්‍රයට පොදු, එහි පැවැත්ම මෙන්ම අවසානයද පිළිබිඹු කරපු සිදුවිම් වල ආරම්භයක්  පමණයි.

සාර්ගේ දාහතර හැවිරිදි පුතා එනම් ඔටුන්න හිමි කුමරු හා සාර්ගේ  දුවනියන් ඇතුළු සියලු දෙනාම මරා  දැමුනේ, එවකට පාලනය කළ ගන්න බැරිවුන ප්‍රාදේශීය බොල්ෂෙවික් වරු අතින් කියල තමයි මුලින් කියවුනේ. නමුත් කේ ජි බි හා අනික් ලිපි ලේඛන වලින් පෙන්වන පරිදි, ඝාතන අණ ආවේ, විප්ලවයේ නායකයා වන ලෙනින් වෙතින් කියා දැන් පෙන්වනවා. පසු කලෙක, එදා පටන් ගත් ඝාතන රැල්ලේම ගොදුරක් බවට පත් වුන ට්‍රොස්කි ලියා ඇති පරිදි මේ ඝාතනය සමාජය හා ප්‍රතිවිප්ලව  කාරීන් වෙත භීතිය මුදා හැරීමට, බලාපොරොත්තු සුන් කිරීමට හා පාඩමක් ඉගැන්වීමට කළ යුතුව තිබු අතවශ්‍ය හා ඉක්මනින් නිම කල යුතු කටයුත්තක්.

ඒ භීතිය මුදා හැරීම එක දහස් නවසිය පනස් ගණන් දක්වා නතර වුනේ නැහැ. සෝවියට් දේශය කඩා වැටීමෙන් පසු, කේ ජි බි ලේඛන ගවේෂණයෙන් සොයා ගෙන තියෙන්නේ 1929-1952 දක්වා ජනගහනයෙන් මිලියන 21.5 මෙසේ යටපත් කර තියෙනවා. ඉන් තුනෙන් එකක්ම වෙඩි තබා මරා දැමූවන්. ඉතිරි අය සිර ගෙවල් හා වධකාගාර වල මිය ගිය  පිරිස්. මේ ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛන. මේ ගැන වෙනත් පිරිස් හා ඉතිහාසඥයන් කළ වෙනත් ගණන් බැලීම් තියනවා (දෙවන ලෝක යුද්ධයෙන් හා සාගතයන් නිසා මිය ගිය පිරිස් මෙතන නැහැ).

දෙවන නිකොලස් ගේ පාලන කාලය ගැන නොයෙක් විස්තර තියනවා. ඔහුගේ කුරිරු පාලනය, සමාජයේ පැවතී තුච්ය දරිද්‍රතාවය ආදිය ගැන වර්ණනාත්මක කතා මෙන්ම, පෙර නොකියවුන ආර්ථික වර්ධනය ගැනත් ඒ විස්තර වලින් බලා ගන්න  පුළුවන්. මේ එකක් වත් ඔහුගේ දා හතර හැවිරිදි පුතා, ඔහුගේ දුවනියන්, බිරිඳ, දොස්තර මරා දමන්නට තියා, පොරොන්දු වුන පරිදි නඩු විභාගයකින් තොරව, අත් අඩංගුවට පත්ව සිටි ඔහුව එනම් නිකොලොස්ව මරා දැමීමද සාධාරණිය කරණය කරන්න  බැහැ. සමාජයේ මිලියන ගානකට මරු කැඳවූ, නීතියක් නොමැති පාලනයක ඇරඹුම ඇතිවුනේ එතනින්.

මා ඉහත විස්තරය ලියුවේ වෙන කිසි කාරණයක් නිසා නොවේ. තාත්තලාගේ, අම්මලාගේ අපරාධ වෙනුවෙන් ඔවුනගේ දරුවනුත් මරා දැමීම සාධාරණිය කරණය කරන්න ඉදිරිපත් වෙන, මා බලාපොරොත්තු නොවන ඝනයේ මිනිසුන්  දැකීමෙන්.  බාලචන්ද්‍රට සිදු කළා යයි පැවසෙන දෙය ගැන කට කතා තියෙන්නේ, ඒ දරුවා මරා දැමුණු දවසේ ඉඳලා. මෙහි ඇත්ත නැත්ත එලි කරන්න පුළුවන් හොඳම ක්‍රමය ඒ පිලිබඳ විභාගයක් පැවැත්වීම.

ඒ සියල්ල පැත්තකින් තියමු. දැන් මේ ජිවිතාබෝධය ලැබුවා යයි කියන, උගත්කම ගැන පම්පෝරි ගසන අයත් ඉන්නේ අර මල්ලෙමනේ.  මා මිට සති කිහිපයකට කලින් කතන්දරගේ සටහනක ප්‍රතිචාරයක් දැම්මා, මේ වගේ පරමා දර්ශි ජිවන රටාවක් හොයන තවත් මහත්තයෙක්   ගැන. ඔහුත් මේ වගේම එජාප පාලන කාලයේ පානදුර ප්‍රදේශයේ දේශපාලන ප්‍රභලයෙකු වුන මර්වින් ජේ කුරේගේ දරුවන් පිලිස්සී මිය යාම ගැන කර්මය පටලවා කුරිරු සතුටක් ලබමින් හිටියා.

මෙවැනි කතා හිතට ආවේගයක් ආවහම, වැඩිපුර නොසිතා කියන්න හෝ ලියන්න තියන ඉඩකඩ මා බැහැර කරන්නේ නැහැ. නමුත් එය වෙන කෙනෙක් පෙන්වා දුන්  විට “සමාවන්න මා ඔය දේ අදහස් කළේ නැහැයි” කියන්න  පුළුවන්. එහෙම නැතුව, විවිධ ගොන් තිරිසන් තර්ක ගෙනත් එයම ස්ථිර කරන්නට වෙහෙසෙන විට හෝ, වෙනත් පාඨකයෙක් එම දෙපිට කාට්ටු වැඩේ පෙන්වා දුන් විට, එම ප්‍රතිචාර ඉවත් කිරීමෙන්, ඇත්තටම ඔවුන් පෙනී ඉන්න අනෙක් කාරනා වලත් දෙපිට කාට්ටු ගතියක් තිබෙන්න පුළුවන් කියන කරුණ තමයි තහවුරු වන්නේ. ඇත්තටම ජාතිවාදය හෝ ආගම්වාදය හෝ කෙලින්ම පෙනී සිටීමට වඩා දෙපිට කාට්ටු ගති සමාජයට වඩාත් හානියක් දීර්ග කාලීනව ගෙනෙනවා.

පසු වදන

බාලචන්ද්‍ර පිලිබඳ ලියවුන දේවල් වලින් මා බැලුවේ කතන්දර හා උදිතගේ සටහන් පමණයි. එමෙන්ම මේ සටහන එක් අයෙකු විශේෂයෙන් ඉලක්ක කර ලියන එකක් ද නොවේ (ගස් මිස, එක ගසක් නොවේ). එය මිට වසර ගණනාවකට පෙර මා සමග වොඩ්කා එක්ක පිළිසඳරේ යෙදුනු පරමාදර්ශයක් සෙවූ තරුණ  රුසියානුවාටද, අද දවසේ මේ කතාව අදාළ කර ගන්න කැමති සියම දෙනාටද එකසේ ගැලපේ යයි සිතමි. ඔබට අවශ්‍ය පරිදි අදාළ කර ගන්න.

Advertisements

13 Comments

Filed under Social

13 responses to “පරමාදර්ශී ජීවන විලාසිතා සොයන වඳ පීදුන කෙහෙල් ගස්! Genuine fake watches for sale!

  1. kathandarakaraya

    මේ ලිපියේ මාතෘකාවේ තියෙන වඳ පීදුන කෙසෙල් සඳහන දුටු විට මං මුලන් හිතුවේ වෙන දෙයක්. අවසන් වැකියෙන් එය වැරදි බව වැටහුණා.

    • තිසර

      ඔබ මුලින් සිතූ දෙය හරි යැයි සිතේ උදිතගේ සටහන බලන්න

    • kathandarakaraya

      තිසර, මට පසුව තේරුණා.

      මෙන්න මගේ මතකයට ආ එකක්.
      http://kathandara.blogspot.com/2013/02/nakedness-exposed.html

      • සමහර බිත්තර කඩලා, ඔම්ලට් දාල කන්න ගන්න කම්ම කුණුවෙලා කියල තේරෙන්නේ නැහැ. ඒ අතින් කෙලින්ම ජාතිවාදයට, ආගම්වාදයට හා රිපබ්ලිකන් වාදයට බහින අයියලා හොඳයි. එතකොට අප දන්නවා ඈත් වෙලා ඉන්න.

  2. දැන් ඉතින් කට්ටිය රෙද්ද උස්සං එයි තව ඔසියෙක් පිටරට ඉඳන් බණ දෙසනවා කියලා

    Some guys think that these murderes did God’s work or karma’s work

    • දැන් චාර්මි බලන්න මේ බටහිර අයියලා හදිසියෙන් වත් නිකමට කොමිසමක් දමනවයි කියුවොත් ඔය දේශ ද්‍රෝහීන්, දේශ ප්‍රේමින්, කුරුටු ගාමින් හා විප්ලව වාදීන් සියල්ලම එකට එකතු වෙන්නේ නැත්ද කියා. හරිනම් එහෙම දෙයකදී ඉල්ලන්න 71 ඕනේ සිට අද දක්වා සිදු කල සියලුම මිනිස් කම් වලට එරෙහි අපරාධයන් සොයා බලන්න කියා.

  3. කලින් ලිපියක රයිගම කියනව මෙහෙම,‍
    “මම බ්ලොග් ලියන්නේ මං වගේ හිතන කිහිප දෙනෙකුට”
    නොමිනිසුන් අතරෙ ඉන්න මිනිස්සු අඳුරගන්න ලැබීමත් මදැයි.

    • එවැනි පිරිස් හිතුවාටත් වඩා අඩුයි කියා හිතෙන්නේ නැත්ද රාජ්?

  4. තිසර

    The care of human life and happiness, and not their destruction, is the first and only object of good government.
    – Thomas Jefferson

    • Joe Klein who writes a column in the Time magazine ends his last post like this. “But government isn’t only about taking from some and giving to others. It is about the creation and maintenance of something much larger than all of us –a learning, evolving democracy, which requires an informed, rigorous public.”

      Thisara I think that public also need to be righteous/humane in order to create a learning and evolving democracy!

  5. Kenji @ Japan

    බාලචන්ද්‍රන්ගේ විස්තර පලවූ දා සිට ලිපි/කොමන්ට් කියෙව්වම පරමාදර්ශී ජිවන රටාවල් ගැන කතා කරන සමහරක් ආතල් ගන්න හැටි දුටුවෙ නැද්ද රයිගම.

    • සියල්ලම බලන්න අවශ්‍ය වුනේ නැහැ කෙන්ජි. මා ජුගුප්සාවක් දැනෙන දේවල් කියවන්න වෙහෙසෙන්නේ නැහැ. ඉහත සටහන් දෙකෙන් සියල්ල ගැන අදහසක් ගන්න පුළුවන්.

      කියවන අන් අයගේ දැන ගැනීම පිණිස මේකත් ලියන්නම්. ඒ දරුවා මරා දැම්මේ කවුද කියන එක ගැන මා හරියටම දන්නවයි කියා මෙහි ලියා නැහැ. දෙවන නිකොලස් ගේ මරණයේ රහස හරියටම මහා ජනයාට දැන ගන්න, එය සිදුවී වසර 75 ක් පමණ ගත වුණා. ඒත් අද මේ අප කතා කරන දෙයම මා රුසියන් ජාතිකයෙක් එක්ක කතා කලේ මිට වසර ගණනාවකට පෙර. මා එදත් හිතුවේ එහෙමයි. අදත් හිතන්නේ එහෙමයි. මව් පියන්ගේ අපරාධ වලට දරුවන් මරන්න ඕනේ කියා හිතීම තිරිසන් කමක් මිස මනුස්ස කම නොවේ. ඒ වගේ මතයක් හරිය කියා කියන්න තර්ක විතර්ක කරන එකත් ගැන කියන්න තියෙන්නේ එයමයි.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s