ඇඟට ඇල්ලුවහම දෙදරන පොඩි ටෝච් එක!


සාමාන්‍යයෙන් කියවන්න ලැබෙන නිසරු සංවාද වෙනුවට, ලෝකේ කොහේ හිටියත් ප්‍රයෝජනවත් විය හැකි සංවාදයක් මා ජනසංසදයෙහි කියෙව්වා. සමරසිංහ ගුණසේකර මහතා මතුකරලා තියන සමහර අදහස්, මා අධ්‍යාපනඥයෙකු වශයෙන් නොව දරුවන් ඉන්න මනුස්සයෙක් වශයෙන් බලන හැටි සමහර සටහන් හා ප්‍රතිචාර වලට දාපු ප්‍රතිචාර වලින් කියන්න උත්සහ කරලා තියනවා.

අප වගේ කට්ටිය ඉපදෙන්නත් කලින් ගුරු වෘර්තිය පටන් ගත්තු සමරසිංහ මහතා ගේ අදහස් ගුරුවරුනට හා අධ්‍යාපනඥයන්ට වඩා වැදගත් වනු ඇත්තේ දරුවන් ඉන්න දෙමාපියන්ට, නැත්නම් සාමාන්‍ය මිනිසුන්ට.

ඉස්සර අපේ සමාජය වඩාත් යහපත් එකක් මෙන්ම  ආයුකාලය වැඩි, කෘෂිකාර්මික දියුණුවෙන් ඉහල හා ස්වයංපෝෂි සමාජයක් කියන කට්ටිය හරි  සුලබයි. ඒ වගේම ආගම් පාසලේ ඉගැන්වීමෙන් හා දරුවන් හෝ ගාල දහම් පාසල් යැවීමෙන්, ඉතා යහපත් සමාජයක් ගොඩ නගන්න වෙහෙසෙන කට්ටියත් සුලබයි. මේ වගේ බොහොමයක් කතා ගැන සමරසිංහ මහතාගේ අදහස් සමග මට නම් වාදයක් නැහැ.

ඕස්ට්‍රේලියාව වගේ රටවලට  ඇවිත්, ඒවායේ තියන අධ්‍යාපන ක්‍රමයට බනින හා ඉච්චා භංගත්වයට පත් වුන දෙමාපියන් මා දැක තියනවා. මොකද ලංකාවේ තියන ක්‍රමය නැති නිසා. “අනේ! මේකත්  ඉගැන්විමක්ද, අපේ දරුවා ලංකාවේ ඉන්න කොට ඉගෙන ගත්ත දේවල් වලින් භාගයක්වත් දැන් ඉගෙන ගන්නේ නැහැනේ”. මෙහෙම හිතන කට්ටිය විරල නැහැ. ඔවුනගේ අන්තිම වෑයම තමා, ලංකාවේ ක්‍රමය තමන්ම ස්ථාපිත කර ගැනීම.  එනම්, දරුවන් ඉන්දියානු හෝ ලංකාවේ ක්‍රමයෙන් බිහිවුන ටියුෂන් මාස්ටර් කෙනක් ගාවට යවලා ඉගැන්වීම. දෛවයේ සරදමකට මා සමරසිංහ මහතා කියන සමහර කරුණු ගැන තව සටහනක් ලියන්න ඉන්නවා. මේ කියන අධ්‍යාපන ක්‍රම දෙක තේරුම් ගන්න පුළුවන් දත්ත විශ්ලේෂණයක් ගැන.

සමරසිංහ මහතාගේ සංවාදයේ මෙහෙම තියනවා තැනක ‘‘ඔව්. මම හොඳ උදාහරණයක් කියන්නම්. මගේ මිත‍්‍රයෙක්ගෙ ගෙදරට රට ඉඳල ආපු දරුවෙක් පොඩි ටෝච් එකක් ගෙනල්ල. ඒක ඇඟට ඇල්ලවම ඇඟේ  ඒ තැන දෙදරනව. එයාගෙ දරුවෙක් ඉන්නව විද්‍යාව කරන. අට වසරෙ. එයා කියනව, ‘තාත්තෙ අර අයිය අක්කට ටෝච් එක අල්ලන එක හොඳ නෑ. ඒකෙන් එයාලට බබාල හම්බ වෙන්නෙ නෑ’ “. මේක නම් මට තේරුම් ගන්න බැරි පොඩි ටෝච් එකක්. අක්කට දුන්නොත් බබාලා හම්බ වෙන්නැති ටෝච් එක මොකක්ද?

මෙහෙම ඇල්ලුවහම ඇඟේ ඒ තැන දෙදරනවෙන  චූටි ටෝච් (මේ වචන දෙක එකවර කියවා දිව උළුක්කු කර ගන්න එපා) ජාතියක් ගැන නම් මා දන්නවා. ඔව්, ඒවායින් එකක් අක්කට දුන්නොත් නම්, ඉතින් බබාලා හම්බු වෙනවා තියා,  කසාද බඳින උවනාවත් නැතුව  යාවි.

 

Advertisements

9 Comments

Filed under Education

9 responses to “ඇඟට ඇල්ලුවහම දෙදරන පොඩි ටෝච් එක!

  1. හිරු

    හි හි… තියෙනවා නේන්නං එහෙම ටෝච් ජාතියක්.. දෙදරීම සහ ආලෝකය සැපයීම දෙකම තියෙන… හි හි…

    මම මේ කල්පනා කළේ ඔය කියන මිත්‍රයා මොන රටේ කෙනෙක්ද කියලා.. අපේ රටේ නම් අට වසරේ ළමයෙක්ට ඔය දැනුම තියෙන්න අවස්ථාව ටිකක් අඩුයි නේද තාම…

    අපේ රටේ තියෙනවා මරු වැඩක්.. මන්දා මේක මම විතරද මෙහෙම දකින්නේ කියලා… අපේ අම්මලා තාත්තලා හරි කැමතියි තමන්ට වඩා ඉහලට ළමයි යනවා දකින්න… ඉතිං ළමයි ලොකු දේවල් ඉගෙන ගෙන, ඒවා ගැන කතාකරනවට හරි ආසයි… ඉල්ලන ඕනේ දෙයක් අරන් දෙනවා ළමයින්ට… අපිට තිබ්බේ නැති එකේ ළමයින්ට වත් අරන් දෙන්න ඕනේ කියලා…..

    ඔහොම දෙයක් තමයි කම්පියුටර්… ළමයි දන්නවා දෙමව්පියන්ට වඩා…. කොච්චර වෝල් දාලා ප්‍රොටෙක්ට් කළත් ළමයි නිර්මාණශීලියි ඒවා කඩලා දාන්න.. එහෙම උනාම මං කල්පනා කරනවා මේ බිහිවෙන පරපුර නිර්මාණශීලී නෑ කියලා අපි කරන්නේ මෝඩ කමක් නෙවෙයිද කියලා… උන් නිර්මාණශීලියි.. හැබැයි උන්ට ඕනේ කරන, උන්ට තියෙන රිසෝසර්ස් වලින්.. මම අර කලින් දවසක් ලිව්ව සබන් බෝල බෝතලේ පෝස්ට් එකේදි ගොඩක් අය කියලා තිබ්බා දැන් කොහෙද ගස්ලබු බට හොයන්නේ කියලා… හැබෑ නේන්නං.. වැරැද්ද ඉතිං කාගෙද… අනේ මන්දා….

    • ඔබ පුදුම වේවි සමහරුන් හිතන අයුරු ගැන දැන ගැනීමෙන්. ළමයින් උපතින් ගෙනෙන දක්ෂතා, තවත් දැනුම හා ශික්ෂණය දීමෙන් ඔප මට්ටම් කිරීමක් තමා හිරු අධ්‍යාපනයෙන් වෙන්නේ. තමන්ට හැකියාවක් තියනවා නම්, ළමයින්ට, තමන්ට නොතිබුන දේවල් අරන් දීමේ හා ලබා දීමේ වරදක් මා දකින්නේ නැහැ. එක අතෙකින් ජිවන තත්වය උසස් වෙනවා කියන්නේ එයයි.

      නිර්මාණශිලිත්වය දිගටම පවත්වාගෙන යන්න නම්, කලින් පිළියෙළ කරපු, උත්තර දන්නා ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දීමට පුහුණු කිරීම හෝ ඡේදයක් කියවා එහි තියන කරුණකට උත්තරය දෙන්නට හෝ පුහුණු කිරීම පිටුවහලක් වෙන්නේ නැහැ. නිර්මාණශීලිත්වය වන්නේ කලින් නොදන්නා ප්‍රශ්න වලට උත්තර සෙවීමට ඇති හැකියාවයි. ඡේදයේ ඇති දෙයට පිළිතුරු දීම නොවේ, එම කතාව වෙනස් තත්ත්ව යටතේ ගලා යා හැකි අන්දම විස්තර කරන්න පුළුවන් වීමයි. දැනටත් උත්තර දන්නා ප්‍රශ්න වලට අප කොහොමටත් උත්තර දන්නවා, නව ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගන්න පුළුවන් අයයි රටකට අවශ්‍ය.

      දරුවෙකුට කොම්පියුටරයක් හා අන්තර්ජාල පහසුකම් අරන් දීම ඉතා හොඳයි. එය විතරක් මදි, එයාල මේකේ මොනවාද කරන්නේ කියලත් හොයා බලන්න අවශ්‍යයි. වෙනකම්. දැන් බලන්න කුඩා දරුවන් මේ මහ මිනිසුන් කුණුහරුප කතා කරන බ්ලොග් වල ඇවිත් කොමෙන්ටු දානවා. මේවායේ ලියවෙන්නේ දරුවෙකුට සුදුසු දේවල් නොවේ. අප වැඩිහිටියන් දන්නවා සුදුසු නොසුදුසු දේ තෝරා ගන්න හා අන්තර්ජාල අඩත්තේට්ටම් වලින් නොතැවී ඉන්න. කුඩා දරුවන්ගේ මනස එහෙම නැහැ. මට අහන්න තියෙන්නේ, අර අපේ අපොස සාපෙ සමාජ අධ්‍යයන ගුරුවරයා ඇහුවා වගේ “කෝ මුන්ගේ අම්මල තාත්තල හරක්ද?”
      ඇයි, යකඩෝ දරුවෙකුට කියල දෙන්න බැරි “පුතේ ඔය කුණුහරුප සංවාද මැදට පනින්න එපා!”. නැත්නම් “ඕවයේ තියන දේවල් උඹට ගැලපෙන්නේ නැහැ!, ටිකක් ඈත් වී ඉඳපන්!”. නැත්නම් “පුතේ මෙන්න මේ වගේ දේවල් විතරක් බලපන්!, උඹට ඕනේ නම් කොමෙන්ටුත් දාපන්!” කියල. කොම්පියුටරේ අරන් දෙන්න මොලේ තියනවා, දරුවා මොනවාද කරන්නේ කියල බලන්න මොලේ නැහැ. එයාල තමයි හිරු මා කලින් කියුවේ කලින් තිබුන ප්‍රශ්න වලට (හා කලින් පිළිතුරු දන්නා) විතරයි උත්තර දන්නේ, නව ප්‍රශ්න වලට පිළිතුරු තියා, එහෙම ප්‍රශ්න තියනවද කියල වත් මෙලෝ සංසාරයක් නැහැ.

  2. ඔය ලිපිය මා කියවූ වෙලේ මටත් හිතුනේ මේ ගැන ලියා පොඩි ප්‍රමොෂන් එකක් දෙන්න ඕනෑය කියායි.

    යූ ස්ටෝල් මයි තන්ඩර්!

    අපි දෙන්නාටම එකම හිතුන එකත් හරි පුදුමයි නේද? එක්කෝ සමහර විට පුදුමයකුත නෑ!

    • ඔබ ලියුවා නම් මෙයිට වඩා පිරිසක් බලාවිද? මා ඉස්සර වී වැඩේ කෑවාද? නැහැ, කකා බලන අය කොහොමටත් බලනවා, එයාල බැලුවා කියා වෙනස් වෙන්නෙත් නැහැ. මොකද ඔවුන් දැනටත් හිතන්නේ එහෙම නිසා. වෙනස් විදිහට හිතන, ඒත් මේවා ඇත්තටම කියවිය යුතු අයට මේවා නයාට අඳු කොළ වගේ. ඉතින් ඔබට හිතුන දේම මටත් සිතීම කොහොමටවත් පුදුමයට කරුණක් නොවේ!

  3. මම ඒ ලින්ක් එකෙන් ගිහින් ඒක කියෙව්වා මචං. ඇත්තෙන්ම ඒ ලින්ක් එක දුන්නට උඹට ස්තුතිවන්ත වෙනවා.

    කාලෙකට පස්සෙ මනුස්සයෙක් කතාකරනවා ඇහුනා bullshit නැතුව.

    මමත් කියන්න හදන්නෙ ඕකමයි මචං.

    සමහර යෞවනයො ඉන්නෙ අදහස් අතින් ඔයිට හුඟාක් පිටිපස්සෙන්. මට වැඩිය ගතානුගතිකව හිතන තරුණ පරම්පරාවක් තමයි මට නම් නිතර මුන ගැහෙන්නෙ.

    • //මට වැඩිය ගතානුගතිකව හිතන තරුණ පරම්පරාවක් තමයි මට නම් නිතර මුන ගැහෙන්නෙ.//

      සහතික ඇත්ත!

      උදාරහණ: ලංකාවේ බඳින්ට වයසේ පිරිමි ලමයි. හපොයි කියලා වැඩක් නෑ. බඳින්ට ඉන්න ගෑනු ලමයි ගැන හිතන විදියා ඇහුවාම අපේ අප්පච්චිලාගේ කාලේ අයද කියලත් හිතෙනවා. 😀 😀

      Reply

    • My pleasure machan! උඹට මේවා ගැන හොඳටම අත්දැකීම් ඇතිනේ. මටත් හිතා ගන්න බැහැ එහෙම වෙන්නේ ඇයි කියන එක. සමරසිංහ මහතා කියන පරිදි එක විෂයක කොටු වීමෙන් හා සාහිත්‍යය, සාමාන්‍ය දැනීම වගේ දේවල් නොදැනීම, එහෙම වෙන්න පුළුවන් එක හේතුවක් කියා අනුමාන කරන්න පුළුවන්.

  4. ලියන්නකො හොඳ ලිපියක් ඔය අධ්‍යාපන ක්‍රම දෙක අතරෙ වෙනස්කම් ගැන.

    • විනාඩි විස්සේ සටහන් වලින් එවැන්නක් අමාරුයි රාජ්. එවැන්නක් ලියන්නම් වෙලාවක් හරියට ලැබුනහම.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s