ජීවන දර්ශනයක් සොයා යන අතරතුර! Are we there yet?


දෙදෙනෙක් එකම ජීවන අත්දැකීම් වලට මුහුණ දුන්නත්, හිතන විදිහ නම් එක වගේ වෙන්නේ නැහැ. උදාහරණ මට ඕනේ තරම් ලියන්න පුළුවන්. ඒත් එය කරන්න බැහැ. මොකද අනෙක් අයගෙන් අහල බලන්නේ නැතුව එය කරන්න බැරි නිසා. එහෙම වෙන්නේ ඇයි කියා ඔබට විස්තර කරන්න නම්, මිනිස් මනස වැඩ කරන හැටි  ටිකක් දන්නා කෙනෙකුගෙන් අහන්න වෙනවා.

පසුගිය දිනෙක වැඩ කරන තැන ජේෂ්ඨ කෙනෙකු සමග කරපු කතා බහක දී  ඇදිලා ආවේ ගෝලිය උෂ්නත්වය ඉහල යාම ගැන ගැන අද ලෝකේ තියන සංවාදය ගැනයි. සාමාන්‍යයෙන් ලෝකේ පිළිගත්තු විද්‍යාඥයන් ගෙන් 95% ක් වගේ කියන දෙයක් තමා, ලෝක උෂ්ණත්වය ඉහල යාම ඇත්තටම වෙන දෙයක් කියලා හා එයට මිනිසාගේ දායකත්වය අපට මග හරින්න බැහැය කියන එක. එයට පාදක වුන නිරීක්ෂණ ඕනේ තරම් තියනවා. ඒ වගේම මේ කාණ්ඩයේ 5% ක් ඉන්නවා එයට එරෙහි. ජනමාධ්‍ය වල ඇත්තටම වෙන්නේ මොකක්ද? විද්‍යාවෙන් කිසිම හැදෑරීමක් නොකරපු කට්ටිය අර 5% උඩ දැමීම තමා වෙන්නේ. මේවා පිටිපස ඉන්නේ වෙන කවුරුවත් නොවේ, කෙටි කාලීනව මහා ලාභ උපයා ගැනීමට බලා සිටින පුද්ගලයන් (හා ඔවුන් ඉන්න සමාගම්). අනාගතයේ මිනිස් සංහතිය මිහිතලයෙන් අතුගෑවිලා ගියත් මෙයාලට ගානක් නැහැ. ඒ වෙනකොට ලාභය හොයාගෙන කාලා, මැරිලා ගිහිනුත්  ඉවරයි.

ඇත්තටම ලෝකේ උෂ්ණත්වය ඉහල යන්නේ නැත්නම් හා එයට මිනිසාගේ දායකත්වයක්  නැත්නම්, තව අවුරුදු පනහකින් පමණ වෙන්නේ මොකක්ද? මේ ගැන අප අද ගන්න පියවර එනම් වැඩිපුර බදු මුදලක් ගෙවීම නිකම්ම අපතේ යාමයි. මේ බටහිර රටවල් වල මිනිසුන් බහුතරයක් ගෙවන ජිවන රටාවේ විශාල කඩා වැටීමක් ඉන් ඇති වන්නේ නැහැ. හැබැයි අර 95% කියන දේ හරිගියොත් වන්නේ මනුෂ්‍ය සංහතියෙන් විශාල සංඛ්‍යාවක් මෙලොවින් තුරන් වීමයි.

පොඩියට මෙහෙම උදාහරණයක් ගනිමු. ඔබගේ හදවතේ ප්‍රශ්නයක් තියනවා, ජිවත් වෙන්න තියෙන්නේ සති දෙකයි, එයට පිළියම හදවත් සැත්කමක් කියා බටහිර විද්‍යාවෙන් බිහිවුන දොස්තර කෙනෙක් ඔබට කියුවොත් මොකද කරන්නේ? (උපකල්පනය කරන්න සැත්කම සඳහා යන්නේ ඔබට දරන්න පුළුවන් මුදලක්  හෝ නොමිලේ කියලා). ඔබ සැත්කම ප්‍රතික්ෂේප කරන, මන්තර ගුරුකම් කරන කෙනෙක් නම්  නම් මේ සටහන් කියවන්න එපා. තමන්ට අවශ්‍ය වෙලාවට විද්‍යාව හොඳයි කියන්නත්, අනවශ්‍ය වෙලාවට ඉවත දාන්නත් ගොඩක් දෙනා සූරයන්.

අපේ තීරණ වල තියන දෙබිඩි කම ගැන මා දිගින් දිගටම ලියා තිබෙනවා. මා අවිශ්වාස කරන හෝ  හෝ පිලි නොගන්නා දේවල් හෝ මෙහි ලියන්නේ නැහැ. බටහිර  අධ්‍යාපනයට හා බටහිර තියන ප්‍රජාතන්ත්‍රවාදයට බනින සමහර පිරිස්, මේ ක්‍රමයෙන් උගත් දේ නිසා ජීවිකාව ගෙවා, දරුවන්ටත් ඒ අවස්තාව  විවර කරලා දීපු අය.  හැබැයි, හරක් වගේ ඔවුන් පසු පස යන පිරිස් අධ්‍යාපනයට බනින්නේ, තමන්ට ලබා ගත නොහැකි දෙය ගැන කියපු නරියා වගේ.

(පරණ කටු සටහනකි).

Advertisements

8 Comments

Filed under Education, Social

8 responses to “ජීවන දර්ශනයක් සොයා යන අතරතුර! Are we there yet?

  1. සේතුවා

    5% උඩ දාන හරකෙක් සඳහා උදාහරණයක්!

  2. ඇත්තෙන්ම ඔය ගෝලීය උෂ්නත්වය ගැන කතා කරන සමුළු වලදිත් එයින් නැගිටලා ගියේ සහ ඒ සඳහා වායු විමෝචනය යම් ප්‍රතිශතයකින් අඩු කර ගැනීමට ඉදිරිපත් නොවුනෙත් ලොකුම පරිසර දූෂකයො.

    මේ ලඟදිත් මම කියෙව්වා කොහෙදිද ජර්මනියෙ මෝටර් රථ හිමිකාරිත්වයේ අනුපාතයට සාපේක්ෂව ඉන්දියාවෙ හෙම කරන්න ගියොත් ලෝකෙට මොනවා වෙයිද කියලා.

    මට නොතේරෙන්නෙ ගෝලීය උෂ්ණත්වය ගැන වද වෙන්න ඕනෙ මේ තුන්වන ලෝකයේ අප විතරද?

    ප්‍රශ්ණෙ ඇති එන්නෙ තාක්ෂණයේ දියුණුවෙන් වගේම, ප්‍රශ්ණෙට විසඳුම තියෙන්නෙත් තාක්ෂනයෙම තමයි.

    • ඇත්තටම මචන්, මේ ප්‍රශ්නය දැන් වාද විවාද කරන කාලෙන් ගොඩක් දුර ඇවිත්. අද වෙනකොට OECD රටවල් විතරක් නොවේ, චීනය, ඉන්දියාව, බ්‍රසීලය වගේ රටවල් වලත් තියන වාදය තමයි, ඒ සඳහා ගත යුතු පියවරයන් කොයි වගේ වෙන්න ඕනෙද කියලා. තාමත් ප්‍රශ්නයේ මුලට ගෙනියන්න උත්සහ කරන කට්ටිය, මේවා එක්කෝ දන්නේ නැහැ, නැත්නම් නොදන්නවා වගේ ඉන්න කට්ටිය. මේ සටහන ඇත්තටම ගෝලීය උෂ්ණත්වයටත් වඩා, දුප්පත් කමෙන් මිදීමට ඇති වඩාත් ඵලදායක ක්‍රමය ලෙස හඳුනා ගන්න පුළුවන් අධ්‍යාපනය, අවතක්සේරු කිරීමට ගන්න උත්සාහය නිසා පළ කරපු එකක්. අධ්‍යාපනය කියන්නේ ආයතන වලින්ම ලබා ගතයුතු දෙයක් නොවේ. ඇත්තටම කතා නොකළ යුතු තරම් දෙයක් වුනත්, බල මාළු වලින් හෝ වම්බටු කෑමෙන් පමණක් මොලය වැඩෙනවා කියන කෙනෙකුට, රටක විශ්ව විද්‍යාල අධ්‍යාපනයට ගරහන්න කලින් ඉගෙන ගත යුතු බොහෝ දේවල් තියන බව නම් කියන්න වාද විවාද අවශ්‍ය වෙන්නේ නැහැ.

      උඹ කියන කතාව සමග 100% ක් එකඟයි. තාක්ෂණය නිසා බිහිවන ප්‍රශ්න, හා මිනිසා විසින් බිහිකළ ප්‍රශ්න වලටත් විසදුම් තියෙන්නේ, තාක්ෂනය හා මිනිසා අතම තමා. තාක්ෂනය තුල මේ ප්‍රශ්නයටත් විසදුම් මිනිසා විසින් සොයා ගන්නා බවට සැකයක් නැහැ.

  3. ගොඩක් පාරිසරික ප්‍රශ්ණ ගැන මිනිස්සු අසංවේදී වෙලා තියෙන්නෙ ඒව තමන්ට නොදැණෙන නිසා. උදාහරණයක් විධියට පාරෙ කුණු දාන එකම වුණත් ඇති. වාහනයේ යන ගමන් පාරට කුණු දාන කවුරුවත් ඒක එතනින් එහා කල්පනා කරන්නෙ නෑ. නමුත් තමන්ගෙ ගේට්ටුව ඉස්සරහ කවුරු හරි කුණු දැම්මොත් යකා නගිනවා.

    ගෝලීය උණුසුම ගත්තත් ඒක කොයි තරම් විද්‍යාත්මකව ඔප්පු කරන්න පුළුවන් වුණත් තවම ඒක මිනිස්සුන්ට දැණෙන ප්‍රශ්ණයක් වෙලා නෑ. නමුත් දැණෙන දවසක මිනිස්සුන්ට ඒ වෙනුවෙන් වැඩ කරන්න වෙයි.

    අපේ කාර්යාලෙ ඉන්නව එක්තරා පුද්ගලයෙක්. මිනිහ පේන්න නම් මාර සමාජ සේවකයා. නමුත් අර අනිත් අය කරන වැඩ වලින් ලකුණු දාගන්න විධියෙ පොරක්. (ෂුවර් එකට තව අවුරුදු කීපෙකින් ඡන්දෙ ඉල්ලනවා) ඔය ඩෙංගු මර්ධන වැඩ වලදි අපි ශ්‍රමදාන දාගෙන සුද්ද කරද්දි මිනිහ පැත්ත පලාතෙ හිටියෙ නෑ. නමුත් කරුමෙට මිනිහගෙ නෝනටම ඩෙංගු හැදුණා. එතකොටයි මිනිහට පත්තු වුණේ. දැන් පොර ඩෙංගු සම්බන්ධ ඕන වැඩකදි එන්නෙ පැනගෙන.

    ඔය සේතු මහත්තයා පෙන්නල තියෙන ජෝජ් කාලින් මහත්තයා නං ඔය කතා කරන්නෙ වඩාත් පුළුල් අර්ථෙකින්.

    • ගෝලීය උෂ්ණත්වය ඉහල යාමේදී මුලින්ම අනතුරට පත් වෙන්නේ, මේ දියුණුය කියන රටවල ඉන්න මිනිසුන් නම් නොවේ හරේ. මේ රටවල් වල ඒ සඳහා වන වැඩ පිලියෙලවල් ප්‍රමාද කිරීමට එක හේතුවක් තමා එය. නමුත් එන්න එන්නම, මේ රටවල ආණ්ඩු පියවරයන් සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කරන්නේ, මිනිසුන්ගෙන් ලැබෙන පීඩනය නිසාමයි. චීනය විතරක් නොවේ ඉන්දියාව පවා අරන් හා ගන්න සැලසුම් කරලා තියන දේවල් ගැන ඇමුණුම් ඕනේ තරම් දාන්න පුළුවන්. විශේෂයෙන් චීනයේ පසුගිය දශක දෙක තුන ඇතුලත සිදුවෙලා තියන පරිසර දුෂණය, වඩාත් බලපාල තියෙන්නේ චීනයටමයි.
      ඔය කුණු පාරේ විසි කරලා යාම මෙහෙත් වෙන එයක්.විශේෂයෙන් වෙනත් රටවල් වලින් පැමිණ පදිංචි වුන අය වැඩිපුර සිටින පළාත් වල.

  4. සේතුවා

    Please don’t add captions and modify my response. That,s cheap! That’s putting word in my mouth. Respond like a gentle man, separately.

    • No Sethu, they are not your thoughts. Please do not attach you tube videos in my blog. Put your thoughts into words, if you can. Even in that case, whether or not to reply you is entirely up to me.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s