My diamond is too sharp!


පසුගියදා මෙහෙ ගුවන් විදුලියක ෂොක් ජොකියන් දෙදෙනෙකු කරන වැඩ සටහනකදී, අසන්නන් ගෙන් ඉල්ලුවා “පළමු ලෝකයේ” ප්‍රශ්න තියන අයට පුළුවන් නම් ඇමතුමක් දෙන්න කියලා. එයට ප්‍රතිචාරයක් ලෙස කතා කළ කාන්තාවක් කියුවේ “මගේ මුද්දේ දියමන්තිය ඉතා  තියුණුයි, එය මාව (අත් බැඳගෙන ඉන්න විට) සූරවනවා” කියල.   දැන් පළමු වැනි ලෝකයේ හැමට තියන ප්‍රශ්න මෙවැනි ඒවාද?

“පළමු වැනි ලෝකයේ”  මිනිසුනට ප්‍රශ්න නැතිය කියා සිතන මිනිසුන්  වගේම, ඒ රටවල් වල ඉන්නේ මිනිස් හැඟීම් හෝ වේදනා නොදැනෙන, පවුල් හැඟීමක් නැති වෙනම සත්ත්ව කොට්ටාශයක් කියලත් හිතන මිනිසුන් කියන කතා අප ඕනේ තරම් අහනවා  (අප වැනි සංක්‍රමණිකයන් ගැන නොවේ මේ කියන්නේ). ඒ වගේම ඒ රටවල් වල   සියලු දෙනාම අධි සුඛෝපබෝගී, කාම සුකල්ලිකානු ජිවිත ගත කරන පිරිසක් ලෙසටත් අර්ථ දක්වන අවස්ථා ඔබත් දැකල  ඇති.

මේ සමාජයේ මිනිසුන් හා ගැහැනුන් අතරෙත් ඔය කියන  ජාතිවාදීන්, ආගම්වාදීන්, නිර්ආගම්වාදීන්, දේශප්‍රේමින්, සමාජවාදීන්, ධනවාදීන් අපතයන් යන සියලු කොට්ටාශ ඉන්නවා. හැබැයි සමාජයේ බහුතරයක් රස්සාවක් කර ජිවත් වෙන සාමාන්‍ය මිනිසුන්. වෙන සමාජ වල වගේම එයාලගේ ප්‍රශ්න බොහොමයක් කාටත් පොදු ඒවා. ඒ අතරේ දරුවන් පාසල් යවන, බිල් ටික ගෙවා ගන්නේ කොහොමද කියන, දරුවන්ගේ ප්‍රේම සම්බන්දතා, හවසට පාඩම් කියා දීම, බයිසිකල් පැදීමට උගැන්වීම ආදී වශයෙන් සාමාන්‍ය ජිවිතයේ හමු වන ප්‍රශ්න වලින් පීරී තියනවා.

ඔවුන් අතර ඇෆ්ගනිස්තානයේ මිය යන දරුවන් ගැන දුක් වන අය මෙන්ම, ලංකාවෙන් බෝට්ටු වලින්  එන මිනිසුන්ට විසා ලබා දිය යුතුයි කියන මිනිසුන්ද ඉන්නවා. ක්වින්ස්ලන්තයේ ගංවතුර ගැන මෙන්ම, ඉන්දුනීසියාවේ ගංවතුර ගැනත් දුක් වන මිනිසුන් ඉන්නවා. ඕස්ට්‍රේලියාවේ අනාථ දරුවන් හදා ගන්නා, අය මෙන්ම අප්‍රිකාවේ දරුවන්ට කැපකරු මාපියන් වශයෙන් ක්‍රියා කරන අයද ඉන්නවා  (මෙහි අනෙක් පැත්ත මා ලියන්නේ නැත්තේ, එය ගැන ඕනේ තරම් ලියවෙන නිසා).

කාමරේට ශීතකරණයක්, ගෙදරට රෙදි සෝදන යන්ත්‍රයක් ගන්නේ කොහොමද කියල හිතමින් ඉන්න පිරිසත් ඒ අතරේ ඉන්නවා. තමන්ට තව දුරටත් අවශ්‍ය නැති දෙයක් හෝ දේවල් ගොඩ ගහගෙන ඉන්න පිරිස් අඩු වගේම එවැනි දේවල් කුණු ගොඩට විසි කරලා දාන පිරිසත් අඩුයි.  කැඩිලා පාවිච්චියට ගන්න අපහසු දේවල් මිසක්, නැවත ප්‍රයෝජනයට ගන්න පුළුවන් දේවල් මෙහෙ මිනිසුන්, එකතු කරන සුභසාදන ආයතනයකට ගෙනගොස් දෙන්නේ නැත් නම්, ගෙදර ඉදිරිපස මිදුලේ තබන්නේ වෙන කෙනෙකුට ප්‍රයෝජනයක් වනු පිණිසයි. එවැනි දෙයක් ගෙන යාම ලැජ්ජාවට කරුණක් ලෙස සැලකෙන්නෙත් නැහැ.  එවැනි දේවල් ගෙන යනවා දකින්න ඇහැ ගහගෙන ඉන්න කෙනෙකුත් නැහැ. ඒ වගේම එවැනි දෙයක් මිදුලේ තිබ්බොත් වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ.

Advertisements

11 Comments

Filed under Social

11 responses to “My diamond is too sharp!

  1. මම මේ අඩවිය කියවන්න ගත්තේ අපේ හෙන්‍රි බ්ලොග්වෝකර්ගේ පෝස්ට් එකක් මාරගයෙන්.. මමත් රටවල් කීපයක ජීවත් වෙලා තියෙන නිසා. මේ සියල්ලම ඇත්ත කියලා දන්නවා.. ඇත්තටම ඒ රටවල මිනිස්සු හිනාවෙන්නෙ නෑ. ඒත් මනුස්සකම පිරිලා. අපේ අය කට පුරවලා හිනාවෙනවා.. ඒත් මනුස්සකම නෑ.. ඔබ පිලිගන්න එකක් නෑ.. මම ඊශ්‍රායලයේ සිටිනා කාලෙයි සදාම් එල්ලා මැරුවේ.. මා දන්න සියළුම යුදෙව්වන්. එම ක්‍රියාදාමය හෙලා දැක්කා.. අපි කියනවා අපේ රට දියුණු නැති උනාට. සභ්‍යත්වය, සංස්කෘතිය අතින් ඉහලයි කියලා.. ඒත් ඒවාවලිනුත්.. බොහෝඅ රටවල් අපට වඩා ඉදිරියෙන් ඉන්නේ…

    • ඔව් හෙන්රි දාල තිබුනා මාත් දැක්කා. මේ ලියන්නෙත් අහපු හා දැකපු ඇසුරින් මට හිතෙන දේවල් තමා. මේවගේ සටහනක් ලියන්න ආසන්නම කරුණ කතාවක් ලෙස ලියුවා නම්, අනේ හරි ස්වීට් කියා, මෙයට වැඩි පිරිසක් කියවන්න ඉඩ තිබුනත්, එය එතරම් තේරුමක් නැති නිසා, මෙහෙම ලියනවා. එකම ලෝකය විවිධ අය දකින අයුරුනේ වෙනස් වෙන්නේ මාතලන්. ඒ අනුව ඔය කියන සභ්‍යත්වය හා සංස්කෘතිය නිර්වචනය කරන අයුරුත් වෙනස් වෙනවානේ. මොනම මතවාදයක් හෝ දැක්මක් සමාජයක් මත විතරක් නොවේ, තනි තනි පුද්ගලයන් මතත් බලෙන් පටවන්න බැහැ. ඔබ නැවත පැමිණෙනු ඇති සිතනවා. 🙂

  2. ප්‍රශ්ණත් අර මියුසික් චාට් වගේමයි.

    උඹ නෝට් කරලා ඇති මචං අද ප්‍රශ්ණ ලැයිස්තුවේ ඉහලින්ම තියෙන ප්‍රශ්ණෙ නෙවෙයි ලබන සතියෙ තියෙන්නෙ. ඒ එකක්වත් නෙවෙයි ගිය සතියෙ තිබුනෙ.

    ඔන්න ඔය සත්‍යයෙන් පමණක් හුඟක් ප්‍රශ්ණවලට සහනයක් ලබාගත හැකි බව හොඳාකාරව දැන ගෙනත්, උඹ අපි කවුරුත් මේ මොහොතේ තියෙන ප්‍රශ්ණයෙන් පීඩා විඳිනවා ඒක ජීවිතේ ලොකුම ප්‍රශ්ණෙ කරගෙන.

    • එහෙමනේ මචන් ජිවිතේ ටික ටික ලෙහෙසි වෙන්නේ. ප්‍රශ්න අඩු වෙනවා නොවේ, තියන ඒවාට අප හුරු වෙනවා.

      • සාත්තරකාරයා: මහත්තයාට අවුරුදු 30 පනින කල් මේ ප්‍රශ්න වලින් කරදර විඳිනවා.

        මහත්තයා: ඒ කියන්නෙ අවුරුදු 30 පැන්නට පස්සෙවත් මේ කරදර මග ඇරෙනවද?

        සාත්තරකාරයා: නෑ. මහත්තයා ඊට පස්සෙ ඒවට හුරු වෙනවා.

        මහත්තයා:%$#% &^%$#@

        • හැබැයි මචන් සාත්තර හා කේන්දර කාරයන්ගේ ඇත්තම කාතාවත් ඔය වගේ තමා 😀

  3. හිරු

    ඔය ඇත්ත ලංකාවෙත් තියෙනවා නේද… එක තාත්තා කෙනෙක්ට ප්‍රශ්නේ ළමයට කන්න බොන්න දෙන එක… තව තාත්තා කෙනෙක් ළමයව ළඟ තියෙන රජයේ ඉස්කෝලෙට යවන්න ඇඳුම් පැළඳුම් ටික අරන් දෙන්නෙ කොහොමද කියලා දහ අතේ කල්පනා කරනවා… තව තාත්තා කෙනෙක් ඉන්ටනැෂනල් එකට යන ළමයගේ ස්පෝට්ස් වලට ඕනේ කරන බඩු ටික ගන්න වැඩි පුර සල්ලි හොයනවා… තව තාත්තා කෙනෙක් පිටරට විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න ළමයගේ වියදම් ගැන හිතනවා..

    හැම කෙනාටම ඒ ඒ ආර්ථික තත්ව වලට අඳාළ ප්‍රශ්න තියෙනවා.. ඉතිං ඔය රටවල් වලත් ඔය තත්වේ නැති වෙයිද…

    ///ගෙදර ඉදිරිපස මිදුලේ තබන්නේ වෙන කෙනෙකුට ප්‍රයෝජනයක් වනු පිණිසයි. එවැනි දෙයක් ගෙන යාම ලැජ්ජාවට කරුණක් ලෙස සැලකෙන්නෙත් නැහැ. එවැනි දේවල් ගෙන යනවා දකින්න ඇහැ ගහගෙන ඉන්න කෙනෙකුත් නැහැ. ඒ වගේම එවැනි දෙයක් මිදුලේ තිබ්බොත් වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ.///

    අර අකිල විරාජ් කාරියවසම් කිව්ව කතාව මතකද.. පුලන්නෝ තමයි වැඩිපුර දුක් විඳින්නේ කියලා…. දුප්පත් කියන අයට කාගෙන් හරි දෙයක් ගන්න එක ප්‍රශ්නයක් නෑ… පෝසත් අයට කාගෙන්වත් ඉල්ලන්න ඕනෙත් නෑ.. හැබැයි ඔය දෙක අතර මැද ඉන්න අයට ඉල්ලන්නත් බෑ … දෙන දෙයක් ගන්නත් නෑ… පුලන්නෝ කිව්වේ එකලු… අනේ මන්දා….

    • ඔබ ඔය කියන මනුස්සයා කියන දෙයක් දැක්කත් මා නම් කියවන්න වෙහෙසෙන්නේ නැහැ හිරු. මා කියන්න හැදුවේ ඔය වගේ එකක් නොවේ. වැඩ කරන තැන කෙනෙකුට අවශ්‍ය නැති දෙයක් තියනවා, නම් එය ඕනෙද කියලා අනික් අයගෙන් අහනවා. එහෙම ගන්න කැමති කෙනක් දුප්පතෙක් නොවේ. මේ සේරම ප්‍රශ්න ආර්ථිකයට අදාළ දේවල් නොවේ!

      • luckywicks

        කිව්වත් වගේ ඔය කියන මනුස්සයා කියන ඒවා නම් බොහෝ විට ගනන් ගත යුතු නෑ. හැබැයි ලංකාවට අදාලව ඔය තත්වේ ඇත්ත තමයි රයිගම. මෙහෙ පාවිච්චි කළ බඩුවක් මොන තරම් හොඳ තත්වේ තිබුණත් තව කෙනෙකුට දෙන්න අහන එකත් භයානකයි. මම නම් ලංකාවෙන් පිටට අඩියක් වත් තියා නෑ තවම. ඒත් ඊයෙ ජාලෙන් දැක්කා බටහිර රටවල දරුවන්ගේ ඇඳුම් සෙල්ලම් බඩු පවා බොහෝ විට ලබා ගන්නෙ අනිත් මිතුරු මිතුරියන්ගෙන් හෝ සෙකන්ඩ් හෑන්ඩ් බඩු විකුණන සාප්පු වලින් කියලා. ඒත් තවමත් ආචාර්ය උපාධිය හදාරන මගේ ඥාති සහෝදරයා තමන්ගේ දරුවා වෙනුවෙන් අළුතින්ම තොටිල්ලක් සහ සියළු කළමනා අරගෙන තිබුණා අසල්වැසි සුදු ජාතික පවුල් වල බලවත් විශ්මය මැද්දෙ. ඔන්න ඔහොමයි අපේ මානසිකත්වය. කොහොමද හදන්නෙ? කොතැනින්ද පටන් ගත යුත්තෙ.
        (ලකී වික්‍රමසිංහ) වර්ඩ්ප්‍රෙස් එකට ලොග් වෙන්න බෑ අද උදෙ ඉඳන්ම 😀 )

        • මෙහේ පාවිච්චි කරන එක පාර අයිනේ තියන්න ඕන නෑ. ගෙදරටම ඇවිත් අරගෙන යනවා…

        • ලකී, මේ සටහනෙන් කියවෙන්නේ ලෝකේ කොහෙත් සාමාන්‍ය මිනිසුන් ට තියන ප්‍රශ්න එකයි. දැන් මේවා විග්‍රහ කරන අන්දම තමා වෙනස්. ධනවාදයේ සදාතනික නොහැකියාව, නැත්නම් පාරිභෝගික වාදයේ නිරුවත ආදී වශයෙන් මේවා විග්‍රහ කරන්න පුළුවන්. 😀 ඒ අතර මා කියන අතුරු කතාව තමා මාතලන් වචනයෙන් කියා තිබුනේ. අනික තමා ඔබ කියන දේ.

          සමාජයක ජිවන තත්වය බලන්න පුළුවන් හොඳම දර්ශකයක් තමා, ගෙදරින් ඉවත දාන කුණු ටික. ජිවන මට්ටම ඉහල යන්න යන්න කුණු වල ප්‍රමාණාත්මක බව මෙන්ම “ගුණාත්මක” බවත් වෙනස් වෙනවා. ඔය මහා බැංකු වාර්තා, ලෝක බැංකු සමීක්ෂණ, දල ජාතික නිෂ්පාදනය පෙන්වන දර්ශක, ඕවා සේරම මේකට යටයි. එකමත් එක කලෙක මා ලංකාවේ කෝඳුරු තෙල් හත්පට්ටය හා තව ටිකක් හොයන්න වෙහෙසෙන වැඩ මුළුවකට සහභාගී වුනා. එහිදී දින තුනක් අවසානයේ කණ්ඩායම් වැඩට දුන්නා වැඩ සටහනක් හදන්න. කුණු කසල ඉවත් කිරීමේ වැඩසටහනක්. ඔන්න ඉතින් ඉඳ ගත්තා. පුටු රත් කරන නාකි පප්පලා හා ආන්ටිලා අතර එංගලන්තේ අවුරුදු දෙකක් පමණ හිටපු ගොන් නාම්බෝ දෙන්නෙකුත් ඔය අතර හිටියා. දැන් කට්ටිය වැඩ සටහන හදනවා. ගෘහභාණ්ඩ එකතු කිරීමේ, ශීතකරණ ඇතුළු ඉලෙක්ට්‍රොනික භාණ්ඩ එකතු කිරීමේ, ප්ලාස්ටික් එකතු කිරීමේ …. ආදී වශයෙන් කුණු එකතු කරන මධ්‍යස්ථාන. මට ඉන්නම බැරි තැන මන් ඇහුවා ඔය හදන්නේ ලංකාවටද, වෙන මන් දන්නේ නැති රටකටද කියලා. කට්ටියට තද වෙලා මට පැත්තකට වෙලා ඉන්න කියුවා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s