නයාට අඳු කොළ!


607671-james-packer-bondi-before-after

ඕස්ට්‍රේලියානු ධන කුවේරයෙකු වන ජේම්ස් පැකර් මහත්තයා, ලංකාවෙත් සුදූ පොලක් හදන්න තියන ඉඩ කඩ සොයා බලන්න පසුගිය දා ලංකාවට ගොස් ආර්ථික සංවර්ධන ඇමති තුමා සමග කතා බස් කළ බව මාධ්‍ය වල පළ වුනා.පැකර් මහත්තයාගේ තාත්තා වගේ නොවේ, මෙයා නම් සූදු පොළවල් හදලා සල්ලි හොයන්න උපන් හපනෙක් කියලා පසුගිය වසර කීපයතුල  ඔප්පු කළා. මා ලියන්න හදන්නේ ඒ ගැන නොවේ. මුදල් කෙසේ වෙතත් ජේම්ස් පසුගිය වසර තුල විශාල ලෙස හානි කර ගත්ත දෙයක් ගැනත් පසුගිය කාලේ ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළා.

දැනට හතලිස් පස් වැනි වියෙහි ඉන්න ජෙම්ස්ගේ පින්තුර දෙකක් තමා ඉහත තියෙන්නේ. එකක් පසුගිය අවුරුද්දේ ඔක්තෝබර මසත්, අනික එයට වසරකට  පමණ කලින් ගත්තු එකක්. ඔය කාලය මැදදී තමයි ජේම්ස් ඇමෙරිකාවට ගිහින් අර යතුරු හිල් ශල්‍යකර්මයක් කරගෙන  ආවේ. නමුත් වමේ තියන පින්තුරයෙන් පෙන්නුම් කරන්නේ, කෑම අඩු කරපු එකටත් වඩා, ව්‍යායාම් වලින් කෙට්ටු වුන බවක්.

මා පෙර  සටහනෙහි කියුවේ අනුන් කියුවට කිසිම  දෙයක් වෙනස් කරන්න අමාරු  බව. ජේම්ස් වගේ ජිවන විලාසිතාව සම්පුර්ණයෙන් වෙනස් කර ගත්ත මිනිසුන් ගැන අපට නොයෙක් වර  ලැබෙනවා. එවැනි වෙනස් කර ගැනීම් අතර ආහාර ගැනීමේ, සිතීමේ හා වැඩ කිරීමේ හැටි විතරක් නොවේ සම්පුර්ණ ජිවන විලාසිතාවම  තියෙන්න  පුළුවන්.

දුම් පානය කරන බොහෝ දෙනා දන්නවා, එය පෙනහළු පිළිකා ඇති කරන බව. නමුත් එය දුමෙන් වැළකීමට හේතුවක් වන්නේ නැහැ. ජිවිතයේ සිදුවන පොඩි දෙයකින් එය නවත්වන්න හැකියාවක් සමහරවිට ලැබෙනවා. එවැනි කතාවක් දුම් බොන වෙන කෙනෙකුට  කියුවහම, හරි සංවේදී, අපූරූ කතාවක් කියුවට, තමන්ට එයින් මිදීමට සිතිවිල්ලක් පහල වෙන්නේ නැහැ. මිනිසුන්ගේ අදහසුත් එහෙමයි. වෙනස් වෙන්න නම් අර කලින් කියුවා වගේ, තමන්ටම “ඇඟට දැනෙන” යමක් වෙන්නම ඕනේ. හැබැයි එහෙම වුනත් වෙනස් නොවන මිනිසුන්ද මේ ලෝකේ නැතුවා නොවේ.

Picture Source: The Daily Telegraph

Advertisements

10 Comments

Filed under Social

10 responses to “නයාට අඳු කොළ!

  1. Kenji @ Japan

    ජේම්ස් කියන්නෙ ඕස්ට්‍රේලියාවේ තෙවැනි දල කාරයද රයිගම?අද මම අහගෙන රේඩියෝ එකේ කියනව වැල් වටාරම් දාල ආයෝජනය කරන්න ජේම්ස් ආපු බව.ඔය බලන්නකො ලංකාවට ආයෝජකයො යන ලස්සන.ලංකාවට අඩු දැන් කැසිනෝ විතරනේ:).

  2. ඔව් කෙන්ජි, තුන්වන විශාලතම ධන කුවේරයා. ඔවුනගේ පරම්පරාව ධනවතුන් වුවත්, තාත්තා වන කෙරී පැකර් තමා මෙම ධනයේ සැබෑ ආරම්භකයා. හැබැයි එයා වැඩියෙන් අවධානය යොමු කළ මාධ්‍ය ආයතන වල කොටස් ටික, පුත්‍ර පැකර් ඩොලර බිලියනයකට විකුණා දැම්මා. ජේම්ස් කියන්නේ කැසිනෝ රජෙක්.

  3. වෙනස් වෙයං කියල කොයි තරං බයිල ගැහුවත් වෙනස් නෙවෙන මිනිස්සු අතිශය පුද්ගලික බොහොම පොඩි දේකින් වෙනස් වෙනවා. ඒක තනිකර පුද්ගලබද්ධ දෙයක් නේ.

  4. ඔය කියන්නෙ අර liposuction කියන එකද රයිගම්.

    මට මතක් විදියට ලංකාවෙ ඔය එකක් වැරදිලා බඩවැල් හිල්වෙලා මරණයක්ද කොහෙද වුනා කියලා පත්තරේ තිබ්බා මේ ලඟදි.

  5. තමන්ටම හිතිලා වැඩේට බැස්සොත් මිසක් මේ වගේ ජීවන රටාවන් වෙනස් කරගන්න අමාරුයි!

  6. මම හිතුවේ මේ වගේ නාන්න සල්ලි තියෙනවා නං බඩ ගැන වොරි වෙන්න දෙයක් නෑ කියලයි… 😉

  7. නැහැ මචන්, මෙයා කරගත්තාය කියල ඒ දවස්වල පත්තරේ තිබුනේ Lap Band Surgery කියන එක. ලංකාවේ සිදුවුණ කනගාටු දායක මරණය Gastric Bypass Surgery කියන එක කරන්න ගිහින්ද, නැත්නම් ජේම්ස් කරගත්ත එක කරන්න ගිහින්ද කියා මා හරියටම දන්නේ නැහැ.Liposuction කියන්නේ මචන්, අර හම හා පේශි අතර තියන මේද තට්ටු චුෂණ ක්‍රමයකින් ඇදලා දැමීමක්. එය එතරම් භයානක දෙයක් ලෙස ගණන් ගන්නේ නැහැ.
    අර BBC රූපවාහිණියේ වැඩ සටහන් කරන Louis Theroux කෙට්ටු හාදයත් වැඩ සටහනකට මේ liposuction කරගත්ත. හැබැයි අර bypass වැඩේ ටිකක් වන වෙන්න පුළුවන් වැඩක් කියා කියනවා. ජේම්ස් කරගත්ත බෑන්ඩ් වැඩේ එයට වඩා සරල දෙයක්.මේ දෙකෙන්ම බලාපොරොත්තු වන්නේ ආමාශයේ ධාරිතාවය අඩු කිරීම මගින් එක වරකට ගන්නා ආහාර ප්‍රමාණය අඩු කිරීමයි. ඒ වගේම බයිපාස් කිරීම මගින් අවශෝෂණය කර ගන්න ආහාර පෝෂක ප්‍රමාණයත් අඩු කෙරෙනවා.
    හැබැයි මචන් මා කියන්න හැදුවේ මිනිහ දිනකට විනාඩි 90 ක් ව්‍යායාම වලට වෙන් කරලා. දැන් මෙය කියවන කට්ටිය හිතාවි සල්ලි තියනවා නම් මොනවා කරන්න බැරිද කියලා. සල්ලි නිකම් ලැබෙන්නේ නැහැනේ. මේ වගේ කට්ටිය තියන සල්ලි වැඩි කර ගන්න තව මහන්සි වෙනවා. ඒ අතරේ විනාඩි 90 ක් වෙන දෙයකට කැප කිරීම ලෙහෙසි වෙන්න විදිහක් නැහැ. කිසිම රස්සාවක් නොකර ගෙදර ඉන්න අයත් කෙඳිරි ගානවා, අපට කොහෙද ඕවට වෙලාවක් කියලා.

  8. තමන්ට හිතුනේ නැත්නම් සාබිත්, කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ නේද? එය ජිවන රටාවට බලපාන අදහස් වෙනස් වීමටත් එකසේ වලංගුයි.

  9. තමන් ගන්නා ආහාර ප්‍රමාණය තීරණය කෙරෙන සීමාකාරී සාධකය මුදල් වෙන අයට වඩා, එවැනි ප්‍රශ්නයක් නැති නාන්න සල්ලි තියන අයට තමා බඩ ගැන වඩාත් වොරි වෙන්න වෙන්නේ. 🙂

  10. එය සදාතනික සත්‍යයක් හරේ. එහෙම දේවල් වලිනුත් වෙනස් නොවන කාණ්ඩයකුත් ඉන්නවා. ඔබගේ අන්තිම සටහන එවැනි අය ගැන කියලා මට හිතුන. මා එයට ප්‍රතිචාරයක් දාන්න හිතලා නිකම් හිටියේ, ජිවත් වන්නේ ලංකාවේ නොවන නිසා. එහි එක් ප්‍රතිචාරයක තිබුනා ඇමෙරිකාවේ සුදු-කළු බේධය නැති වෙලාත් නැහැ, ඕස්ට්‍රේලියාවේ ආදිවාසිකයන්ට කෙරෙන හිරිහැර නතරවෙලාත් නැතිය, ඉතින් ඔබ කියන පරිදි ඔය ජාති බේද නැති සමාජයක් නිකම් සිහිනයක් වගේ කතාවක්. ඇමෙරිකාව හෝ ඕස්ට්‍රේලියාව තුල ඇති සමාජය හා ඉන්දියාව හා ලංකාව තුල ඇති සමාජ සංසන්දනය කිරීම තේරුමක් නැති දෙයක්. මෙය ඔබ සටහනෙන් කියන්න හදපු දේ තේරුම් නොගෙන කියන කතාවක්. මේ රටවල් වල සමාජ තුල ජාතිවාදය තියනවා තමයි. නමුත් මේ සමාජ එක්දහස් නවසිය හැට ගණන් වල ඉඳලා අද වෙන කොට බොහෝ දුරක් ඇවිත්. ඒත් ලංකාව තාම ඉන්නේ 1915 මයි කියලා, දැන් සිදුවෙමින් පවතින දේවල් කියා පානවා. ඉන්දියාවේ තියෙන්නෙත් මිට සමාන තත්වයක්.

    උගත් පාඩම් ඉගෙන ගන්න නම් පසුගිය අවුරුදු හතලිහ තුල ලංකාවේ සිදුවුණ දේවල් හොඳටම ප්‍රමාණවත්. ඔබ කියන පරිදි, සමාජ කොට්ටාශයකටත් එවැනි අත්දැකීම් ආශ්‍රයෙන් වෙනස් වෙන්න පුළුවන්. එතකොට අප බලා ඉන්නවා, මෙල්බර්න් නුවර තට්ටු නිවාසයක ජිවත් වන, උපාධි ධාරි, ඉහල රැකියාවක් කරන ඕස්ට්‍රේලියානු හරිත පක්ෂයේ කෙනෙක් පාඩම් කියා දෙන කම් හෝ එංගලන්තයේ හෝ ඇමෙරිකාවේ සල්ලිකාර ඉහල සමාජයේ ඉන්න සුද්දෙක් බලපෑම් කරලා කොමිසන් දාල උගත් පාඩම් කියා දෙන කම්. මේ එක්කෙනෙක් වත් පාර අයිනේ ටයර් සෑය වල මත දැවෙන මිනිස් සිරුරු තියා, බල්ලෙක් වත් එහෙම පුච්චනවා දැකපු අය නොවේ. ඒ අය බස් හෝ දුම්රිය ක තැබූ බෝම්බයකට අහුවෙලා සී සී කඩ ගිය සිරුරු දැකපු අයත් නොවේ. ඒ අය දරුවන් ඇතුළු සියලු දෙනා මරා ගත් දෙපාර්ශවයකට මැදි වෙලා වසර ගණනාවක් ජිවත් වුන පිරිසකුත් නොවේ. එවැනි පිරිසකගෙන් යහපාලනය හා උගත් පාඩම් ඉගෙන ගන්නට පෙර, මේ අත්දැකීම් වලින් පාඩම් ලැබෙන්නේ නැත්ද?

    ඇත්තටම හරේ මා සටහනින් කියන්න හැදුවේ එයයි. මේ පැහැදිලි කිරීම නැතුව, එය කොතරම් දුරට සාර්ථකද කියා මා දන්නේ නැහැ.